02/03/2026
- යුද්ධය ජීවිත ගනිද්දී, සාමය ජීවිත ගොඩනඟයි.-
යුද්ධය එද්දී
අහස අඳුරු වෙයි,
මව්වරුන්ගේ විලාප මැද
බෝම්බ හඬ අතර
ළමා සිනා නිහඬ වෙයි,
ගිනි දුම මැද
අනාගතයම අඳුරු වෙයි.
නමුත්…
සාමය පැමිණෙද්දී
මල් නැවත නැගෙයි,
මනුෂ්‍ය හදවත
නැවත මනුෂ්‍ය වෙයි.
යුද්ධය විනාශය ගෙනෙයි,
සාමය ජීවිතය ගොඩනඟයි.☸️