සිංහල මාධ්යය a to Z ඉස්ලාම්

සිංහල මාධ්යය a to Z ඉස්ලාම් 2-11 වසර දක්වා සිංහල මාධ්‍ය සිසුන් සදහා ඉස්ලාම් පන්ති සියලුම කොටස් ආවරනය කරනු ලබයි

For O/L Sinhala medium 📝🛑
26/11/2024

For O/L Sinhala medium 📝🛑

Classes for 2025 register now
17/11/2024

Classes for 2025 register now

23/02/2024















          Free cls for grade 1 and 2
07/02/2024












Free cls for grade 1 and 2

❤️
08/09/2023

❤️

29/08/2023
16/08/2023

ඉබ්නු අබ්බාස් (රළි) තුමා මෙසේ පැවසීය:

(කුරෙයිෂිවරුන්ගේ ප්‍රධානියා වන) අබූ-සුෆියාන් බින් හාර්බ් සමගද කුරෙයිෂි කාෆිර්වරුන් සමගද නබි (සල්) තුමාණෝ (හුදෙයිබියා නමැති ස්ථානයේදී) ගිවිසුමක් කර ගත්හ. ඒ අවස්ථාවේදී (කුරෙයිෂිවරුන්ගෙන් සමහරෙක්) ඔටුවන් මත තවලම් ව්‍යාපාරිකයන් වශයෙන් ෂාම් දේශයට (හා සිරියාව, පලස්තීනය, ලෙබනනය, ජෝර්දානය වැනි දේශයන්ටද) ගොස් සිටියහ. (රෝමයේ එවකට සිටි රජතුමා වන) හිර්ක්ලස්, බයිතුල් මුකද්දිස් නමැති නැමදුම්පළෙහි ලැගුම් ගෙන සිටි එම කුරෙයිෂි වෙළෙඳ ව්‍යාපාරික සමූහයේ සමාජිකයෙකු වශයෙන් ගොස් සිටි අබූ-සුෆියාන්ව කැටුව එන ලෙසට පණිවුඩකරුවන් පිරිසක් පිටත් කර හැරියේය. එම පණිවුඩකරුවන් අබූ-සුෆියාන් වෙත ළඟා වූවෝය. රජතුමා රෝමයේ රාජ්‍ය නියෝජිත පිරිස අසුන්ගෙන සිටි තම රාජසභාවට ඔහුව කැඳවනු ලැබු අතර තම භාෂා පරිවර්ථකයාවද කැඳවනු ලැබුවෝය.

අබූ-සුෆියාන් මේ සම්බන්ධව විස්තර කරමින් (අපගෙන්) රජතුමා “ තමන්ව අල්ලාහ් දෙවියන් වහන්සේගේ දුතයා යයි සිතා සිටින එම මනුෂ්‍යයාට ඔබගෙන් ඉතාමත් සමීප ඥාතියා කවරෙක්දැ?”යි විමසුවේය.

(එවිට) “එතුමාණන්ට ඉතාමත් සමීප ඥාතියා මම වන්නෙමි”යි කීවෙමි. එවෙලේම රජතුමා (තම අධිකාරීන් වෙත අණ කරමින්) “ඔහුව මා වෙත කැඳවාගෙන එනු. ඔහු සමග පැමිණ සිටින අයද මා අසලට කැඳවාගෙන විත් ඔහුට පිටුපසින් නතර කරනු”යි අණ කළේය.

පසුව තම භාෂා පරිවර්ථකයා වෙත “මා එම මනුෂ්‍යයා ගැන (අබූසුෆ ියාන් වන) මොහුගෙන් ප්‍රශ්න කරන්නෙමි. (එවිට යම් විදිහකින්) මොහු බොරු කීවහොත් එය මා වෙත දැනුම් දිය යුතු යයි ඔහු සමග පැමිණ සිටින අය වෙත පරිවර්ථනය කර කියනු”යි අණ කළේය.

මා බොරු කීවේ යයි මොවුන් කියාවි යයි සැකයක් මා තුළ නොවූයේ නම් හිමි මත සත්තකින්ම! නබි (සල්) තුමාණන් සම්බන්ධයෙන් බොරුම කියා ඇත්තෙමි.

ඉන්පසුව රජතුමා මා වෙතින් ඇසූ පළමුවැනි ප්‍රශ්නය “ඔබ අතරින් ඔහුගේ කුළය කෙබඳුදැ?”යි විමසුවේය.

