Isuru Gunasekara - Automobile

Isuru Gunasekara - Automobile Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isuru Gunasekara - Automobile, Educational consultant, Gampaha.
(2)

✅ 𝗜𝘀𝘂𝗿𝘂 𝗚𝘂𝗻𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 𝗔𝘂𝘁𝗼𝗺𝗼𝗯𝗶𝗹𝗲
ලංකාවේ කොහේ ඔටෝමොබයිල් ඉගෙනගත්තත් අවසානේ ඔයා සම්බන්ධ වෙන්න ඕනි තැන....

✅ Isuru Gunasekara (ජපන් ටෙක් කොල්ලෙක්)

🌐 info > www.ttes.lk 📊 LMS > portal.ttes.lk

🎖️ 𝗢𝘂𝗿 𝗳𝗶𝗿𝘀𝘁 𝗲𝘃𝗲𝗿 𝗘𝗙𝗜 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝗮𝗹 𝗖𝗹𝗮𝘀𝘀 𝗶𝗻 𝗞𝗮𝗱𝗮𝘄𝗮𝘁𝗵𝗮 𝗼𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹𝗹𝘆 𝘀𝘁𝗮𝗿𝘁𝗲𝗱 𝗮𝘁 𝗧𝗲𝗰𝗵𝗻𝗶𝗰𝗮𝗹 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 & 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝗰𝗵𝗼𝗼𝗹 - 𝗧𝗧𝗘𝗦 ✨🌟 ...
21/09/2026

🎖️ 𝗢𝘂𝗿 𝗳𝗶𝗿𝘀𝘁 𝗲𝘃𝗲𝗿 𝗘𝗙𝗜 𝗣𝗵𝘆𝘀𝗶𝗰𝗮𝗹 𝗖𝗹𝗮𝘀𝘀 𝗶𝗻 𝗞𝗮𝗱𝗮𝘄𝗮𝘁𝗵𝗮 𝗼𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹𝗹𝘆 𝘀𝘁𝗮𝗿𝘁𝗲𝗱 𝗮𝘁 𝗧𝗲𝗰𝗵𝗻𝗶𝗰𝗮𝗹 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 & 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝗰𝗵𝗼𝗼𝗹 - 𝗧𝗧𝗘𝗦 ✨

🌟 𝗛𝗲𝗿𝗲 𝗮𝗿𝗲 𝗮 𝗳𝗲𝘄 𝗺𝗼𝗺𝗲𝗻𝘁𝘀 𝗳𝗿𝗼𝗺 𝗗𝗮𝘆 01, 𝗰𝗼𝗺𝗯𝗶𝗻𝗶𝗻𝗴 𝘁𝗲𝗰𝗵𝗻𝗶𝗰𝗮𝗹 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘄𝗶𝘁𝗵 𝗵𝗮𝗻𝗱𝘀 𝗼𝗻 𝗮𝘂𝘁𝗼𝗺𝗼𝘁𝗶𝘃𝗲 𝘁𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 🛠️

ʟᴇᴀʀɴ | ᴅɪᴀɢɴᴏsᴇ | ʙᴜɪʟᴅ ʀᴇᴀʟ sᴋɪʟʟs
゚

14/09/2026

ඕනෑම පාරක, ඕනෑම කාලගුණ තත්වයකයක යන ඔබේ වාහනයට Legendary Shine එකක් ලබාදෙන 𝐖ü𝐫𝐭𝐡 𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦 𝐂𝐚𝐫𝐧𝐚𝐮𝐛𝐚 𝐖𝐚𝐱 𝐋𝐞𝐠𝐞𝐧𝐝𝐚𝐫𝐲 කියන්නේ ඕනෑම පරිසරයකදී පවා වාහනයේ Paint එක ආරක්ෂා කරමින් Deep Mirror Shine එකක් ලබාදෙන Protection Shield එකක්.

Scanning, Diagnosis සහ හයිබ්‍රිඩ් සඳහා ආරම්භය මෙතනින්. 📝
14/09/2026

Scanning, Diagnosis සහ හයිබ්‍රිඩ් සඳහා ආරම්භය මෙතනින්. 📝

⚡ Vehicle Electrical Technology එක practically ඉගෙනගන්න සූදානම්ද?

TTES Automobile Electrical Physical Course අලුත් batch එක October 03 සිට Kadawatha දී ආරම්භ වෙනවා.

මේ Programme එකෙන් Electrical Basics සිට Wiring Diagrams, Starting, Charging, Lighting, Ignition සහ basic fault diagnosis දක්වා step by step ඉගෙනගන්න පුළුවන්...

