සිරාගේ අඩවිය

සිරාගේ අඩවිය හිනා වෙන්න,සතුටින් ඉන්න,දැණුමට යමක් එකතු කරගන්න එන්න අපිත් එක්ක..!!!

ලොව භයානකම පොත  👻🥶☠️◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්‍රධානම පොතක් තමා මේ තියෙන්නෙ.. ඒක මාරි කියුරි අක්කගෙ no...
17/11/2022

ලොව භයානකම පොත 👻🥶☠️

◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾◾

ලෝකෙ භයානකම පොත් අතරෙ තියන ප්‍රධානම පොතක් තමා මේ තියෙන්නෙ.. ඒක මාරි කියුරි අක්කගෙ note book එකක්...

ඇයි මේ notebook එක මෙච්චර ඩේන්ජරස්?

ලෝකෙ භයානකම පොතේ අයිතිකාරයා වෙන මාරිකියුරි තමා උඩ ඉන්නෙ.. 🙂❤️

එයාගෙ පොත් විතරක් නෙමෙ..ඇදුම්, ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කරෙ Radiation එකත් එක්ක..නැත්‍තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක. ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පර්‍යේෂණ කරද්දි දැනන් ඉන්නෙ නැනෙ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන ගියාලු.

මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.

Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියො ත් මැරුනෙ පිළිකා වලින්.

නොබෙල් ත්‍යාග තුනක්,
පිළිකාවට ගොදුරු වූ ජීවිත දෙකක්,
මවක් සහ දියණියක්!

මාරි කියුරි සිය වැඩිමහල් දියණිය අයිරීන් සමග, 1925!

නොබෙල් ත්‍යාගය මත සිය අණසකය පැතිර වූ පවුලක් වෙති. ඔවුන් තරමට ඒ දිනූවෝ වෙන නොවෙති.

මාරී සිය සැමියා පියරේ සමගින් 1903 හි දී භෞතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාග දිනාගනිමින් ඒ ගෝලීය ගෞරවය පළමුකොට කියුරි නම අද්දර පළන්දා තිබුණි. ඉන්පසු මාරී නැවතත් 1911 හි දී රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය දිනාගති. ඒ අනුව නොබෙල් ත්‍යාගය දිනූ ප්‍රථම කාන්තාව වී සිටි මාරි, එය දෙවරක් දිනූ එකම කාන්තාව බවට පත්විය. එයින් නොනැවත අද ද වනතුරු එකිනෙකට වෙනස් වූ විද්‍යා ක්ෂෙත්‍රයන් දෙකක් උදෙසා නොබෙල් ත්‍යාගය දිනූ එකම පුද්ගලයා බවට පත්ව ඇය අදටත් සුවිසෙස් ව ඇත. අහම්බෙන් සහ විටෙක සිතැගිව, අහිතකර වූත් මරණීය වූත්, විකිරණ මත දිගින් දිගටම සිය දහස් වාරයක් නිරාවරණය වීමෙන් හටගත් නිෂ්කල්ප්‍ය නීරක්තියෙන් (රුධිරගත පිළිකාවකි, Aplastic Anaemia) පීඩා විද හැටහයවන වියේ දී ඇය අභාවප්‍රාප්ත විය. අදටත් ඇය අතින් අල්වා කැරකැවූ දොරගුළු මත, ඇය ලියූ සටහන් පොත් තුළ, මුළුතැන්ගෙයි ආම්පන්න තුළ පමණක් නොව ඇයගේ මළසිරුරින් පවා ඒ මරණීය විකිරණ වෑස්සෙන බැවින් එය අදටත් පැරිසියෙහි, උත්තම පැරීසියානුවන් පමණක් සදාකල්හී නිදනා පැන්තියොන් හී සුසානාගාරයෙහි අගලක ඝණකම් ඊයම් කලේබරයෙක බහා නිදන් කර ඇත. ඉන් ඇතුළුව, ඈ අත රැදි සියල්ලෙන් මීළග සියවස් පහළොව පුරාවට, අවම වශයෙන් වර්ෂ 3400 ලබන තුරු, විකිරණ මුදාහැරෙනු ඇත

මිනීපෙට්ටිය හදල තියෙන්නෙ අඟල් හතරහමාරක් ඝනකම ඊයම් වලින්.තව අවුරුදු 2500-3000ක් වත් යනකන් ඇටකටු වලින් විකිරණ නිකුත් වෙනව කියල කියන්නෙ.

