Bhashana Amarakoon

Bhashana Amarakoon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bhashana Amarakoon, Gampaha.

Give Me Some SunshineGive Me Some RainGive Me Another ChanceI Wanna Grow Up Once Again 🧡
05/09/2022

Give Me Some Sunshine
Give Me Some Rain
Give Me Another Chance
I Wanna Grow Up Once Again 🧡

02/09/2022

උසස්පෙළට අදාළ නැති ගානක්....

27/08/2022
හේමන්තයේදී හැමූ පවන මැද පියඹා යන කෝකිලාවියණි සුභ උපන්දිනයක්!ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය!
23/08/2022

හේමන්තයේදී හැමූ පවන මැද පියඹා යන කෝකිලාවියණි සුභ උපන්දිනයක්!
ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය!

අපරිමිතභාවයට වඩා ශූන්‍යත්වය සෑම විටම අපට සමීපය...0️⃣♾️
17/08/2022

අපරිමිතභාවයට වඩා ශූන්‍යත්වය සෑම විටම අපට සමීපය...0️⃣♾️

මම ඉගෙන ගත්තේ ජපුර කැම්පස් එකේ. Campus වල ඉතින් වෙන සාහිත්‍ය සංස්කෘතික වැඩ ගැන මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නෑනේ. දවසක්...
16/08/2022

මම ඉගෙන ගත්තේ ජපුර කැම්පස් එකේ. Campus වල ඉතින් වෙන සාහිත්‍ය සංස්කෘතික වැඩ ගැන මම අමුතුවෙන් ඔයාලට කියන්න ඕනේ නෑනේ. දවසක් ජපුරට ගෙන්නුවා "ලා කොළ පාට හදවතක්" තියෙන පුද්ගලයෙක්.

ඉතින් හරබර දේශනයක් කරපු ඒ හැන්දෑවේ අන්තිමට කෙල්ලෝ කොල්ලො නැගිටලා ප්‍රශ්න අදහස් ආදරය මේ පුද්ගලයාට ඉදිරිපත් කරනවා තරඟෙට, අන්තිමට නැගිට්ට art faculty එකේ කෙල්ලෙක්. කෙල්ල කතාව පටන් ගත්තා., කතාව ටිකකින් හැඟුම්බර වුනා. ඒ කතාවේ තිබුණේ චෝදනාවක්. ආරාධිතයා විසින් ලියපු පොතක් අතින් අරගෙන කෙල්ල හඬා වැටුණු කඳුළින් කරනවා චෝදනාවක්. මුළු සභාවම තුෂ්නිම්භූතයි. පොතේ තියෙන සිද්ධියක් උපුටා දක්වමින් ඇය කියනවා මෙහෙම,
"අපි අහලා තියෙන්නේ කලාවේ නවනළු රසය ගැන, ඒත් ඔයා, ඔයා මේකේ ගේනවා ඊට එහා ගිය රසයක්. කොහොමද මෙහෙම කුරිරු විදිහට ඔයා ලිව්වේ මේක. මේකෙන් ඔයා බලාපොරොත්තු වුණේ මොකක්ද? පාඨකයා මේ තරම් අසරණ කරන්නේ ඇයි? . මේ පොතේ මේ සිද්ධියේදී ඔයා ගෙන්නේ නවනළු රසයන් ඉක්මවා ගිය සාහසික රසයක්.."
හිතවතුනි, කෙල්ල අඬනවා, mobile phone එකක vibration එක වුණත් ඇහෙන තරමට සභාව නිහඬයි, ආරාධිතයා නිරුත්තරයි.

