WP/GM/Pitiyegedara Maha Vidyalaya

WP/GM/Pitiyegedara Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WP/GM/Pitiyegedara Maha Vidyalaya, School, Bemmulla, Gampaha.

19/06/2026
2026 ජූනි 02 බප/ගම්/ පිටියෙගෙදර මහා විද්‍යාලය වෙසක් තෙමගුල නිමිත්තෙන් දෙන ලද අයිස්ක්‍රීම් දන්සල
03/06/2026

2026 ජූනි 02 බප/ගම්/ පිටියෙගෙදර මහා විද්‍යාලය වෙසක් තෙමගුල නිමිත්තෙන් දෙන ලද අයිස්ක්‍රීම් දන්සල

2026 -වෙසක් පෝය ආගමික වැඩසටහනපිටියෙගෙදර මහා විදුහල ...............
27/05/2026

2026 -වෙසක් පෝය ආගමික වැඩසටහන
පිටියෙගෙදර මහා විදුහල ...............

ජූජාච පූජනීයානං- ගුරුපාදාභිවන්දනා ගුරු උපහාර උළෙල !!!2026 වෙසක් තෙමගුල නිමිති කොටගෙන ආදිශිෂ්‍ය සංගමය හා එක්ව පාසලේ ස්වර්...
27/05/2026

ජූජාච පූජනීයානං- ගුරුපාදාභිවන්දනා ගුරු උපහාර උළෙල !!!

2026 වෙසක් තෙමගුල නිමිති කොටගෙන ආදිශිෂ්‍ය සංගමය හා එක්ව පාසලේ ස්වර්ණමය යුගයක් බිහිකළ K.A. සෙනෙවිරත්න හිටපු විදුහල්පතිතුමා (1981-1991) ප්‍රධාන කොටගත් සමකාලීන බප/ගම්/පිටියෙගෙදර මහා විද්‍යාලයීය ආදි ගුරුභවතුන් උදෙසා 2026 මැයි 26 වන දින පවත්වන ලද ගුරු උපහාර උළෙල

පිටියෙගෙදර මහා විදුහලේ 2026 අවුරුදු උත්සවය හුදෙක් විනෝදය සඳහාම පමණක් නොව, අපේ හෙළ සිරිත් විරිත් මතු පරපුරට දායාද කරන අගන...
26/04/2026

පිටියෙගෙදර මහා විදුහලේ 2026 අවුරුදු උත්සවය හුදෙක් විනෝදය සඳහාම පමණක් නොව, අපේ හෙළ සිරිත් විරිත් මතු පරපුරට දායාද කරන අගනා මෙහෙවරක් ලෙස හැඳින්විය හැකිය. එදින මුළු පාසල් භූමියම එකම පවුලක් මෙන් එක්ව සැමරූ ඒ සුන්දර අවුරුදු උදානය කාගේත් මතකයේ නොමැකී පවතිනු ඇත.

"සමගිය, සතුට සහ සංස්කෘතික අභිමානය එක්තැන් වූ අසිරිමත් දවසක්!"

සිප් සෙවණට වැඩම කළ අලුත් මල් කැකුළු: 2026 නවක සිසුන් පිළිගැනීමේ මංගල්‍යයනව වසරක උදාවත් සමඟ, 2026 ජනවාරි 21 වන අද දින පිට...
21/01/2026

සිප් සෙවණට වැඩම කළ අලුත් මල් කැකුළු: 2026 නවක සිසුන් පිළිගැනීමේ මංගල්‍යය

නව වසරක උදාවත් සමඟ, 2026 ජනවාරි 21 වන අද දින පිටියෙගෙදර මහා විද්‍යාලයීය මාතාවගේ සෙවණට 6 ශ්‍රේණියෙන් පියමං කළ නවක සිසු සිසුවියන් පිළිගැනීමේ උත්සවය ඉතා අභිමානවත් අයුරින් පැවැත්විණි.

පිටියෙගෙදර මහා විද්‍යාලයේදී හිටපු විදුහල්පති රුවන් ජයසිංහ මහතාට උත්කර්ෂවත් උපහාර .....!!!!!!!!!!!!2025 සැප්තැම්බර් 18 වැ...
18/09/2025

පිටියෙගෙදර මහා විද්‍යාලයේදී හිටපු විදුහල්පති රුවන් ජයසිංහ මහතාට උත්කර්ෂවත් උපහාර .....!!!!!!!!!!!!

2025 සැප්තැම්බර් 18 වැනිදා, පිටියෙගෙදර මහා විද්‍යාලයයේ හිටපු විදුහල්පති රුවන් ජයසිංහ මහතාට උපහාර දැක්වීම සඳහා උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කළේය.

මෙම අවස්ථාවට පාසලේ ආචාර්ය මණ්ඩලය, සිසුන්, ආදි සිසුන් සහ දෙමාපියන් රැසක් සහභාගී වූහ. ජයසිංහ මහතා පාසලට පැමිණෙන විට, සිසුන් ඔහුව ඉතා උණුසුම් ලෙස පිළිගත්තේය.

