BLOOM BOOKS.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BLOOM BOOKS.lk, Madakada, hegoda, Boossa, Galle.
28/03/2026
යුද්ධය මැද අහිංසක දරුවන්ගේ ජීවිත බේරගන්න තමන්ගේ ජීවිතය පරදුවට තියපු අභීත කාන්තාවක්... ඇගේ මුළු හදවතින්ම ඇය කිව්වා: ['උඹල මාව මැරුවත් ඒ ළමයින් ගැන එක වචනයක්වත් උඹල මගෙන් දැනගන්න වෙන්නේ නැහැ']
මේ ඡායාරූප කතාව බලන්න. ඇයගේ ක්‍රියාව ලෝකයටම පාඩමක්.
අයිරීනා සෙන්ඩ්ලර්: වෝර්සෝ ගෙටෝවේ (Warsaw Ghetto) දේවදූතිකාව.
නාසි පාලන සමයේ, දහස් ගණන් යුදෙව්වන්ව කුඩා සිරකඳවුරකට කොටු කරලා තිබුණා. අයිරීනා සෙන්ඩ්ලර් හෙදියක් ලෙස කටයුතු කරමින්, මේ දරුවන්ව නාසි සෙබළුන්ගේ ඇස්වහලා, මළ සිරුරු බෑග්, පෙට්ටි, සහ මෙවලම් පෙට්ටිවල සඟවලා එළියට අරගෙන ගියා. ඇගේ බල්ලා පවා මේකට පාවිච්චි කළා, දරුවන්ගේ ඇඬුම් හඬ වහන්න.
ඇය සෑම දරුවෙකුගේම සැබෑ අනන්‍යතාවය කුඩා කොළ කැබලිවල ලියලා, වීදුරු බෝතල්වල දාලා, ඇපල් ගහක් යට වළලා තිබ්බා, පසු කලෙක ඔවුන්ගේ පවුල් සමඟ එකතු වෙන්න. හිතාගන්න පුලුවන්ද, මේ වගේ බෝතල් 2,500ක් ඇගේ මිදුලේ වළලා තිබුණා.
ඇයව නාසීන් විසින් අත්අඩංගුවට ගෙන අමානුෂික වධහිංසා පමුණුවමින්, ඇගේ අත් පා කඩා දමමින් ප්‍රශ්න කළත්, ඇය කිසිදු රහසක් හෙළි කළේ නැහැ. ඇයට මරණ දණ්ඩනය නියම වුණත්, ඇගේ හිතවතුන් අල්ලස් දී ඇයව බේරා ගත්තා.
යුද්ධයෙන් පස්සේ, මේ දරුවන් (දැන් වැඩිහිටියන්) ඇයව සොයාගෙන එන්න පටන් ගත්තා. ඡායාරූපයේ දකින්නේ ඇය බේරාගත් දරුවන්ගෙන් කෙනෙක් ඇගේ දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් සමඟ ඇයව බලන්න පැමිණි මොහොතක්. ඔවුන් ඇයට කිව්වා, "ඔබ නිසා තමයි අද මේ ලෝකයේ අපි විතරක් නෙවෙයි, අපේ දරුවොත් ජීවත් වෙන්නේ" කියලා.
ඇය මියයන්න කලින් කිව්වේ මෙන්න මෙහෙම කතාවක්: "මම වීරවරියක් නෙවෙයි. මට මීට වඩා දෙයක් කරන්න තිබුණා කියන පසුතැවීම අදටත් මගේ හිතේ තියෙනවා."
වෛරය රජ කරන ලෝකයක, ආදරය සහ කරුණාව කියන්නේ ලොකුම ආයුධයයි. තමන්ගේ ජීවිතයට වඩා අනුන්ගේ ජීවිත අගය කරන අයිරීනා වැනි මිනිසුන් නිසා තමයි තවමත් මනුෂ්‍යත්වය ජීවත් වෙන්නේ.
ඉතින් මේ ගැන ඔයාලගේ අදහස මොකද්ද..? comment එකක් දාන්න. ඇගේ කතාව ලෝකයටම දිරියක්.
28/03/2026
දන්න අය හේතුව Comment කරගෙන යමු..💆♂️💆♂️
27/03/2026
🔴 අපේ රටේ බඩු මිල තවත් ඉහළ යයිද? ලෝකයේ සිදුවන දේවල් අපිට බලපාන්නේ කොහොමද? 🌍
🔊හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යම් හෙයකින් අවහිර වුවහොත්, ඉන් භාණ්ඩ මිල ඉහළ යාමේ දැඩිම අවදානමක් ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයේ පසුවන බව ඔබ දන්නවාද? Kiel පර්යේෂණ ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකින් මේ බව තහවුරු කර තිබෙනවා. 📊
🔊විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය වන යූරියා, පොටෑෂ් සහ ඇමෝනියා වැනි ගෝලීය පොහොර සැපයුමෙන් තුනෙන් එකක්ම (1/3) ගමන් කරන්නේ මේ මුහුදු මාර්ගය හරහායි.
📢මේ නිසා, මෙම මාර්ගයේ ඇතිවන කුමන හෝ අවහිරතාවයක් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් වලට සෘජුවම බලපානු ඇති. 🌾📉
මේ ගැන ඔබේ අදහස කුමක්ද? කමෙන්ට් එකක් දාගෙනම යන්න. 👇
තවත් අයට දැනගන්න මේ පෝස්ට් එක Share කරන්නත් අමතක කරන්න එපා! 🔄
27/03/2026
ලස්සනට මැරෙන්න අවසර ගත් "නෝඑලියා" - ලෝකයේම හෘද සාක්ෂිය කම්පා කළ ඛේදවාචකය 💔
අත්තටු විහිදා පියාඹන්නට තිබූ වයස අවුරුදු 25 දී, ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ ජීවත් වූ නෝඑලියා කස්ටිලෝ රමෝස් අද ඇගේ ජීවිතය නීත්‍යානුකූලව අවසන් කරනවා.