එයට “ඔහු අප අතරින් ඉතාමත් උසස් කුළයට අයත් කෙනෙකි”යි කීවෙමි.

“මොහුට පෙර ඔබගෙන් කවුරුන් හෝ කවදා හෝ මෙම තර්කය ඉදිරිපත් කර ඇත්තේදැ?”යි විමසුවේය.

“නැතැ”යි කීවෙමි.

“මොහුගේ මුතුන් මිත්තන්ගෙන් කවුරුන් හෝ රජවරුන් වශයෙන් සිටියෝදැ?”යි විමසුවේය.

“නැතැ”යි කීවෙමි.

“ඔහුව අනුගමනය කරන්නන් ජනතාවගෙන් උසස් අයද? නැතහොත් සාමාන්‍ය අයදැ?”යි විමසුවේය.

“ජනතාවගෙන් සාමාන්‍ය අය” යයි කීවෙමි.

“ඔහුව අනුගමනය කරන්නන් වැඩි වන්නෝද? නැතහොත් අඩු වන්නෝදැ?”යි විමසුවේය.

“ඔවුන් වැඩි වෙමින් පවතින්නෝය”යි කීවෙමි.

“ඔහුගේ ධර්මයට ඇතුළු වූ පසු ඒ ගැන සෑහීමකට පත් නොවී කිසිවකු හෝ ධර්මයෙන් වෙනස් වී අත්තේදැ?”යි විමසුවේය.

“නැතැ”යි මා කීවෙමි.

“ඔහු මෙසේ තර්ක කිරීමට පෙර ඔහු බොරු කියා ඇතැයි ඔබ කවදා හෝ සැක කර ඇත්තේදැ?”යි විමසුවේය.

“නැතැ”යි මා කීවෙමි.

“ඔහු පොරොන්දු කඩ කර ඇත්තේදැ?”යි විමසුවේය.

“(මෙතෙක්) නැතැ”යි කියා “දැන් අපි ඔහු සමග ගිවිසුමක් කර ඇත්තෙමු. එහිදී ඔහු කෙසේ හැසිරෙන්නේදැයි අපි නොදනිමු”යි කීවෙමි. ඒ අවස්ථාවේදී “නබි (සල්) තුමාණන් කෙරෙහි අඩු ලූහුඞු කමක් දැක්වීමට ඒ වචනය හැර වෙන කිසිම වචනයක් මගේ පිළිතුරෙහි ඇතුළු කිරීමට මට කිසිම අවස්ථාවක් එළඹුනේ නැත!”.

“ඔහු සමග ඔබ යුද්ධ කර ඇත්තේදැ?”යි විමසුවේය.

“ඔව්” යයි කීවෙමි.

“ඔහු සමග ඔබ කළ යුද්ධයේ අවසානය කෙබන්ඳක් වූයේදැ?”යි විමසුවේය.

“අපටද ඔවුන්ටද අතරේ දිනුමද පැරදුමද මාරුවෙන් මාරුවට ලැබුණි. සමහර අවස්ථාවලදී ඔහු අපිව පරදවා ජයග්‍රහණය අත් කර ගෙන ඇත. සමහර අවස්ථාවලදී ඔහුව පරදවා අපි ජයග්‍රහණය අත් කර ගෙන ඇතැ”යි කීවෙමි.

“ඔහු ඔබට කුමක් නම් දේශනා කරන්නේදැ?”යි විමසුවේය.

“අල්ලාහ් කෙනෙකුවම අදහනු. ඔහුට කිසිවක් සමානයන් වශයෙන් නොතබනු. ඔබගේ මුතුන් මිත්තන් පැවසූ සියල්ල අත් හරිනු”යි දේශනා කරන්නේය. “සලාතය ඉටු කරනු. සත්‍යය කතා කරනු. නිර්මලත්වයට (එනම් පතිවත ආරක්ෂා කරන තත්වයට) පත් වනු. ඥාතීන් සමග එකමුතුව යහපත් සබඳතාවයකින් යුක්තව සිටීම වැනි හොඳ ගති ගුණ ගැන නියෝග කරන්නේය”යි කීවෙමි.

