Sri Siddhartha Kumara Maha Vidyalaya - Gampaha

Sri Siddhartha Kumara Maha Vidyalaya - Gampaha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Siddhartha Kumara Maha Vidyalaya - Gampaha, School, Sri Vijaya Sri Mawatha, Gampaha.

01/10/2026

මනසින් සවිමත් දරුවන් පොහොසත්...

30/09/2026

ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය හා ඡායාරූප සංගමයේ සාමාජිකයන් සඳහා නිල ලාංජන පැළඳවීමේ උත්සවය හා මාධ්‍ය වැඩමුළුව – 2026

වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මාධ්‍ය හා සන්නිවේදන තාක්ෂණය වැදගත් ස්ථානයක් ගනී. පාසලක අධ්‍යාපනික, ආගමික, ක්‍රීඩා, සංස්කෘතික හා විවිධ ක්‍රියාකාරකම් නිසි පරිදි වාර්තා කිරීම සහ ඒවා නිර්මාණශීලීව සමාජගත කිරීම සඳහා පුහුණු වූ ශිෂ්‍ය මාධ්‍ය කණ්ඩායමක අවශ්‍යතාව පවතී.
එම අවශ්‍යතාව මත ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලයීය මාධ්‍ය ඒකකය හා ඡායාරූප සංගමයේ සාමාජිකයන්ගේ වගකීම්, කුසලතා හා නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් මාධ්‍ය ඒකකය හා ඡායාරූප සංගමයේ සාමාජිකයන් සඳහා නිල ලාංජන පැළඳවීමේ උත්සවය හා මාධ්‍ය වැඩමුළුවක් ක්‍රියාත්මක කරන ලදී.
මාධ්‍ය ඒකකයේ හා ඡායාරූප සංගමයේ සාමාජික සිසුන් වෙත නිල ලාංජන පැළඳවීම ගරු විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. එමගින් මාධ්‍ය කටයුතු සඳහා ඔවුන් වෙත වගකීමක් හා නිල අනන්‍යතාවක් ලබාදෙන ලදී.
මාධ්‍ය ඒකකය හා ඡායාරූප සංගමයේ තෝරාගත් සාමාජික සිසුන්, භාර ගුරුභවතුන් සහ ආරාධිත සම්පත් දායකයන් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.
මෙහිදී විශ්‍රාමික ඉංශ්‍රිසි භාෂාව හා තොරතුරු තාක්ෂණ ප්‍රවීණ පාසල් ආචාර්ය ඩබ්ලිව්.දුමින්ද සුනිල් මහතා, කැලණිය කලාපයේ සිංහල ගුරු උපදේශක ප්‍රවීණ සිංහල ආචාර්ය, ලක් fm ගුවන් විදුලි සේවයේ හිටපු ප්‍රවෘත්ති නිවේදිකා ප්‍රබාශිනි නදීශා චන්ද්‍රසිරි මහත්මිය සහ ප්‍රවීණ ජායාරූප ශිල්පී, පාසල් ගණනාවක ජායාරූප සංගම්හි උපදේශක අගස්ති විතාන මහතා සම්පත් දායකයින් ලෙස එක් විය.
දුමින්ද සුනිල් මහා විසින් Graphic Designing ( Photoshop ) මෘදුකාංගය පිළිබද සිසුන් දැනුවත් කිරිම සිදු විය.
ප්‍රබාශිනි නදීශා චන්ද්‍රසිරි මහත්මිය විසින් නිවේදන කලාව පිළිබද සිසුන් දැනුවත් කිරීම සිදු විය.

04/09/2026
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවන ලද 2026 වසරේ 15න් පහළ කණ්ඩායම්  බැඩ්මින්ටන් තරගාවලියේදී,ගම්පහ ශ්‍රී සි...
11/08/2026

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවන ලද 2026 වසරේ 15න් පහළ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේදී,ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලයේ 15න් පහළ බැඩ්මින්ටන් කණ්ඩායම විශිෂ්ට දක්ෂතා දක්වමින් අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

කැපවීම, අධිෂ්ඨානය, කණ්ඩායම් හැඟීම සහ නොපසුබට උත්සාහය මත ලැබූ මෙම ජයග්‍රහණය අප පාසලට මහත් අභිමානයකි.
අපගේ දක්ෂ ක්‍රීඩකයන්ට උණුසුම් සුබ පැතුම්!

මෙම ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවූ පුහුණුකරු, ක්‍රීඩා භාර ගුරුවරුන් සහ දෙමාපියන්ටද අපගේ හෘදයාංගම ස්තූතිය හා ප්‍රණාමය පුද කරමු.




සමස්ත ලංකා සංගීත තරගාවලිය පළාත් මට්ටමේ  ජයග්‍රහණ! සමස්ත ලංකා සංගීත තරගාවලියේ පළාත් මට්ටමේ තරගවලදී දක්ෂතා විදහා දක්වමින් ...
11/08/2026

සමස්ත ලංකා සංගීත තරගාවලිය
පළාත් මට්ටමේ ජයග්‍රහණ!

සමස්ත ලංකා සංගීත තරගාවලියේ පළාත් මට්ටමේ තරගවලදී දක්ෂතා විදහා දක්වමින් විශිෂ්ට ජයග්‍රහණ හිමිකරගත් ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලයේ ආදරණීය දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම්!

සමූහ රාග ගායනය(පිරිමි) – තෙවන ස්ථානය
ඒකල බහිරවී රාගය (ගැහැණු) තෙවන ස්ථානය

මෙම ජයග්‍රහණය පසුපස සිටි ව්ද්‍යාලයේ සංගීත ආචාර්‍ය් රසිකා ප්‍රනාන්දු ගුරුමහත්මියටත් ආදරණීය දෙමාපියන්ටත් අපගේ ප්‍රණාමය!

2025 දකුණු ආසියානු විවෘත තේරීම් කරාතේ තරගාවලියේ වයස අවුරුදු 10න් පහළ කාතා ඉසව්වෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින්, මෙවර පැවැත්ව...
17/07/2026

2025 දකුණු ආසියානු විවෘත තේරීම් කරාතේ තරගාවලියේ වයස අවුරුදු 10න් පහළ කාතා ඉසව්වෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින්, මෙවර පැවැත්වෙන දකුණු ආසියානු කරාතේ තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත් වූ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් වන,

H. M. ජෙනිදු උෂාන් ඉඳුවර
J. A. හිරුන් රන්සිතූ
T. ශෙනුල් නේතන් පීරිස්
M. D. රුවින් තිලෝක්ෂණ

යන ආදරණීය පුතුන්ට අප පාසලේ උණුසුම් සුබ පැතුම් හා හදපිරි ආශිර්වාදය එක් කරමු.

ඔබගේ කැපවීම, ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලයට මහත් අභිමානයක් ගෙන එන ලදී. ඉදිරි තරගාවලදී අප පාසලට ගෞරවය රැගෙන එමින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගැනීමට ඔබ සැමට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමු.

මෙම ජයග්‍රහණය සඳහා කැපවීමෙන් මඟ පෙන්වූ පුහුණුකරුවන්ට අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන අතර, සිසුන්ගේ දක්ෂතා වර්ධනය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන කරාතේ භාර ආචාර්ය නාලිකා ගුණවර්ධන මහත්මියටත් ආදරණීය දෙමාපියන්ටත් හෘදයාංගම ස්තුතිය පුද කරමු.

Address

Sri Vijaya Sri Mawatha
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Siddhartha Kumara Maha Vidyalaya - Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category