13/05/2015
Congratulations to Nirmani Ranchagoda, Thanura Malinga and Najath Akram, undergraduates of Faculty of Engineering, University of Ruhuna for being selected to the 2nd round of IET Glolbal Challenge (http://conferences.theiet.org/global-challenge/), and thereby becomming one of the best four groups in this global competetion in engineering.
Best wishes for the Final round. You've made us proud!!
16/09/2014
https://www.facebook.com/pages/Ruhuna-Robotic-Challenge-2014/285396251656899?fref=photo
XbotiX
This is an event in which the best young minds in the country compete head to head
to accomplish one task using self designed robots.
01/12/2013
Congratulations University of Ruhuna-Faculty of Engineering for being the Champions of Inter Faculty meets 2013!
09/08/2013
https://www.facebook.com/media/set/?set=a.701004733258994.1073741830.681758335183634&type=1
SOCCER 7’S 2013, the annual football tournament one of the major event organized by REFSC, was held successfully in the Faculty Ground 4th August 2013. 13 teams participated in this event including two teams of old boys. Presence of old boys was a great encouragement for present sportsmen of our faculty. Old Boys team captained by Kafir showed their talents and grabbed the Trophy with their experience beating the team from the 14th batch captained by Bamuna which was also one of the strong team in the tournament. Kafir (Old boy) and Jaguar(14th batch) awarded as the Best Players of the tournament.
CONGRATULATIONS FOR THE WINNING TEAMS AND AWARD WINNERS!!!
13/05/2013
http://www.learnstreet.com/
Online Programming Courses, Learn Programming Online | LearnStreet
If you want to learn how to program, LearnStreet's online courses can help you to learn Python, JavaScript and Ruby faster than you thought possible!
30/07/2012
Unilever Careers
Unilever Sri Lanka provides direct employment to 1500 people and to many more thousands indirectly
21/07/2012
මොහොමඩ් සිරාජුඩීන් නිෂ්මි-පේරාදෙණිය සරසවිය ඉංජිනේරු පීඨය
• 1964 නොවැම්බර් 14වැනි දින පානදුරදී උපත ලැබීය.
• පාසල් කීපයකින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමෙන් පසු රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය ලැබීය.
• 1983 උසස් පෙළ ප්‍රථීඵල අනුව පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට තේරී පත් විය.
• ඉංජිනේරු පීඨයේ විභාග ගැටළුවක් හරහා ශිෂ්‍ය නායකයකු ලෙසින් ඉස්මතු වූ ඔහු ඉතා කෙටි කාල සීමාවකදී ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ බිහි වූ සාර්ථක ම ශිෂ්‍ය නායකයා බවට පත් විය.
• 1990 ජනවාරි 18වැනිදා ගල්කිස්සේදී අත්අඩංගුවට පත් වූ ඔහු දරුණු වධ බන්ධනයන්ට ලක්ව, 1990 පෙබරවාරි 10-15 අතර දිනක ඝාතනය කරන ලදී.
''හොඳ දේ කිරීම අසීරුය. එවැනි දේ කළ විට ඒවා වටිනා හා ලස්සන දේ වෙයි. පහසු දේ කරන්නට ඕනෑ කෙනෙකුට හැකිය. එසේ ම ඕනෑ කෙනෙක් ඒවා සිදු කරති. නමුත් ඒවා වටිනා හා ලස්සන දේ වන්නේ නැත. එහෙයින් අනෙක් අය පසුබාන, අනෙක් අය අත හරින, අසීරු හොඳ කටයුතු අප බාර ගත යුතුය. අප ඒවා කළ යුතුය. එය කළ හැකිය.''
