08/12/2025
⭕⭕POSTPONED⭕⭕
දිට්වා කුණාටු තත්ත්වය හේතුවෙන් ලංකාව පුරා බොහෝ පිරිස් විවිධ ආපදාවන්ට සහ අපහසුතාවයන්ට මෙන්ම දිවි අහිමිවීමේ අවාසනාවන්ත සිදුවීම් වලට ද මුහුණ දී ඇති අතර ඒ පිළිබඳ විද්‍යාලීය ආදිශිෂ්‍ය කමිටුවේ බලවත් ශෝකය සහ කණගාටුව පළකර සිටිමු.
මෙවැනි තත්ත්වයක් තුළ ,මෙම මස 20 සහ 21 දෙදින තුළ පැවැත්වීමට තීරණය කළ "ආදි ශ්‍රී පාදියන්ගේ සුහද හමුව - 2025" , දින නියමයකින් තොරව කල් දැමීමට විද්‍යාලීය ආදි ශිෂ්‍ය කමිටුව විසින් තීරණය කොට ඇත.
සිදුවන අපහසුතාවයට කමිටුවේ කණගාටුව පළකරන අතර සුහද හමුව පවත්වන ඉදිරි දිනයන් පසුවට දැනුම් දෙමු.
ආදරණීය ආදි ශ්‍රී පාදියනි, පවතින තත්ත්වය ඔබ විසින් මැනවින් අවබෝධ කර ගනු ඇතැයි අප සිතමු.
ඔබ සැමට ආරක්ෂාකාරි සුවදායී අනාගතයක් ප්‍රාර්ථනා කරමු!
06/11/2025
රස මතක පොදි බැඳන් යලිත් පාසල් කාලයට යන්න, ආදි ශ්‍රී පාදියනි, මෙවරත් ඔබ සැමට ආරාධනා....
ආදි ශ්‍රී පාදියන්ගේ සුහද හමුව - 2025
මෙවරත් උත්කර්ෂවත් අයුරින්
දෙසැම්බර් 20, 21 දෙදින පුරාවට
ක්‍රිකට් සහ දැන් පන්දු තරඟාවලි ද සමගින්
හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේදී...
මතක අළුත් කරගන්න ආදි ශ්‍රීපාදියනි ඔබ සැමට සුහද ඇරයුම්... ❤️
27/07/2025
වසරක් පසා පවත්වනු ලබන 5සමත් 🧑🏫ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මෙවරත් 2025/07/29 දින ශ්‍රී පාද විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවත්විමට සියලු කටයුතු සුදානම් කොට ඇත.එ සඳහා හැටන් කලාපයේ පාසල් කිහිපයක් සහාභාගි වේ.
පිපෙන්නට වෙර දරන පුන්චි මල් කැකුළකට, මෙ අත්වැලක් වෙන්නෙ ශ්‍රි පාද ආදී ශිෂ්‍ය සංගමය සමග , ප්‍රධාන මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් ලක්වින් ලර්නස් අදීපති තුමන් මලක බැද්දෙ ගෙදර මහතා විසිනි ❤️
මෙම සම්මන්ත්‍රණයේ පුංචි හපන්නු වෙනුවෙන් සුලු ආහාර වෙලක් සඳහා යන වියදම අප පාසලෙ, 2011 උසස් පෙළ අංශයේ කිර්තිමත් අදී ශිෂ්‍ය, දිනෙශ් රත්නායක සොයුරා විසින් ගියවර මෙන්ම මෙවරත් අප වෙත ඉතා ආදරයෙන් ලබා දුන්නා❤️
01/03/2025
🔴2024 ශ්‍රීපාද විද්‍යාලීයය ආදී ශිෂ්‍ය සංගමය~
🟩පුරා වසරක් පුරාවට නව කණ්ඩායමක් ලෙසින් 2024 ආදී ශිෂ්‍ය සංගමය වන අප සමගින් අත්වැල් බැද ගනිමින් එක එක්ව කටයුතු කල
ඔබ අප සියලූම දෙනාගේ එකම අරමුණ වූ පාසලේ මෙන්ම ආදී ශිෂ්‍ය සංගමයේ අභිවෘද්ධිය කරා පිය නැගීමමයි.. මෙම ආ ගමන් මගේ අති සාර්ථකත්වය වන්නේම පාසල ඉහළින්ම ඔසවා තබමින් දරුවන්ගේ අධ්‍යාපනය,ක්‍රීඩා මෙන්ම කුසලතා සංවර්ධනය වන බව නොඅනුමානය !
🟪ඒ සාර්ථකත්වයට පිය නගින අභියෝගාත්මක ගමනේ අප අපගේ හැකි උපරීම ශක්තිය දිරිය යොදවා අවංකව කැප වෙමින් එහි අව්‍යාජ කොටස්කරුවන් වූ බවට හෘදයාංගමව සතුටු වන බව දැනුම් දිය යුතුමය..❤️
🟩ආදී ශ්‍රීපාදී, ඔබ සියලු දෙනා අපහට හැකි උපරිම අයුරින් අවවාද අනුශාසනා ලබා දෙමින් මිල මුදල් මෙන්ම ඔබගේ වටිනා කාලය ,ශ්‍රමය අපහට නොපැකිලව නොමසුරුව ලබා දීම ගැන අපගේ හදපිරි ස්තූතිය !
