Aviththawa Nalanda M.V.

Aviththawa Nalanda M.V. ප්‍රඥාවේ ආලෝකය සියලු දෙනා වෙත ළඟා කර දීම කරා නොනැවතී ඉදිරියටම..

ශාන්ත ජෝන් ගිලන් සේවය මගින් වාර්ෂිකව සිදු කරන මූලික ප්‍රථමාධාර පුහුණු වැඩමුළුව 2026 නව කණ්ඩායම සඳහා අද දින සිදු කෙරුණා. ...
08/07/2026

ශාන්ත ජෝන් ගිලන් සේවය මගින් වාර්ෂිකව සිදු කරන මූලික ප්‍රථමාධාර පුහුණු වැඩමුළුව 2026 නව කණ්ඩායම සඳහා අද දින සිදු කෙරුණා.

ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව නියෝජනය කරමින් අද දින මෙම වැඩමුළුව මෙහෙය වූ සහකාර දිස්ත්‍රික් කොමසාරිස් චින්තා ත්‍රිමාවිතාන මැතිනියට විද්‍යාලයේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු.

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොට ගෙන අශ්ඨාංගික උපෝසිත සීලය සමාදන් වූ නාලන්දාවේ අපේ පැටව්. මෙම සීල සමාදාන ...
28/06/2026

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොට ගෙන අශ්ඨාංගික උපෝසිත සීලය සමාදන් වූ නාලන්දාවේ අපේ පැටව්.

මෙම සීල සමාදාන වැඩසටහන සංවිධානය කළ විදුහලේ ප්‍රියංකා තාබෲ ගුරුතුමියට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර, උදේ ආහාරය ලබා දුන් ගුරු මණ්ඩලයටත් දහවල් ආහාරය සහ ගිලන් පස ලබා දුන් දෙමව්පියන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා 🙏

2026 සමස්ත ලංකා සංගීත තරගාවලිය                            කලාප මට්ටම මෙවර නාලන්දීයන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සමූහ ගී අනුවාදන ...
25/06/2026

2026 සමස්ත ලංකා සංගීත තරගාවලිය
කලාප මට්ටම

මෙවර නාලන්දීයන්ගේ විශිෂ්ට ජයග්‍රහණ

සමූහ ගී අනුවාදන - ගැහැණු අංශය
ප්‍රථම සථානය

ජ්‍යේෂ්ඨ හාර්මෝනියම් වාදන - ඒකල අංශය
ප්‍රථම ස්ථානය - කුෂ්මිත අනුහස්

මෙම ජයග්‍රහණ සඳහා කැප වූ විද්‍යාලයේ සංගීත විෂය භාර ආචාරිනී සුරංගි මල්ලවාරච්චි ගුරුතුමියටත් , අනුර සමරකෝන් ගුරුතුමාටත් හෘදයාංගම ස්තූතිය පුද කරන අතර,

ජයග්‍රහණය ලැබූ නාලන්දීයයන්ට විද්‍යලයේ විදුහල්පතිතුමන් ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් !!

පසුගිය ජුනි 20 වැනිදා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ පන්ති නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් ඉතා සාර්ථක...
21/06/2026

පසුගිය ජුනි 20 වැනිදා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ පන්ති නායක නායිකාවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් ඉතා සාර්ථක ලෙස දවස පුරා ක්‍රියාත්මක වුණා.

දරුවන්ට නවමු අත්දැකීම් සමූහයක් ලබා දුන් තුෂාර කරුණාරත්න මැතිදුන් ප්‍රමුඛ "අභිෂේක පදනම" කණ්ඩායමට මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් විද්‍යාලයේ අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.

මෙම වැඩමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් සම්පත් දායකයින් සම්බන්ධීකරණය කළ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා ඇතුළු ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යවරුන් වන නිම්මි දිල්රුක්ෂි ගුරුතුමිය සහ කසුන් නාකන්දල ගුරුතුමාටත් අපි විද්‍යාලය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමු.

