30/06/2019
අපි T බද්ධය කරමු - T budding
රෝස මල් වගාවට වගේම ලංකාවේ බොහෝ අවස්ථාවක ප්‍රචලිත බද්ධ ක්‍රමයක් තමයි T බද්දය කියන්නේ. T බද්දය කියලා ඒක නම් කරන්න හේතුව ඒ කැපුම සිදුකරන නිසයි. ලොව පුරා බද්ද ක්‍රම 116ක් පමණ තියෙනවා. එයින් ප්‍රචලිතම බද්දයක් තමයි T බද්දය. හැබැයි මේක කරන හැටි හුගදෙනක් දන්නේ නෑ . මේ ඒ සදහා දැනුවත් කිරීමට ගන්නා පුංචි උත්සහයක් පමණයි. අපි මොනවා පැහැදිලි කලත් මේ බද්දය තමන් විසින් කරලා බල්ලා පුරුදු වෙන්න ඕනේ. ප්‍රායෝගිකව කරලා බලලා හොදින් ඉගෙනගන්න.
අපි බද්ධ කරන්නයි යන්නෙ.
1.ඉස්සල්ලම ඔබට අවශ්‍යය ගස් දෙක තොරගන්න.
සාමාන්‍යයෙන් අපි කරන්නෙ වටිනාකමෙන් අඩු පහසුවෙන් හැදෙන දුක් විඳින්න පුළුවන් ඔරොත්තු දෙන ගහකට වටින ගහක් බද්ධ කරන එක.
එහෙම වෙන ගහකින් කොටසක් බද්ධ කරන ගහ ග්‍රාහකය,
2.එතකොට එහෙම වෙන ගහකින් ගන්න කෑල්ල අනුජය.
ග්‍රාහකය කියන ගහ තමා පොළවෙන් පෝෂණය ගන්නෙ.
මේ වැඩේට නම් අපි ග්‍රාහකයට ගන්න ගහ වගේම අනුජය ගන්න ගහත් පොතු ගලවන්න පුළුවන් මට්ටමට වැඩිල තියෙන්න ඕන.
ඊට පස්සෙ අපිට ඕන වෙනවා හොඳට කැපෙන පිහියක් වගේ එකක්,
බද්ධ පිහි කියල ජාතියක් තියනවා,
ඒත් ඉතින් මට හම්බුන ඒවා හරි නෑ,
ඒ නිසා මම පාවිච්චි කරන්නෙ පේපර් කටර් තමා,
ඒත් මීට වඩා ලොකු පේපර් කටර් එකක් පාවිච්චි කරනව නම් හොඳයි.
3. අපි කරන්න යන්නෙ T බද්ධය, මේක හරිම පහසු එකක්.
ඉස්සල්ලම අනුජයට සුදුසු අංකුරයක් කපා ගන්න,
මේකට හොඳ ඉබේම කොලයක් වැටිල හැදුන ටිකක් උඩට ඉස්සුන එකක්.
ඊට පස්සෙ පුළුවන් ඒ අංකුරේට උඩිනුයි යට්නුයි වටේටම තිරස් කැපුමක් යොදල ඊට පස්සෙ පිටි පස්සෙන් සිරස් කැපුමක් යොදල අංකුරේ ගලවන්න.
එහෙමත් නැත්තං මෙහෙම ලීයත් එක්ක කෑල්ලක් කපල අංකුරේ සහිත පොත්ත ගලවන්න.
උඩ කියපු විදිහට ගලවපු එකේ වැඩි ටික දෙපැත්තෙන් කපන්න.
ක්‍රම දෙකේම කපන කැපුම් තලන්නෙ නැතුව කපන්න.
උඩ ක්‍රමේදි කැපුම් ටික තදින් දාන්න ලීයේ වදිනකම්ම පිහි තලේ,
ඒ වගේම පොත්ත ගලවනකොට පරිස්සම් වෙන්න පොත්තේ ඇතුල් පැත්ත හම ගහගන්නෙ නැති වෙන්න ගලවන්න.
මේකට පිහි තුඩ යොදා ගන්න.
මම කැමති උඩ ක්‍රමේට මොකද එතකොට අංකුරේට ඈතින් පොත්ත ගැලවෙන නිසා පහසුවෙන් ගලවන්න පුළුවන් අංකුරේට හානි නොවී,
එතකොට මුල හරිය පිහියෙන් උස්සල ඉතුරු ටික ඇඟිලි තුඩු වලින් ගලවන්න පුළුවන්.
