Sri nandarama daham pasala

Sri nandarama daham pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri nandarama daham pasala, Education, Gampaha.

සිප්මග අධ්‍යාපන ආයතනය -  මෝදර
08/12/2023

සිප්මග අධ්‍යාපන ආයතනය - මෝදර

30/11/2023
දැනට වාර්තා උෟ ප්‍රතිඵල වැඩිම ලකුණු 190
17/11/2023

දැනට වාර්තා උෟ ප්‍රතිඵල
වැඩිම ලකුණු 190

24/07/2016

Niwan suwa ath wewa!

warsika adyapana charikawa
16/02/2016

warsika adyapana charikawa

18/12/2015
22/09/2015
20/09/2015
20/09/2015

“මෙලොව හෝ සෙසු ලොවක හෝ යම්කිසි අගනා වස්තුවක් ඇද්ද, ස්වර්ගය වශයෙන් ගැනෙන ලෝකයන්හි යම්කිසි අගනා රත්නයක් ඇද්ද ඒ කිසිවක් බුද්ධ රත්නය හා සමාන නොවේමය. බුද්ධ රත්නය උතුම්ම රත්නයයි. මේ සත්‍ය හේතු කොට ගෙන සියලු සත්වයන් සුවපත්වේවා!

"යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සගේගසු වා යං රතනං පණීතං
නනො සමං අත්ථි තථාගතෙන
ඉධම්පි බුදෙධ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු"

බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම් අවබෝධයක් ද? තථාගතයන් වහන්සේම “සෙල” නම් බමුණාට වදාළ අයුරින් දතයුතු සියල්ලම (තථාගතයන් වහන්සේ විසින්) වෙසෙසින් දක්නා ලදිමි. (අභිඤෙඤයං අභිඤඤතං) වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. (භාවෙතබ්බං ච භාවිතං) හල යුතු සියල්ල හලෙමි. (පහාතබ්බං පහීනමෙම) එහෙයින් මම බුද්ධ නම් වෙමි. (තස්මා බුදෙධාස්මි බ්‍රාහ්මණ)

දුක්ඛ, සමුදය, නිරොධ, මාර්ග ආදී ආය¸ සත්‍ය, ස්කන්ධ, ආයතන, ධාතු, බෝධිපාක්‍ෂික ධර්ම, පටිච්ච සමුප්පාද අංග ආදි ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම් වද, සත්ව ලෝකය පිළිබඳ වූ උත්පාද, ඨිති, භංගා දී විග්‍රහයන් හේතු ඵලවාදී විචාරක්‍ෂියෙන් දත් හෙයින් ද සම්මා සම්බුද්ධ නම් වන සේකැයි අට්ඨකතාචාරීහු පෙන්වා දෙති.

බුද්ධරත්නය යනුවෙන් සලකන විට අතීත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වැඩ සිටියාහුද අපගේ ස්වාමී වු ගෞතම නම් බුදුන්වහන්සේ ද අනාගත කාලීන වූ යම් බුදු කෙනෙකුන් වහන්සේ වෙත්ද කාලත්‍රයවර්තී සියලු දෙනා වහන්සේම ඊට ඇතුලත් වෙති. එහි සියලු බුදුවරයන් වහන්සේම බුද්ධරත්නය සතු අනර්ඝ වූ ලක්‍ෂණ සමුදායෙන් සෝභමානය.

සම්මා සම්බුද්ධත්වය යනු කවරේදැයි තථාගතයන් වහන්සේ සතු මහා ප්‍රඥාවෙන් අවබෝධ කට යුතුයි. ත්‍රිපිටකාගත සූත්‍රයන්හි අසදෘෂ්‍ය වූ සම්බුද්ධඥානය විවිධාකාර ප්‍රභේදයන්ගෙන් විවරණය වී ඇත. සම්මා සම්බුද්ධත්වයෙහි අසිරිය කාරකාරාම සුත්‍රයෙන් “සබ්බඤ්ඤු භූමි, ඛීණාසව භූමි, සච්ච භූමි, සඤ්ඤාත භූමි, තාදි භූමි “ යනුවෙන් ප්‍රධාන කොටස් පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ. එය ගැඹුරින් අධ්‍යයනය කිරීම සම්මා සම්බුද්ධත්වයෙහි විශිෂ්ටත්වය අවබෝධ කර ගැනීමට මහෝපකාරී වේ.

සම්බුද්ධත්වය අති ගාම්භීර ඤාණ සම්පත්තියකින් සමූපලක්‍ෂිතය. සම්බුද්ධත්වය කරා පියවරින් පියවර ආධ්‍යාත්ම සංවර්ධන කාර්යෙහිලා බෝධිසත්වයන් වහන්සේ ප්‍රොත්සාහිවූ අයුරු වටහා ගැනීම මෙහිලා ඉතා වැදගත් වන්නේය. බෝමැඩ කරා වැඩම කොට අපරාජිතපර්ය්‍යංකයෙන් වැඩ හිඳ මාර පරාජයන් අනතුරුව අනාපානසති භාවනා ‘භ්‍යාසයෙන් චතුර්ථ ධ්‍යානයට එළඹ සිත ඉන් ඉවත්කොට අනේක සංඛ්‍යාත අතීත ආත්ම භාවයන් තත්වාකාරයෙන් දකිමින් පුබ්බේනිවාසානුස්සති ඤාණ ප්‍රතිලාභ කොට ගත්හ.

