16/07/2024
පුතේ උඹලගේ උන්ගේ වචනයෙන්ම කියනවනම් උඹ පට්ට හොඳ එකෙක් බං ❤️❤️❤️❤️
ජීවිතයේ යථාර්ථය නැවත වතාවක් පසක් කරමින් උඹ අද යන්නම ගියා......... ගුරුවරුන්ට හරිම ලෙන්ගතුයි. science පන්තියේ හැමෝගෙම ආදරය දිනාගත්ත එකෙක් උඹ............
සංයුක්ත ගණිතය විෂය ධාරාව කරපු හින්දා මට උඹට විෂය නම් උගන්නන්න උනේ නෑ.
ඒත් උඹ හිත හොඳ එකෙක් කියලා හොඳටම දන්නවා........
සිද්ධිය වෙච්ච තැනට සුරංග සර් සහ මම යනකොට ඒ උඹ කියලා දැනගෙන හිටියේ නෑ.....
උඹ පාරේ වැටිලා හිටපු හැටි දැක්කහම වාවන්නේ නෑ පුතේ......
නිවන් සුව පතනවා පුතේ උඹට 💜💜💜🧡🧡🧡🧡
01/07/2024
AKD තව රැස්වීම් දෙක තුනක් තියෙනකොට මුං පෙට්‍රල් ගෙදට්ටම බවුසර්වල ගෙනල්ලා නොමිලේම ගහලත් දීලා යනවා.......
ඒ මදිවට අතටත් කීයක් හරි දීලා යනවා 😄😄😄😄😄
29/06/2024
අපි හැමෝම හැම දෙයක් ගැනම හරියටම දන්නේ නෑනේ........
තමන් දන්න සොච්චම් දැනුමෙන් ඔස්තාර්ලා වගේ හෑලි ලියන්නේ නැතුව අදාළ මාතෘකාව ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා එන්න🙏🙏🙏🙏🙏
(ගුරු වැටුප් විෂමතාවය ගැන හෑලි ලියන ඔස්තාර්ලට කිව්වේ)
අදත් එදත් පැහැදිලි වර්ජනයකට යෑමට ඉහළම හැකියාව අපිට ඇත....
වෙනත් කිසිම ක්ෂේත්‍රයක් වර්ජනය කලාට වඩා සමාජයට ද එය දැඩි වශයෙන් දැනෙනු ඇත.......
නමුත් එදා ගුරුවරුත් වර්තමාන ගුරුවරුත් පැහැදිලිව දරුවන්ගේ පැත්තේය.
අඛණ්ඩ වැඩ වර්ජනය නැමැති විකල්පය අප තෝරා ගැනීම හැකිතාක් නොකර සිටීමට උත්සාහ කරන්නේ එබැවිනි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබේ දරුවා ජීවිතය දිනනවාට අකමැති එකදු ගුරුවරයෙක් හෝ පද්ධතියේ සිටී යැයි මම නොසිතමි......
ඔබ තවම අවුරුදු පනහ පසුකර නැත්නම් ඔබේ කාලයේ ඔබට ඉගැන්වූ ගුරුවරුන් තවම පාසලේ සිටිනවා ඇත....(එදා කාලයේ ගුරුවරුන් ගැන පෝස්ට් දාලා තියෙන හින්දා කිව්වේ)
ඒම ගුරු මෑණිවරුත් පියවරුත් කදුලු ගෑස් කාපු පාරේ බෝඩ් එල්ලාගෙන හිටපු ගුරුවරුන් අතර සිටියෝය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එම නිසා දයාබර දෙමව්පියනි ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවනි ඔබේ ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටීමට මේ කාලයයි 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
29/06/2024
අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරලා විභාග ලියලා රස්සාවල් ගත්ත කට්ටිය වෙනයි පුතා......
දේශපාලකයන්ට කඩේ ගිහිල්ලා උන්ලඟ දණගහලා රස්සා ගත්ත කට්ටිය වෙනයි පුතා.
😄😄😄😄😄😄😄😄😄
ඔය දෙවැනි ජාතියේ එවුන් මේ මජර ක්‍රමේ වෙනස් වෙනවට කැමති නෑ පුතා.......
