03/11/2023
ANV GUIDANCE FOR ENGLISH - 18
Lesson -03 (part – 03)
NEGATIVE and INTERROGATIVE FORMS of ‘HAVE,HAS, HAD’
(HAVE, HAS, HAD භාවිතයේ ‘නැත අර්ථය’ සහ ‘ප්‍රශ්නාර්ථය’)
*have හෝ has ප්‍රධාන ක්‍රියාපදය ලෙස භාවිත වන අයිතිය හඟවන වාක්‍ය ‘නැත’ අර්ථයෙන් පැවසීමේදී do, does පද දෙකින් එකක් උප ක්‍රියාවක් ලෙස ගෙන not සමග යෙදේ. මෙහිදී කිසි විටෙක has නොයෙදේ.
I have a car.
I do not have a car.
He has a camera.
He does not have a camera.
*I, we, you, they ඇතුළු සියලු බහුවචන සමග ‘do’ යෙදේ.
*He, she, it ඇතුළු සියලු ඒකවචන සමග ‘does’ යෙදේ.
We do not have a long life span. (දිගු ජීවිත කාලයක්)
They do not have chidren.
My brother does not have a house of his own. (ඔහුටම අයත් නිවසක්)
*do not, does not දෙක don’t, doesn’t ලෙස කෙටි කළ හැක. කතා කිරීමේදී වැඩිපුරම භාවිත වන්නේ ඒවාය.
My brother doesn’t have a house of his own.
They don’t have children.
*have got, has got භාවිතයේ ‘නැත’ අර්ථය පැවසීමේදී do, does යෙදෙන්නේ නැත. එහිදී have not got, has not got වශයෙන් have සහ has පදවලට ඉදිරියෙන් not යෙදී ඊළඟට got යෙදේ.
මේවා භාවිත වන්නේ haven’t got, hasn’t got වශයෙන් කෙටි යෙදුම් හැටියටය.
*I have got a motor bike.
I haven’t got a motor bike.
*Our father has got a three wheeler
Our father hasn’t got a three wheeler.
It’s a nice house but it hasn’t got a garden. (= It doesn’t have a garden.)
*This child has got a satisfactory level of English.
(සතුටුදායක මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් )
This child hasn’t got a satisfactory level of English.
*INTERROGATIVE FORM. (question form)
ප්‍රශ්න නැගීමේදී පළමු ක්‍රමය කර්තෘ පදයටත් මුලින් DO හෝ DOES යෙදීමෙන් ප්‍රශ්න තැනිය හැක.දෙවන ක්‍රමයේදී කර්තෘටත් මුලින් have හෝ has යෙදේ.
*You have fond memories of your childhood.
ඔබට ඔබේ ළමා කාලය ගැන හොඳ මතකයක් තිබෙනවා.
Do you have fond memories of your childhood ?
ඔබට ඔබේ ළමා කාලය ගැන හොඳ මතකයක් තිබෙනවද ?
*You have got fond memories of your childhood.
ඔබට ඔබේ ළමා කාලය ගැන හොඳ මතකයක් තිබෙනවා.
Have you got fond memories of your childhood ?
ඔබට ඔබේ ළමා කාලය ගැන හොඳ මතකයක් තිබෙනවද ?
Have you got an umbrella with you?
ඔබ ළඟ කුඩයක් තියෙනවද?
Have you got a passport?
ඔබට විදේශ ගමන් බලපත්‍රයක් තියෙනවද?
Have you got a pen pal?
ඔබට පෑනේ මිතුරෙක් සිටිනවද?
Has your father got a trading business?
ඔබේ තාත්තට වෙළඳ ව්‍යාපාරයක් තියෙනවද?
Has her family got a lot of maney?
ඇගේ පවුලට ගොඩ සල්ලි තියෙනවද?
Has she got an attractive appearance?
ඇයට සිත් ඇදගන්නා පෙනුමක් තියෙනවද?