Cskill

Cskill සින්හලෙන්ම සහ community එකක් එක්කම අලුත් skills ඉගෙන ගන්න හොදම තැන!

මේ අපේ Digital Art Monetizer workshop එකේ ඊයේ කරපු character design එක. ඉතින් මේ දවස් වල යන්නෙ අපේ හතරවෙනි batch එක වගේම...
15/03/2026

මේ අපේ Digital Art Monetizer workshop එකේ ඊයේ කරපු character design එක. ඉතින් මේ දවස් වල යන්නෙ අපේ හතරවෙනි batch එක වගේම පස්වෙනි batch එක මේ එන ඇප්‍රේල් මාසෙ පටන් ගන්නවා.
ඉතින් ඔයත් Digital Arts අදින්න වගේම මේක ආදායමක් කරගන්නේ කොහොමද කියල ඉගෙන ගන්න කැමතී නම් මේ number එකට WhatsApp message එකක් දාල තියන්න.🥰

CSKILL - 072 156 5316

Creative ඔයාට සල්ලි හොයන්න පුළුවන් පාරවල් 25ක්! 🎨💰ඔයාටත් මාරම creative හැකියාවක් තියෙනවද? හැබැයි ඒකෙන් සල්ලි හොයන්නේ ...
12/03/2026

Creative ඔයාට සල්ලි හොයන්න පුළුවන් පාරවල් 25ක්! 🎨💰
ඔයාටත් මාරම creative හැකියාවක් තියෙනවද? හැබැයි ඒකෙන් සල්ලි හොයන්නේ කොහොමද, මේක job එකක් කරගන්නේ කොහොමද කියල හිතාගන්න බැරුවද ඉන්නේ? ගොඩක් අය කරන ලොකුම වැරැද්දක් තමයි පටන් ගත්තු ගමන් හැමදේම එකපාර කරන්න ගිහින් burnout වෙන එක.
ඉතින් ම​ම මේ ලිපියෙ​න් creative කෙනෙක්ට සල්ලි හොයන්න පුළුවන් ක්‍රම 25කට වඩා විස්තර කරනවා. අපි බලමු ඒ මොනවද කියලා.

🔴 Active Income (ඔයාගේ කාලය දීලා සල්ලි ගන්න ක්‍රම)

මේකෙදි වෙන්නේ ඔයා වැඩක් කරන වෙලාවට විතරක් සල්ලි ලැබෙන එක.
Custom Commissions: කාටහරි අවශ්‍ය විදියට නිර්මාණයක් කරලා දෙන එක.
Pet Portraits: සත්තුන්ගේ රූප ඇඳලා දෙන එක.
Live Painting: උත්සව වලදී සජීවීව නිර්මාණ කරන එක.
Murals: බිත්ති වල සිතුවම් අඳින එක.
Selling Originals: ඔයා හදපු original නිර්මාණයම විකුණන එක.
Art Fairs / Markets: ප්‍රදර්ශන වලට ගිහින් නිර්මාණ විකුණන එක.
Freelance Illustration: පොත් වලට හරි වෙනත් අවශ්‍යතා වලට රූප ඇඳලා දෙන එක.
Concept Art: චිත්‍රපට හරි games වලට අවශ්‍ය මූලික සැලසුම් ඇඳීම.
Storyboarding: කතාවක් රූප රාමු වලට හරවන එක.

🟢 Passive / Leveraged Income (නිර්මාණය එක පාරයි - සල්ලි දිගටම!)

මේක තමයි "ධනය" හදාගන්න හොඳම විදිය. එක පාරක් කරපු වැඩක් ආයෙ ආයෙත් විකුණන්න පුළුවන්.
Digital Products:** Brush packs, textures වගේ දේවල්.
Digital Stationery: ඩිජිටල් විදියට පාවිච්චි කරන planner වගේ දේවල්.
Twitch Emotes: Streamers ලාට අවශ්‍ය රූප හදලා දෙන එක.
Online Courses: ඔයා දන්න දේ අනිත් අයට ඉගැන්වීම.
Print on Demand: ඔයාගේ design එකක් t-shirts, mugs වලට print කරලා විකුණන එක.
Art Licensing: ලොකු companies වලට ඔයාගේ art එක පාවිච්චි කරන්න අවසර දීලා royalties ගන්න එක.
Wholesaling: ඔයාගේ නිර්මාණ තොග වශයෙන් කඩවල් වලට දාන එක.