🟩එමෙන්ම අප අතරින් වෙන්ව සමුගත් සියලූම ආදී ශ්‍රීපාදී සියලූම දෙනාම මේ මොහොතේ කෘතගුණ පූර්වක සිහිපත් කරන අතරම ඔවුනගේ ආශිර්වාදය අප හා සැමදාමත් රැදී තිබූ බවට අපගේ එකම විශ්වාසයයි..
අපට වචනෙකින් හෝ උපකාර කල දිරි ගැන්වූ සියලූම ආදී ශ්‍රීපාදීන්ට අපගේ ගෞරවාන්විත ස්තූතිය ! ❤️
දැන හෝ නොදැන අප අතින් සිදූ වූ අඩුපාඩු වූවා නම් එයට ද සමාව ඉල්ලමි.
🟪 ඔබ අපට දුන් සෑම රුපියලකටම අප උපරීම සාධාරණත්වයක් ඉටු කළ බවත් අප ඉදිරියටත් පාසලට ඕනෑම මොහොතක ශක්තියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින අතර 2025 නව ආදී ශිෂ්‍ය සංගමයට ද සහයෝහය ලබා දෙන බවත් දන්වා සිටින්නෙමු..
🟩 තිස්ස ජයසූරිය මහතා ප්‍රමුඛ කොටගත් ආසිරි චන්දන මහතා මෙන්ම අශෝක මහතාටත් නව කමිටුවට පත් වූ සියලූම සාමාජිකයින්ටත් අපගේ සුබ පැතුම් !
✍️සටහන :- 2024 ශ්‍රීපාද විද්‍යාලීයය ලේකම් එරංග ජයශාන්
fans
31/01/2025
~කිරි සුවදින් සිප් සුවදට
නැවුම් කැකුළු ශ්‍රි පාද විදු බිමට~
1 වසරට ඇතුළත් වූ පුංචි පැංචොන්ගේ පැංචියන්ගේ මුවගට සිනාවක් එක් කරමින් ශ්‍රී පාද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයෙ අපිත් පුංචි ත්‍යාගයක් එක්ක එයාලගෙ දවස ලස්සන කරන්න මේ විදිහට එකතුවුනා.
ජිවිතයේ අලුත් ගමනකට අත්පොත් තියපු අභිමානවත් පුංචි ශ්‍රී පාදීයන්ට අපි හැමෝගෙම උණුසුම් ආශිර්වාදය , සුභ පැතුම් එක්කරමු. හෙට ලෝකය ජයගන්න ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථානා කරමු. ❤️💛
30/01/2025
~ආරාධනාවයි~
2025 වර්ෂය සඳහා ශ්‍රී පාද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණය ,
🗓️ 2025.03.01 දින
🕙 පෙරවරු 10.00 ට
🏫 ශ්‍රී පාද විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී
පැවැත්වේ. සියලුම ආදි ශ්‍රී පාදීන්ගේ සහභාගීතවය අප සතුටින් අපේක්ෂා කරමු.
18/01/2025
අභිමානවත් ශ්‍රී පාදීයයන්ගේ අනාගතය වෙනුවෙන් සහයවුන ඔබ සැමට අපගේ තුති! ❤️💛
මෙම ජයග්‍රහණය වෙනුවෙන් තම සහයෝගය දැක්වූ ආදි ශ්‍රී පාදීන් ඇතුළු සියලුම දෙනාට හෘදයාංගම ස්තූතිය❤️
මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් Abans I.T කාර්‍යය මණ්ඩලයට ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ස්තූතිය පුදකර සිටිමු.
මධ්‍යම පළාතේ පාසල් අතරින් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගනිමින්, සියල්ලන්ගේම සහයෝගය මධ්‍යයේ වටිනා Abans Smartboard එකක් දිනාගැනීමට, අංක 01ට තේරී පත්වී ඇත්තේ හැටන් ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලය බව සතුටින් දැනුම් දෙමු!
ජයග්‍රහණය සඳහා සහභාගී වූ මධ්‍යම පළාතේ ඔබ සැමට ජාතියේ Digital සහකරු, Abans IT වෙතින් ස්තූතිපූර්වක සුබ පැතුම්!
18/01/2025
තව ඉතිරිව ඇත්තේ පැය කිහිපයක් පමණි. ඔබගේ වටිනා reaction/like එක අනාගත ශ්‍රී පාදීන් වෙනුවෙන් ලබාදෙන්න ❤️💛
fans
13/01/2025
Original post එකට like කර Abans I.T page එක follow කර ඔබගේ සහයෝගය විද්‍යාලය වෙනුවෙන් දක්වන්න ❤️❤️
fans
20/12/2024
ජගත් සිල්වා මැතිතුමනි ඔබට නිවන්සුව ලැබේවා!😞🏳️
ශ්‍රී පාද විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් කිර්තිනාම පසෙකලා තම මෙහෙය සැපයූ ඔබ තුමා අප කාගෙත් සිත් තුල සදා නොමැකෙන චරිතයක් වී හමාරය. ඔබට සුබ ගමන්...🙏
අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය, හැටන් සාත්තු නිවාස පාරේ එතුමාගෙ නිවසෙහි තැම්පත්කොට ඇත. අවසන් කටයුතු පසුව දැනුම් දෙමු.