27/06/2024
ගුරුවරුන්ට විවිධාකාර අපහාස චෝදනා කරන පිරිස් කල එලි බසිමින් සිටි..😡😡😡😡😡
ඔවුන්ගේ තේමා පාඨ කිහිපයක් මෙසේය......
🏵️ ඉස්කෝලෙ ඇරිලත් හවස 4.00-5.00 වෙනකන් තියාගෙන උගන්නපු අපේ කාලයේ ගුරුවරුන්ට අපගේ උත්තමාචාරය...
🏵️ අපේ කාලයේ ගුරු වර්ජන ගැන අසා තිබුණේ නැත. එම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට පින්.....
🏵️ ඔබේ දරුවාට අද ඉස්කෝලේ තිබ්බෙ නෑ නේද? නමුත් පෞද්ගලික පාසල්වල දරුවන් අදත් ඉගෙන ගත්තා...
🏵️ උතුරු නැගෙනහිර ඉස්කෝල වහල නෑ. ඔවුන්ට අපගේ උත්තමාචාරය.
🏵️ පඩි මදිනම් වෙන රස්සා හොයා ගන්න එපැයි.......
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේ තේමා පාඨ කීපයක් පමණි🤔🤔🤔🤔🤔🤔🤔🤔
මෙසේ අවලාද නඟන අය ගැන සොයා බැලූ විට,
✅ සමහරු අවර ගණයේ ටික් ටොක් තරුය
✅ තවත් සමහරු සෂී නිෂාදි ගේ live බලා තරු දෙන අයය.
✅ එකල ඔවුන්ට ඉගැන්වූ ගුරුවරුන්ගෙන් ඇසූ කල ඔවුන්ගේ නම් වත් මතක නැත.
අමාරුවෙන් නම මතක් කළ දුන්නද එයාලගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා පුතේ කියා නිහඬව බිම බලා ගන්නා ලදී.
✅ පාලකයන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසා සති ගණන් පාසල් වසා තබන විට ඔවුන් කෝමා තත්ත්වයේ පසුවී ඇති බව දැනගන්නට ලැබුණි.
💐 අප මේ ඉල්ලන්නේ වැටුප් වැඩි කිරීමක් නොවේ. අපට හිමි වැටුපයි. අප මෙපමණ කලක් වැඩ කළේ හිමි වැටුප අහිමි කර ගනිමිනි.
💐 හවස පන්ති රෑ පන්ති උදෑසන පාසල පටන් ගැනීමට පෙර පන්ති ක්‍රීඩා පුහුණු කිරීම්
නැටුම් සංගීත නාට්‍ය රංග කලා පුහුණුවීම් එදා ගුරුවරු මෙන්ම අද ගුරුවරුත් කැපවීමෙන්ම ඉටුකරන බව මුහුණු පොතේ අපට අවලාද නඟන ඔවුනට මතක් කර දෙනු කැමැත්තෙමි.
💐 ඔබගේ දරුවාට හදිසියේ අසනීප වූ විට ගුරුවරයාගේ වාහනයේ රෝහලට රැගෙන ගියද ගුරුවරයා පෙට්‍රල් ගාස්තු ඉල්ලුවේ නැත....
💐 උදෑසන රැස්වීමේදී කලන්තය හැදී ඇද වැටුණු ඔබගේ දරුවාට කෑම වේලක් ලබා දුන්නාට ඔවුන් සත පහක් ඔබෙන් ඉල්ලා නැත.
💐 ඔබේ දරුවා මානසිකව ඇද වැටී සමහර ප්‍රශ්න තුළ හුදෙකලාව ඉන්නා විට ඔවුන්ගේ හිත හදා ගැටලු සඳහා විසඳුම් ලබා දී ඔබෙන් උපදේශන ගාස්තු ඉල්ලුවේ නැත.
💐 පත්වීම් ලිපියෙන් පැවරුණු රාජකාරී වලට එහා ගිය දහසකුත් රාජකාරී වර්තමාන දිසාපාමොක්වරුන්ද ඉටු කරනවා ඇත.
💕💕💕💕💕💕💕💕💕💕💕
පඩි මදි නම් වෙනත් රස්සා හොයා ගන්න..... ඔබ නොදන්නවා උනාට දිනෙන් දින ගුරුවරු
එසේ වෙනත් ආදායම් මාර්ග සොයා ගුරු වෘත්තියෙන් නික්ම යමින් සිටී. විශේෂයෙන්ම උසස් පෙළ විද්‍යා අංශය සඳහා ගුරුවරු අනාගතයේදී පද්ධතියට ඇතුළු නොවෙනවා ඇති.
