Mihinduwo 07

Mihinduwo 07 Mahinda college old boys association 2007

"මචං ක්‍රෙස්ට් එකේ වැඩේ බාරගත්තා" සෙනසුරාදා උදේ ඉස්කෝලේ තියෙනවා කියපු කමිටි මීටින් එකට යන්න බැරි වෙන්න සිකුරාදා හවස් වෙද...
24/03/2023

"මචං ක්‍රෙස්ට් එකේ වැඩේ බාරගත්තා"

සෙනසුරාදා උදේ ඉස්කෝලේ තියෙනවා කියපු කමිටි මීටින් එකට යන්න බැරි වෙන්න සිකුරාදා හවස් වෙද්දී කලුතරදී කාර් එකේ රේඩියේටර් ෆෑන් එක පිච්චිලා ගියපු නිසා මීටිමට තනියම ගිහින් ආපු හේවගේ මට ඔය කතාව කිව්වේ ෆෝන් එකෙන්. සෙනසුරාදා දවල් වෙද්දී ඉස්කෝලේ පේන මානෙම තියෙන චීනලගේ ගෙදරට පොඩ්ඩක් එහායින් පොඩි කදු ගැටේක වගේ තියෙන ලෑලී කඩේක එලියේ පුටුවකට බර වෙලා දුම් දාන නෙස්ටමෝල්ට් කෝප්පයක් එක්ක මුහු උන ඩන්හිල් එකක දුමාරය හුස්මකුත් එක්ක හෙමින් ඉහලට අදින ගමන් ඌයි මායි මේ වැඩේ ගැන මුලින්ම දොඩමලු උනා.

"මචං මෙන්ඩා එන්නම් කිව්වා නිවාඩු දාලා ඌ වැඩේ කරලා දෙයි. අපිට තියෙන්නේ බඩු ටික අරන් දෙන්න විතරයි."

හේවගේ කියන විදියට මේ වැඩේ මහ ලොකු බක්කක් නෙවෙයි කියල මටත් හිතුනා. ඉස්කෝලේ යන කාලේ දෙවනි ගේට්ටුව ගාව සයන්ස් සෙක්ශන් එකේ තිබුන ලැබ් එකේ එලියේ බිත්තියේ පලංචියකට නැගගෙන තින්ත නාගෙන ලංකාවේ සිතියම ඇදපු ආර්ට් කරපු මෙන්ඩව මට එක පාරට මතක් උනා. රත්ගම බාසාවෙන් ඇදලා පැදලා කතා කරන ගමන් නිතරම හිනාවුන මෙන්ඩා කියන්නේ කලාවෙන් පරතෙරටම ගියපු සම්පතක්.වැඩේ කරලා ඉවර කරන්න තිබුනේ සතියකටත් අඩු කාලයක් උනත් මෙන්ඩා මේ වැඩේට අතගැහුවා කියන්නේ ආයේ සැකයක් සංකාවක් තියාගන්න ඕන නෑ කියන විශ්වාසේ මටත් හේවගේටත් තිබුනා.

එතනින් විසිරිලා ගියපු මමත් හේවගේත් ආයේ අගහරුවාදා මුනගැහුනේ වැඩේට උවමනා කරන බඩු ටික ගන්න. අගල් බාගේ රිජි ෆෝම් බෝඩ් පහක් අරගෙන ඒ ටික බානුලගේ ගෙදරින් දාලා අපි එන්න ආවේ මෙන්ඩා හවස ඇවිල්ලා ක්‍රෙස්ට් එක කපලා තියනවා කියපු පොරොන්දුව මත. කියපු විදියටම බදාදා උදේ අපි භානුලගේ ගෙදරට එද්දී මෙන්ඩා ක්‍රෙස්ට් එක කපලා ඉවර කරලා තිබුනා. දැන් තියෙන්නේ පේන්ට් කරන්න. බැනර් පේන්ට් ගන්න මමත් මෙන්ඩත් එලියට බැහැලා එනකොට දේනුකත් හේවගේත් බාහ්නුලගේ ගෙදරට ඇවිල්ලයි හිටියේ.