The Victory was always in our hands ❤පසුගිය ජුනි 20 වැනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති දකුණු පළාත් සැහැල්ලු පන්දු ක...
21/06/2026

The Victory was always in our hands ❤

පසුගිය ජුනි 20 වැනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති දකුණු පළාත් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නාලන්දා මහා විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සමත් වු බව ඉතා සතුටින් දැනුම් දෙමු.

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වුණු ජිල්හාන් හසංක ක්‍රීඩා උපදේශකතුමන්වත් චන්ද්‍රිකා ගුරු මහත්මියවත් මෙම අවස්ථාවේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරන අතර ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙය වූ කණ්ඩායම් නායක ශෂික සුලෝචනටත් උප නායක මලීෂ සත්සර ප්‍රමුඛ කරගත් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමට හද පිරි සුබ පැතුම් ❤

2024 වර්ෂයේ සමස්ත ලංකා (සැහැල්ලු පන්දු) ක්‍රිකට් කණ්ඩායමේ ආදිශිෂ්‍යයන් විසින් 2026 වර්ෂයේ දකුණු පළාත් (සැහැල්ලු පන්දු) ක...
16/06/2026

2024 වර්ෂයේ සමස්ත ලංකා (සැහැල්ලු පන්දු) ක්‍රිකට් කණ්ඩායමේ ආදිශිෂ්‍යයන් විසින් 2026 වර්ෂයේ දකුණු පළාත් (සැහැල්ලු පන්දු) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත සිසුන් වෙනුවෙන් අද දින නිල ජර්සිය විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා වෙත පිරිනැමීම සිදු කෙරුණා.

විද්‍යාලය වෙනුවෙන් 2024 සමස්ත ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායමට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු.

05/06/2026

🌬️🍃☀️

ජගත් පරිසර දින සැමරුම 2026 "Urgent Climate Action""දේශගුණ විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු" තේමාව යටතේ අද දි...
05/06/2026

ජගත් පරිසර දින සැමරුම 2026

"Urgent Climate Action"
"දේශගුණ විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු" තේමාව යටතේ අද දින පරිසරය කෙරෙහි ආදරය කරුණාව පුංචි හිත්වල තැන්පත් කරන්නට නැටුම් ගැයුම් වැයුම්වලින් පරිපූර්ණ අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක වුණා.

එමෙන්ම රුක් රෝපණ වැඩසටහනකින් සහ පරිසරයට හිතැති බව ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කළ නාලන්දීයන් ඇගයුමට ලක් කිරීමක්ද මෙම වැඩසටහන මගින් සිදු කෙරුණා.

විද්‍යාලයේ කසුන් මදුරංග ගුරුතුමා සහ නිම්මි දිල්රුක්ෂි ගුරුතුමියගේ සංවිධාන ශක්තියෙන් සිදු කෙරුණු මෙම අපූරු වැඩසටහනට නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටම විද්‍යාලයේ අපගේ හෘදයාංගම ස්තූතිය!

වෛශාඛ්‍ය මංගල්‍යය - 2026පසුගිය 2026 මැයි 29 වන දින ගරුතර උතුරුමාගල චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද සදහම් දෙස...
01/06/2026

වෛශාඛ්‍ය මංගල්‍යය - 2026

පසුගිය 2026 මැයි 29 වන දින ගරුතර උතුරුමාගල චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද සදහම් දෙසුම.

සතියක් පුරාවට ම වෙසක් පුර පසළොස්වක පොහොය හේතු කොටගෙන සිදු කරන ලද මෙම මහා පුණ්‍ය කටයුත්තේ පූර්ණ සංවිධායක ලෙස කටයුතු කළ කේ. පී. එල්. තාබෲ ගුරු මහත්මියටත් පාසලේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් නන් අයුරින් සහයෝගය දැක් වූ දෙමව්පියන්ට හා සියලුම දරු දැරියන්ටත් මේ පින් අනුමෝදන් වේවා !!!

31/05/2026

2026 වෛශාඛ්‍ය මංගල්‍යය

Address

G/Aviththawa Nalanda Maha Vidyalaya, Opatha, Ganegoda
Ganegoda
80440

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Aviththawa Nalanda M.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category