Our Lady of the Presentation Youth Niripola

Our Lady of the Presentation Youth Niripola This is the official page of Our Lady Of Presentation Youth Niripola.

07/06/2026
07/06/2026

සාර්ථක නිමාවකට උරදුන් සැමට හදපිරි ප්‍රණාමය! ❤️✨

පසුගියදා පැවැත්වුණු ගුරුබැවිල දිසාවේ විශේෂ තරුණ හමුව අප බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ලෙස නිම කිරීමට හැකි වුණා. තාරුණ්‍යයේ සොඳුරුතම මතකයන් මෙන්ම ජීවිතයට වටිනා මගපෙන්වීම් රැසක් එකතු කළ මේ අපූරු දවස සැබෑවක් කරන්නට කැපවුණු ඔබ සැමවම අප ඉතාමත් ආදරයෙන් මතක් කර සිටිනවා.

විශේෂයෙන්ම අපේ තරුණ සිත් නිවැරදි මාවතකට යොමු කරමින් ආකර්ෂණීය දේශනයක් පැවැත්වූ දේශක සොනාල් ප්‍රනාන්දු මහතාට අපගේ විශේෂ ස්තූතිය හිමිවනවා. එමෙන්ම, වැඩසටහනේ සෑම අංගයක්ම ක්‍රමවත්ව සැලසුම් කරමින් තිරය පිටුපස සිට කැපවූ කොළඹ අගරදගුරු පදවි කතෝලික තරුණ කමිටුවේ සියලුම සාමාජිකයින්ටත්, අපගේ ආරාධනය පිළිගෙන පැමිණි ගුරුබැවිල දිසාවේ තරුණ තරුණියන් සැමටත් අපගේ හෘදයාංගම උපහාරය පුද කර සිටිනවා.

අවසාන වශයෙන්, අපට නිරන්තරයෙන්ම මගපෙන්වූ ගරු පියතුමන්ලාටත්, විවිධාකාරයෙන් අතහිත දෙමින් උදව් උපකාර කළ සියලුම දෙනාටත් අපගේ කෘතඥතාවය මෙසේ සටහන් කර තබනවා. අනාගතය දකින මෙවැනිම අරුත්බර දිනකදී නැවතත් අපි ඉක්මනින්ම හමුවෙමු! ✨🤝🌟

18/05/2026

නූතන තාරුණ්‍ය වන අප ජීවිතයේ නොයෙක් විට මුහුණ දෙන ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට ,ඒ පිලිබඳ විවෘත කතාබහකට යොමු වෙන්නට , අත්දැකීම් බෙදාගන්නට සහ නිවැරදි මග පෙන්වීමක් ලබා අධ්‍යාත්මික සුවයක් ලබා ගැනීමට

📅 2026 මැයි 30 (සෙනසුරාදා)
⏰ පෙ.ව. 8:30 සිට ප.ව. 5:00 දක්වා
📍 පහත්ගම ශාන්ත ජෝසප් මුනිඳුන්ගේ දේවස්ථානයට ,

වයස අවුරුදු 18 - 30 අතර සියලු තරුණ තරුණියන් සඳහා ආරාධනා කරමු.

🍽️ එදින පැමිණෙන සියලුම දෙනාට ආහාරපාන ලබා දෙනු ලැබේ.

ඔබගේ ජීවිතය අර්ථවත් කරගන්නා මෙම අවස්ථාව අත් නොහරින්න!

මේ සඳහා ඔබගේ දේවස්ථානයේ තරුණ සමිති සාමාජිකයන්ගේ පැමිණීම 2026-05-25 වන දිනට පෙර තහවුරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු .

වැඩි විස්තර සඳහා,

077 714 3019
ගරු. එම්මෑනුවෙල් ඩිල්ශාන් පියතුමා
ගුරුබැවිල දිසා තරුණ කතෝලික සමිති සම්බන්ධීකාරක

077 433 8308
මනීශ් පෙරේරා
සභාපති
ගුරුබැවිල දිසා තරුණ කතෝලික සංගමය

071 281 7208
තිරංජය මුදලිගේ
උප සභාපති
ගුරුබැවිල දිසා තරුණ කතෝලික සංගමය

071 306 1024
ප්‍රවීන් මුදලිගේ
වැඩසටහන් සම්බන්ධීකාරක
ගුරුබැවිල දිසා තරුණ කතෝලික සංගමය

Christmas 2025🎄❄️🎉️❤️
25/12/2025

Christmas 2025🎄❄️🎉️❤️

28/10/2025

Every drop counts. Every life matters.
In loving memory of Ishanka & Chandika — may our kindness echo theirs.
Join us in keeping their light alive through this blood donation campaign.

02/10/2025

ඔබගේ පරිත්‍යාගයන් ඔක්තෝම්බර් මස 6 වන දිනට පෙර ඔබගේ දේවස්තානයේ පැවැත්වෙන දිව්‍ය පූජාවෙදී පඩුරු ලෙස ඔප්පු කළ හැක.

මුදල් පරිත්‍යාගයන් පහත ගිනුමට බැර කළ හැක.

Account Number : 8008150970
Account Name : P.G.M.S.Perera
Bank : Commercial Bank
Kirindiwela Branch
මුදල් බැර කිරීමෙන් පසු එහි රිසිට්පත 077 433 8308 අංකයට Whatsapp පනිවිඩයක් ඔස්සෙ එවීමට කාරුණික වන්න.

වැඩිදුර විස්තර සදහා අමතන්න.
ගරු බුද්දික ධනංජය පියතුමා - 0772115559
මනීශ් පෙරේරා - 077 433 8308

03/09/2025

පල්ලියෙ තරුණ සමිතියට පමණක් වෙන් නොවු ඒ දවස,
ඒ ආලෝක දහස් ගණන් තරුණ සිතින් එකතු වී
සැප්තැම්බර් 07 දා,
ජාතික කතෝලික තරුණ ඉරුදිනේ
18 -30 අතර අවිවාහක තරුණ ඔබටත් වෙන් වූ
අපූරු ආදරණීය දවසක් ❤️

තරුණකමේ උණුසුම ජේසුගේ ආලෝකයට එකතු කරන දවසක් බවට ජාතික කතෝලික තරුණ ඉරුදින පත්කරගන්න.

Address

Niripola
Hanwella
10650

Website

Alerts

Be the first to know and let us send you an email when Our Lady of the Presentation Youth Niripola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share