හිතපු නැති විදියේ පලවෙනි ප්‍රශ්නේ එන්න ගත්තේ තීන්ත හොයන්න ගත්තමයි. කහ පාට තීන්ත ගන්න තිබුනත් බිග් මැච් එක නිසාමද කොහේද කලු පාට බැනර් තීන්ත හොයාගන්න මටත් මෙන්ඩටත් ගාල්ලේ අස්සක් මුල්ලක් නෑර පීරන්න සිද්ද උනා. අවසානේ තීන්ත හොයාගෙන එද්දී එදා දවසෙන් බාගෙකට වඩා ඉවර වෙලා තිබුනා. සීරුවට කපපු ක්‍රෙස්ට් එකේ කලුපාටින් පාට වෙන්න ඕන තැන් කහ පාට තීර්වට උඩින් කලුපාට යන්න ඕන තැන් මෙන්ඩා පිලිවෙලට ලකුනු කරා. ඊට පස්සේ පලවෙනි ලේයර් එක මෙන්ඩත් මමත් දේනුකත් එකතු වෙලා ගාලා වේලෙන්න තියන අතරේ හිතපු නැති විදියේ දෙවනි ප්‍රශ්නේ අපේ වැඩේට ඇවිල්ලා තිබුනා.

"මචං..මට හදිස්සියේ මැදිරිගිරියේ යන්න වෙනවා....දෙරනේ වැඩක් ..අවුරුදු උත්සවේට ලොකේශන් බලන්න.... "

මෙන්ඩා එහෙම කිව්වේ එකපාරටම ආපු කෝල් එකකට ආන්සර් කරාට පස්සේයි. ක්‍රෙස්ට් එක කපල පේන්ට් කරලත් ඉවර නිසා වැඩෙන් බාගයක් විතර ඉවරයි කියන අදහස තිබුන නිසාත් මෙන්ඩා නැති එක ලොකු ප්‍රශ්නයක් වෙන එකන් නෑ කියලා අපිට ඒ වෙලාවේ හිතුනා. එදා දවස ඇතුලත පේන්ට් එක දෙවනි තුන් වෙනි කෝට් එහෙම ගාලා ඉවර කරලා වේලෙන්නත් තියලා අපි භානුලාගේ ගෙදරින් වෙන් වෙලා විසිරිලා එන්න ආවා.

බදාදා කියන්නේ හිතපු නැති ප්‍රශ්න උච්චතම අවස්තාවන් ආරම්බ කරපු දවස. උදේම භානුලගේ ගෙදර ආව මමත් හේවගේත් නිකමට වගේ ක්‍රෙස්ට් එකේ කපලා තිබුනා කෑලි එකට එකතු කරලා බැජ් එක හදලා බැලුවා. හිතපු නැති ප්‍රශ්න තුන සහ හතර එක පාරම අපේ ඇස් ඉස්සරහට ආවේ ක්‍රෙස්ට් එක එකතු කරලා ඒ දිහා බැලුවහමයි. ක්‍රෙස්ට් එක පේන්ට් කරද්දී එක තැනක කහ පාට තීරුව හරහා යන කලුපාට තීරුවක් වැරදිලා මාරු කරලා තින්ත ගාලා තිබුනා. ඊලග ප්‍රශ්නය තමයි එකතු කරලා බලද්දී වටේ රවුමේ කෙලවරවල් වලින් ඉවර වෙලා රවුම ඇතුලේ තියෙන්න ඕන තරුවේ ත්‍රිකෝන වල කෙලවරවල් රවුම හරහා ඇතුලට ගිහින් තිබුනා. මේ ප්‍රශ්න දෙකෙන් පලවෙනි ප්‍රශ්නේ මටත් හේවගේටත් විසදගන්න පුලුවන් උනත් ත්‍රිකෝන වල ප්‍රශ්නේ අපේ සීමාවෙන් එහා තිබුනා නිසා අපි මෙන්ඩාව අමතන්න තීරනය කරා. කොච්චර ලොකු වැඩ රාජකාරි වල හිටියත් මෙන්ඩා ගත්සැනින් කෝල් එක ආන්සර් කරා.