රජතුමා තමන්ගේ භාෂා පරිවර්ථකයා වෙත පරිවර්ථනය කිරීමට පැවසූ දැය නම්: “ඔහුගේ කුළය ගැන ඔබගෙන් විමසුවෙමි”. එයට ඔබ, ඔබගෙන් ඔහු ඉතාමත් උසස් කුළයට අයත් කෙනෙකි යයි කීවෙහිය. (අල්ලාහ්ගේ) රසූල්වරුන් සෑම දෙනාම එසේමය. ඔවුන්ගේ සමූහයන්ගෙන් උසස් කුළයෙන්ම පහළ කර ඇත. “ඔබගෙන් කවුරුන් හෝ මෙම තර්කය මීට පෙර ඉදිරිපත් කර ඇත්තේදැ?”යි විමසුවෙමි. එයට ඔබ නැතැයි කීවෙහිය. මොහුට පෙර කවුරුන් හෝ මෙම තර්කය ඉදිරිපත් කර සිටියේ නම් මීට පෙර ඉදිරිපත් කරමින් තිබූ තර්කයක් අනුගමනය කරමින්ම මොහුද කරන්නේය” යයි මා කියා ඇත්තෙමි.

“මොහුගේ මුතුන් මිත්තන්ගෙන් කවුරුන් හෝ රජවරුන් වශයෙන් සිටියේදැ?”යි මා ඔබගෙන් විමසූ විට නැතැයි ඔබ කීවෙහිය. “මොහුගේ කවුරුන් හෝ රජ කෙනෙකු වශයෙන් සිටියේ නම් තම මුතුන් මිත්තන්ගේ රාජධානිය අත්පත් කිරීමට කැමැත්තක් දක්වන මනුෂ්‍යයෙකු යයි මොහුව මා හඳුන්වා දී ඇත්තෙමි”.

“මෙම තර්කය ඉදිරිපත් කිරීමට පෙර ඔහු බොරු කියන්නෙකු වශයෙන් සැක පහළ කර ඇත්තේදැ?”යි ඔබගෙන් විමසූ විට එයට ඔබ නැතැයි පිළිතුරු දුන්නෙහිය. “ජනතාව වෙත බොරු කීමට හැකියාවක් නැති කෙනෙකු හිමි කෙරෙහි බොරු කීමට ඉදිරිපත් නොවනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි”.

“ජනතාවගෙන් උසස් අය ඔහුව අනුගමනය කරන්නේද? නැතහොත් සාමාන්‍ය අය අනුගමනය කරන්නේදැ?”යි විමසුවෙමි. සාමාන්‍ය ජනතාවම ඔහුව අනුගමනය කරන්නේය යයි කීවෙහිය. “එවැනි අයමය දේව දුතයන්ව (අල්ලාහ්ගේ රසූල්වරුන්ව ආරම්භයේදී) අනුගමනය කරන්නන් වශයෙන් සිටින්නේ”.

“ඔහුව අනුගමනය කරන්නන් වැඩි වෙමින් පවතින්නේද? නැතහොත් අඩුවෙමින් පවතින්නේදැ?”යි ඔබගෙන් විමසුවෙමි. ඔවුන් වැඩි වෙමින් පවතින්නේය යයි ඔබ පිළිතුරු දුන්නෙහිය. “අල්ලාහ් ගැන ඇති විශ්වාසය සම්පූර්ණ වනතුරු එසේ (වැඩෙමින්ම) පවතිනු ඇත”.

“ඔහුගේ ධර්මය තුළට ඇතුළු වූ පසු කවුරුන් හෝ එම ධර්මය කෙරෙහි සෑහීමට පත් නොවී ධර්මය වෙනස් කර ඇත්තේදැ?”යි ඔබගෙන් විමසුවෙමි. එයට ඔබ නැතැයි පිළිතුරු දුන්නෙහිය. “එසේය සිත් තුළට ඇතුළු වූ අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසයෙහි සළකුණ (ස්ථීර වන්නේ)”.

