26/07/2026
🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸
#ආදරෙයිඅපේඉස්කෝලෙට
🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸🇪🇸
සිසුන්ගේ විෂය සමගාමී ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීමෙහිලා වර්තමාන විදුහල්පතිතුමන්ගේ දැක්ම මත 👨💻👨💻
ප්‍රථමාධාර භට භටවියන් 52ක් ⛑️ ⛑️ වෙනුවෙන් විද්‍යාලයේ 130 වැනි අභිමානවත් නාමයට තවත් රන් අකුරක් එක් කරමින්, වර්තමාන ගිංතොට ඒකාබද්ධ කැඩෙට් කොට්ඨාසය මගින් සංවිධානය කළ "Gino '26" (ගිංකෝ) තෙදින ප්‍රථමාධාර නේවාසික කඳවුර 2026 ජුනි 12,13 හා 14 යන දිනයන්වලදී විද්‍යාලයීය පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.
ප්‍රථමාධාර භට-භටවියන් 52 දෙනෙකු වෙනුවෙන් පැවැත්වුණු මෙම කඳවුරේදී ධාරිතා සංවර්ධනය, නායකත්වය, ගිනි නිවීම හා ආපදා කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දුන් අතර, දෙවන දින රාත්‍රියේ පැවැත්වුණු ගිනිමැල සංදර්ශනය හා අවසන් දින කුසලාන ප්‍රදානෝත්සවය ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්විණි.
ගිණිමැල සංදර්ශනය සදහා ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ නිලධාරීන් සමග ගා/විද්‍යාලෝක විද්‍යාලය, ගා/රිච්මන්ඩ් විද්‍යාලය, ගා/මහින්ද විද්‍යාලය, ගා/ ශාන්ත ඇලවීෂියස් විද්‍යාලය, ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගා/අනුලාදේවි බාලිකා විද්‍යාලය, ගා/රිපන් බාලිකා විද්‍යාලය, ගා/හපුගල මහා විද්‍යාලය සහ ගා/ ආචාර්ය රිචඩ් පතිරණ යන ගාල්ල අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසල් රැසක ප්‍රථමාධාර භට/භටවියන් සමග ගුරුභවතුන් සහභාගී විය.
මෙම කඳවුර සඳහා ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ ගාල්ල දිස්ත්‍රික් කොමසාරිස් රොෂාන් කුලතුංග මහතා හා ගාල්ල සේනාංක අධිකාරී පසිදු මනිමෙල්වඩු මහතා ඇතුලු නිලධාරීන්ගේ හා සම්පත්දායකයන්ගේ පූර්ණ අධීක්ෂණය මෙන්ම සහයෝගයද, සහකාර දිසා කොමසාරිස් මංජුල දහනායක මහතා, ප්‍රධාන භාර ආචාර්ය විශංකා සඳමාලි ගුරුතුමිය සහ ආදරණීය දෙමාපියන් ලබා දුන් සහයෝගය පැමිණ සිටි සැමගේ ඉහළ ඇගයුමට ලක්විය. එමෙන්ම, කදවුරු අණදෙන නිලධාරීනී, උප කොට්ඨාස නිලධාරීනී, සවන්දි දුලරි මෙනවිය හා සංවිධායක මණ්ඩලයේ කැපවීම මෙම කදවුරේ සාර්ථකත්වයට හේතු වූ බව නොරහසකි.
එමෙන්ම, කදවුර සදහා මූල්‍ය ශක්තිය ලබාදුන් විද්‍යාලයීය ප්‍රජාවට මෙන්ම, අනුග්‍රාහක භවතුන්ට විද්‍යාලයීය ස්තූතිය පුද කරන අතර දරුවන්ට එළිමහන් ක්‍රියාකාරකම් සදහා දායකත්වය ලබාදුන් පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහයට සහ ගිංතොට මහා විද්‍යාලයීය බාලදක්ෂ සමූහයටත් අපගේ ප්‍රණාමය පුද කරමි.
📌️ප්‍රථමාධාර කණ්ඩායම භාර ආචාර්යතුමිය විශංකා සඳමාලි ගුරුතුමියගේද සහාය ද ලබා දුන් අතර
📌️දින තුන පුරාවටම දරුවන් සමග රැඳෙමින් ආදරණීය දෙමව්පියන්ද 👨👩👦👦👨👩👧👦
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම තම සහාය ලබා ලබාදුනි.🤝🤝🤝
💐💐මෙම වැඩසටහන අති සාර්ථක වැඩසටහනක් ලෙස පැමිණ සිටි බොහෝ දෙනාගේ ද ඇගයුමට ලක්විය..💪💪
📷📷 Evolution 😍