Bandaranayake College

Bandaranayake College

Share

Bandaranayake College Gampaha was founded in September 1918. It is considered to be the leading Public School in Gampaha

Bandaranayake College is a boys secondary school as well as the foremost college in Gampaha district.

13/01/2025

සුවහසක් නායක පුතුන්ගේ අනාගතය ගොඩනැගීමට වසර ගණනක් මුළුල්ලේ කැපවුණු, විද්‍යාලයීය ආදි විදුහල්පති, පූජ්‍ය ලබුතලේ සුදස්සන හිමියන් අමාමහ නිවනින් සැනසේවා..! 🏳️

🏳️

19/10/2021

🔴විදුහල්පති නිවේදනය🔴

💉පාසල් මට්ටමින් Pfizer එන්නත ලබාදීම.💉
(2020/2021 අපොස උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන් සඳහා)

🔴පහත් දක්වන කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න🔴

1. ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වේ.
2 . පහත දක්වා ඇති වගු අනුව නියමිත දින තම පoතියට හිමි වේලාවටම පැමිණිය යුතුය.
3. පාසල් නිල ඇඳුමින් හෝ පාසල් නිල ලාංඡනය සහිත ඇඳුමකින් සහ කළු කලිසමකින් සැරසී පැමිණිය යුතුය.
4. තමන්ට දී ඇති දිනය හා වේලාව හැරුණුකොට වෙනත් වෙලාවක පැමිණීමෙන් වළකින්න.
5. 2001 පෙබරවාරි 01 සිට 2003 ජනවාරි 31 දක්වා උපන්දින යෙදෙන සිසුන් පමණක් එන්නත්කරණ වැඩසටහනට සහභාගි වන්න.

එන්නත් කිරීමේ කාලසටහන පහත සබැඳියෙන් ලබාගන්න...

📌https://drive.google.com/file/d/1a4eKtnfC75RvVFDfQUSuBudH8vHf-b0b/view?usp=drivesdk

විදුහල්පති,
බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ.

10/05/2021

Congratulations!!❤️

12/10/2020
19/08/2020

2019-2020 ශිෂ්‍ය නායක මණ්ඩලයට අපගේ සුභාසිංශන

09/08/2020

Congratulations our brother Hashen Dulanjana ❤️💙
The voice teen Sri Lanka



30/04/2020

Congratulation for all the students who
scored best marks for G.C.E. O/L exam 2019
-------------------------------------------
We need photographs of students who has scored 9As, 8As and
7As for G.C.E. O/L exam 2019.
So we kindly request to the students who scored as above results to send their smart individual photograph dressed in school uniform including the tie to us through:
[email protected]
Please submit your photographs with following details :
- Name
- Class
- Index Number
- Results (eg: 9A)
- Contact Number
The student must be neat and tidy.
*Please share this message to who has participated to G.C.E. O/L exam 2019.
-School Authority-

29/04/2020

අප විද්‍යාලීය තාක්ෂණ අංශයේ 12 ශ්‍රේණියේ ඉගනුම ලැබූ අකිල චමෝද් සොයුරා හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
සොයුර නුබට නිවන් සුව!!
මතු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!

28/04/2020

මෙවර අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 417ක් අතරින් A9 සාමාර්ථ 169ක් ද, A8 B1 සාමාර්ථ 77ක් ද ලබා ගැනීමට සමත්ව ඇති අතර සිසුන් සියලුම දෙනාම සියලුම විෂයන් සමත්ව ඇති බව සතුටින් යුතුව දැනුම් දෙමු.

We are happy to announce that out of all 417 students who faced the G.C.E. O/L examination from the school, 169 students have achieved 9As, 77 students have achieved 8As 1B while all students have passed all the subjects. We thank the principal, the staff, the parents and all the students for their tremendous efforts behind this success.

