Sri Gunananda Dhamma School - Giridara

Sri Gunananda Dhamma School - Giridara ශ්‍රී ගුණානන්ද දහම් පාසලෙන් සයිබර් අ?

🟠 වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් අප විසින් සංවිධානය කරන ලද "කුරක්කන් කැඳ" දන්සල සාර්ථකව සිදු කිරීමට අපට හැකියාව ලැබුණි..🟠 දන...
06/05/2023

🟠 වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් අප විසින් සංවිධානය කරන ලද "කුරක්කන් කැඳ" දන්සල සාර්ථකව සිදු කිරීමට අපට හැකියාව ලැබුණි..

🟠 දන් දීමට සිත් පහල වූ දිනයේ පටන් මෙම පින්කම අවසන් කිරීමේ මොහොත දක්වා තුන් සිත පහදවාගෙන අප විසින් සිදු කරන්නට යෙදුනු මෙම පුණ්‍ය කර්මය තුලින් රැස් කර ගත්තා වූ පුණ්‍ය ශක්තිය ඔබ අප සියලු දෙනාටම අනුමෝදන් වේවා !!! 🙏🙏🙏

🟠 එසේම මෙම පින්කම සාර්ථක කර ගැනීමෙහි ලා උදව් උපකාර කළා වූ මහා සංඝ රත්නයටත් , අප දහම් පාසලේ ගුරුවරුන්ටත්, දෙමාපියන්ටත්, සිසු දරුවන්ටත් මෙම පින්කම සඳහා කාලයෙන්, මුදලෙන්, ශ්‍රමයෙන්, සම්පත් වලින්, සහභාගිත්වයෙන්, හැකියාවෙන්, දැනුමෙන්, වචනයෙන් හා සිතුවිල්ලකින් පවා දායකත්වය ලබා දුන් සෑම සියලු ⁣දෙනාටමත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පිරිනමන්නෙමු..🙏🙏🙏

🟠 මෙම දාන පාරමිතාවේ බලයෙන් ඇසෙන එක සතර පද ගාථාවකින් තරම් ධර්මාවබෝධය පහළ වී එකම සදහම් මණ්ඩපයක් තුළ අපටත් ඔබටත් උතුම් නිවනේ රුවන් දොර විවර වේවා ..!!! 🙏🙏🙏

🟠 දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!! 🙏🙏🙏

🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧"අද දිනට යෙදෙන 127 වන දහම් පාසල් දිනය අභිමානයෙන් සිහිපත් කරමු"🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧දහම් පාසල් අධ්‍යාපනයේ සමාරම්...
04/08/2022

🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧
"අද දිනට යෙදෙන 127 වන දහම් පාසල් දිනය අභිමානයෙන් සිහිපත් කරමු"
🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧🟦🟨🟥⬜🟧

දහම් පාසල් අධ්‍යාපනයේ සමාරම්භය හා ව්‍යාප්තිය__________________________________

✍️ශාස්ත්‍රපති,
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී
ගෝණදූවේ ගුණානන්ද හිමි

"වර්තමානයේ දහම් පාසල නමින් හැඳින්වෙන අධ්‍යාපන ආයතන එකල නොතිබුණු නමුත්, දහම් පාසලකින් අද සිදුවන සේවාව සෑම විහාරස්ථානයකින් ම එකල සිදුවිය. මහා සංඝ රත්නයේ මාර්ගෝපදේශකත්වය යටතේ හැදුණු ජනතාව, දැනුම මෙන්ම ගුණදහමින් ද පෝෂණය වූ පිරිසක් බවට පත්විය."

ශ්‍රී ලංකා ඉතිහාසයෙහි සිදු වූ විශිෂ්ටතම සිදුවීම මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී බු. ව. 236 දී බුද්ධ ශාසනය ස්ථාපනය කිරීමයි. උන්වහන්සේ විසින් ලාංකිකයන්හට බුදු දහම පමණක් නොව අංග සම්පූර්ණ ශිෂ්ටාචාරයක් ද හඳුන්වා දෙනු ලැබිණි.