“ඔහු (කවදා හෝ) පොරොන්දු කඩ කර ඇත්තේදැ?”යි ඔබගෙන් විමසූ විට නැතැයි කීවෙහිය. “(අල්ලාහ්ගේ) රසූල්වරුන් එසේ පොරොන්දු කඩ කරන්නේ නැත”. “ඔහු ඔබට කුමක් නියෝග කරන්නේදැ?”යි ඔබගෙන් විමසුවෙමි. “අල්ලාහ්වම ඇදහිය යුතු යයිද ඔහුට කිසිවක් සමානයන් නොකළ යුතු යයිද ඔහු ඔබට නියෝග කරන බවත් පිළිම වන්දනාවෙන් ඔබව වැළැක්වූ බවත් සලාතය, සත්‍යය, නිර්මලත්වය ආදී දැය ඔබට ඔහු නියෝග කළේය” යයි ඔබ කීවෙහිය. “ඔබ කී සියල්ල සත්‍යය නම් (යම් කාලයකදී) මගේ දෙපයට යටින් ඇති මෙම ස්ථානයද ඔහු පාලනය කරනු ඇත. (මෙවැනි) රසූල්වරයෙකු (ඉතා ඉක්මනින්) පහළ වන්නේය යයි මා කලින්ම දැන සිටියෙමි. නමුත් ඔහු (අරාබිවරුන් වන) ඔබගෙන් පහළ වනු ඇතැයි මා අදහස් කළේ නැත. ඔහුව ගොස් හමු වන මාර්ගය මා දැනුවත්ව සිටියේ නම් කොතරම් දුෂ්කරකම් විඳ දරාගෙන හෝ ඔහුව මුණගැසී ඇත්තෙමි. (මේ අවස්ථාවේදී) මා ඔහු සමීපයෙහි සිටියේ නම් ඔහුගේ පාදයන් සෝදා හරින්නෙමි”.

බස්රාහි ආණ්ඩුකාර තුමා මගින් හිර්ක්ලස් රජතුමාට බාර දීමට තිහ්යා අත නබි (සල්) තුමාණන් එවා තිබූ ලිපිය තමන්ට දෙන ලෙසට රජතුමා අණ කළේය. ආණ්ඩුකාර තුමා එය රජතුමා වෙත බාර දුන්නේය. රජතුමා එය කියවා බලා එම ලිපියෙහි ඇති:

“අසීමත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ්ගේ නාමයෙන්”

“අල්ලාහ්ගේ වහලෙකු හා ඔහුගේ රසූල් වූ මුහම්මද් නැමැත්තා රෝමයේ චක්‍රවර්තී හිර්ක්ලස්ට ලියා දන්වන වග නම්, යහ මග අනුගමනය කරන්නන් කෙරෙහි ශාන්තිය අත් වේවා! යහපත් ජීවන සැලැස්ම වන ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නා ලෙස ඔබට මා ආරාධනා කරන්නෙමි! ඔබ ඉස්ලාම් ධර්මය බාර ගනු මැනව! ඔබ (එමගින්) සුරක්ෂිත වන්නෙහුය! අල්ලාහ් ඔබට ප්‍රතිඵල දෙගුණයක් වශයෙන් දෙනු ඇත. (මෙම ආරාධනය) ඔබ ප්‍රතික්ෂේප කළහොත් (ඔබගේ) මහ ජනතාවගේ පව්ද ඔබ මතට වැටෙනු ඇත. ධර්මය හිමි අයවළුනි! අපි අල්ලාහ් හැර (වෙන කිසිවෙකු) ඇදහිය යුතු නැත. ඔහුට කිසිවක් සමානයන් වශයෙන් තැබිය යුතු නැත. අල්ලාහ් දෙවියන් වහන්සේ අත් හැර අපගෙන් සමහරෙක්ව ස්වාමිවරුන් වශයෙන් ගත යුතු නැතැයි යන අපටද ඔබටද පොදු වූ එක් ප්‍රතිපත්තියක් කරා පැමිණෙනු. (මෙම ප්‍රතිපත්තිය) ඔබ (බාර නොගෙන) ප්‍රතික්ෂේප කළහොත් නියත වශයෙන්ම අපි (එම එකම දෙවියන් වන අල්ලාහ්ට යටත් පහත් වූ) මුස්ලීම්වරුන් යයි ඔබ සාක්ෂියක් බවට පත් වනු” යයි සඳහන්ව තිබුණි.

