G/Hiyare Negenahira Vidyalaya

G/Hiyare Negenahira Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G/Hiyare Negenahira Vidyalaya, School, Hiyare Nagenahira , Hiyare, Galle.

27/08/2026

බුදු දහමේ ආලෝකයෙන් සිත් නිවී, කරුණාවෙන් හදවත් පිරෙන පින්බර නිකිණි පොහෝ දිනයක් වේවා..... 🙏🌸🌸

🌸 ශිෂ්‍යත්වයට පෙනී සිටින පුංචි දරුවන්ට 🌸පොතේ පිටු අතරේසිහින ගොඩක් පුරවාගෙන,දහදිය බිඳු අතරින්දැනුම සොයා ආ ඔබට…බියක් නොවී ...
08/08/2026

🌸 ශිෂ්‍යත්වයට පෙනී සිටින පුංචි දරුවන්ට 🌸

පොතේ පිටු අතරේ
සිහින ගොඩක් පුරවාගෙන,
දහදිය බිඳු අතරින්
දැනුම සොයා ආ ඔබට…

බියක් නොවී සිනහසෙන්න,
විශ්වාසයෙන් පිය නගන්න,
උත්සාහයේ මල් පිපී
ජයග්‍රහණයේ සුවඳ විඳින්න…

ලකුණු පමණක් නොව,
ජීවිතය දිනන හැකියාවත්
ඔබේ හදවතේ රැඳේවා!

පුංචි මල් කැකුළු සියල්ලටම
ශිෂ්‍යත්ව විභාගයට
සුබ පැතුම් ...
ඔබේ සියලු සිහින සැබෑ වේවා..

- විදුහල්පතිතුමාගේ පණිවිඩයකි -

28/07/2026

දානයක් කියන්නේ ආහාරයක් පමණක් නොවෙයි…
එය ආදරය, කරුණාව සහ මනුෂ්‍යත්වය බෙදාදීමක්....

අද අප විද්‍යාලයීය
අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය මගින් සංවිධානය කළ
කඩල දන්සැල මඟින්
ඒ පුංචි සතුට බෙදාගන්න ලැබුණා....
සාර්ථකව නිමා වූ කඩල දන්සැල....

මේ පින් සියලු දෙනාට අනුමෝදන් වේවා! 🙏❤️

අප විද්‍යාලයීය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන කඩල දන්සැල 2026/07/28 වන දින පෙ.ව. 11.30 සිට විද්‍...
25/07/2026

අප විද්‍යාලයීය අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන කඩල දන්සැල 2026/07/28 වන දින පෙ.ව. 11.30 සිට විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා....🙏🙏

"අනාගතය ගොඩනඟන්නේ අද දරුවන්ට ලබාදෙන නිවැරදි දැනුම සහ කුසලතාවය නිසාවෙනි“ඉගෙනීම පමණක් නොව, ජීවිතයට අවශ්‍ය වෘත්තීය කුසලතාත්...
18/07/2026

"අනාගතය ගොඩනඟන්නේ අද දරුවන්ට ලබාදෙන නිවැරදි දැනුම සහ කුසලතාවය නිසාවෙනි“
ඉගෙනීම පමණක් නොව, ජීවිතයට අවශ්‍ය වෘත්තීය කුසලතාත් සමඟ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීම අපගේ අරමුණයි.”

අප විද්‍යාලයීය 9,10,11 ශ්‍රේණිවල සිසු දරු දැරියන්ට වෘත්තීය කුසලතා හඳුන්වා දීමේ අගනා අවස්ථාවක් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පැවැත්විණි.
මේ සඳහා අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෘත්තිය මාර්ගෝපදේශ නිලධාරි ධම්මික විජේසිරි මහතා, අහංගම හෝටල් පුහුණු පාසලෙහි වැඩසටහන් නිලධාරි සරත් කාරියවසම් මහතා, ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ වෘත්තිය මාර්ගෝපදේශ නිලධාරි රජිව් ගුණවර්ධන මහතා සහභාගි වූහ.