10/04/2020

6 - 9 ශ්‍රේණිවල සියලුම සිසුන් වෙත,

නිවාඩු කාලය අර්ථවත්ව ගත කිරීම සඳහා පහත දැක්වෙන පැවරුම් වල නියැලෙමින් මව්බිම උන්නතිය උදෙසා කටයුතු කරන ලෙස දැනුම් දෙමි.

1.සියලුම සිසුන් ගෙවතු වගාවේ නිරත විය යුතු අතර කෙටි කාලීන බෝග වගාව මඟින් ස්වයංපෝෂිත ගෙවත්තක් නිර්මාණයට දායක විය යුතුය.
ඊට අදාළ කටයුතු ඡායාරූප ගතකර පැවරුමක් සකස් කළ යුතු අතර එම පැවරුම සඳහා ප්‍රා.තා.කු. විෂයට අදාලව ලකුණු 25ක් ලබා දේ.

2.එමෙන්ම හරිත ගහනය ඉහළ දැමීම සඳහා ඵලදාව ලබාගත හැකි කොස්,දෙල් වැනි ශාක ද රෝපණය කල යුතු අතර එම පැළ වර්ධනය පිළිබඳ වාර්තා සටහන් තබාගත යුතුය.

ජාතික ව්‍යසනයක් පවතින මෙම අවස්ථාවේ ජාතියේ අනාගත අභිවෘද්ධිය උදෙසා නායක පුතුන් ලෙස සෑම විටම තමාගේ මව්බිම වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට කටයුතු කරන්න.

විදුහල්පතිතුමා,
බණ්ඩාරනායක විද්‍යාලය - ගම්පහ.

To all the Grade 6-9 students,

Engage in the following assignments to work towards the upliftment of the country and in order to use the holidays meaningfully.

1. All students must engage in gardening while contributing to create a self sufficient home-garden with short term crop cultivation. A project report should be made with images of the related activities, 25 marks will be given to the P.T.S. subject for completing this assignment.

2. Help reforestation by planting trees such as Jackfruit which also gives other benefits while maintaining a record book related to those plants' development.

It is the responsibility of all nayakens to fulfill their responsibilities to their motherland for the future well-being of the nation during this natural disaster.

Principal,
Bandaranayake College - Gampaha

03/04/2020

බණ්ඩාරනායක විද්‍යාලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් වෙත,

පහත දැක්වෙන කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කර අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස කරුණාවෙන් දැනුම් දෙමු .

1.දෙවන වාරයට අදාළ පාඩම් කටයුතු වාර සටහනේ දින අනුපිළිවෙළින් සකස් කර තමන්ගේ පන්ති වලට අදාළ විෂයය කොටස් අංශ ප්‍රධානීන්ට ලැබෙන්නට සලස්වන්න.

2.එම විෂය කොටස් පටිගත කර හෝ මුද්‍රිත පිටපත් වශයෙන් අදාළ ශ්‍රේණිවල ශ්‍රේණි ප්‍රධානීන් වෙත whatsapp කළ යුතු වේ.

3.සියලුම පන්ති භාර ගුරුවරු මෙතෙක් තම පන්තියේ whatsapp group සඳහා සම්බන්ධ වී නැති සිසුන් සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරගන්නා ලෙස දැනුම් දෙමි.

4.අහඹු වශයෙන් දුරකථනයෙන් සිසුන් අමතා එම කටයුතු වල සාර්ථකත්වය තක්සේරු කර ගන්නා ලෙස තව දුරටත් දැනුම් දෙමි.

ජාතික ව්‍යවසනයක් පවතින මෙම මොහොතේ දැයේ දරුවන් ලෙස බණ්ඩාරනායක විද්‍යාලයේ නායකවරුන්ගේ අධ්‍යාපන සාධනය වෙනුවෙන් ඔබ ගන්නා මෙම වෑයම ගෞරවයෙන් අගය කරමි.

විදුහල්පතිතුමා
බණ්ඩාරනායක විද්‍යාලය - ගම්පහ.

Want your school to be the top-listed School/college in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Gampaha