මහින්දාගමනය ශ්‍රී ලංකාවේ ආගමික, සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි පමණක් නොව අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ද මහත් විපර්යාසයකට හේතුවිය. මිහිඳු මහ රහතන් වහන්සේගේ පුරෝගාමිත්වයෙන් අනුරාධපුර මහමෙවුනා උයනෙහි ආරම්භ වූ මහා විහාරය මෙරට ප්‍රථම විහාරස්ථානය මෙන් ම අධ්‍යාපන ආයතනය ද වශයෙන් සැලකිය හැකිය. බුදු දහම ශීඝ්‍රයෙන් මෙරට පුරා ව්‍යාප්ත වී යාමත් සමඟ රුහුණු, මායා, පිහිටි යන ත්‍රිසිංහලයේ ම විහාරස්ථාන ඉදි වූ ආකාරයත් එම විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන සිංහල ජන ජීවිතය හැඩ ගැසුණු ආකාරයත්, ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් සනාථ වේ.

වර්තමානයේ දහම් පාසල නමින් හැඳින්වෙන අධ්‍යාපන ආයතන එකල නොතිබුණු නමුත්, දහම් පාසලකින් අද සිදුවන සේවාව සෑම විහාරස්ථානයකින් ම එකල සිදුවිය. මහා සංඝ රත්නයේ මාර්ගෝපදේශකත්වය යටතේ හැදුණු ජනතාව, දැනුම මෙන්ම ගුණදහමින් ද පෝෂණය වූ පිරිසක් බවට පත්විය. පන්සල ආශ්‍රිතව පැවැති මෙම අධ්‍යාපන ආයතනය (පන්සල්, පාසල්) වලින් ඇතැම් පාසල් නූතන විශ්වවිද්‍යාලවලට සමාන උසස් අධ්‍යාපන ආයතන බවට පත්විය. 16 වන සියවසේ පෘතුගීසින් ලංකාවට පැමිණි අවදියේ ද, එබඳු උසස් අධ්‍යාපන ආයතන (පිරිවෙන්) 6ක් පැවති අතර, මෙරට බෞද්ධ අධ්‍යාපනය කෙතරම් උසස් තත්ත්වයක පැවැතියේදැයි ඉන් පැහැදිලි වේ. එහෙත් යුරෝපීය ජාතීන්ගේ බලපෑම්වලට රට ගොදුරු වීමත්, සමඟ මේ තත්ත්වය මහත් වෙනසකට පාත්‍රවිය.අවිචාරවත් රජුන්ගේ හා පෘතුගිසි ලන්දේසි පාලන සමයන්හි දී විහාරස්ථාන හා මහා සංඝරත්නයට එල්ල වූ තාඩන පීඩන නිසා බෞද්ධ අධ්‍යාපනය පමණක් නොව, බුදු සසුන ද මහත් පරිහානියට පත්විය. වැලිවිට සරණංකර මා හිමිපාණන් පහළ වූ අවධියවන විට උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් නොමැති තත්ත්වයට බුදු සසුන පත්ව තිබීමෙන්, එම පරිහානියේ ස්වභාවය අවබෝධකර ගත හැකිය.