මාරි ගේ ආදරබර සැමියා වූත්, ලෝ දිනූ ගෞරවයේ සගයා වූත්, පියරේ කියුරි වැසිබර දිනෙක මනෝ ලෝකයෙක සරමින් පැරිසී වීදියක් හරහා පියමනිමින් සිටියදී, අශ්ව කරත්තයක ගැටී එහි රෝදයටම යට වී හිස්කබල සුණුවිසුණු ව ජන්මාන්තර ගත විය. ඒ නොවන්නට ඔහුද විකිරණය උරුම කරදුන් පිළිකාවටම ගොදුරුව මිය යන්නට සිය දෛවය ලියවා හුන්නෙකෙකි. ඔහුද පැන්තියෝන් හී ගෞරවය ලබමින් මාරී අසලින්, ඊට පහළින් නිදන් විය. පියරේ සහ මාරි දිනාගත් නොබෙල් ත්‍යාග සංඛ්‍යාව තුනකි. කියුරීන නොබෙල් පිපාසය ඉන් සන්සිදුනේ නැත.

ඔවුන්ගේ වැඩිමහළු දියණිය වූ අයිරීන් දෙමාල්ලන් අඩිපාරෙහිම යමින් රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය සිය සැමියා වූ ෆ්‍රෙඩරික් ජොලියට් සමගින් වර්ෂ 1935 හි දී සිය කෘතීම විකිරණශීලිතාව සම්බන්ධව වූ සොයාගැනීම් උදෙසා දිනාගති. ඇයද ඉන් උදාකරදුන් ලියුකීමියාමය පිළිකාවකින් පීඩා විද 58 වසක් ආයු වළදා 1956 හිදී මියගිය අතර ඊට දෙවසරකට පසු ෆ්‍රෙඩරික් උග්‍ර යකෘත්ප්‍රදාහයකින් පෙළී මරණය තෙක් රුධිරය වමනය කොට බොහෝ දුක් විද නෙතු පියාගති.

මාරිගේ දෙවන දියණිය ඊව් විද්‍යාවෙන් ඈත් වී සාහිත්‍යයට නැඹූරු විය. නොබෙල් ත්‍යාග නොලැබූ ඈ ආයුෂය දිනාගති. වසර 102ක් ආයූ වැළදූ ඇය නිව් යෝර්ක් හී සාමකාමී නිවහනෙක ජීවිතයෙන් නිවීගිය විඩාබර සයනයක දී අවසන් සුසුම් හෙළන්නට ඇත. නමුදු කියුරි පවුලෙහි නොබෙල්මය සිහිවටන ඉන් අවසන් නොකරමින් ඊව් ගේ ප්‍රියාදර සැමියා හෙන්රි රිචර්ඩ්සන් වර්ෂ 1965 හි දී නොබෙල් සාම ත්‍යාගය දිනාගති.

ඒ අනුව කියුරි පවුලේ මුල් සාමජිකයින් හයෙන් පස් දෙනෙකු නොබෙල් ත්‍යාගලාභීහූ වෙති. ඔවුන් ලද මුළු නොබෙල් ත්‍යාග ගණන හයෙකි.

එක්සත් ජාතීන් පිළිගත් රාජ්‍ය අතරින් 116 ක් එකදු නොබෙල් ත්‍යාගයක් හෝ දිනා නැත. අසල්වැසි ඉන්දියාව නොබෙල් දොළොසක් දිනා ඇත. පකිස්ථානය හා බංග්ලාදේශය ද දෙකක් දිනා ඇති බැව් ඔබ දැනගත යුතුය. ඉතියෝපියාව, ඝානාව, කෙන්යාව පමණක් නොව අසර්බයිජානය ද එකක් හෝ දිනා ඇත. ඒත් අප?

ගුඩ් මෝනින් 😁🌞
13/11/2022

ගුඩ් මෝනින් 😁🌞

28/10/2022
ම්ම්ම්ම්ම්ම්.. 😬😬😬
28/10/2022

ම්ම්ම්ම්ම්ම්.. 😬😬😬

යථාර්ථය තේරුම් ගැනීම පිණිස 👍
24/10/2022

යථාර්ථය තේරුම් ගැනීම පිණිස 👍

❤️❤️❤️❤️
22/10/2022

❤️❤️❤️❤️

Address

Galle
Galle
80000

Telephone

+94778332621

Website

Alerts

Be the first to know and let us send you an email when සිරාගේ අඩවිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share