"මචා...ං ත්‍රිකෝන දෙකේ එලියේ කෙලවරෙන් අගලක මාජින් එකට කපපං..එතකොට තෘව ගානට ඇතුලට සෙට් වෙනවා... මොනව හරි උනොත් ක්ශනික කෝල් එකක් ගහපන්"

මෙන්ඩගේ උත්තරේ උනේ ඒක. පොඩි කාලේ ඉදලා අදින කරන කපන කොටන කලාවට අදාල වැඩ වලට තිබුන ආසාවත් අවිදිමත් හැකියාවත් හින්දා මෙන්ඩා කිව්ව වැඩේ ඒ විදියටම භානුලගේ ගෙදර එලියේ පේමන්ට් එකේ මාගේ අතින් ක්‍රියාවට නැංවුනා. තරුව පොඩි වෙනකොට කලින් පාට කරපු තැන් වල අලයින්මන්ට් වෙනස් වෙන නිසා ඒවායේ කලුපාට තැන් කහ පාටිනුත් කහ පාට තැන් කලු පාටිනුත් ආයේම අපිට පාට කරන්න සිද්ද උනා. ඒ වැඩ ඔක්කොම ඉවර කරලා ආයේ තීන්ත ගාලා ඉවර වෙද්දී එදා රෑ හත විතර වෙලා තිබුනා. හවස් වෙද්දී දේනුකත් ජේටීත් බාහුලගේ ගෙදරට ඇවිත් හිටියා. සාද කතා ඉවරවෙලා එදා දවසේ පිටවෙලා යද්දී රෑ දහය එකොලහ වෙලා තිබුනා.

බ්‍රහස්පතින්දා කියන්නේ අපේ වැඩේට තියෙන අවසාන දවස. රෑ දහය වෙද්දී වත් ක්‍රෙස්ට් එක හදලා ඉවර වෙලා ඕබී එකේ ටෙන්ට් එකේ එල්ලන්න පුලුවන් වෙන විදියට පිට්ටනියට ගෙනිහින් දෙන්න ඕන. සුපුරුදු විදියට උදේ අට හමාර වගේ වෙද්දී මමත් හේවගේත් ගාල්ල ටවුමට සෙට් වුනේ ක්‍රෙස්ට් එකට පිටිපස්සෙන් හයි කරන්න ඕන බෝර්ඩ් එක හොයන්න යන්න. මෙන්ඩගේ එක්ස්පර්ට් ඔපීනියන් එක උනේම ෆ්ලයිවුඩ් එකක් ගන්න කියන එක. නොහිතපු ප්‍රශ්න පහ උනේත් ඒක. ක්‍රෙස්ට් එක අඩි හයේ හයේ සයිස් එකට හදලා තිබුනට ෆ්ලයිවුඩ් බෝඩ් තියෙන්නේ අටේ හතරේ සයිස් එකට විතරයි. ඒ කියන්නේ බොඩ් එක හමාරක් අරගෙන හයේ හය සයිස් එකට මූට්ටු කරන්නත් බෝඩ් එකේ එක පැත්තක් සුදු පාටින් පේන්ට් කරන්නත් ඕන. මේ දෙකෙන් බෝඩ් එක හයියෙන් හමන හුලගකට ඔරොත්තු දෙන්න පුලුවන් විදියට ජොයින්ට් කරන්න ඕන දැනුම මටවත් හේවගේටවත් නැති නිසාත් බෝඩ් එකක් පේන්ට් කරන්න තරම් වෙලාවකුත් නෑ කියලා හිතුන නිසාත් අපි වෙන ඔප්ශන් එකකට යන්න තීර්නය කරා.

ෆල්‍යුවුඩ් ශීට් කඩවල් ගානේ දවසෙන් බාගයක් විතර රස්තියාදු වෙලා අපේ අවසාන තෝරාගැනීම උනේ සුදු පාට පොලිකාබනේට් ශීට් එකක්. සාම්පල් එක පෙන්නද්දී හයියට තිබුනත් ගිහින් බලල්ද්දී ඒ ශීට් එක දොදොල් පට්ටයක් වගේ හෙලවෙනවා වැනෙනව කියල තේරුනත්. අපි ඒ ශීට් එකෙන් අඩි හතේ හයේ කෑල්ලක් අරගත්තා. කාර් එකේ දාගෙන ආව ක්‍රෙස්ට් එකේ කෑලි ටික බෝඩ් එක උඩ තියලා කඩේ අයටම කියලා රවුමට කපාගෙන ඒකත් රෝල් කරලා කාර් එකේම දාගත්තා. ඊට පස්සේ උවමනා කරන ගම් බෝතල් රීප්ප පටි මේ සේරමත් අරගෙන ඒවත් කාර් එකේම දාගෙන භානුලාගේ ගෙදරට එද්දී හවස තුන විතරවෙලා තිබුනා.