🎓 Beginners, school leavers සහ දැනට automobile field එකේ වැඩ කරන අයට සම්බන්ධ වෙන්න පුළුවන්.
📅 Starts - 03 October 2026
📍 TTES - Kadawatha
📲 077 676 5958

වසර දෙකක Automobile Electrical පාඨමාලාව NVQ Level 4
14/09/2026

වසර දෙකක Automobile Electrical පාඨමාලාව
NVQ Level 4

School එකෙන් පස්සේ ලැබෙන පළවෙනි job එක ගැන විතරක් හිතන්න එපා. අවුරුදු ගණනක් grow වෙන්න පුළුවන් skilled career එකක් ගැන හිතන්න.
Automobile Electrical Technician කෙනෙක් විදියට career එක පටන්ගෙන, experience සහ continuous learning එක්ක ඔබට ඉදිරියට යන්න පුළුවන් pathways ගොඩක් තියෙනවා.
🔧 Technician / Senior Technician
👨‍💼 Workshop Supervisor / Manager
🎓 Instructor / Technical Trainer
🏢 Dealership හෝ Vehicle Manufacturer
🚘 Own Workshop / Business Owner
🌍 Overseas Automotive Career

Parentsලාට වැදගත් වෙන්නේ දරුවාට job එකක් විතරක් ලබාදීම නෙවෙයි—direction එකක්, discipline එකක්, recognized skill pathway එකක් සහ long-term growth එකක් ලබාදීමයි.

📅 TTES January 2027 Intake
📍 Kadawatha | Full-Time | Age 16–24
📲 077 676 5958

❛❛ මේ Comment එක කියන්නේ වසර ගණනාවක් මේ වෙනුවෙන් කරපු කැපකිරීම්වල ප්‍රතිඵලයක්. ❤️   ❜❜៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐Facebook ...
14/09/2026

❛❛ මේ Comment එක කියන්නේ වසර ගණනාවක් මේ වෙනුවෙන් කරපු කැපකිරීම්වල ප්‍රතිඵලයක්. ❤️ ❜❜
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐

Facebook එකට ආව ගමන් උදේම දැකපු කමෙන්ට් එක අද.
මම හැමදාම උත්සාහ කළේ විෂයයක් උගන්වනවාට වඩා, වෘත්තියට ගැළපෙන මනුස්සයෙක් හදන්න.

අද දෙමාපියෙකුගෙන් ලැබුණු මේ Comment එක දැක්කම, වසර ගණනාවක් ඒ වෙනුවෙන් කරපු කැපකිරීම්වල පුංචි ප්‍රතිඵලයක් මට දැනුණා. ❤️

ගුරුවරයෙකුට මීට වඩා සතුටක් තවත් මොනවද… 🙏

❛❛ මම සතියේ දවස්වලත් ටෙක් එකේ ඉන්න නිසා, දවසක් මිස් මාව හොයාගෙන මගේ පන්තියටම ඇවිත්,“ඔයා මේක ඉල්ලුවා නේද?❜❜៚━━━━━━━━ • ❂ ...
14/09/2026

❛❛ මම සතියේ දවස්වලත් ටෙක් එකේ ඉන්න නිසා, දවසක් මිස් මාව හොයාගෙන මගේ පන්තියටම ඇවිත්,
“ඔයා මේක ඉල්ලුවා නේද?❜❜
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐

2016 අවුරුද්දේ මම වායුසමීකරණ ශිල්පීය පාඨමාලාව කරනවා ජපන් ටෙක් එකේ.
ඒ කාලේ ඉගෙනගන්නකොට මගේ ගුරුවරුන්ගෙන් ලැබුණු දැනුමත් එක්ක මට තේරුණ දෙයක් තමයි, වාහන ගැන හරියට ඉගෙනගන්න නම් Automobile Electrical System එක ගැනත් ඉගෙනගන්න ඕනේ කියන එක.

ඒ වෙලාවේ තවත් ඉලෙක්ට්‍රිකල් Full-Time Course එකක් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා මම ජපන් ටෙක් එකේම තිබුණු මාස තුනක වගේ Part-Time Automobile Electrical Course එකකට සම්බන්ධ වුණා.

ඇත්තටම ඒ Course එක මගේ ජීවිතේ ලොකු වෙනසක් කළා. වාහනයක විදුලි පද්ධතිය ගැන ඉගෙනගත්තට පස්සේ තවත් දේවල් හොයන්න, ප්‍රශ්න කරන්න, තේරුම්ගන්න මට ලොකු උනන්දුවක් ආවා.

