Bandaranayake College 2012 A/L Batch
2012 BC අපි
22/03/2025
මචං මේ පින්තූරෙ ගත්තෙ 2019. අන්තිමට තිබුන බැජ් පාටියෙදි..
- 2012 අපේ බැජ් එකේ කීයකින් කී දෙනාද මේකෙ ඉන්නෙ?
- මේ photo එකේ ඉන්න එවුන්ගෙනුත් කීයෙන් කී දෙනාද දැන් අපිත් එක්කම ලංකාවෙ ඉන්නෙ?
- මේ photo එකෙත් ඉන්න, ලංකාවෙත් ඉන්න එවුන්ගෙන් කීයෙන් කී දෙනාවද දැන් අපිට ඉදලා හිටලා හරි හම්බෙන්නෙ?
- එක්කො camp එකක, එක්කො site එකක, එක්කො hospital එකක, එක්කො outstation, course එකක හිරවෙලා, රස්සාව නිසා ගම්පහින්, කොළඹින් පිට වගේ මග ඇරගන්න බැරි හේතු නිසා කීදෙනෙක්ව අපිට දැන් හම්බෙන්නෙ නැද්ද?
- පින්තූරෙ ඉන්න, ඒත් දැන් ලංකාවෙ නැති, එක්කො අපිත් එක්ක නැති උන් ටික කලු සුදු කරන්න කිව්වොත් ඇත්ත පාටින් ඉතිරි වෙන්නෙ කීයෙන් කීදෙනයිද?
උඹලා අපි හැමෝම දැන් busy. ලොකු මිනිස්සු. අවුරුදු 31ක් 32ක් කියන්නෙ ජීවිතේ හම්බුනු වගකීම් කරේ තියන් දුවන කාලෙ. girlfriend, wife, ළමයා හෝ දෙන්නා, අම්මා තාත්තා, රස්සාව, අමතර ආදායමක් එන බිස්නස් එක හරි මොනාමහරි දේකට ඔලුව හරවගන්නවත් බැරි තරම් වෙලාවක් නැති වෙන කාලෙ...
ඊළඟ සැරේ තියෙන බැජ් පාටියට එන්න උඹ මං ළඟක ඉඳීද, ලංකාවේ ඉඳීද, නිදහසේ ඉඳීද, අඩුමගානෙ ජීවත්වෙලා ඉඳීද කියලවත් ශුවර් නෑ... ඒ තරම් දුවන ලෝකෙක උඹ අපි දැන් ජීවත් වෙන්නෙ..
අවුරුදුම 6කට පස්සෙ, මේ අවුරුද්දෙ මාර්තු 29, ඒ කියන්නෙ ලබන සෙනසුරාදා හවස 2ට Amaya Green එකට ඇවිත් යන්න වරෙන්...
පැය 6, 7කට ඇවිත් ඉස්කෝලෙ කාලෙ වගේම පිස්සුවක් කෙලලා යන්න වරෙන්...
ආයෙ උඹ මං හම්බෙන්නෙ ලබන මාසෙද, ලබන අවුරුද්දෙද, මේ වගේ තව අවුරුදු 6කින්ද, නැත්නම් අපි ආයෙ හම්බෙන්නෙම නැද්ද කියන්නවත් දන්නෙ නෑ...
මේ වගේ පින්තූරෙකින් මිසක්, ආයෙ මුන් ටික live දකින්න හම්බෙන්නෙ නෑ කියලා හිතලා ඇවිත් යන්න වරෙන්...❤
Event - https://www.facebook.com/share/1MdeFt3Woe/
tickets - https://aliya.lk/products/sajje-2012-oba-batch-party-ticket
Location - https://maps.app.goo.gl/dAGxJhvCUnp9S1P8A
20/03/2025
6 වසරෙ ඉදන් 13 වසර වෙනකන් රසම රස කතා සේරම මතක් කරන්න උබ ආසද?
මාර්තු 29 හවස 2 වෙද්දි Amaya Green එකට වරෙන් - https://maps.app.goo.gl/Ga85pBTPwWyaXLu7A
Science එකේ උනුයි Commerce එකේ උනුයි Art එකේ උන් විතරක් නෙමේ English Medium උනුයි Sinhala Medium උනුයි සේරම එනවා.
Office එකයි අනිත් දේවලුයි පොඩ්ඩක් පැත්තකින් තියලා වරෙන්❤️
හති දාගෙන දුවන ජීවිතේ පොඩි හුස්මක් ගන්න වරෙන්.......
වැඩිය නෙමේ අවුරුද්දටම එකම එක වරුවයි.......
For online tickets - https://aliya.lk/products/sajje-2012-oba-batch-party-ticket
https://www.facebook.com/share/18tk5Gf3HG/
#සාජ්ජේ /Lbatch #හිතමිතුරුසුලග
20/03/2025
6 වසරෙ ඉදන් 13 වසර වෙනකන් රසම රස කතා සේරම මතක් කරන්න උබ ආසද?
මාර්තු 29 හවස 2 වෙද්දි Amaya Green එකට වරෙන්
සයන්ස් එකේ උනුයි කොමස් එකේ උනුයි ආර්ට් එකේ උන් විතරක් නෙමේ ඉන්ග්ලිශ් මීඩියම් උනුයි සින්හල මීඩියම් උනුයි සේරම එනවා
ඔෆිස් එකයි අනිත් දේවලුයි පොඩ්ඩක් පැත්තකින් තියලා වරෙන් ❤️
හති දාගෙන දුවන ජීවිතේ පොඩි හුස්මක් ගන්න වරෙන්.......
වැඩිය නෙමේ අවුරුද්දටම එකම එක වරුවයි.......
#සාජ්ජේ #හිතමිතුරුසුලග
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Gampaha