Past Student Association for Rebuild Anandaya - Haldummulla

Past Student Association for Rebuild Anandaya - Haldummulla past student's association

95 සාමන්‍ය පෙළ කණ්ඩායමේ සේපාලිකා සොහොයුරියගේ හදිසි අභාවය පිළිබද අපගේ බලවත් ශෝකය. සසර ගමන කෙටි වේවා🙏🙏🙏
18/11/2025

95 සාමන්‍ය පෙළ කණ්ඩායමේ සේපාලිකා සොහොයුරියගේ හදිසි අභාවය පිළිබද අපගේ බලවත් ශෝකය.

සසර ගමන කෙටි වේවා🙏🙏🙏

16/10/2025

බ/ආනන්ද ජාතික පාසැල වල්හපුතැන්න

අප පාසැලේ අධ්‍යාපනය ලබන ලද සියලුම වසර වල ආදී ආනන්දීයන් එක් කරමින් නැවත වරක් අපගේ අතීත මතක ආවර්ජනය කරලමින් අතීතයේ අභිමානවත් පාසලක් ලෙස විරාජමාන වූ අප පාසැලේ නැවතත් පලාතේ දීප්තිමත් පාසලක් ලෙස ඔසවා තැබීම සදහා හරවත් කතිකාවක් ඇතිකරලීමේ පරමාර්ථය පෙරදැරිව "ආදි අනන්දීයන්ගේ හමුවක්" සංවිධානය කර ගැනීමට අප අදහස් කර ඇත. ඒ සදහා ඔබගේ සියලු යෝජනා හා අදහස් ලබා දී මෙම සාමූහික ක්‍රියාවලිය වෙත පෙළගැසෙමු.

ස්තුතියි

ඇමතුම්
උදක 071 917 7071
සාගරිකා 076 9378810

අප විදුහලේ ඉගෙන ගත්ත 2006 O/L කණ්ඩායමේ පොඩි මල්ලි කෙනෙක් තමයි රාජිත ළහිරු. හදිසියේ උසකින් ඇද වැටීමක් නිසා මේ වන විට කොදු...
06/09/2025

අප විදුහලේ ඉගෙන ගත්ත 2006 O/L කණ්ඩායමේ පොඩි මල්ලි කෙනෙක් තමයි රාජිත ළහිරු. හදිසියේ උසකින් ඇද වැටීමක් නිසා මේ වන විට කොදු ඇට පේලිය හා සුසුම්නාව ආශ්‍රිත රෝගී තත්වයක් නිසා ඉනෙන් පහල කොටස අප්‍රාණිකව කාලයක් තිස්සේ ඉතාමත් අසරණ තත්වයට පත්ව සිටිනවා.

තම සහෝදරයා විසින් මේ වන තක් ඔහුව රැක බලා ගන්නා බව තමයි වැඩිදුර විස්තර සොයා බැලීමේදී ආරංචි උනේ. මේ සදහා මේ වන විට ඔහුට විසින් විශාල මුදලක් මාසිකව වියදම් වන බවයි මා පෞද්ගලිකව ඔහු හා සම්බන්ධ වීමේදී ඔහු පැවසුවේ.
ඔහුට අනුව,

රෝගියාගේ සහයට ලග නවතා ඇති පුද්ගලයාට දවසට රු. 2000.00 බැගින් දින 30 සදහා රු. 60,000.00
ඔහුගේ ආහාර පාන සදහා අමතරව රු. 8,000.00
සනීපාරක්ෂක පැලදුම් ( adult diapers) රැ. 10,000.00
සහ මීට අමතරව ගමන් විමන් සදහා ද විශාල වියදමක් දැරීමට සිදුවේ.

මේ සදහා ඔබට හැකිපමණින් ඔබගේ නොමසුරු සහයෝගය මුදලින්, ද්‍රව්‍ය වශයෙන් හෝ සේවා වශයෙන් ලබා දීමට හැකි අයෙක් වේ නම් ඔහුගේ භාරකරු වන භාතිය හා සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද මෙය අප විසින් ලබාදෙන එක් උදව්වකින් අවසන් නොවන සත්කාරයක් බැවින් අප එකමුතුව මගින් මාසිකව යම් මුදලක් ලබා දීමට අදහස් කර ඇති අතර ඊට ඔබගේ දායකත්වය ලබා දෙන්නේ නම් අපගේ උප සභාපතිතුමන් හා සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද මේ සදහා වෛද්‍ය සහය ලබා දීය හැකි නම් එයද මහගු සේවයකි.

භාතිය( භාරකරු) - 0769656050
උදක - 0719177071

ඔහුට අනුව රෝගියාගේ විස්තර පහත දැක්වේ...

රෝගියාගේ විස්තරය -

S.B. රාජිත ළහිරු යසන්ත.
NIC 900720483V
මදුර සෙවණ , පුස්සැල්ල , කළුපහන .

හාර කරුගේ විස්තරය -

S.B. භාතිය පසන් මදුරංග.
මදුර සෙවණ , පුස්සැල්ල , කළුපහන .
දු.ක..

අනතුරේ ස්වභාවය -

ගම්මිරිස් කැඩීමට ගසකට නැග, එයින් ඇද වැටීම නිසා සිදු වූ අනතුර (අඩි 30 ක පමන උසකින්).

සිදු වූ ශාරීරික ආබාධ .

කොදු ඇට පේළියේ 12 වන කොදු ඇටය අසලින් කැඩී යාම සහ සුශුම්නාවට හානි වීම හේතුවෙන් ශරීරයේ ඉන ප්‍රදේශයෙන් පහළ කොටස අක්‍රිය වීම .

ප්‍රතිකාරයන්හි විස්තර සහ වර්තමාන තත්ත්වය-

කොදු ඇට කැඩී යාම නිසා කොන්ද ප්‍රදේශයට
ඇණ සහ ප්ලේට් දමා ශල්‍යකර්මයක් සිදු කර ඇත. දැනට කැන්දගොල්ල රෝහලේ පුනරුත්ථාපනය ඒකකයේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටියී.

THE ENGLISH GAME FESTIVAL-2025
31/08/2025

THE ENGLISH GAME FESTIVAL-2025

Address

Haldummulla

Website

Alerts

Be the first to know and let us send you an email when Past Student Association for Rebuild Anandaya - Haldummulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category