රජතුමා තමන් කිව යුතුව තිබූ සියල්ල දේශනයක් මගින් කියා නිම කර නබි (සල්) තුමාණන් එවූ ලිපිය කියවා නිම කළ වහාම එහි කෑකෝ ගැසීමද කළබලයක්ද උස් හඬින් කතා කිරීමද වැනි මහත් කලබැගෑනියක් රාජ සභාවේ ඇති විය. අපිවද එතැනින් පිටමං කරනු ලැබුවෙමු. එවිට මා සමග පැමිණි අය වෙත “රෝමවරුන්ගේ රජ ඔහුව දැක බිය වීමට තරම් මුහම්මද් තුමාණන්ගේ කාය්‍ය_ය කෙතරම් වැදගත් වූයේදයත්, මෙවිට සෑම දැයක්ම අභිබවා එය ඉස්මතු වී ඇතැ”යි කීවෙමි. (එතැන් සිට) එතුමාණන් ජයග්‍රහණය කරන්නේය යයි මගේ විශ්වාසය ස්ථීර වන්නට විය. අවසානයේදී අල්ලාහ් මා වෙතද ඉස්ලාම් ධර්මය ඇතුළු කරන ලදී”.

(අපිව රජතුමා කැඳවනු ලැබූ කාරණාව ගැන) සිරියාවෙහි සිටි ක්‍රිස්තියානුවන්ගේ ප්‍රධාන පූජක තුමාද රෝමයේ රජ හිර්ක්ලස්ගේ හිතවත් යහළුවෙකුද අල්-අක්සා නමැති නැමදුම්පළේ පාලකයාද වන ඉබ්නු නාත්තූර් නමැත්තා මෙසේ පැවසීය.

දිනක් රජතුමා අල්-අක්සා නැමදුම්පළට චාරිකා කළ අවස්ථාවේදී ශෝකාන්විත මුහුණකින් යුතුව එතුමා දිස් විය. එවිට ඔහුගේ රාජසභාවේ ප්‍රධානීන්ගෙන් සමහරෙක් රජතුමාට එතුමාගේ මෙම දුක්මුසු ස්වභාවය “ අපට කණගාටුව ගෙන දෙන්නේය” යයි කීවෝය.

හිර්ක්ලස් රජතුමා අහස්හි ඇති ග්‍රහයන් ගැන සෝදිසි කර ජ්‍යෝතිෂ ශාස්ත්‍ර කීමේ නිපුනත්වයක් ඇත්තෙකු විය. රජතුමාගේ මෙම දුක්මුසු ස්වභාවයට හේතුව විමසූ අය වෙත එතුමා “අද දින මා ග්‍රහ මණ්ඩලය ගවේෂණය කරමින් සිටි අවස්ථාවේදී චර්ම ඡේදනය (සුන්නත්) කිරීම පිළිපදින ලද අයගේ රජ පහළ වී ඇති බව මට දැන ගන්නට ලැබුණි” යයි කියා “ මෙකල සිටින ජනතාවගෙන් චර්ම ඡේදනය කිරීමට පුරුදුව සිටින්නේ කවරෙහුදැ?”යි විමසුවේය. එයට “යුදෙව්වන් හැර වෙන කිසිවෙකුත් චර්ම ඡේදනය කරන්නේ නැත. ඔවුන් ගැන ඔබතුමා කණගාටු නොවනු මැනව! ඔබගේ රාජධානියට යටත්ව ඇති නගරයන් සියල්ලට සංදේශයක් යවා යුදෙව්වන් සියල්ල ඝාතනය කර දමන ලෙසට අණ කරනු මැනව!”යි කීවෝය. මෙසේ ඔවුන් සාකච්ඡා කරමින් සිටින විටම නබි (සල්) තුමාණන් ගැන ප්‍රවෘත්තියක් ගෙන එනු ලැබූ මිනිසෙකු ගස්සාන් නමැති ගෝත්‍රිකයන්ගේ රජු හිර්ක්ලස් රජතුමාට යවා තිබුණි. එම මිනිසා රජතුමා ඉදිරියට කැඳවනු ලැබ ඔහු ගෙන ආ සංදේශය බාර ගත් හිර්ක්ලස් රජතුමා “මොහුව කැඳවාගෙන ගොස් මොහු චර්ම ඡේදනය කර ඇත්තේද? නැතහොත් නැත්දැ?”යි පරීක්ෂා කර බලන ලෙසට අණ කරන ලදී. ඔහුව කැඳවාගෙන ගොස් පරීක්ෂා කරන ලද අය ඔහු චර්ම ඡේදනය කර ඇතැයි කීවේය. රජතුමා ඔහුගෙන් අරාබිවරුන්ගේ පුරුද්ද ගැන විමසූ අවස්ථාවේදී “ඔවුන්ද චර්ම ඡේදනය කිරීමේ පුරුද්දක් ඇති බව” ඔහු කියා සිටියේය. එවෙලේම හිර්ක්ලස් “ඔහුය මුහම්මද් නබි (සල්) තුමාණන් වන අතර මෙකල සිටින රජතුමාද වන්නේය. එතුමා පහළ වූවේය” යයි කිවේය. ඉන්පසු රෝමයේ සිටි තමන්ට සමාන වන සේ අධ්‍යාපන දැනුම හා ඥානයෙන් පිරි තමන්ගේ මිතුරෙකුට ලිපියක් ලියා (සිරියාවේ පිහිටි) හිම්ස් නමැති නගරයට යවා හිර්ක්ලස් රජතුමා පිටත්ව ගියේය. ඔහු හිම්ස් නගරයට ළඟා වන අතරතුර පිළිතුරු ලිපිය ලැබුණි. එම ලිපියෙහි හිර්ක්ලස්ගේ අදහසට අනුවම හිමිගේ රසූල් පහළ වීම ගැනද එම දේව දුතයා මොහු බවද ලියනු ලැබ තිබුණි.