ලක්දිව බෞද්ධ අධ්‍යාපනයත් බුද්ධ ශාසනයත් මෙවන් පරිහානියකට මුහුණපා තිබිය දී, වැලිවිට සරණංකර සංඝරාජ මා හිමිපාණන් වැනි ශ්‍රේෂ්ඨ සංඝ පිතෘන් වහන්සේ නමක් පහළවීම, ශාසනික හා ධර්ම ශාස්ත්‍රීය ප්‍රබෝධයකට හේතුවිය. යටත් විජිත සමයේ භික්ෂුව සතුව පැවති අධ්‍යාපනික උරුමය උන්වහන්සේ වෙතින් පැහැරගෙන මිෂනාරීන්ට පවරනු ලැබිණි. එහි ප්‍රතිඵල වශයෙන් ගමත් පන්සලත් අතර දුරාතීතයේ සිට පැවති සම්බන්ධතාව බිඳවැටුණු අතර ගුණ දහමින් පිරිහුණු සිංහල බෞද්ධයින් සුරාව, සූදුව ආදී දුරාචාරයන්ට ගොදුරු විය. මෙම ව්‍යසනයෙන් සිංහල ජාතියත් බුදුසසුනත් ආරක්ෂාකර ගැනීමේ අවශ්‍යතාව අවබෝධ කරගත් හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, රත්මලානේ ධර්මාලෝක නා හිමි, වැලිගම ශ්‍රී සුමංගල නා හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි, ආදී පැවිදි පඬිවරුන්ගේ ප්‍රමුඛත්වයෙන් ඇති වූ ධර්ම ශ්‍රාස්ත්‍රොන්නතිය හා ඇමරිකන් ජාතික සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ලංකා ගමනය යළි බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට සමත්විය.

බෞද්ධ අධ්‍යාපනය පත්ව තිබූ ඛේදජනක තත්ත්වය පිළිබඳව කම්පාවට පත්ව සිටි ඕල්කට්තුමා මෙරට බෞද්ධ අධ්‍යාපනය නංවාලීමේ අරමුණින් බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමට පුරෝගාමී විය. කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ලේ මහින්ද ආදී විද්‍යාල බිහිවූයේ එහි ප්‍රතිඵල වශයෙනි. අතීතයේ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ බෞද්ධ පාඨශාලා නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවබෝධ කරගත් ඕල්කට්තුමා මෙරට බෞද්ධ දරුවන්ට බුදු දහම ඉගැන්වීමේ හා උගත් දහමට අනුව ජීවත් වන පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් ඉරිදා බෞද්ධ පාඨශාලා ආරම්භ කිරීමට ක්‍රියා කළේය. එතුමාගේ පුරෝගාමීත්වයෙන් කොළඹ මැලිබන් වීදියේ පරම විඥාර්නාර්ථ බෞද්ධ සංගම් කාර්යාලයේ දහම් පාසලක් ආරම්භ කළත් ටික කලකින් එය අක්‍රීය වී ඇති අතර, 1884 දී ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙඩ්බීටර් මහතා ද දහම් පාසලක් ආරම්භ කළත් එය ද අක්‍රීය වී ඇත.

ඕල්කට්තුමාගේ සංකල්පයකට අනුව 1895 අගෝස්තු මස 03 වන දින ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද විහාරස්ථානයේ ඇහැළේපොල ජිනෝරස ස්වාමීන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ආරම්භ කරන ලද ‘විජයානන්ද ඉරිදා බෞද්ධ පාඨශාලාව සංවිධානාත්මක පදනමකින් ආරම්භ කර අද දක්වාම අඛණ්ඩව පවත්වාගෙන එන හෙයින් ‘විජයානන්ද ඉරිදා පාඨශාලාව’ ශ්‍රී ලංකාවේ වර්තමාන දහම් පාසල් අධ්‍යාපනයේ සමාරම්භක අවස්ථාව වශයෙන් සැලකේ. ඒ අනුව මෙම වසරේ අගෝස්තු 03 වැනි දිනට දහම් පාසල් අධ්‍යාපනය ආරම්භ වී වසර 121ක් සම්පූර්ණ විය.

දහම් පාසල් අධ්‍යාපන ඉතිහාසය දෙස බලන කල රාජ්‍ය අනුග්‍රහයකින් තොරව පැවැති දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් සිදු කළ සේවය අමතක කළ නොහැකිය. රාජ්‍ය අනුග්‍රහයකින් තොරව පවත්වාගෙන එනු ලැබූ දහම් පාසල් අධ්‍යාපනයට එම අනුග්‍රහය ලැබුණේ 1956 දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ආරම්භ කර දහම් පාසල් අධ්‍යාපනය එම දෙපාර්තමේන්තුවට අයත් ආදායම් නිලධාරී කොට්ඨාස (වර්තමාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස) පදනම් කරගෙන ශාසනාරක්ෂක මණ්ඩල පිහිටුවා දහම් පාසල් පරිපාලන හා ශ්‍රේණි විභාග පැවැත්වීම ශාසනාරක්ෂක මණ්ඩලවලට පැවරීම දහම් පාසල් අධ්‍යාපනයේ නවෝදයට හේතුවිය.

