ජීවිතයට ගණිතය Mathematics for life - with Ravi Ranasinghe

  • Home
  • Sri Lanka
  • Eppawala
  • ජීවිතයට ගණිතය Mathematics for life - with Ravi Ranasinghe

ජීවිතයට ගණිතය Mathematics for life -  with Ravi Ranasinghe සොඳුරු මඟ පෙන්වීමක අපූර්ව වූ සංඛ්‍යා ?

🌼 ඉල් පොහොය දිනයේ වැදගත්කම 🌼වස්සාන සෘතුවේ අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. ශාසන ඉතිහාසය තුළ ඉල් පොහොයට වඩාත් ව...
05/11/2025

🌼 ඉල් පොහොය දිනයේ වැදගත්කම 🌼

වස්සාන සෘතුවේ අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. ශාසන ඉතිහාසය තුළ ඉල් පොහොයට වඩාත් වැදගත් තැනක් හිමිවීමට මුල්වන කරුණු කිහිපයක් ම පැවතෙයි.

* මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රිය බෝධි සත්ත්වයන් වහන්සේ අප ගෞතම බුදු රජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම,
*ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහරහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම,
*තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, භික්ෂූන් වහන්සේලා පසුවස් පවාරණය කළ යුතු දිනය වීම,
*චීවර මාසයේ අවසන් පොහොය දිනයවීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදුකළ හැකි අවසාන දිනය වීම සහ
*අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම යන කරුණු ඒ අතර ප්‍රධාන ය.

බුදුරජාණන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත මෙම මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුද්ධත්වය ලබනුයේ මෛත්‍රිය බෝධිසත්වයන් වහන්සේ ය. වප් පොහොය දිනෙක මෛත්‍රිය බෝධි සත්ත්වයන් වහන්සේ දහසක් පිරිවර සමඟ අප ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. එම පිරිස එසේ පැමිණියේ දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීම හා බුදුරදුන් හා සැරියුත් හිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පසුවයි. වස්සාන සමයේ අවසාන භාගයෙහි මෛත්‍රිය බෝධි සත්ත්වයන් වහන්සේ තමාට වස්සාවාසික චීවර ලෙස ලැබුණු අගනා වස්ත්‍ර යුගලය බුදුරදුන් වෙත පුදා එකත්පසෙක වැඩ සිටිය හ. එම වස්ත්‍ර යුගලයෙන් එකක් ගෙන බුදුරදුන් වැඩ සිටි ගඳ කිළියෙහි වියනක් කොට පිදූ අතර අනෙක තීරු වශයෙන් ඉරා මහ වියන් කෙළවර එල්ලා බැඳ පිදූ හ. පසුව බුදුරජාණන් වහන්සේ මෙම මෛති‍්‍රය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ අමතා “ඔබ වනාහි මේ මහා භද්‍ර කල්පයෙහි ම මෛත්‍රිය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැයි නියත විවරණ දුන් සේක. නියත විවරණ ලැබීම යනු බුදුවීම සඳහා පෙරුම් පුරන බෝසත්වරයෙකු තමා අනාගතයෙහි බුදුවන බවට බුදුරජාණන් වහන්සේ නමක් හමුවෙහි දී ලබා ගන්නා ස්ථිර ප්‍රකාශය යි.

චක්කවත්තී සීහනාද සූත්‍රයෙහි කියැවෙන පරිදි මෛත්‍රිය බෝසතාණන් වහන්සේ උපදින්නේ බරණැස් නුවර කේතුමතී නම් රාජධානියෙහි ‘කේතුමතී’ නම් නගරයෙහි ය. උන්වහන්සේ පිළිබඳ සෑහෙන ප්‍රමාණයක් විස්තර ඇතුළත් වන්නේ ‘අනාගතවංස’ සහ ‘බුද්ධ වංස’ යන පාලි භාෂාවෙන් රචිත පොත්වල ය. ඒ හා බොහෝ සෙයින් ගැළපෙන කරුණු පූජාවලිය, සද්ධර්ම රත්නාවලිය යනාදී ග්‍රන්ථවල ඇතුළත් වී තිබේ. පුරාතන මෛත්‍රිය වර්ණනාව තුළ කියවෙනුයේ මෙම මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිය හැකි වන්නේ කෙබඳු අයට ද, පැමිණීමට නොලැබෙන්නේ කෙබඳු අයට ද යන කරුණු ය.

