06/07/2025
ශ්‍රී ලංකා දැඩි සත්කාර ඒකක හෙද නිලධාරීන්ගේ සංගමය හා එක්ව සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය විසින් 2025.06.28 රුහුණු මාගම්පුර පරිපාලන සංකීර්ණයෙහි හෙද නිලධාරීන්,හෙද සිසුන් 250ක් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් දවස පුරා පවත්වන ලදී.
Health Education is the best preventive strategy ..This page is manage by a Doctor and nurse of DGH
06/07/2025
ශ්‍රී ලංකා දැඩි සත්කාර ඒකක හෙද නිලධාරීන්ගේ සංගමය හා එක්ව සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය විසින් 2025.06.28 රුහුණු මාගම්පුර පරිපාලන සංකීර්ණයෙහි හෙද නිලධාරීන්,හෙද සිසුන් 250ක් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් දවස පුරා පවත්වන ලදී.
පොසොන් බැති ගී
11/06/2025
බෝධි ප්‍රාකාරයෙහි රන් වැට නිරාවරණය කර සාසනයට පුජා කිරීම සහ පොසොන් බැති ගී සරණිය පොසොන් පොහෝදා අප රෝහලේ දී පැවැත්විනි.
වෙසක් බැති ගී
14/05/2025
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ සියළුම හෙද කාර්ය මණ්ඩලය එක්ව මැයි 12 වන දිනට යෙදුනු ජාත්‍යන්තර හෙද දිනය සහ වෙසක් පොහෝ දින සැමරැමි වෙනුවෙන් පවත්වනු ලැබු වෙසක් බැති ගී ප්‍රසංගය හා නයිටින්ගෙල් සැමරැම් උළෙල 2025 .05 12 සහ 13 වන දෙදින පවත්වන ලදී.
11/04/2025
රිදියගම කළන නිවර්තන නිවාසයෙහි කාර්ය මණ්ඩලය සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය,ආසාදන පාලන ඒකකය,තත්ව කලමණාකරන ඒකකය එක්ව 2025/04/09 දින පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පවත්වන ලදී.රෝගී සත්කාර සේවාව ඉහල නංවමින් ගුනාත්මක සේවයක් නිවර්තන නිවාසයෙහි සේවා ලාභීන්ට ලබා දීම මෙහි මූලික අරමුණ වේ
01/01/2025
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ
2025 නව වසර රාජකාරි ආරම්භ කීරීම අධ්‍යක්ෂකතුමියගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කරන ලදී.
අපි වෙනුවෙන් අපි........
26/07/2024
සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මගින් සංවිධානය කරන ලද ඉන්දියානු තානාපති Mr Harendran singh සහ ඔහුගේ බිරිඳ Mrs. Liliana Baghiryan (යෝගා උපදේශක )සහ Mr. Srinivasan Rao, (යෝගා උපදේශක ) මෙහෙයවීමෙන් 2024.06.02 දින පැවැත්වූ යෝග වැඩසටහන සදහා සියලු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී .💐💐
08/07/2024
නවක පත්වීම් ලැබ පැමිණි සෞඛ්‍ය කාර්ය සහායක කාර්ය මණ්ඩලයේ 140 දෙනෙකු සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් තුනක් අධ්‍යක්ෂතුමිය,විශේෂ ශේණියේ හෙද නිලධාරි තුමිය,පරිපාලන නිලධාරිතුමිය,ගණකාධිකාරිතුමා ,තත්ත්ව කලමනාකරන ඒකකය,ආසාදන පාලන ඒකකය,ඖෂධ පිලිබදව දැනුවත් කිරීම ඖෂධවේදී නවෝදිනි මෙනවිය,මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා,ඔවර්සියර් කාර්යාලය,සහභාගිත්වයෙන්
සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මගින් සංවිධානය කර පසුගිය දිනෙක පවත්වන ලදී.
| Monday | 08:00 - 16:00 |
| Tuesday | 08:00 - 16:00 |
| Wednesday | 08:00 - 16:00 |
| Thursday | 08:00 - 16:00 |
| Friday | 08:00 - 16:00 |