25/02/2025
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ඊ නැණ පියස පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ 05 වන කණ්ඩායමේ ආරම්භක දේශනය 2025.02.28 (සිකුරාදා) දින පෙ.ව. 09.00 ට කුරුඳුවත්ත ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ ඊ නැණ පියස පරිශ්‍රයේදී පැවැත්වේ. පාඨමාලාවට සහභාගි වීමට කැමති සියලුම සිසුන් එදිනට දෙමාපියන්ද සමඟ පැමිණෙන්න. අයදුම්පත් එදිනද ලබාගත හැක.
විමසීම් - 0767772534 Computer Instructor
06/02/2025
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කෙරෙන ඊ නැණ පියස පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක යෙදවුම් පත්‍ර සහායක (computer applicationon assistant) සය මාසික පරිගණක පුහුණු පාඨමාලාව සඳහා නවක සිසුන් මේ දිනවල බඳවා ගනු ලැබේ.ශ්‍රී ලංකා වෘත්තීය හා තෘතීය කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ඇති රාජ්‍ය ආයතනයක් වන මෙම ආයතනය මඟින් ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකයක් ඔබ වෙත පිරිනැමේ.
මෙම වටිනා පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට හා වැඩි විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදී හෝ විද්‍යුත් තැපෑල මගින් පණිවිඩයක් එවීමෙන් හෝ අපගේ වට්ස්ඇප්(Whatasapp) අංකයට පණිවිඩයක් එවීමෙන් සිදුකළ හැක.
30/01/2025
සිසු සිසුවියන්ගේ ඉදිරිපත්කිරීමේ දක්ෂතා...
30/01/2025
ගඟ ඉහල කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ඊ නැණ පියස පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ 04 වන කණ්ඩායමේ අවසාන පරීක්ෂණයට සමගාමීව Microsoft Power Point තුළින් අප සිසු සිසුවිනගේ ඉදිරිපත්කිරීමේ දක්ෂතා නිරීක්ෂණය කිරීම හා ලකුණු ලබා දීම 2025.01.29 වන දින ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම්තුමිය, ඊ නැණ පියස අධීක්ෂණභාර නිළධාරීතුමන්, අපගේ ඊ නැණ පියස උපදේශකතුමා, ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිළධාරී බන්ඩාර මයා,චාමලි මිය, මනූෂා මිය සහ වින්ද්‍යා මිය විසින් සිදු කෙරුණි..
30/01/2025
ගඟ ඉහල කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ඊ නැණ පියස පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ 04 වන කණ්ඩායමේ අවසාන පරීක්ෂණයට සමගාමීව Microsoft Word Project සහ Database යන Modules නිරීක්ෂණය කිරීම 2025.01.28 වන දින ඊ නැණ පියස අධීක්ෂණභාර නිළධාරීතුමන්, අපගේ ඊ නැණ පියස උපදේශකතුමා, ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිළධාරීනී මනූෂා මිය සහ වින්ද්‍යා මිය විසින් සිදු කෙරුණි..
21/08/2024
ඊ නැණ පියස පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ වත්මන් පුහුණු උපදේශකතුමන් වන දිමුතු මදුශංක ගුරුපියාණන්ගේ 27 වන ජන්ම දිනය වෙනුවෙන් සිසු දරු දැරියන් විසින් ලබා දුන් පුංචි පුදුම කිරීම... ❤️
ආයතනයේ සියලුම දෙනා සහ සියලුම සිසු දරු දැරියන් විසින් එතුමන්ට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් කියා ප්‍රාර්ථනා කරනවා..❤️
12/08/2024
ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය සභාවේ පුස්තකාල පාඨක සමාජය හා ඊ නැණ පියස පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ සිසු දරු දැරියන් උදෙසා රතු කුරුස ආයතනය විසින් 2024.08.07 වන දින පැවති නායකත්ව පුහුණු වැඩසටහන❤️❤️
මෙම වැඩසටහන සාර්ථකව නිම කර ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ වත්මන් ගරු ලේකම්තුමියටත්, ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරීතුමියටත්, රතු කුරුස ආයතනය නියෝජනය කරමින් පැමිණි සියලූම දෙනාටත්, පුස්තකාල භාර නිලධාරී මහත්මීන්ටත් විෂය භාර නිලධාරී මහත්මියටත්, ඊ නැණ පියස පරිගණක උපදේශකතුමන්ටත්, සෙසු සේවක මහත්ම මහත්මීන්ටත් වැඩසටහන සාර්ථක කර ගැනීමට සම්බන්ධ වූ දෙමාපියන්ට සහ සිසු දරු දැරියන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වන අතර... මෙවන් වැඩසටහන් ඉදිරියටත් කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
02/06/2024
නව සිසුන් ලියාපදිංචිය සහ ආරම්භක දේශනය හෙට සවස 02.30 ට ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට අවශ්‍ය සිසු සිසුවියන් මව, පියා හෝ වැඩිහිටි අයෙකු සමඟ ආරම්භක දේශනය සඳහා හෙට දින සවස සහභාගී වන්න❤️
විමසීම්
පරිගණක උපදේශකතුමා - 0767772534
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව - 0812357689
29/05/2024
ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මඟින් පවගින් පවත්වාගෙන යන ඊ නැණ පියස පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ නව පාඨමාලා සඳහා මේ දිනවල නවක සිසුන් බඳවා ගැනේ...
පූර්ව රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය හා තෘතිය කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ද ලැබී ඇත.එමගින් ඔබට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.එසේම මෙම පාඨමාලාවෙන් ඔබට පහත ප්‍රතිලාභ හිමිවේ.
එක් පාඨමාලාවක් තුළින් වැඩි විෂයන් ප්‍රමාණයක් ආවරණය කිරීම.
සතියේ ඔබට පහසු වේලාවක් තෝරා ගැනීමට හැකි වීම.
පාසල් ළමුන්, පාසල් හැරගිය ළමුන් හා වැඩිහිටි අය ඇතුළු ඕනෑම වයස් කාණ්ඩයක අයට මෙම පාඨමාලාව හැදෑරිය හැකිවීම
01/01/2024
මේ අවුරුද්දේ හිතට ගන්න තමන් හොඳට ඉගෙන ගන්නවා කියලා. තමන්ට කොච්චර බෑ කියලා හිතුනත් ඒ හැම මොහොතකම ආයෙමත් ඉගෙන ගන්නවා කියලා හිතන්න. කාලය ඉක්මනට ගෙවිලා යනවා පුතේ ඒ නිසා පුළුවන් හැම වෙලාවකම මොනවම හරි දෙයක් ඉගෙන ගන්න.අවුරුද්ද පුරාවටම මගේ ළමයි හැමෝටම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා ❤️❤️
>> Specially remember that
06/10/2023
ගුරු දිනය වෙනුවෙන් ඊ නැණ පියස සිසු දරු දැරියන් විසින් වත්මන් ඊ නැණ පියස උපදේශකතුමා වෙනුවෙන් සිදු කල සංග්‍රහය සහ ත්‍යාග ලබා දීම අද දින සිදු විය.