උත්සවයේදී පාසලේ කලා කණ්ඩායම් විසින් සංස්කෘතික ඉදිරිපත් කිරීම් සිදු කළ අතර, පාසලේ ප්‍රගතිය සඳහා ඔහු කළ කැපවීම අගයමින් කතා කිහිපයක් පවත්වන ලදී. මෙම උත්සවය, පාසලේ දියුණුවට මහත් මෙහෙයක් කළ ගෞරවනීය විදුහල්පතිවරයෙකුට කළ අලංකාර උපහාරයක් විය.

පාසලේදී විශේෂ ඇගයීම් උත්සවයක්!අද දින, 2025-දෙවන වාර විභාගයේ  විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් ඇගයීමට ලක්කෙරිණි. එහිදී, වැඩිම...
27/08/2025

පාසලේදී විශේෂ ඇගයීම් උත්සවයක්!
අද දින, 2025-දෙවන වාර විභාගයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් ඇගයීමට ලක්කෙරිණි. එහිදී, වැඩිම ලකුණු ලබාගත් සිසුන් 07 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කෙරුණු අතර, සෑම විෂයකටම ලකුණු 75ට වැඩි ලකුණු ලබාගත් සිසුන් 04 දෙනෙකුට පදක්කම් පිරිනැමිණි.

මෙම වටිනා ඇගයීම් සඳහා අවශ්‍ය මූල්‍ය දායකත්වය "මව්බිමටයුතුකම" සංවිධානය විසින් ලබා දුන් අතර, සියලු කටයුතු ආදි ශිෂ්‍ය සංගමයේ විධායක ලේකම් ලලිත් ලියනගේ මහතා විසින් ඉතා සාර්ථකව සම්බන්ධීකරණය කරන ලදී.

දක්ෂ දරුවන් දිරිමත් කිරීම සඳහා "මව්බිමටයුතුකම" සංවිධානය සහ ආදි ශිෂ්‍ය සංගමය දැක්වූ මෙම දායකත්වය, අනාගතයේදී තවත් බොහෝ දරුවන් මෙවැනි ජයග්‍රහණ කරා යොමු කිරීමට මහත් පිටුවහලක් වනු නොඅනුමානයි.

ගුරු-සිසු සුවතා වැඩසටහන සාර්ථකව අවසන්!අද දින, 2025 අගෝස්තු 26 වන දින, අප පාසලේ ගුරුභවතුන් හා සිසුන් වෙනුවෙන් විශේෂ ශාරීර...
26/08/2025

ගුරු-සිසු සුවතා වැඩසටහන සාර්ථකව අවසන්!
අද දින, 2025 අගෝස්තු 26 වන දින, අප පාසලේ ගුරුභවතුන් හා සිසුන් වෙනුවෙන් විශේෂ ශාරීරික සුවතා වැඩසටහනක් පැවැත්වුණා. පාසල් ක්‍රීඩා පුහුණුකරු ලහිරු හේෂාන් ලියන ආරච්චි මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහනට බොහෝ දෙනෙක් උනන්දුවෙන් සහභාගි වුණා.

අධ්‍යාපන කටයුතු අතරතුර සිරුරේ හා මනසේ නිරෝගීභාවය පවත්වා ගැනීම කොතරම් වැදගත් ද යන්න මෙම වැඩසටහනින් අවධාරණය වුණා. ගුරු-සිසු දෙපිරිසම එකට එක්ව ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ඔවුන් අතර ඇති බැඳීම තවත් ශක්තිමත් වුණා. මෙය අද දවසට පමණක් නොව, ඉදිරියටත් සියලු දෙනාටම නිරෝගී ජීවිතයක් ගත කිරීමට අත්වැලක් වනු ඇත.

පිටියෙගෙදර මහා විද්‍යාලයට "ජපුර අපි-කළමනාකරණ පීඨයේ අතහිත!ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 2004/05 කණ්ඩායම...
26/08/2025

පිටියෙගෙදර මහා විද්‍යාලයට "ජපුර අපි-කළමනාකරණ පීඨයේ අතහිත!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ 2004/05 කණ්ඩායමේ උත්සාහයෙන් දියත් කළ "Mind to Mind - 2025" ව්‍යාපෘතිය පිටියෙගෙදර මහා විද්‍යාලයේ දරුවන්ගේ අනාගතයට අලුත් ආලෝකයක් ගෙන ආවා.

පාසලේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් කළ දායකත්වය සහ දරුවන්ගේ දෛනික දිවා ආහාර වේල සදහා කළ පරිත්‍යාගය, ඔවුන් තුළ ඇති සමාජ සත්කාරය හා මානව දයාව මොනවට කියාපානවා. මෙම ව්‍යාපෘතියට දායක වූ සියලුම දෙනාට, පිටියෙගෙදර මහා විද්‍යාලය වෙනුවෙන් අපගේ හද පිරි ස්තුතිය පුද කරනවා. ඔබේ මේ උතුම් ක්‍රියාව අන් අයටත් ආදර්ශයක් වේවා!

Address

Bemmulla
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when WP/GM/Pitiyegedara Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category