29/05/2026
💙 කෑ/දෙහි/වළගම්බා මහා විද්‍යාලයේ සියලුම ආදී ශිෂ්‍ය/ශිෂ්‍යාවන් වෙනුවෙන් කෙරෙන විශේෂ නිල ආරාධනයයි! 💛
අප අකුරු කළ, අපේ ජීවිත හැඩගැස්වූ, අපේ ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් උපහාරයක් වන්නටත්, විද්‍යාලයේ අනාගත උන්නතිය උදෙසා එක්ව පෙළගැසෙන්නටත් කාලය පැමිණ ඇත.
කෑ/දෙහි/වළගම්බා මහා විද්‍යාලීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය නිල වශයෙන් ආරම්භ කිරීමේ ප්‍රථම මහා සභා රැස්වීම ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
පාසල් සිහිවටන අලුත් කරගනිමින්, ඔබේ සමකාලීන මිතුරු මිතුරියන් මුණගැසෙන්නටත්, පාසලේ අනාගතය වෙනුවෙන් ශක්තියක් වන්නටත් එන්න අප හා අත්වැල් බැඳගන්න.
දිනය: 2026 ජුනි මස 14 වන ඉරිදා
වේලාව: පෙ.ව. 9.00 ට
ස්ථානය: විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී
📢 විශේෂ මතක් කිරීම:
අප විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දැනට දිවයිනේ සහ විදේශයන්හි විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු, විවිධ වසරවල පාසලෙන් සමුගත් සියලුම ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ සඳහා සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
මෙම පණිවිඩය ඔබේ අනෙකුත් පාසල් මිතුරන් අතරද Share කරමින් ඔවුන්වත් දැනුවත් කරන්න.