දැන් දැන් හේවගේටත් මටත් මේ වැඩේ ස්ට්‍රෙස් එක ටිකක් වැඩියෙන් දැනෙමිනුයි තිබුනේ. පොලිකාබනේට් බෝඩ් එක කඩෙන් අරන් එද්දි තිබුන උභතෝකෝටික අවිස්වාස සහගත බව තව තවත් වැඩිවෙන්න ගත්තේ බෝඩ් එක භානුලගේ ගෙදර එලියේ පේමන්ට් එකේ දිග ඇරියමයි. කොහිමටවත් කෙලින් තියන්න බැරි ගානට බෝඩ් එක වැනෙනවා සහ කඩේ ලොකු ශීට් එකක් විදියට රෝල් කරලා තියපු පැත්තට කොහොච්චර නවත්තන්න හැදුවත් බෝඩ් එක නැමෙනවා. ක්‍රෙස්ට් එකේ පේන්ට් එකේ අවසාන ටචප් ටික මම දාන අතරේ හේවගේ ගෙනාපු රීප්ප පටි වලින් පට්ටමක් හදන්න ගත්තේ ගෙනාපු බෝර්ඩ් එක කොහොම හරි රදවන්න හිතාගෙන. බෝඩ් එක හදපු පට්ටමට හයි කරන්න සූදානම් වෙද්දී දේනුක කෑමත් අරන් භානුලගේ ගෙදරට ඇවිත් හිටියා. හිතපු නැති ප්‍රශ්න එක පිට එක එන්න ගත්තේ බෝර්ඩ් එක පට්ටමට හයි කරහමයි. පට්ටමට තියාලා ඇන් ගැහුවට පස්සෙත් පට්ටම් නැති තැන් වලින් බෝර්ට් එක ඉස්සරහට වකයක් ගැහෙන ගත්තා. ඒ වකය නතර කරන්න දේනුක දුන්න ඉන්ජිනේරු අදහස තමයි ඇනයකින් කබෝර්ඩ් එක විදලා කම්බියක් දාලා අදින එක. ඒ වැඩ ඔක්කොම ඉවර කරලා දෙක වසරේ ලමයෙක්ගේ අත්වැඩක් වගේ එහෙන් මෙහෙන් ලී කෑලි ගහපු පට්ටමට බෝර්ඩ් එක පිලිවෙලකට හයි කරගනිද්දී රෑ හය හමාර වගේ වෙලා තිබුනා.

ගතවෙලා ගියපු වෙලාවත් එක්ක එක පැත්තකින් හිතට සැනසීමක් උනේ දැන් ක්‍රෙස්ට් එක බෝර්ඩ් එකට අලවන්න විතරයි තියෙන්නේ කියලා හිතුන නිසා. අනිත් පැත්තේන් පපුව හීතල වෙලා යන බයක් දැනුනේ ඔක්කෝටම තියෙන්නේ තව පැය කීයද කියලා මතක් උනහමයි. බෝර්ඩ් එක භානුලගේ ගෙදර සාලේ බිම දාලා ඩබල් ගම් ටේප් වලින් ක්‍රෙස්ට් එක බෝර්ඩ් එකේ අලවන වැඩේ මමත් දේනුකත් පටන් ගත්තා. වටේ රවුම අලවලා ඉවර වෙද්දී මේ වැඩේ අපි මූන දුන්න බරපතලම නොහිතපු ප්‍රශ්නේ අපිට මතු උනා. ඒ තමයි බෝර්ඩ් එකේ ඩබල් ගම් වඔඉන් අලවන ක්‍රෙස්ට් එක නිකන්ම වගේ අතට ගැලවිලා එන්න ගනිපු එක. ඩ්බල් ගම් එක බෝර්ඩ් එකට තදට් ඇලුනත් රිජි ෆෝම් එකට ඇලුනේ නැති නිසා අතින් ඇල්ලුවත් ක්‍රෙස්ට් එක ගැලවිලා අතට ආවා.