එහි සඳහන්ව ඇති ආකාරයට මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දැක්මට නොලැබෙන්නන් මෙසේ නම් කොට තිබේ.

මවුන් මැරුවෝ ය. පියන් මැරුවෝ ය. රහතුන් මැරුවෝ ය. බුදුන් ඇඟින් ලේ සෙල්ලුවෝ ය. සංඝයා භේද කළෝ ය. පවිටු සංඝයා යන මොවුන් අවීචි මහ නරකයෙහි උපදනා හෙයින් ඒ මෛත්‍රිය බුදුන් දැක්ක නොහොන්නාහු ය. දාගැබ් බිඳ බෝධි ශාඛා කපා රන් පිළිම, පොතු උපුටා බණ පොත් සිඳ බිඳ පව්කළ සත්ත්වයෝත්, සංඝයා වහන්සේට ආක්‍රෝෂ කොට බිනුවාප ද, සිල්වතුන්ට බොරු චෝදනා ඉපද වූවාහු ද, ධර්මයට අනාදර බිනුවාහු ද, දන්වැට කෑවාහු ද, බුදුන් සතු දෙය, ධර්මය සතු දෙය, සංඝයා සතු දෙය, සාංඝික දෙය කෑවෝ ද මෙලෝ නැත, පරලෝ නැත. කුසල් නැත. අකුසල් නැත. එයින් වන සැප විපාක දුක් විපාක නැත යනාදී දෘෂ්ටිගෙන ඇවිද්දාහු ද දස අකුසල් කොට සතර අපායෙහි උපන් සත්වයෝ ද ජාත්‍යන්ධාදී ඉන්ද්‍රිය විකලත්වයට පැමිණි සත්වයෝ ද, ති‍්‍රවිධ රත්නය නොපවත්නා ප්‍රත්‍යන්ත රටවාසීහු ද, පිටසක්වල මනුෂ්‍යයෝ ද ඒ මෛත්‍රිය බුදුන් දැක්ක නො හෙන්නාහුම ය.

පසුව එහි සඳහන් වන්නේ මෛත්‍රිය බුදුරදුන් දැක්මට අවස්ථාව ලැබෙන්නන් පිළිබඳ වූ දීර්ඝ විස්තරයකි.

සද්ධාදී ගුණ ධර්මයෙහි පිහිටා දුගී මගී යාචකයනට ද, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද ආහාර පාන වස්ත්‍රාභරණාදිය දන් දුන්නෝ, පන්සිල් රක්ෂා කළෝ, පොහොය පේවී අටසිල් රක්ෂා කළෝ, දසසිල් සමාදන් වී බ්‍රහ්ම චර්යාව රක්ෂා කළෝ, දාගැබ් කෙරෙව්වෝ, බෝධි පිහිටෙවුවෝ, උයන් පොකුණු කෙරෙවූවෝ, ඒ දඬු අම්බලම් කෙරෙවූවෝ, මං හෙළි කෙරෙවුවෝ, ධර්ම ශාලා, භෝජනාගාර කෙරෙවූවෝය.