🔵 Platform Income (Audience එකක් හරහා ලැබෙන සල්ලි)

මේකට ඔයාට අනිවාර්යයෙන්ම audience එකක් ඕනෙ.
YouTube AdSense: වීඩියෝ වල යන ads වලින් ලැබෙන සල්ලි.
Twitch Monetization: සජීවීව stream කරලා සල්ලි හොයන එක.
Creator Funds: TikTok, Instagram වගේ platforms වලින් ලැබෙන ගෙවීම්.
Paid Newsletters: Substack වගේ තැන් වල ඔයා ලියන දේවල් වලට සල්ලි ගන්න එක.
Sponsorships / Brand Deals: ලොකු brands එක්ක එකතු වෙලා කරන ප්‍රචාරණ වැඩ.

🟡 Hybrid Income (මිශ්‍ර ක්‍රම)

Membership Communities: Patreon හරි Kofi හරහා ඔයාට කැමති අයගෙන් මාසිකව මුදලක් ගන්න එක.
Group Coaching: කණ්ඩායමක් එකතු කරගෙන කරන පුහුණු වැඩසටහන්.
Limited Edition Releases: සීමිත ප්‍රමාණයක් විතරක් විකුණන විශේෂ නිර්මාණ.
Virtual Workshops: Online හරහා කරන වැඩමුළු.

⭐️ පටන් ගන්නේ කොහොමද? 🤔

මුලින්ම මේ පියවර 3 අනුගමනය කරන්න:

1. Main Platform: ඔයාගේ වැඩ පෙන්වන්න එක platform එකක් තෝරගන්න.

2. Simple Product: පටන් ගන්න ලේසිම දෙයක් (උදා: digital product එකක්) තෝරගෙන "විකුණන හැටි" ඉගෙන ගන්න.

3. Email List: මේක තමයි වැදගත්ම දේ. Social media algorithm වලට වඩා සෘජුවම audience එකට කතා කරන්න මේක ඕනේ.

එකපාරටම හැමදේම කරන්න ගිහින් හති වැටෙන්න එපා. හෙමීට එකින් එක ගොඩනගන්න. අදම එක පොඩි step එකක් තියන්න. මේ ක්‍රම 25න් ඔයා දැනටමත් කරන හරි, කරන්න ආසම හරි ක්‍රමය මොකක්ද? පහළින් comment එකක් දාගෙන යන්න. 👇

ඒ වගේම මේක ඔයා දන්න අනිත් creative අය එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

- රවිඳු රුවන්පතිරණ -
゚viralシfypシ゚viralシalシ

අද අපේ CSkill හරහා කරන මගේ Digital Art Monetizer workshop එකේ තුන් වෙනි batch එක ඉවර උනා.🥰 බොහොම හොද මාස දෙකක කාලයක් තිස...
11/01/2026

අද අපේ CSkill හරහා කරන මගේ Digital Art Monetizer workshop එකේ තුන් වෙනි batch එක ඉවර උනා.🥰 බොහොම හොද මාස දෙකක කාලයක් තිස්සේ එයාලට පුලුවන් උනා,

✅ චිත්‍ර අදින එක වගේම කොහොමද Digitally චිත්‍ර අදින්නේ
✅ කොහොමද artist කෙනෙක් විදියට තමන්ව market කරගෙන clientsලව හොයාගෙන එයාල එක්ක වැඩ කරන්නේ,
✅මේක business එකක් විදියට කරන්නේ කියන දේවල් ඉගෙන ගන්න.