රෑ හත හමාර අට වෙන්නත් කිට්ටු වෙලාවක භාර ගනිපු ලොකු වගකීමක අවසාන අවදියේදී විසදුමක් හොයාගන්න බැරුව හොදටම ස්ට්‍රෙස් වෙලා ඉන්න අතරේ දෙයියෝ වඩිනවා වගේ බයික් එකක නැගලා භානුලගේ ගෙදරට සිසිර කුමාර ආවේ මේ වෙලාවෙයි. මෙන්ඩ එක්ක වැඩ කරලා ලොකු අත්දැකීම් තියෙන වඩු කාර්මික පරම්පරාවක ආභාශය තියෙන සිසිර අපේ අසරන විමට විසදුම් හොයන්න ආපු ගමන්ම මැදිහත් උනා. පලවෙනි කෝල් එක මෙන්ඩට, අපරාදේ කියන්න බෑ මොන වැඩක හිටියත් ඌ ආන්සර් කරා.

"මචං...මේක දැන් බෝර්ඩ් එක ඇලෙන්නේ නෑ...මල මගුලක් වෙලා තියෙන්නේ. තව පැයකි දෙකකින් මේක දෙන්නත් ඕන ... වැඩේ කෙරෙන විදියක් කියපන්...."
උන් දෙන්නා මොන මොනවදො කතා උනා. පස්සේ සිසිරගෙත් දේනුකගෙත් අවසාන තීර්නය උනේ ක්‍රෙස්ට් එක බෝර්ඩ් එකට තියලා ඇන ගහන එක. බෝර්ඩ් එකට හොදටම ඇන අල්ලලා තියෙන නිසාත් වෙන ඔප්ශන් එකක් නැති නිසාත් පොලි කාබනේට් බෝර්ඩ් එකෙන්ම පොඩ් පොඩි කෑලි කපලා ඒක රිජි ෆෝම්බෝඩ් එකට හිටින විදියට ඇන ගහන්න තීරනය උනා. රජිත කිත්මත් සිසිරත් දේනුකත් ඒ වැඩේ ඉක්මනට පිලිවෙලට කරලා ඉවර කරද්දී ඇන ගහපු තැන් වලට උඩින් තීන්ත් ගාන වැඩේ මමම කරලා ඉවර කරා. මේ වැඩ ටික මෙහෙම යන අතරේ සිසිර සංජීවත්, ගයිරු සමරසිංහත්, ගිහාන් සජයත්, සපෝර්ට් එකට භානුලගේ ගෙදරට ඇවිත් හිටියා. ඒ පැමිනීම අපේ හිත් වල තිබ්බ අවිශ්වාසය ස්ට්‍රෙස් එක වගේම වැඩේ කරගන්න බැරිවෙයි කියලා තිබුන සැකය නැත්තටම නැති කරලා දැම්මා.

රජිත කිත්ම හදපු පරිප්පුවකුයි පොල් සම්බෝලෙකුයි එක්ක පානුත් කාලා ඉවර වෙද්දී ක්‍රෙස්ට් එක හරිම ලස්සනට පිලිවෙලට භානුල්ගේ ගෙදර සාලේ හැදිලා ඉවර වෙලා තිබුනා. ලක්ශිත ලහිරුගේ ඩිමෝ බට්ටා ක්‍රෙස්ට් එක ගෙනියන්න ඇවිත් තිබුන නිසා මමත් ගයිරුත් ක්‍රෙස්ට් එක අල්ලගෙන ලොරියේ පිටිස්සට වෙලා එන්න ඇවිත් පිට්ටනිය ලගින් බහිද්දී රෑ එකොලහ හමාර පහුවෙලා තිබුනා. හේවගේත් දේනුකත් ගයිරුත් මමත් ක්‍රෙස්ට් එක අරන් ගිහින් ඕබී එකේ වගකිවයුතු මල්ලිලාට ක්‍රෙස්ට් එක බාර දීලා ඉවර වෙද්දී සැලකියයුතු මට්ටමකට කායිකවත් මානසිකවත් අපි හැමෝම වගේ වෙහෙසිලා හෙම්බත් වෙලා තිබුනත් හිතට දැනුනේ මහ පුදුමාකර සැනසීමක් වගේම සතුටක්. ඒ විදියට දවස් තුනක් වගේ කෙටි කාලයක් ඇතුලත අනේක විද නොහිතූ ප්‍රශ්න ගොඩක් මැද්දේ නිර්මානය වුන මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටනේ ඕ බී ටෙන්ට් එකේ ක්‍රෙස්ට් එක නිර්මානයේ ගමන අවසාන උනා.