තවද බුදු සසුන් ඇති කරවන්නට ආධාර වූවෝ ධර්ම කථිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝ ද, ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දකිත්ම ය. තවද ආමිස දානය, ධර්ම දානාදී වශයෙන් සංඝයා වහන්සේට පුජා සත්කාර කළෝ දකිත්ම ය. මවුන්ට උපස්ථාන කළෝ දකිති. පියන්ට උපස්ථාන කළෝ දකිති. කුල දෙටුවන්ට උපස්ථාන කළෝ දකිති. දස පින් කිරිය වත් පිරුවෝ ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දකිත් ම ය. සංඝාරාම කෙරෙවූවෝ, පිළිම ගෙවල් කෙරෙවූවෝ, පිළිම කරවා නෙත් තැබුවෝ, බණ පොත් ලියවා දුන්නෝ දකිති. තව ද ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දැකුම්හයි, පතා යටත් පිරිසෙයින් එක මල් මිටක්, එක පහනක්, එක බත් හැන්දක්, එක බෙහෙත් පැණිත්තක් පමණ පිදුවෝ ද සංඝයා කෙරෙහි ආදර ගෞරවයෙන් පි‍්‍රය මුහුණින්, පි‍්‍රය තෙපුලෙන්, පි‍්‍රය පැවැත්මෙන් සංග්‍රහ කළෝ ද ඒ මෛත්‍රිය සර්වඥයන් වහන්සේ දකිත්ම ය. අනුන් කළ පින් සතුටු ව අනුමෝදන් වූවෝත් ඒ මෛත්‍රිය බුදුන් දකිත්ම ය.

බුදු සසුන තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂු සමාජය කෙමෙන් කෙමෙන් වර්ධනය වී රහතන් වහන්සේලා සැට නමක් බවට පත් විණි.

මහණෙනි, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන් ගේ හිත පිණිස සුව පිණිස, දියුණුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙකු එක මගින් නොයන්න. මෙම දහම මුල, මැද, අග යහපත් වූවකි. අර්ථ සහිත වු හාත්පසින් සම්පූර්ණ වූ පිරිසුදු වූ සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න.

මෙසේ ඉල් පොහොය දිනෙක ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම චාරිකාවේ පිටත්කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ.

එකල උරුවෙල් දනව්වේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප නමින් ජටිල සොහොයුරෝ තිදෙනෙක් වූහ.

ඔවුන් තමන් රහත් ය. යන මානයෙන් මුළා වී සිටි අතර එම වැරැදි මානය දුරු කොට නිවන් මඟට යොමු කරවීම තුන් දහස් පන්සියය දහසක් ප්‍රාතිහාර්ය පා වදාළ බව සඳහන් ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් පමණ වූ ජටිල භික්ෂූන් වහන්සේලා ද පිරිවරාගෙන ගයා පෙදෙසට වැඩම කළහ. එහිදී බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝ ම රහත් භාවයට පත් වූහ. බුද්ධ චරිතයේ එන මෙම අසිරිමත් සිදුවීම වූයේ ද ඉල් පොහොය දිනෙක ය.

ඇසළ පුර පසළොස්වක පොහෝදා පොහොය විනය කර්මය කොට අව පෑළවියදා පෙරවස් සමාදන් වී වස් ආරක්ෂා කර වප් පසළොස්වක පොහෝදා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙරවස් පවාරණය යි. නිකිණි පොහෝදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පසුවස් සමාදන් වී ඉල් පුර පසළොස්වක පොහෝ දා වස් පවාරණය කිරීම පසුවස් පවාරණය යි. එය ඉල් පොහොය දා සිදුකෙරෙන තවත් වැදගත් ශාසනික කාර්යයකි.

-මේධාවී උසස් අධ්‍යාපන ආයතනය-


අද දින උපන්දිනය සමරන අප ආයතනයේ වසර 13ක විද්‍යා විශයභාර සහ පූජිත ඇකඩමියේ නිර්මාතෘ ම‍‍ංජුල කේ. දිසානායක ආදරණීය ගුරුතුමනි,ඔ...
26/10/2025

අද දින උපන්දිනය සමරන අප ආයතනයේ වසර 13ක විද්‍යා විශයභාර සහ පූජිත ඇකඩමියේ නිර්මාතෘ ම‍‍ංජුල කේ. දිසානායක ආදරණීය ගුරුතුමනි,
ඔබට සුව සුභ උපන්දිනයක් වේවා . !

