14/06/2025
❤️
තෙරුවන් සරණයි !!
14/06/2025
❤️
14/12/2022
❤❤
06/08/2022
මතක ❤
01/03/2022
ජනෙල් කවුලුව
විවර කෙරුවම
සඳලු තලයට
සඳක් පායා..
සඳෙහි රශ්මිය
විටෙක හමුවෙයි
සැමට හොරැහින්
එබී බලනා..
නෙතින් නෙත ඒ
ගැටුන මොහොතක
සඳත් හදවත
හොරා ගත්තා..
සඳට උරුමය
අහස කීවත්
ඇයට පෙම් කළ
තරුත් තිබුනා...❤❤
✍️✍️ W.S.T
08/12/2020
තරඟ අංක - 19
සඳුනි රුමේෂා
කසාවතක සිට..
නිරුවත් දෙපයට රලු ගුරු පාරේ
ගල්කැට සරදම් කරන විට..
නිඹගේ දෑතට බර වැඩි නොවුනිද මා ඇවිටිලි කර හඩන විට..
සුදු වතුසුදු මල් පොකුරු කඩාගෙන
බුදු හිමි ළග වැද වැටෙනකොට...
සුවදයි දැනුනේ පුදසුන මත මල්
අම්මේ ඔබගේ පපුවේ මට..
රාසිගේ අවුවේ වැව් කන්ඩිය උඩ ..
ඉර ගිලෙනා හැටි කියා දිදී...
බත් ගුලි එක දෙක බඩ කට පුරවන්
නිදි පැදුරේ ගුලි වෙවී නිදී...
ඉඩෝරයක් ළග පතුලක් නොපෙනෙනෙ
දෑස් අගක මුදු කදුලු බිබී ...
තවමත් නොපැහුනු හේනක් රකින්න
අම්මා පැල් වදිනවා ඇති...
හතරවරිගයක් නිවන් යවන්නට
පැතුම් පතාගෙන නොකර කතා....
එක වේලක් බඩ පිරෙන හැබෑවට
අම්මා තනියෙන් පැතුම් පතා....
සිවුරට දන් දුන් පින් අරගෙන ගොස්
සංසාරේ කෙලවරක් සොයා.....
මට කලියෙන් නිවනට ළං වේවා...
පාරමිතා පිරු යසෝදරා.......