පොත්ත ගැලෙව්වම පෙනෙයි ඇතුල් පැත්ත දිළිසෙන ගතියක්.
4. ඊට පස්සෙ ග්‍රාහකයට යමු,
ග්‍රාහකයෙත් අර කීවා වගේ පොත්ත ලේසියෙන් ගලවන්න ලේසි වෙන්න ලීය වදිනකං පිහි තලේ තද කරන්න.
ඊට පස්සෙ තුඩෙන් පොතු කෑලි දෙක ඈත් කරල අපි හදා ගත්තු අනුජය එතෙන්ට දාන්න.
5. ඊට පස්සෙ ඒක හරියට හදන්න ඇතුල් පැත්ත ලීයෙ ගෑවෙන්න සහ යට දාරය ග්‍රාහකයේ පොත්ත එක්ක මැනවින් සම්බන්ධ වෙන විදිහට,
එතකොට තමා ග්‍රාහකයෙන් කෑම බීම යන බට ලයින් ටික අපි බද්ධ කරපු පොත් කෑල්ලෙ බට ලයින් එකට සම්බන්ධ වෙලා ඒක රැකෙන්නෙ.
6. ඊට පස්සෙ සෙන්ටිමීටරයක් විතර මහත පොලිතින් පටියක් කපල අරන් යට ඉඳන් උඩට ඔතන්න.
මේකට ෆොටෝ ගන්න බැරි වුනා නෙට් එකෙන් අරන් දානවා.
මේකට නැට්ට ඕනම නෑ හොඳද, නැට්ට නැති අංකුරේක නම් අංකුරේ වැහෙන්නම ඔතන්න,
ඒකතැන ගොඩක් ඔතන්න එපා,
හරියට එක පොටක් ඔතන්න.
7. තව හැකි ඉක්මනින් මේ වැඩ ටික කරන්න අත කපා ගන්නෙ නැතුව,
නැත්තං අනුජය වේලිලා වැඩේ අසාර්ථක වෙනවා.
අතු කෑල්ල පිටින් තෙත බෑග් එක්ක දාගෙන දුර ඉඳන් ගෙනල්ල වුනත් බද්ධ කරන්න පුළුවන්,
තව ඕන්නම් මේ අනුජය වේලෙන එකෙන් වලක්වන්න කටේ දාගන්නත් පුළුවන්.
මේ වගේම H බද්ධය ( budding ) සහ මේ T අකුර අනික් පැත්ත ගහල කරන බද්ධයත් කරගන්න පුළුවන්, තව ක්‍රම තියනව,
හොයල බලන්න. H එකට දෙපැත්තෙන්ම පොත්ත පෑහෙන විදිහට H අකුරෙ උසට සමාන අනුජයක් ගන්න.
හරි ලේසියි. මේ තමා අංකුර බද්ධ වල ලේසිම එක.
මේකෙදි ග්‍රාහකයෙ ගොඩක් උඩින් බද්ධ කරන්න එපා.
ඒ වගේම බද්ධ කරල සති දෙකක් යනකන් ඔතපු පටි ගලවන්නත් එපා.
ඒවා ඔතනඔට හොඳට ඔතන්න වතුර යන්නෙ නැති වෙන්න සහ වියලීමෙන් ආරක්ෂා කරගන්න.
සති දෙකකින් බලනකොට අනුජය පණ පිටින් නම් වැඩේ හරි.
තව ටිකක් බලන්න ඊට පස්සෙ ටික දවසකින් ඒක දල්ලක් දාන්න යනව නම් වැඩේ සාර්ථකයි.
එතකොට ග්‍රාහකයේ බද්ධයට සෙන්ටි මීටර් පහක් විතර උඩින් කඳ කපල දාන්න.
ඊටත් පස්සෙ ග්‍රාහකයේ අංකුර නැගල එනවනම් කඩල දාන්න,
නැත්තං අපි බද්ධ කරපු එක හරියන්නෙ නෑ,
ගහ උපරිම උත්සාහය දාල තමන්ගෙ අංකුර ටික හදා ගන්නවා.
අන්තිමේට මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා,
24/06/2019
20/06/2019
31/05/2019
26/05/2019
14/04/2019
27/03/2019
20/03/2019
11/03/2019
05/03/2019
26/02/2019