ඒ කෙල්ල අතේ තිබුණ පොත තමයි කවදා හෝ ලංකාවේ වැඩිම වාර ගණනක් මුද්‍රණය වන පොත වෙන්නේ, වැඩිම පිටපත් ගානක් විකිණුන පොත වෙන්නේ. ඒ පොත මුලින් විකිණුනේ අතින් අතට අරන් යමින් හිතවතුන් අතරේ, අහල පහල ගෙයක් දොරකඩක් ගානේ මිනිසුන් අතරින්, පොත් කඩයක ඉඳහිට වෙන් වුන පොඩි ඉඩකින්. ඒ පොත ලංකාවේ මිනිස්සු පොත පතට නැඹුරු කළා. පොත් සල්පිල් වල වෙනම trending වුණා, පාඨක සමාජයේ වෙනම cult එකක් ඇති කරා. මුලදී මේ පොතට ලංකාවේ හැම පොතකටම අත්වෙන ඉරණම හිමි වුණත් ඒ ප්‍රතික්ෂේප කරපු "වෙළෙන්දන්" හිතුවේ නෑ කිසිලෙසකිනවත් තමන් පොත් රාක්කයේ ඉඩ මදි කියලා ඤුරු ඤුරු ගාන මේ පොතම තමයි තමන්ගේ bookshop එකේ අලෙවි වාර්තා තබන පොත කියලා.

කොහොමින් හරි ඒ පොතට අත්විය යුතු ඉරණම අත්වුණා. ඒ පොත විසින් ලංකාවට අග්‍රගන්‍ය ලේඛකයෙක් බිහිකලා. ඒ ලේඛකයාගේ හදවත් ලා කොළ පාටයි.
කවදා හරි මේ "නොමියෙන නවකතාව" විසින් බිහිකරපු මේ ලේඛකයාගේ නම තමයි සාහිත්‍ය වංශකථාවේ ඉහළින්ම ලියැවෙන්නේ.

කවදා හරි අපේ දරු පරම්පරාවල් අමරණීය කරාවි "ඒ අපූරු වූ සුවඳේ කතන්දරය"
ඒ සුවඳට දැන් අවුරුදු දහයක්...💚

සටහන 🖋️
භාෂණ අමරකෝන්

"ජන ගණ මන" යනු ඉන්දියාවේ ජාතික ගීය වන අතර, 1913 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ කවියෙකු වන රබීන්ද්‍රනාත් ...
16/08/2022

"ජන ගණ මන" යනු ඉන්දියාවේ ජාතික ගීය වන අතර, 1913 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ කවියෙකු වන රබීන්ද්‍රනාත් තාගෝර් විසින් මුලින් බෙංගාලි භාෂාවෙන් රචනා කරන ලදී.
ඡායාරූපය: තාගෝර්ගේ ජන ගණ මන ඉංග්‍රීසි පරිවර්තනය

"Jana Gana Mana" is the national anthem of India, originally composed in Bengali by poet Rabindranath Tagore, who was awarded the Nobel Prize in Literature in 1913.

Pictured: An English translation of Jana Gana Mana by Tagore

ඒකනේ ඒකනේ...
16/08/2022

ඒකනේ ඒකනේ...

05/08/2022

යකඩ කොයි තරම් හයියද, 🤼‍♀️ 💪🏻
ලෝකඩ කොයි තරම් බරද,🥉🇱🇰

Nethmi Ahinsa Poruthotage (18yrs) creates history for Sri Lanka with a bronze medal in wrestling, winning her bronze medal bout against Irene Symeonidis(30 yrs) of Australia. This is Sri Lanka's first medal in wrestling and Nethmi becomes the youngest medallist for Sri Lanka in Commonwealth Games history

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මල්ලව පොර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නෙත්මි අහිංසා සමත් වුවාය.
මෙය ශ්‍රී ලංකාවේ පලමු මල්ලව පොර පදක්කම වන අතර නෙත්මි ශ්‍රී ලංකා පොදු රද මඩුළු ක්‍රීඩා ඉතිහාසයේ ලාබාලතම පදක්කම් ලාභියා බවට පත් වීම විශේෂත්වයකි.

05/08/2022

දැඩි විනාශකාරී යැයි අප සිතන සමහර දේවල්
බලන කෝණය වෙනස් කළොත්, වඩා සුන්දර ලෙස අපට දකින්නට පුළුවන්..

රටක ඇස් තෙත් කරන යකඩ හීන...🇱🇰🥹🥈🥉Yupun wins a Bronze medal in100m Finals!Palitha wins a silver medal in Men's Discus Thro...
04/08/2022

රටක ඇස් තෙත් කරන යකඩ හීන...🇱🇰🥹🥈🥉

Yupun wins a Bronze medal in100m Finals!
Palitha wins a silver medal in Men's Discus Throw F42-44/61-64 Finals!

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Bhashana Amarakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bhashana Amarakoon:

Shortcuts

Share