ඉතින් Batch 4 class ලගදිම පටන් ගන්නවා class එකට join වෙන්න කැමති අයට මේ පහල තියෙන number එකට call කරල මාව සම්බන්ද කරගන්න පුලුවන්.🥰

🤙🏻Instructor Ravindu Ruwanpathirana - 077 8371573

දැන් CSkill කියන්නේ government එකේ registered business එකක්..🥳.  මම මුලින්ම  CSkill හදනකොට මට ඕනෙ උනේ Duolingo වගේ brand...
25/11/2025

දැන් CSkill කියන්නේ government එකේ registered business එකක්..🥳. මම මුලින්ම CSkill හදනකොට මට ඕනෙ උනේ Duolingo වගේ brand එකක් හදන්න.. හැබැයි පස්සේ තේරුන දේ උනේ ලංකාවේ ගොඩක් දෙනා ඒ concept එක එක්ක එච්චර familier නෑ කියන එක. ඒ කිව්වෙ ගොඩක් දෙනා education කිව්ව ගමන්ම හිතාගෙන ඉන්නේ degrees, certificates වගේ දේවල් වලට සීමා උන දෙයක් නේ.. ඒ නිසා ඉතින් පොඩ්ඩක් ඒකට ගැළපෙන විදියට CSkill අපේත් services වල වෙනසක් කරන්න උනා. හැබැයි තවමත් මම නම් කියනවා CSkill කියන්නේ Academy එකක්වත් Institute එකක්මත් නෙමෙයි.
මට ඕනෙ සාමාන්‍ය පාරෙම යන අයට ඊට එහා ගිය, තමන්ටම ආවෙනික පාරක් තියෙනවා කියන එක පෙන්නල දෙන්න. ලංකාවේ ගොඩක් මම දකින දෙයක් තමයි කවුරු හරි කරන දෙයක් හරි ගියොත් ඒක දකින අනිත් හැමෝමත් ඒකම කරන එක. හැබැයි එහෙම කලාටම හරි යන්නේ නෑ. අපි කරන්න ඕන් අපි කැමති අපිට ගැළපෙන දේ. මම මේ කියන්නේ ලේසි දේවල් හොයන්න කියල නෙමේ. අපි කැමති දේවල් වලත් අමාරු කොටසක් තියෙනවාමයි හැබැයි අපි ඒක කැමැත්තෙන් නම් කරන්නේ, අන්න ඒ අමාරු කොටස අතාරින්නේ නැතුව අල්ලගෙන ඉන්න ඔයාට පුලුවන්.හැමෝම business කරන්නම ඕන කියල එකක් නෑ. හැබැයි entrepreneureship එක කියන්නේ තමන්ගේ personal development එක කරගන්න තියෙන හොඳම විදිය කියලයි මම නම් හිතන්නේ. මමත් ගොඩක් දේවල් කරන ගමන්ම ඉගෙන ගන්න කෙනෙක්. සමහර වෙලාවට මම මෝඩ වැඩ කරලම ඉගෙන ගත්ත දේවල් අනිත් අයට කියල දෙන්නෙ මොකද එතකොට ඔයාලත් මෝඩ වැඩේ කරලම වලේ වැටිලම ඒක ඉගෙන ගන්න ඕන නැති නිසා.
ඉතින් දැන් වෙද්දී රජයේ ලියාපදිංචි කරපු business එකක් විදියට තවත් ලොකු වැඩ ටිකක් මේ එන අවුරුද්දේ කරන්න පුලුවන් වෙයි කියල මම හිතනවා.

LMS එකක් කියන්නේ මොකක්ද. මේ ගැන මට කියන්න ඕනේ උනේ ගොඩක් අය මගෙන් අහන දේවල් නිසා. LMS (Learning Management System) එකක් ක...
30/10/2025

LMS එකක් කියන්නේ මොකක්ද. මේ ගැන මට කියන්න ඕනේ උනේ ගොඩක් අය මගෙන් අහන දේවල් නිසා. LMS (Learning Management System) එකක් කියල කියන්නේ ඔයාලට ඕනම විදියක subject එකක් ඉගෙන ගන්න තියෙන platform එකකට. එහෙම නැත්නම් website එකක් කියලත් කියන්න පුලුවන්. 😃