එස්. එම්. නිෂ්මි - (දුම්බර සටන ඇරඹීමේ සාකච්ඡාවකදී)
1983 පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට තේරී පත්විය. අධ්‍යාපන හා සුභසාධන ගැටළු හමුවේ දැක්වූ ක‍්‍රියාකාරීත්වය හා කැපවීම නිසාම ඉතා කෙටි කලකින් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ වූ සාර්ථකම ශිෂ්‍ය නායකයා බවට පත් විය. ආචාර්ය සේවක සිසුන් ආදී කවරෙකුගේ වුවත් සිත දිනා ගැනීමට නිෂ්මිට ගත වූයේ සුලූ මොහොතකි. එ අන් කිසිවක් නිසා නොව ඔහුගේ තිබූ ලෙංගතුකම සහ මානව දයාවත්, ඔහු වඩා තාර්කිකව සහ සත්‍ය ඉදිරියේ වූ අවංක කමයි. ඔහු කිසිවිටෙක සත්‍ය ඉදිරියේ නම්‍යශීලී නොවීය. අරමුණු සහගතව ඍජුව සිටියේය. එකල පේරාදෙණිය සරසවියෙ උපකුලපති මහාචාර්ය අර්ජුන අලූවිහාරේ මහතා ඔහු ගැන අතීත ආවර්ජනයක යෙදෙමින් කියා සිටියේ, ‘‘නිෂ්මි ශිෂ්‍ය අරගලයන් හා ආණ්ඩුව ගෙනයන අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙල සාකච්චා කරද්දී දැඩි මතයක සිට සිය කරුණු ඉදිරිපත් කළා සේම ඔහුගේ ස්ථාවරය වෙනුවෙන් ඉතාම විනීතව තාර්කිකව විශ්වවිද්‍යාල සිසුවෙකුට අදාල පෞර්ෂත්වය සහ බුද්ධිමත්භාවය සහිතව කටයුතු කළා. එසේම පංති වර්ජනයන් හා විභාග වර්ජනයන් ආදියෙදී පැය ගණන් කතා කර සිය මතය තාර්කිකව ඉදිරිපත් කිරීමට උත්සහ ගත්තා විනා කිසිසේත්ම තර්ජනය හා බලපෑම් කිරීම් වලට උත්සහ කළේ නෑ.’’ අද ද පේරාදෙණිය සරසවියේ ඇතැම් සේවක මහත්ම මහත්මීන්, ගුරුවරුන් ,සමකාලීනයන් නිෂ්මි ගැන සිහිකරන්නේ දයාබර සටන් සඟයෙක් මානව හිතවාදී මිනිසෙකුගේ මතකයයි. එසේම නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් කළ කැපකිරීම් හා ක‍්‍රියාකාරීත්වයත් ඒ හමුවේ වූ නොසැලෙන බවත් අදත් අප මාවතට ආලෝකය සපයයි. 1990 ජනවාරි 18 වන දින අත්අඩංගුවට ගෙන පෙබරවාරි 10-15 අතර දිනක ඝාතනය කරන ලදී. ඔහුගෙ ඝාතකයා පසු කලෙක පුවත් පතකට පාපොච්චාරණයක් කර ලියා තිබුනේ නිෂ්මි ඝාතනයේ කම්පනය තම මුලූ ජීවිතයටම මහා බලපෑමක් කළ බවයි. අහිංසක මිනිසෙක්, නිවැරදි මිනිසෙක් මරා දැම්මා යන හැ`ගීමෙන් ඔහුට ගැලවීමට නොහැකි බවයි.
21/07/2012
වෙනුර එදිරිසිංහ
වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය
• පොහොසත් පවුලක උපත නොළැබූ ඔහු පුත්තලම ප්‍රදේශයේ පදින්චි කරුවෙකි.
• මාදම්පේ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විදුහලට ඇතුළත් විය.
• රාජකීය විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා හා උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේම පළමු වැනියා ලෙසින් වෛද්‍ය පීඨයට ඇතුළු විය.
• 1984 වසරේ විදයාලයීය ත්‍යාග ප්‍රධානෝත්සවයේදී
ඇල්ෆ්‍රඩ් ඇන්ඩීස් අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව සඳහා),පී. සී. ඩබ්ලිව්. පීරිස් අනුස්මරණ ත්‍යාගය (සත්ත්ව විද්‍යාව සඳහා), එෆ්. ඊ. වීරසූරිය අනුස්මරණ ත්‍යාගය (ජීව විද්‍යා අංශයේ හොඳම ශිෂ්‍යයා),තිස්ස වීක්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව හා සත්ත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා), අ. පො. ස. (උ.පෙළ) විභාගයේ හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය,එම්. ඥාණරත්නම් අනුස්මරණ ත්‍යාගය
යන සියලුම ත්‍යාග දිනාගන්නා ලදී.
• කොල්ලූපිටියේදී පැහැරගෙන 1989 සැප්තැම්බර් 21 දින ඝාතනය කරන ලදී.
වෛද්‍ය ශිෂ්‍ය සංවිධාන කමිටුවේ සභාපතිවරයා වශයෙන් ප්‍රතම වසරේදීම පත් විය.ඔහු හොඳ ක‍්‍රීඩකයෙක් හා කලා කරුවෙක් ද වුනා. ඒ වගේ මානව හිතවාදී සංවේදී සහෘදයෙක්ද වුනා. බාලේ ගේ (නිමල් බාලසූරිය) මරාදැමුන දවසේ මහා හඬින් ඔහු හඬා වැටුණු හැටි ඔහුගේ සමකාලීනයන් තවමත් මතක් කරනවා. ඒ වගේම පුංචි කාලෙ ඔහුගේ යාලූවා මියගිය විට ඒ දුක දරාගත නොහැකිව දින ගණනාවක් නොකා නොබී සිටි මේ සංවේදී දරුවා මේ සා දැවැන්ත ශිෂ්‍ය ව්‍යාපාරයකට නායකත්වය දුන්නා යැයි ඔහුගේ මව පවා පිළිගන්නේ පසුවයි. නිමල් බාලසූරිය ගෙන් පසු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය ගන්නේ වෙනුර එදිරිසිංහ සොයුරායි. 1989 කොල්ලූපිටියේදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන තුරු ලංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නා.