යහපත් සිත් ඇති මිනිසුන් නිසාම පාසල තවත් ලස්සන වෙයි....❤️❤️විද්‍යාලයට අඩුපාඩුවක් ව පැවැති ස්ථාන නාම පුවරු රුපියල් විසිපන්...
16/07/2026

යහපත් සිත් ඇති මිනිසුන් නිසාම පාසල තවත් ලස්සන වෙයි....❤️❤️

විද්‍යාලයට අඩුපාඩුවක් ව පැවැති ස්ථාන නාම පුවරු රුපියල් විසිපන්දහසක (25000/-) මුදලක් වැය කරමින් විද්‍යාලයේ ආදි ශිෂ‍්‍යයන් වූ වර්ණක තිළිණ චාමර මහතා, ඩිලංජන් රන්මාලින්ද මහතා, කෞෂික දිනිත් රූකාන්ත මහතා යන එකම පවුලේ සහෝදරයන් තිදෙනා විසින් සිදුකර දෙන ලදී.

ඔබගේ මෙම සත්කාරශීලී ක්‍රියාව පාසලේ දියුණුවට මහඟු ශක්තියක් වන අතර, ඔබගේ සමාජීය වගකීම සහ පාසල කෙරෙහි ඇති ආදරය පිළිබඳ කදිම ආදර්ශයකි.
ඔබ තිදෙනාට අප විද්‍යාලයීය විදුහල්පතිතුමා ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශේෂ ස්තුතිය පුද කරමු.🙏🙏

සමස්ත ලංකා නර්තන තරගාවලිය -2026මිශ්‍ර සමූහ සබරගමු කොවුලා වන්නමකලාප ප්‍රථම ස්ථානය 💪විද්‍යාලයීය නර්තන කණ්ඩායමට හා පුහුණුවී...
04/07/2026

සමස්ත ලංකා නර්තන තරගාවලිය -2026
මිශ්‍ර සමූහ සබරගමු කොවුලා වන්නම

කලාප ප්‍රථම ස්ථානය 💪

විද්‍යාලයීය නර්තන කණ්ඩායමට හා පුහුණුවීම් සිදුකළ විද්‍යාලයීය නර්තන ආචාරිණි චතුරංගි මහත්මියට විද්‍යාලයීය ප්‍රණාමය....🙏

ඔබට විද්‍යාලයීය විදුහල්පතිතුමාගේ, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ විද්‍යාලීය සහෝදර සහෝදරියන්ගේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටිනවා...❤️

සඳහම් ගී අරණ- 2026භක්තියෙන් හදවත් පුරවමින්, සංගීතයෙන් සිත් සනසමින්, අපේ පාසලේ භක්ති ගීත වැඩසටහනේ සුන්දර මතකයන්...
02/07/2026

සඳහම් ගී අරණ- 2026

භක්තියෙන් හදවත් පුරවමින්,
සංගීතයෙන් සිත් සනසමින්,
අපේ පාසලේ භක්ති ගීත වැඩසටහනේ සුන්දර මතකයන්...

🎵🎵 සඳහම් ගී අරණ 🎵🎵අප විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන පොසොන් බැති ගී වැඩසටහන 2026/07/01 වන දින ප.ව. 3.00ට විද්‍යාලයීය ...
30/06/2026

🎵🎵 සඳහම් ගී අරණ 🎵🎵
අප විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන පොසොන් බැති ගී වැඩසටහන 2026/07/01 වන දින ප.ව. 3.00ට විද්‍යාලයීය පරිශ්‍ර⁣යේදි පැවැත්වේ...

ඔබ සැමට ආරාධනා....🙏🙏

29/06/2026

පින්බර පොසොන් මංගල්‍යයක් වේවා...🙏🙏

Address

Hiyare Nagenahira , Hiyare
Galle
80056

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when G/Hiyare Negenahira Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category