සමහර අය දැනටමත් දන්න International level එකේ LMS විදියට Udemy, Cousera, Skillshare වගේ platforms හඳුන්වන්න පුලුවන්. ඉතින් අපේ cskill කියන්නෙත් මේ වගේම LMS එකක් (link එක comments වල තියෙනවා👇) මේකේදි ඔයාට පුලුවන් අපේ site එකේ student කෙනෙක් විදියට free register වෙන්න. ඊට පස්සෙ ඔයා course එකක් buy කලාම ඔයාට ඒ course එකට lifetime access ලැබෙනවා.

⭐ ඉතින් මේ LMS වල තියෙන වාසි කීපයක් තමයි

✅ සාමාන්‍ය live class එකකදී වගේ නෙමේ ඔයාට පහසු වෙලාවක, අපේ site එකට log වෙලා ඔයාගේ ඉගෙනගැනීම් කටයුතු කරගෙන යන්න පුලුවන්.

✅ ඔයාට Phone එකෙන් හරි computer, tablet මේ ඕන device එකකින් අපේ site එකට log වෙන්න පුලුවන්.

✅ ඔයාගේ progress එක track කෙරෙන නිසා ඔයා අන්තිමට නවත්තපු තැනින් ඔයාට පටන් ගන්න පුලුවන්.

✅ ඔයාට එකම lesson එක කිහිප සැරයක් උනත් බලන්න පුලුවන්.

✅ අපේ site එකේ නම් ඔයාට සිංහල භාශාවෙන්ම courses ඉගෙන ගන්න පුලුවන්.

✅ ඔයාගේ course එකට අදාළ lessons, documents වගේ හැමදෙයක්ම ලේසියෙන්ම අරගන්න පුලුවන් විදියට එකම තැනක තියෙනවා.

✅ courses කෙරෙන්නේ online නිසා වෙලාව ඉතුරු වෙනවා වගේම classes වලට යන්න එන්න වියදමක් යන්නේ නෑ.

✅ cskill අපේ private WhatsApp group links අපේ courses ඇතුලේ දීල තියෙන නිසා ඔයාට ප්‍රශ්නයක් ආවොත් අපිව contact කරගන්නත් පුලුවන්.

ඉතින් අපේ site එකේ නම් දැනට courses දෙකක් විතරයි ඔයාලට ලබාගන්න පුලුවන් වෙන්නේ ඒ තමයි,

1️⃣ Digital Art Monetizer course එක - computer එකෙන් digitally චිත්‍ර අදින්නේ කොහොමද කියල සහ මේක කොහොමද business එකක් කරගන්නේ, clients ලව හොයාගන්නේ කොහොමද වගේ හැමදේම තමයි මේකෙදි ඔයාලට ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ වගේම දැනට මම දන්න විදියට නම් digital arts අදින්න පාවිච්චි කරන Clip Studio Paint කියන software එක සිංහලෙන් කියාදෙන එකම course එකත් මේක.😁

2️⃣ QLC Framework course එක - ඔයත් අකමැති job එකක හිරවෙලා නම් ඉන්නේ ඒ වගේම ඔයාගේ passion එක, talents මොනවද කියල හොයාගෙන ඒක හරහා business එකක් පටන් ගන්නේ කොහොමද කියන එක මේකේදි ඔයාලට ඉගෙන ගන්න පුලුවන්. මේකෙදි අපි AI සහ අංකවිද්‍යාව පාවිච්චි කරල ඔයාට ගැලපෙනම career path එක හොයාගෙනම තමයි වැඩේ පටන් ගන්නේ. Life එකේ එකම තැන හිරවෙලා ඉන්න කෙනෙක්ට මේක සෑහෙන වටිනවා කියල මට ලැබුනු reviews වලින් ඔයාටම බලාගන්න පුලුවන්.

