30/09/2026
පූජ්‍ය කහහේනේ ශ්‍රී මේධානන්ද නාහිමි ගුණානුස්මරණ ශාලාව 🪷
කහහේන ශ්‍රී සුසිරිවර්ධනාරාමය හා උඩමාපිටිගම ගංගාරාමය යන උභය විහාරාධිපති, මීගමු පළාත් සහිත සීනාදී සිව් කෝරළයේ විශේෂ අධිකරණ සමථ බල සම්පන්න ද්විතීයික සංඝ නායක, විනය කීර්ති ශ්‍රී කල්‍යාණතිස්ස අතිපූජ්‍ය කහහේනේ ශ්‍රී මේධානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ දෙවැනි ගුණානුස්මරණයට සමගාමීව ශ්‍රී පේමානන්ද දහම් පාසල් ගොඩනැගිල්ල,
“පූජ්‍ය කහහේනේ ශ්‍රී මේධානන්ද නාහිමි ගුණානුස්මරණ ශාලාව”
ලෙස නම් කිරීම 2026/27 ශිෂ්‍ය නායක මණ්ඩලයේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබිණි.
උන්වහන්සේගේ අමරණීය සේවාවට ගෞරවනීය උපහාරයක් ලෙස සිදුකෙරුණු මෙම ගුණානුස්මරණීය කාර්යය සඳහා අවවාද අනුශාසනා ලබාදුන් ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේටත්, පූර්ණ අනුග්‍රහය ලබාදුන් ESOL ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී හිමන්ත කරුණාරත්න මහතාටත් ශ්‍රී පේමානන්ද දහම් පාසලේ හෘදයාංගම කෘතඥතාව පළ කර සිටිමු.
කාලය ගෙවී ගියද, උන්වහන්සේගේ උතුම් ගුණාංග සහ ශාසනික මෙහෙවර සදා අප හදවත් තුළ අමරණීයයි!!
🙏 අතිපූජ්‍ය කහහේනේ ශ්‍රී මේධානන්ද නායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා! 🙏
2026/27 ශිෂ්‍ය නායක මණ්ඩලය,
ශ්‍රී පේමානන්ද දහම් පාසල,
කහහේන ශ්‍රී සුසිරිවර්ධනාරාමය.