05/06/2026
1972 වසරේ සිට දශක පහකට වැඩි කාලයක් කාලීන පාරිසරික තේමාවක් යටතේ පරිසර සංරක්ෂණය පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුම්වත් කිරීමට සහ ගෝලීයව පැන නගින පාරිසරික ගැටලු පිළිබඳ ලෝක නායකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කරදීම පිණිස මෙම දිනය නම් කර තිබේ.
මෙවර ද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ජගත් පරිසර දින සැමරුම් "Urgent Climate Action" (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග) යන කාලීන හා අතිශය වැදගත් ගෝලීය තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා වර්ධනය වෙමින් පවතින පාරිසරික අභියෝගයන්ට මුහුණදීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙම තේමාව මඟින් අවධාරණය කෙරේ.
ඒ අනුව, අද පැවැත්වෙන ජගත් පරිසර දිනයේදී කඩිනම් දේශගුණික ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, පරිසර පද්ධති යථා තත්ත්වයට පත්කිරීම සහ ඉහළ යන උෂ්ණත්වය කළමනාකරණය කිරීම සඳහා ගෝලීය උත්සහායන් වේගවත් කිරීම අවධාරණය කරනු ලබන බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇතිවී තිබෙන දේශගුණික විපර්යාස වර්තමානය වන විට ප්‍රධානතම මානව අභියෝගය ලෙස සමස්ත ලෝකවාසීන් විසින් හඳුනාගෙන ඇති බව එහි සඳහන්ය.
මෙය මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන, විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනය මගින් හරිතාගාර වායු ඉතා අධික ලෙස වායුගෝලයට මුදා හැරීමේ සෘජු ප්‍රතිඵලයක් බව දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය සභාව විසින් තහවුරු කර තිබේ.
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය මගින් ප්‍රකාශ කර ඇති පරිදි, ඉදිරි දශක කිහිපය තුළ හරිතාගාර වායු විමෝචනය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු නොවුනහොත් මෙම සියවස තුල ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකයි දශම නවයකින් ඉහළ යා හැකි බවත්, එමඟින් පෘතුවිය මත ජීවත්වන සියලු ජීවීන්ට අහිතකර ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට මත පලවෙයි.
එම නිසා ලොව සියලු රාජ්‍යයන් විසින් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතුව තිබෙන බව සඳහන්ය.
පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව භාවිතය, බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ දැමීම, වන වගාව කසළ ප්‍රතිචක්‍රීකරණය වැනි ක්‍රියාමාර්ග හරහා බලශක්තිය, ප්‍රවාහනය, කෘෂිකාර්මාන්තය, වන සම්පත් හා ඝන අපද්‍රව්‍ය යන ක්ෂේත්‍රවලින් සිදුවන කාබන් විමෝචනය අඩු කිරීම මගින් දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව සහිත අනාගතයක් වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවද දේශගුණික විපර්යාස වල දැඩි බලපෑමට ලක්ව ඇති අතර අධික තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනයකින් පසුව ඇතිවන හදිසි ජලගැලීම් හා නායයෑම් දීර්ඝ වියළි කාලගුණික තත්ත්වයක් හේතු කොටගෙන ඇතිවන ජල හිඟය ආදී ආන්තික කාලගුණික තත්ත්වයන් සුලභ තත්වයන් බවට පත්ව තිබේ.
දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ මූලධර්මයන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයට සක්‍රීයව දායක වෙමින් " දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු" යන දේශීය තේමාව පෙරදැරිව පරිසර සංරක්ෂණ අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනය සමරනු ලබයි.
Since 1972, for more than five decades, this day has been designated to raise global awareness about environmental conservation under a timely environmental theme and to draw the attention of world leaders and policymakers to environmental issues emerging across the globe.
This year as well, the United Nations Environment Programme (UNEP) has planned to commemorate World Environment Day under the timely and highly important global theme, “Urgent Climate Action.”
This theme emphasizes the need for swift and effective action to address the growing environmental challenges caused by climate change around the world.
Accordingly, on World Environment Day, attention will be focused on urgent climate action, highlighting the acceleration of global efforts to reduce greenhouse gas emissions, restore ecosystems, and manage rising temperatures, according to a circular issued by the Presidential Secretariat.
The circular states that climate change, driven by global warming, has now been recognized worldwide as one of humanity’s greatest challenges.
It further notes that climate change is a direct result of human activities, particularly the excessive release of greenhouse gases into the atmosphere through the burning of fossil fuels, as confirmed by the Intergovernmental Panel on Climate Change (IPCC).
According to the United Nations Framework Convention on Climate Change (UNFCCC), if greenhouse gas emissions are not significantly reduced within the coming decades, global temperatures could rise by as much as 2.9 degrees Celsius during this century, potentially causing harmful consequences for all living beings on Earth.
Therefore, it is emphasized that all countries must accelerate measures to mitigate climate change.
Efforts such as the use of renewable energy sources, improving energy efficiency, afforestation, and waste recycling are expected to reduce carbon emissions from sectors including energy, transportation, agriculture, forestry, and solid waste management. These measures aim to mitigate climate change and build a future that is resilient to its impacts, the Presidential Secretariat states.
Sri Lanka has also been severely affected by climate change. Extreme weather events such as flash floods and landslides following intense rainfall, as well as water shortages caused by prolonged dry conditions, have become increasingly common.
In line with the principles of the United Nations Framework Convention on Climate Change and while actively contributing to global efforts to reduce greenhouse gas emissions, Sri Lanka is commemorating this year’s World Environment Day under the national theme:
“Let Us Act to Minimize the Impacts of Climate Change.”
The celebration is aimed at promoting environmental conservation and sustainability throughout the country.