මේ වැඩේදී ස්තූතී කරන්න ඕන විශේශ පිරිසක් ඉන්නවා. එතනින් පලවෙනිම තැන ගන්නේ දවස් ගානක් තිස්සේ වචනයක් වත් නොකියා හරිම ආදරෙන් අපේ වැඩේ කරගන්න ඉඩ දුන්න Bhanu Lakmal අම්මයි තාත්තයි. කන්න බොන්න දීලා තේ හදලා දීලා තමන්ගේ දරුවන්ට වගේ කරපු ඒ සැලකිල්ලට අනේකවාරයක් ස්තූති කල යුතුමයි. ඒ හැම දේම එක්ක මට මතක් උනේ ඉස්කෝලේ යන කාලේ ස්පෝර්ට් මීට් දවසට එහෙම භානුලගේ ගෙදරින්, ලිදෙන් වතුර බීපු හැටි. ඒ ලෙංගතුකම් අදත් එහෙමමයි. ඊලගට හුඩ්ඩාස් ප්ලේස් මෙන්ඩා මේ වැඩේ මුල් අඩිතාලම දාලා නොදෙන්න අවසානය මීට වඩා වෙනස් වෙන්න තිබුනා. ලොකු වැඩ අස්සේ කාර්‍යබහුල වෙලා ඉදිද්දිත් කතා කරන හැම වෙලාවකම ෆෝන් එක ආන්සර් කරලා දුන්න ඔපීනියන් වලට මෙන්ඩට බොක්කෙන්ම රෙස්පෙක්ට් වගේම රස්සාවේ කාරබහුලත්වය අතරේ අවසාන මොහොතේ හරි ඇවිල්ලා කඩියෙක් වගේ එහෙට මෙහෙට පැනලා අපි හැමෝම හිරවෙලා ඉදපු වෙලාවක වැඩේ අන්‍තිම ටික ගොඩ දාලා දුන්න සිසිරට හදවතින්ම ස්තූතී . ඊලගට වැඩේ බාර අරගෙන මුල ඉදලම වැඩේ එක්ක ඉදපු Tharaka Hewage ත් පුලුවන් හැම වෙලාවෙම වැඩේට බැහැලා ඉදපු Denuka Pathirana ඒ සහෝදරත්වයට ස්තූතී කල යුතුමයි. අවසානයට ට්‍රාන්ස්පෝර්ට් එකෙන් සපෝර්ට් එක දුන්න ලක්ශිතටත් වචනයකින් හරි සපෝර්ට් එකක් වෙන්න මෝටිවේශන් එකක් වෙන්න ආව ගිය කතා කල සහයෝගය දුන්න San Jeewa Gairu ගිහාන් සංජය ඇතුලු සියලුම සහෝදර්වරුන්ටත් ඒ සහුර්දත්වයටත් හදවතින්ම ස්තූතී. මේ වැඩේ පුරාවට මමත් හේවගේත් අපි නොහිතන ප්‍රශ්න එන හැම වෙලාවකම හිතපු දේ තමයි මොන ප්‍රශ්නේ ආවත් අපිට මේ වැඩේ අවසාන මොහොතේ හරි කොහොම හරි කරගන්න පුලුවන් වෙයි කියන එක. ඒ විශ්වාසය ගොඩ නැගුනේ අපි අත්දැකීමෙන් දන්න අපි එක්ක ඉන්න සියලුම සහෝදරයන්ගේ සහෝදරත්වය නිසා. මීට කලින් සිදු වුන අනපේක්ශිත සිදිවීම් වලදී භාරගනිපු වගකීම් වලදී ඒ වගකීම් ඉශ්ට කරන්න දක්වපු සහයොගී බවේ සහෝදරත්වයේ ප්‍රායෝගික බව අත්විදපු නිසා. ඉතින් අදටත් හෙටටත් මතුවටත් මහින්දය එක්ක බැදුන ඒ සහෝදරත්වය වැඩි වැඩියෙන් හදවත් වලට දැනෙන්නත් විදින්නට සලස්වන්නටත් අපි පෙල ගැසෙමු.

සියල්ලන්ටම ජය
🖤

Address

Galle
Galle

Telephone

+94777894142

Website

Alerts

Be the first to know and let us send you an email when Mihinduwo 07 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mihinduwo 07:

Shortcuts

Share

Category