1981 වර්ෂයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පිහිටුවා දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳ වගකීම එම දෙපාර්තමේන්තුවට පැවරීමත් 1982 වසරේ සිට දහම් පාසල් පෙළපොත් නොමිලයේ ලබාදීමත් නිසා දහම් පාසල් අධ්‍යාපනයේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය. 1989 දී අභ්‍යාසලාභී ගුරුවරුන් බඳවාගත් අවස්ථාවේ දී දහම් පාසල ශ්‍රේණි විභාග සහතිකවලට හා ගුරුවරුන් බඳවාගත් අවස්ථාවේ දී ලකුණු ලබාදීම මගින් දහම් පාසල් ගුරුවරුන් දහස් ගණනකට රජයේ පාසල්වල ගුරු පත්වීම් ලබා ගැනීමට හැකිවීම නිසා දහම් පාසල් සේවාව සුවිශේෂී ඇගයීමකට පාත්‍රවිය.

ශාසනාරක්ෂක මණ්ඩල ව්‍යුහයේ පැවති බලවත් අඩුපාඩුවක් සම්පූර්ණ කරමින් දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල ඒකාබද්ධ කර 2002 වසරේ දී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය ස්ථාපනය කිරීමෙන් පසු දහම් පාසල් අධ්‍යාපනයේ නවෝදයට තුඩුදුන් පහත සඳහන් කාර්යයන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

දහම් පාසල් දින තරග අදාළ වර්ෂය තුළදීම පැවැත්වීමට හා කොළඹට සීමා වී තිබූ එම වැඩපිළිවෙල මෙරට විවිධ ප්‍රදේශවල පැවැත්වීම, දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සමත් වූවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී වරප්‍රසාද ලකුණු ලබාදීම. දහම් පාසල් ශ්‍රේණි විභාගය විධිමත් අයුරින් පවත්වා අදාළ වර්ෂය තුළදීම ප්‍රතිඵල හා සහතික පත්‍ර ලබාදීම. එම විභාගයෙන් උසස් සාමාර්ථයයන් ලත් දහම් පාසල් සිසුන්ට ‘දහම් සිසු සවිය’ නමින්’ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම. දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය පැවැත්වීම. දහම් සරසවිය වැඩසටහන තුළින් විශ්වවිද්‍යාල උපාධි ලබා ගැනීමට දහම් පාසල් ගුරුවරුන්ට අවස්ථාව ලබාදීම. දහම් පාසල් ගුරුවරුන්ට නිල ඇඳුම් හා පුස්තකාල දීමනා ලබාදීම. ධර්මාචාර්ය විභාගය සමඟ ගුරුවරුන්ට රජයේ පාසල්වල ගුරුපත්වීම් ලබාදීමට කටයුතු කිරීම. දහම් පාසල් කොඩි දිනයක් පැවැත්වීම. වසර 30කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරු භවතුන්ට සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීම. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල අරමුදල නමින් අරමුදලක් පිහිටුවා එමගින් දහම් පාසල් ගුරුභවතුන් සඳහා වෛද්‍යාධාර පිරිනැමීම. බුදුපුත් මව්පිය නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම (ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීම) එම කාර්යයන් අතර ප්‍රමුඛත්වයක් ගනී.