මෙම තීරණය පිටුපස ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි වේදනාකාරී අතීතයක්. 2022 වසරේ රාත්‍රී සමාජශාලාවකදී තරුණයන් පිරිසකගේ අමානුෂික සමූහ දූෂණයකට ලක්වූ ඇය, ඉන් ඇති වූ දැඩි මානසික කඩාවැටීම දරාගත නොහැකිව ගොඩනැගිල්ලක 5 වන මහලෙන් පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළා. ඇය මරණයෙන් බේරුණත්, ඇගේ කොඳු ඇට පෙළට සිදු වූ බරපතල හානි නිසා සිරුරේ පහළ කොටස සදාකාලිකවම පණ නැති වුණා.
වසර දෙකක් පුරා ඇගේ පියා ඇයව ජීවත් කරවන්නට අධිකරණය හමුවේ සටන් කළත්, දරාගත නොහැකි ශාරීරික හා මානසික පීඩාව දෙස බැලූ අධිකරණය අවසානයේ ඇයට 'Euthanasia' හෙවත් 'ගෞරවනීය මරණයකට' අවසර ලබා දුන්නා. ⚖️
ඇගේ අවසන් කැමැත්ත වුණේ "මට ලස්සනට මැරෙන්න ඕන" යන්නයි. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ඇඳුම ඇඳ, මේකප් කරගෙන, ඇගේ ජීවිතයේ සතුටුම මතකයන් රැගත් ඡායාරූප 4ක් ද අතැතිව තනිවම මෙලොවින් සමුගැනීමට සූදානම්ව සිටිනවා:
📸 ඇය අතැති ඡායාරූප 4:
තම මවගේ චිත්‍රයක් අඳින මොහොතක්.
කුඩා කල ඇති කළ සුරතල් බල්ලා.
පාසලට ගිය මුල්ම දිනය.
ඇගේ කුඩා අවධියේ සුන්දර මතකයක්.
ලෝකයේ නපුර හමුවේ තටු සිඳී, වේදනාවෙන් මිදෙන්නට නොඑන ගමන් යන නෝඑලියා... ඔබට සුබ ගමන්! 🥀
27/03/2026
🎡⚾ඉන්දිය ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ලොව නම් දරාපු ක්‍රීඩකයන් කෝටී ගණන් මුදල් උපයනු ලැබුවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයකු වන ශේන් වෝර්න් ඔහු ක්‍රීඩා කල IPL තරගවාර 4 වෙනුවෙන් ලබාගෙන තිබුනේ ඉන්දිය රු. කෝටී 9.35 ක් පමනයි.
🎗කෙසේ නමුත් ඔහු Rajasthan Royals කණ්ඩායම සමගින් අපූරූ එකඟතාවයකට ඇවිත් තිබුනා. දැවැන්ත වැටුපක් වෙනුවට තමා IPL පිටියට සමුදෙන කාල සීමාව වන තුරු සෑම වසරකම පාහේ කණ්ඩායම් හිමිකාරීත්වයෙන් 0.75% ක කොටසක් ලබාදෙන මෙන්.
🎁ඒ අනුව IPL තරගවාර 4 ක් Rajasthan Royals කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල වෝර්න් අවසානයේ කණ්ඩායම් හිමිකාරීත්වයෙන් 3% ක කොටසකට හිමිකම් කියනු ලැබුවා.
🧨ඉතිහාසයේ පළමු වතාවට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම (Franchise එක) සම්පූර්ණ වශයෙන් ඊයේ (25) අළෙවි වුනා. එහිදී ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් සමාගමක් ඉන්දිය රු. බිලියන 133 ක පමන දැවැන්ත අගයකට එම කණ්ඩායමේ හිමිකාරිත්වය ලබාගත්තා.
🎁එයත් සමග ශේන් වෝර්න්ගේ කොටස ලෙස ඉන්දිය රු.කෝටී 460 ක දැවැන්ත මුදලක් සිය දරුවන් වෙනුවෙන් හිමිව තිබෙනවා.
🎁වර්තමානයේ ඒ විශිෂ්‍ට ක්‍රීඩකයා ජීවතුන් අතර නොවුනත් එදා අරගත් නැන්වත් තීරණය වෙනුවෙන් ඔහුගේ ආදරණීයන් අද විශාල ප්‍රතිලාභයක් භුක්ති විඳිනවා.
සමහර අවස්ථාවල ජීවිතයේ අවදානම් සහිත කැපකිරීම් සිදුකල යුතුයි. ඔබ වෙනුවෙන් හෝ ඔබගේ ආදරණීයන් වෙනුවෙන්.
07/03/2026
07/03/2026
මිලදී ගැනීමට WhatsApp
@0785695651
මිලදී ගැනීමට දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න
@0785695651
21/02/2026
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ඉලක්ක කරගත්
💎ප්‍රශ්න පත්‍ර කට්ටල
💎පොත් හා
💎ඇගයීම් ග්‍රන්ත
💎පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත්
මිලදී ගැනීමට
WhatsApp - 0719767882
මෙම අංකය වැඩ නොමැතිනම්
@0714367882
WhatsApp පණිවිඩයක් යොමු කරන්න
Click here to claim your Sponsored Listing.
Location
Telephone
Website
Address
Madakada, Hegoda, Boossa
Galle
80270