අපේ උපාධිය රැකදුන් නුඹට උපාධිය පමණක් නොවෙයි, ජීවිතයද අහිමි වුණා.
අපේ උත්තමාචාරය නුඹේ ඒ සාධු ගුණයටයි.....
21/07/2012
2013 ඔක්තෝම්බර් 22 වැනිදාට, එනම් අදට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා හිසට පරාල ඇණ ගසා, ඝාතනය කර වසර 25 ක් සම්පූර්ණ වේ.
• පද්මසිරි ති‍්‍රමා විතාන- කොළඹ විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨය
• දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය.
• මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලය
• උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය.
• 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර මිලේජ්ච ලෙස මරා දමා තිබුණි.
• රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් වැදුනේය, මෙහි අවසන් ජයග්‍රාහී ප්‍රථිපලය වූයේ එය රජයට පවරා ගැනීමය.
• චිත්‍ර ශිල්පියෙකි අංකුර කවියෙකි.
වර්ෂ 1977 දී බලයට පත් ජයවර්ධන රජය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරවීමේ අරමුණ ඇතිව 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත ගෙන එන ලදි.මෙලෙස 1978 අංක16 දරණ විශ්වවිද්‍යාල පනත මඟින් නව ප‍්‍රතිසංස්කරණ ඇති කළ පසු එහි 25 වන වගන්තිය යටතේ සැකසූ විශේෂ විධිවිධාන මඟින් අධ්‍යාපන පාඨමාලා පැවැත්වීමේ පිළිගත් ආයතන නිර්වචනය කරන ලදි.මේ අනුව විශ්වවිද්‍යාල පනතේ පිළිගත් ආයතන ලෙස අර්ථ දක්වා තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාල බව සිසුන් සහ ජනතාව තේරුම් ගන්නට විය.
ඒඅනුව රාගම තලගොල්ලේ පිහිටි රජයේ රෝහලක්, එහි හෙක්ටයාර් 14 ක ඉඩම සමඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පවරා දෙන ලදි.පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකයෝ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටතේ 40 ලක්ෂයක ශිෂ්‍ය ප‍්‍රජාවගේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් නොපැකිලිව නැගී සිටියේ මේ අවස්ථාවේදීය.
වෛද්‍ය සිසුන්ගේ අරගලය වසරක් පුරා නොකඩවා ඇදී ආවේය. අරගලය උත්සන්න කිරීම වස් වෛද්‍ය පීඨ සිසුන් වර්ෂ පූර්ණ සංවත්සරයට සූදානම් වූහ. වෛද්‍ය අධ්‍යාපනය නැවතී වසරයි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇද රට පුරා ඇලවීමට වෛද්‍ය සිසුන් ක‍්‍රියා කළහ.
රාජ්‍ය භීෂණය වෛද්‍ය ශිෂ්‍ය අරගලයේ පළමු පෙළ නායකයන් සියල්ල අතුරුදහන් කළ ද ඔවුන් විසින් ගොඩනැගූ අරගලය රට පුරා නොනිවී දැල්විනි. ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් වෛද්‍ය ශිෂ්‍ය ප‍්‍රශ්නය විසදිය යුතු විය.
එබැවින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප‍්‍රතිපත්තිය තාවකාලිකව හකුලා ගනිමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලදි. තවත් රජයේ වෛද්‍ය පීඨයක් දේශයට උරුම කර දීමට වෛද්‍ය සිසු අරගලයට හැකි විය. ඒ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයයි.
සම්පුර්ණ කතාව - http://kannangaradaruwo.blogspot.nl/2012/10/24.html #.UIpYfmfou6s
...............................................................
නිදහස් අධ්‍යාපනය රැක දීමට සටන්කර ,නිදහස් අධ්‍යාපනයේ දිනන මග අපට කියා,නොකියාම බැසගිය ඒ පහන් තාරකාවල කතාව ඔබට කියන්නට අප සුදානම්.
මේ සඳහා ඔබගේ වටිනා අදහස් යෝජනා අපවෙත යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර මීට අදාළ තොරතුරු ඔබ සතුව ඇත්නම් අප වෙත යොමු කරන ලෙසද අප ඉල්ලසිටිමු .