ඌණ සුදුසුකම් සහිත පුද්ගලයන්ගෙන් පද්ධතිය පිරී යනු ඇත. එවිට ඔබේ අනාගත දරුවාගේ අධ්‍යාපනයට දෙයියන්ගේම පිහිටයි 💯💯💯💯💯
ආර්ථික අර්බුදයකට වඩා අධ්‍යාපනයේ අර්බුදය ඉතා බරපතල යැයි. එවිට ඔබට වැටහෙනු ඇත. ස්තුතියි.
❤️💕💕💕 අප ගැන හැමදාමත් ආදරයෙන් බලන බහුතරයක් ආදරණීය දෙමව්පියන්ට ස්තුතියි 💕💕💕❤️
25/08/2022
සුවහසක් ගණංකාරයන් අතර ගණිතය උගන්වන දයාබර ඇදුරුතුමණි.....අපට දියුණුවේ දොරටු කියා දුන් අපූරු චරිත අතර ඔබතුමා ඉහළින්ම සිටිනවා.
අපේ දියුණුව දැකල හදවතින්ම සතුටු වෙන ආදරණීය ගුරුතුමනි ඔබට චිරං ජයතු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොතැනකින් දැක්කත් කොතරම් කාර්යබහුල වුනත්
මොහොතක් හෝ අප සමග දොඩමළු වෙන්න ඔබතුමා අමතක කරන්නෑ.
ඔබතුමාගේ ඒ නිහතමානි කමට අපි හැමදාම ආදරෙයි.............
❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️❤️❤️
සුබ උපන්දිනයක් වේවා දයාබර ගුරුතුමනි......🙏🙏🙏🙏🙏🙏🙏🙏
19/07/2022
QR codes ගැන ලංකාවේ මිනිස්සු හොයන්න පටන් ගත්තේ ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීමත් සමගයි.
හරියට අර කොරෝනා කාලේ sanitizer ගැන මිනිස්සු හොයන්න පටන් ගත්තා වගේ.
මොකද sanitizers කලින් ඉදන් භාවිතා වුණත් කොරෝනා කාලෙදි තමයි වැඩිපුර ශ්‍රී ලංකාවේ මිනිස්සු ඒ ගැන දැනුවත් උනේ. 💯💯💯
QR codes පිළිබඳව ඉතාම සරලව කියනවානම් මේකෙ තේරුම තමයි quick response code කියන එක. ඉක්මනින් ප්‍රතිචාරයක් ගැන මේකෙ කියවෙනවා නේද.
මේකෙ තියෙන්නෙත් barcode වගේම සිද්ධියක් තමයි හැබැයි ඊට වඩා smart😄😄😄😄
ජපානයේ ටොයෝටා සමාගමට අනුබද්ධිත ආයතනයක් වන Denso සමාගම විසින් තමයි මෙය මුල් වරට හඳුන්වලා දීලා තියෙන්නේ. සුදු සහ කලු කුඩා කොටු මගින් යම්කිසි විස්තරයක් ගබඩා කරන එක තමයි මේකෙදි සිදු කරන්නේ.
යම් පුද්ගලයකුගේ යම් ව්‍යාපාරයක
නම
ලිපිනය
වෙබ් අඩවිය
දුරකථන අංක
විද්‍යුත් තැපැල් ලිපින
යනාදී ගොඩක් විස්තර මේ තුල ගබඩා කරන්න පුලුවන්
link එකක් click කරලා ගොඩක් දේවල් කරන එක අද අපිට පුරුද්දක් වෙලා. මේ code එක visual code එකක් වගෙයි. ඒ කියන්නේ අපිට real-world එකේ භාවිතා කරන්න පුලුවන් ලින්ක් එකක් වගේ. ගොඩක් ස්මාර්ට් දුරකථන වල කැමරා QR codes ස්කෑන් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. එහෙම නැත්තං qr codes scan කරන software එකක් download කරගෙන මේ code එක scan කර ගන්නත් පුළුවන්.