දීර්ඝ කාලයක සිට දහම් පාසල් අධ්‍යාපනයට මහත් බාධාවක් ව පවතින ඉරිදා දිනවල පෞද්ගලික පන්ති පැවැත්වීම අත්හිටුවීම පිළිබඳව පළාත් සභා ප්‍රධාන අමත්‍යවරුන් වෙත කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵල වශයෙන් ඉරිදා සහ පසළොස්වක පෝය දිනවල පෞද්ගලික පන්ති තහනම් කිරීමට ප්‍රධාන අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවීම දහම් පාසල් අධ්‍යාපනයේ උනන්තියට හා චිරස්ථිතියට ඉවහල් වන සුවිශේෂ සේවාවක් වශයෙන් අගය කළ යුතුය.

දහම් පාසල් අධ්‍යාපනය වසර 121 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් 2016 අගෝස්තු මස 03 වැනි දා දහම් පාසල් දින ජාතික උලෙළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුමිය විධි විධාන යොදා තිබිණි. මොණරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල එක් දහම් පාසලක එක් සිසුවා බැගින් තෝරාගෙන සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල අරමුදලෙන් ‘දහම් සිසු සවිය’ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සහ වසර 50ක සේවා කාලයක් ඇති ගුරුභවතුන් උදෙසා මාසිකව වෛද්‍යාධාර මුදලක් පිරිනැමීම දහම් පාසල් දින ජාතික උත්සවයේ සිදුවන සුවිශේෂ කාර්යයන් විය. දහම් පාසල් දිනය අනුස්මරණය කරමින් ඒ සඳහා පුරෝගාමී වූ ගිහි පැවිදි උතුමන් සිහිපත් කිරීම සියලු දහම් පාසල් සිසුන්ගේ මෙන් ම ගුරු දෙගුරුන්ගේ ද යුතුකම බව සදහන් කරමු.

(අන්තර්ජාලයෙනි )

🧑‍🎓📝දහම් ගුරු අත්වැල📝🧑‍🎓➖Daham guru athwela➖

26/06/2022
Covid 19 තත්වය පහව යාමත් සමග නැවතත් ශ්‍රී ගුණානන්ද දහම් පාසල අපගේ 06සිට 11 ශ්‍රේණි දක්වා සිසු දුවා දරුවන් උදෙසා මේ සතියේ...
09/03/2022

Covid 19 තත්වය පහව යාමත් සමග නැවතත් ශ්‍රී ගුණානන්ද දහම් පාසල අපගේ 06සිට 11 ශ්‍රේණි දක්වා සිසු දුවා දරුවන් උදෙසා මේ සතියේ ඉරු දින සිට නැවත ආරම්භ වේ.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් ඔබ සියලු දෙනාගේම පැමිණීම එදිනට බලාපොරොත්තු වෙමු.
තෙරුවන් සරණයි!!

*ශ්‍රී ගුණානන්ද දහම් පාසල මගින් ලෝක ළමා වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ ළමා දින වැඩසටහන*🗓️( *2020/10/03* )ඉරිදා⏰උදෑසන *...
02/10/2021

*ශ්‍රී ගුණානන්ද දහම් පාසල මගින් ලෝක ළමා වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ ළමා දින වැඩසටහන*

🗓️( *2020/10/03* )ඉරිදා
⏰උදෑසන *8:00* ට

පැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
*Zoom link*
ශ්‍රී ගුණානන්ද දහම් පාසල is inviting you to a scheduled Zoom meeting.

Topic: විශේෂ ළමා දින වැඩසටහන
Time: Oct 3, 2021 08:00 AM Etc/GMT+10

Join Zoom Meeting
https://us05web.zoom.us/j/82303920997?pwd=cTc1WFIreDR1Z25YUzNYVWJHVUFhUT09

Meeting ID: 823 0392 0997
Passcode: 0mBi4V
⭕සියලු දෙනාම හෙට උදේ 8:00 වෙනකොට සම්බන්ධ වෙන්න.
✨️(ලෝකය ලස්සන කරන්නේ ළමුන්ය.)

සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා 🤗🤗🤗
01/10/2021

සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා 🤗🤗🤗

Address

Giridara
Giridara

Alerts

Be the first to know and let us send you an email when Sri Gunananda Dhamma School - Giridara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Gunananda Dhamma School - Giridara:

Shortcuts

Share

Category