ඉදිරියේදී තවත් courses අපි අරගෙන එනවා, ඒ වගේම online live workshop එකකුත් දැනට කරනවා. මේක නම් digital art monetizer course එකේම live workshop එක. ඉතින් මේක ඔයා දන්න කෙනෙක්ටත් වැදගත් වේවි කියල හිතෙනව නම් මේ post එක එයාල එක්ක share කරන එක අපි හැමෝටම support එකක් වෙනවා.
Thank you

- රවිඳු රුවන්පතිරණ -

゚viralシfypシ゚

CSkill අපේ Digital Art Monetizer workshop එකේ 1st batch එක සාර්ථකව ඊයේ රෑ ඉවර කරන්න පුලුවන් උනා.. හරිම සතුටුයි වගේම 1st ...
25/08/2025

CSkill අපේ Digital Art Monetizer workshop එකේ 1st batch එක සාර්ථකව ඊයේ රෑ ඉවර කරන්න පුලුවන් උනා.. හරිම සතුටුයි වගේම 1st batch join උන studentsla හැමෝටම Thank you කියල කියන්නම ඕනේ.. ඒ වගේම අන්තිම දවස වෙනුවෙන් ඇවිත් අපි එක්ක ගොඩක් දේවල් share කර ගත්ත Chala’s Diary Arts චලා අක්කටත් බොහොම thank you කියන්නම ඕනේ..🥰.. ඉතින් අපේ workshops වල අන්තිම දවසට මේ වගේම ඒ අදාල industry වල වැඩ කරන අය ඇවිත් එයාලගේ experience අපි එක්ක share කරගන්නවා. ඉතින් මේ Digital Art Monetizer workshop එකේ මම උගන්නන්නේ digital artist කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක, freelancer කෙනෙක් විදියට තමන්ව market කරගෙන කොහොමද clients හොයාගෙන එයාල එක්ක වැඩ කරල earn කරන්නේ සහ මේක bisnas එකක් විදියට හදාගන්නේ කොහොමද කියන හැම දෙයක්ම. ඉතින් අපේ studentsla මේ ගැන කියපු දේවල් ඔයාලටම බලාගන්න පුලුවන්.🥰
Batch 2 පටන් ගන්නකොට ඒ ගැන දැනුවත් කරන්නම් ඒ වගේම cskill හරහා අපි කරන වැඩ ගැන uptodate ඉන්න මාව follow කරගෙන ඉන්නත් අමතක කරන්න එපා.

CSkill අපේ Digital Art Monetizer workshop එකේ 1st batch එක සාර්ථකව ඊයේ රෑ ඉවර කරන්න පුලුවන් උනා.. හරිම සතුටුයි වගේම 1st batch join උන studentsla හැමෝටම Thank you කියල කියන්නම ඕනේ.. ඒ වගේම අන්තිම දවස වෙනුවෙන් ඇවිත් අපි එක්ක ගොඩක් දේවල් share කර ගත්ත Chala’s Diary Arts චලා අක්කටත් බොහොම thank you කියන්නම ඕනේ..🥰.. ඉතින් අපේ workshops වල අන්තිම දවසට මේ වගේම ඒ අදාල industry වල වැඩ කරන අය ඇවිත් එයාලගේ experience අපි එක්ක share කරගන්නවා. ඉතින් මේ Digital Art Monetizer workshop එකේ මම උගන්නන්නේ digital artist කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක, freelancer කෙනෙක් විදියට තමන්ව market කරගෙන කොහොමද clients හොයාගෙන එයාල එක්ක වැඩ කරල earn කරන්නේ සහ මේක business එකක් විදියට හදාගන්නේ කොහොමද කියන හැම දෙයක්ම. ඉතින් අපේ studentsla මේ ගැන කියපු දේවල් ඔයාලටම බලාගන්න පුලුවන්.🥰

Batch 2 පටන් ගන්නකොට ඒ ගැන දැනුවත් කරන්නම් ඒ වගේම cskill හරහා අපි කරන වැඩ ගැන uptodate ඉන්න මාව follow කරගෙන ඉන්නත් අමතක කරන්න එපා.

Address

Shiradeepa, Happawana, Wanchawala, Galle, Sri Lanka
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Cskill posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share