අපේ රටේ ගොඩක් ජනප්‍රිය නැති උණාට
ඔයාලා මිලදීගන්න අභ්‍යාස පොතේ මකන කෑල්ලෙ ඉඳන් හැම නිෂ්පාදනයකම වගේ මේ QRcode එකක් දක්නට ලැබෙනවා. බොහෝවිට එම QR code එක scan කරපුහාම නිෂ්පාදනය පිළිබඳව විස්තර තියෙන වෙබ් පිටුවකURL එක තමයි open වෙන්න හදලා තියෙන්නේ.
ස්මාට් ෆෝන් එක ජනප්‍රිය ගොඩක් මේ කාලේ තොරතුරු ගබඩා කරලා තියන්න QRකෝඩ් එක යොදාගන්න පුලුවන්.
උදාහරණයක් බලමු
😃 සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන පුරාණ සිද්ධස්ථානයක් ගමු. එම නිර්මාණය ගැන විස්තරයක් සහිත වෙබ් පිටුවකට පිවිසීම සඳහා අදාල URL එක සහිත QR කෝඩ් එක අපිට එතන ගහලා තියන්න පුළුවන්. එතකොට සංචාරකයන් ඉක්මනින්ම එම code එක scan කරල ඒ පෞරාණික සිද්ධස්ථානය පිළිබඳව තොරතුරු ලබා ගනියි.🙂
මේ QR code ගැන ඉතා කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි...
ඉතින් මේ පිළිබදව චුට්ටක් කතා කරේ ජාතික ඉන්ධන බලපත්‍රය ලබා ගැනීමට අපේ රටේ සියලු දෙනා මේ වෙනකොට උත්සහ කරමින් සිටින නිසයි.
මේ ක්‍රමය සාර්ථක වේවා කියලා අපි ඔක්කොම මේකට පොඩි සහයෝගයක් දෙමු.
QR code එකේ උඩයි යටයි තියෙන වාහනයේ අංකෙ විතරක් මකල photos දාන්න එපා කියලා දැන් තේරෙනවා නේද. මොකද අර සුදු පාට කළු පාට කොටු ටිකේ තමයි ඔයාලගේ විස්තර ඔක්කොම ගබඩා වෙලා තියෙන්නේ🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි.......
01/07/2022
රට තුල ඛනිජ තෙල් හොඳින් තිබෙන විට පුට් සයිකල් පැදපල්ලා...... එහෙම නැතුව තෙල් නැති වෙද්දිම පුට් සයිකල් පදින එක system change එකක් නෙමෙයි....
තුන්වේල හොඳට කාල තමන්ට ඕන තැනට ගමන් බිමන් ගිහිල්ලා හොඳින් හිටපු රටක
ආසාවට කිරිකොස් මාළුවත් කාපු රටක
තුන්වේල කොස් කන්න වෙනව කියන්නේ system change එකක් නෙමෙයි.........
බෞද්ධ දර්ශනය පැත්තකින් තියලා ගිනි පෑගිලි දේව ඇදහිලි දොලුකන්ද මීවැල්ලෑව
කරන කොට ගත් තමන්ට වාසිදායක බුද්ධාගමත් සාදාගත් මිනිසුන් සියල්ල සිදුවන්නේ කර්මය නිසානේ(බෞද්ධ දර්ශනයේ නියාම ධර්ම පහක් සඳහන් වේ. කර්ම නියාමය ඉන් එකක් පමණි) කියලා හිත හදාගන්න රටක අනුන්ගේ කර්මද තමන්ගේ එකවුන්ට් එකට දාගෙන ගෙවීමක් තමයි මේ සිදුවන්නේ..........
ඔහොම ගිහිල්ලා මැටි රොටිත් උයාගෙන කන දවසට ඒකත් සෙල්ෆි ගහලා දාන්න වෙයි
පුදුම රසැති කෑමක් කියලා system change එකක් කියලා 🙂🙂🙂🙂🙂🙂🥕🥕🥕🥕
15/06/2022
නීරස වූ විද්‍යාව කල්කයට සීනි දවටන්නට.......
0722 895 895
15/05/2022
මගේ දයාබර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ආදරණීය දෙමව්පියන්ටත් ලංකාවාසි සහ ලෝකවාසී සියලු දෙනාටත් සුභ වෙසක් මංගල්‍යක් වේවා...🙏🙏🙏🙏🙏