ඒ කාලේ මට හම්බුණු ගුරුවරියක් තමයි සාගරි මිස්. ❤️
අද මිස්ගේ Photo එක දැක්කම මට ඒ කාලේ එකපාරටම මතක් වුණා.

මම මිස්ගෙන් සෑහෙන්න ප්‍රශ්න අහපු Student කෙනෙක්. මිස් කියලා දෙන සමහර දේවල් ගැන ආයෙත් මිස් එක්ක සාකච්ඡා කරනවා. Google එකෙන් හොයාගත්ත දෙයක් තිබුණත්, “මිස්, මෙහෙමත් කියනවානේ… මේක කොහොමද?” කියලා ආයෙත් අහනවා.

ඒ අතරින් අදටත් මට හොඳට මතක එක සිදුවීමක් තියෙනවා.
මම Vehicle Lighting ගැන ඉගෙනගන්න කාලේ මිස්ගෙන් Diagram එකක් ඉල්ලුවා. ඒ වෙලාවේ මිස් ළඟ මට දෙන්න Print එකක් තිබුණේ නැහැ.

මම සතියේ දවස්වලත් ටෙක් එකේ ඉන්න නිසා, දවසක් මිස් මාව හොයාගෙන මගේ පන්තියටම ඇවිත්,
“ඔයා මේක ඉල්ලුවා නේද?”

කියලා ඒ Diagram එක මගේ අතට දීලා ගියා.
ඒක පොඩි දෙයක් වගේ පේන්න පුළුවන්. හැබැයි අද මම මේ විෂය තවත් කෙනෙකුට උගන්වන හැම වෙලාවකම වගේ ඒ සිදුවීම මට මතක් වෙනවා. අදටත් ඒ කොළ ටික මගේ ගාව තියෙනවා.

Student කෙනෙක් ඉගෙනගන්න ආසාවෙන් දෙයක් ඉල්ලුවම, ඒක අමතක නොකර හොයාගෙන ඇවිත් අතටම දීලා යන ගුරුවරියක්… ඒක මට එදාට වඩා අද හොඳට තේරෙනවා. ❤️

අපි අද දන්න දේවල් පිටිපස්සේ අපිට නොදන්න දේ කියලා දීපු, ප්‍රශ්න අහද්දි උත්තර දීපු, සමහර වෙලාවට අපිව නිවැරදි කරපු ගුරුවරු ගොඩක් ඉන්නවා.

මගේ කාර්මික අධ්‍යාපන ගමනේදී මටත් ඒ වගේ ගුරුවරියක් හම්බුණා කියන එක ගැන මම අදත් සතුටු වෙනවා.

අදටත් අවශ්‍ය වෙලාවක කතා කරලා උපදෙසක් ගන්න පුළුවන් ඒ සම්බන්ධයත් මට ගොඩක් වටිනවා.

සාගරි මිස්ට දීර්ඝායුෂ ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏❤️

ඉදිරියටත් අපි වගේම තවත් ගොඩක් දරුවන්ට දැනුම දෙන්න, ඔවුන්ගේ ජීවිතේ සහ වෘත්තීය ගමනේ ඉස්සරහට යන්න පාර පෙන්නන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

අද මම තවත් කෙනෙකුට දෙයක් කියලා දෙන තැනක ඉන්නවා නම්, ඒ ගමනේ කොහේ හරි තැනක මට දෙයක් කියලා දීපු ගුරුවරයෙක් ඉන්නවා. ඒක කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ❤️

Thank you මිස්. 🙏

ඉසුරු ගුණසේකර.
2016 මෝටර් රථ වායූ සමීකරණ අංශය

13/09/2026

Automotive Key Programming කරනකොට Locksmith කෙනෙක්ට තියෙන නීතිමය හා වෘත්තීය වගකීම් මොනවද?

11/09/2026

ටැංකියට දාන පෙට්‍රල් වැඩි දුරක් යන්න කලින්ම ඉක්මනින් පිච්චෙනවා නම් ඇයි පෙට්‍රල් කරන් නැ කියන්නේ. 🥲😂

ඇත්තටම පෙට්‍රල් හොදට කරනවානේ. 😁

❤️✨✅
09/09/2026

❤️✨✅

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Isuru Gunasekara - Automobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Isuru Gunasekara - Automobile:

Shortcuts

Share