අතීත විවිධ ආත්මයන්හි උපන් තැන්, ලැබූ නම ගොත්, විඳින ලද සුව දුක් පැහැදිළි ලෙස දකිමින් අතීතය වසාලන මෝහන්ධකාරය දුරු කිරීමට සමත් වූහ. අනතුරුව සත්වයින්ගේ උත්පත්තිය, පැවැත්ම හා මරණයද සුගති හා දුගති සංඛ්‍යාත භවයද, කුසලාකුසල කර්ම විභාගාදියද දකිමින් ඤාණ “ සහ චුතුපපාත ඤාණ උපදවා ගත්හ. ඉන් අනතුරුව කෙලෙසුන් සිඳලීමේ සසර බැමි ලිහා දැමීමේ මග කෙරෙහි සිත් යොමු කළෝ සතර මඟ, සතර ඵල පිළිවෙලින් සර්වඥ ඤාණ සම්පත්ති ප්‍රතිලාභී වූහ. එය වනාහි යථාභූත ඤාණ දස්සන අවබෝධයයි. ඒ වනාහි,

චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි යනුවෙන් හැඳින්වෙන එම ඤාණ සම්පත්තිය සාධාරණ ඥාණ අටකින්ද, අසාධාරණ ඤාණ හයකින්ද ප්‍රභේදගත වේ.

බුද්ධත්වය හා බැඳි පවත්නා මෙම ඤාණ විභාගයෙහි රහත් බව අවබෝධ කරගත හැක්කේ ඉතා සියුම්ව හා විචාරක්‍ෂියෙන් යුතුව විමසා බැලීමෙනි. න්‍යාය, වෛශේෂිත, සංඛ්‍ය, වේදාන්ත, යෝග, පූර්ව විමංසා, උත්තර විමංසා, ෂඩ් දර්ශන, උපනිෂද් ආදි ඉගැන්වීම් මගින් ඉදිරිපත් කෙරෙන ඉන්දීය දර්ශන සම්ප්‍රදාය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තුලනාත්මකව විමසා බැලීමෙනි. භාරතීය දර්ශනය මගින් ඉදිරිපත් කළ අධ්‍යාත්ම සංවර්ධන ක්‍රියාවලිය හා විග්‍රහය අවබෝධ කොටගත හැක්කේ විචාරශීලි පරිපූර්ණ මනසක් ඇති ප්‍රතිපත්ති ගරුක, සත්පුරුෂ සාධූන්ට පමණි. බුද්ධිගෝචර බවින් සැබවින්ම ඈත්වු දේව නිර්මාණවාදි යදමින් බැඳුනු ආගමික නායකයින්ට එය කෙසේවත් කළ නොහැකිය.

සර්වඥතාඤාණය පාදක වී පවත්නා දාර්ශනික පදනම හේතුඵලවාදය නම් වේ.

එය අචින්ත්‍ය වූ ජගන් මණ්ඩලය සංස්ලේෂණ හා විශ්ලේශන වශයෙන් විමර්ශනයට භාජන කළ හැකි වූද, යථාර්ථාවබෝධයට මාර්ගෝපදේශකත්වය ලබා දෙන්නා වූද පරම සත්‍ය වූ දාර්ශනික පදනම ලෙස හඳුන්වා දිය හැකිය.

බුද්ධරත්නය අසම සම ගුණ සමුදායෙන්ද උපසොභිතය, ඒ බුදුගුණ සිත් සතන් හි රඳවා ගෙන නැවත නැවත සිහි කිරීම “බුද්ධානුස්මෘති” නම් වේ. “අනුස්සති” යන්නෙහි අර්ථය නැවත නැවත උපදවන යහපත් සිහිය යන්නයි. ඒ වනාහි සිහිය පැවැත්විය යුතු තැනම නැවත නැවත පිහිටුවීමකි.

බුදුරුවන කෙරෙහි සුදුසු ආකාරයෙන් නැවත නැවත සිහිය පිහිටුවීමයි. බුදුගුණය සපුරා දත හැක්කේ බුදුවරයන් වහන්සේටම පමණි. එහෙත් මහරහත් උතුමන්ද මාර්ග ඵලාවතීර්ණ වූවෝද පෘථග්ජන එහෙත් නුවණැතියෝද තම තමන්ගේ නැණ පමණින් බුදු ගුණ හඳුනා ගනිති. අනතුරුව නැවත නැවත මෙනෙහි කරති. එහෙයින්ම බුද්ධ, ධම්ම, සංඝ සංඛ්‍යාත රත්නත්‍රය සරණ යති.

තෙරුවන් සරණයි!

නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනු නා හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

කතුවරයා නොදනිමි අරුත විශ්මිතයි
11/09/2015

කතුවරයා නොදනිමි
අරුත විශ්මිතයි

Address

Gampaha

Telephone

0333338274

Website

Alerts

Be the first to know and let us send you an email when Sri nandarama daham pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category