(ඉන්පසුව රජතුමා අපිව රාජ සභාවට කැඳවනු ලැබ අපිව මුණ ගැසුනායින් පසු මෙසේ සිදු විය). රජතුමා හිම්ස් නගරයේ තිබූ තමන්ගේ බල-කොටුවකට රෝමයේ සිටි ප්‍රධානීන් සියල්ලට පැමිණෙන ලෙසට අණ කළේය. (ඔවුන් එතැනට ළඟා වූ වහාම) එම බල-කොටුවේ සියලූ ෙදාරටු වසා දමන ලෙස අණ කරන ලදී. බල-කොටුවේ ෙදාරටු සියල්ල වසා දමන ලදී.

ඉන්පසු රජතුමා මෙම ප්‍රධානීන් ඉදිරියට විත් “රෝම වැසියෙනි! ඔබ සියල්ල ජයග්‍රහණය හා යහ මග අත් කර ගත යුතු යයිද ඔබගේ රාජධානිය ස්ථීර වී දීර්ඝ කාලයක් වැජඹිය යුතු යයිද ඔබ කැමැත්තක් දක්වන්නේ නම් මෙම අල්ලාහ්ගේ රසූල්ව බාර ගනු” යයි කීවේය. (මෙය ඇසූ සැණින්) කැලෑ බූරුවන් (ගාල කඩාගෙන) දුවන්නා සේ බල-කොටුවේ ෙදාරටු දෙසට දිව්වෝය. ෙදාරටුව අසලට පැමිණි පසු එම ෙදාරටු අගුල් දමා ඇතැයි දුටුවෝය. ඔවුන්ගේ දිවීමද නබි (සල්) තුමාණන් කෙරෙහි විශ්වාස නොකරනු ඇතැයි දුටු රජතුමා ඔවුන්ව මා වෙත ආපසු යවන ලෙසට මුර සෙබළුන් වෙත අණ කරන ලදී. (ඔවුන් ආපසු පැමිණි විට) “ඔබ කෙතරම් දුරට ඔබගේ ධර්මයෙහි ස්ථීර වී ඇත්තේදැ?”යි පරීක්ෂා කිරීමටම මා මොහොතකට කළින් කී අදහස ඉදිරිපත් කළෙමි. (දැන් ඔබගේ ස්ථීරභාවය) කිසිම සැකයක් නොමැතිව දැන ගත්තෙමි” යයි ඔහු පැවසූ විගස සියල්ලන්ම බිම වැටී නමස්කාර කළහ. ඔහු ගැන සෑහීමටද පත් වූහ. හිර්ක්ලස් ගැන ලැබුණු අවසාන පුවතද මෙය වන්නේය.
(බුහාරි )
http://www.sinhalenhadees.com/

Our online Classes 📖🖇 join now
03/08/2023

Our online Classes 📖🖇 join now

sunnath duwas ❤️ follow for mor duwas
17/07/2023

sunnath duwas ❤️ follow for mor duwas

Share ❤️
04/07/2023

Share ❤️

Address

357/A/11/E
Galle
8000

Website

Alerts

Be the first to know and let us send you an email when සිංහල මාධ්යය a to Z ඉස්ලාම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share