25/10/2025

Explore the Grade 6 module books under the 2026 educational reforms Sri Lanka. Sinhala Medium module books are here.

Grade 6 English Module 36 ශ්‍රේණිය English මොඩියුල ඉංග්‍රීසි මොඩියුල 1 සහ 2 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා...
25/10/2025

Grade 6 English Module 3
6 ශ්‍රේණිය English මොඩියුල
ඉංග්‍රීසි මොඩියුල 1 සහ 2 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා ගන්න.

Grade 6 English Module 26 ශ්‍රේණිය English මොඩියුල ඉංග්‍රීසි මොඩියුල 1 සහ 3 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා...
25/10/2025

Grade 6 English Module 2
6 ශ්‍රේණිය English මොඩියුල
ඉංග්‍රීසි මොඩියුල 1 සහ 3 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා ගන්න.

Grade 6 English Module 16 ශ්‍රේණිය English මොඩියුල ඉංග්‍රීසි මොඩියුල 2 සහ 3 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා...
25/10/2025

Grade 6 English Module 1
6 ශ්‍රේණිය English මොඩියුල
ඉංග්‍රීසි මොඩියුල 2 සහ 3 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා ගන්න.

Grade 6 Module 16 ශ්‍රේණිය ගණිතය මොඩියුල 1මොඩියුල 2 සහ 3 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා ගන්න.
21/10/2025

Grade 6 Module 1
6 ශ්‍රේණිය ගණිතය මොඩියුල 1
මොඩියුල 2 සහ 3 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා ගන්න.

Grade 6 Module 26 ශ්‍රේණිය ගණිතය මොඩියුල 3 මොඩියුල 1 සහ 3 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා ගන්න.
21/10/2025

Grade 6 Module 2
6 ශ්‍රේණිය ගණිතය මොඩියුල 3
මොඩියුල 1 සහ 3 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා ගන්න.

Grade 6 Module 3 6 ශ්‍රේණිය ගණිතය මොඩියුල 3 මොඩියුල 1 සහ 2 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා ගන්න.
21/10/2025

Grade 6 Module 3
6 ශ්‍රේණිය ගණිතය මොඩියුල 3
මොඩියුල 1 සහ 2 ද "ජීවිතයට ගණිතය" Page එකේ ඇත. Follow කර ලබා ගන්න.

ස්වර්ණ වීනා ද තිරප්පනේදී
20/09/2025

ස්වර්ණ වීනා ද තිරප්පනේදී

දුවලා-පුතාලා,නංගිලා-මල්ලිලා ඉන්නවනම් දැනුවත් කරන්නසුපුරුදු පරිදි  20 සෙනසුරාදා සිට ගණිතය පන්තිය පැවැත්වෙන අතර තෙවන වාරයට...
19/09/2025

දුවලා-පුතාලා,නංගිලා-මල්ලිලා ඉන්නවනම් දැනුවත් කරන්න

සුපුරුදු පරිදි 20 සෙනසුරාදා සිට ගණිතය පන්තිය පැවැත්වෙන අතර
තෙවන වාරයට අදාල අධ්‍යයන කටයුතු ආරම්භ වේ.

දෙසැම්බර් අන්තිම වන විට සියලුම සිද්ධාන්ත ආවරණය කර තෙවන වාර විභාගයට අදාල ප්‍රශ්ණ පත්‍ර සිදු කිරීමට බලාපොරොත්තු වේ.

ඔබගේ සියලුම මිතුරන් දැනුවත් කරන්න

ශිෂ්‍යත්ව විභාගය ලියූ නංගිලා මල්ලිලාට
සැප්. 27 සෙනසුරාදා සිට අලුත් 6 ශ්‍රේණිය සදහා පන්ති ආරම්භ වන බව දැනුවත් කරන්න.

මේධාවී එප්පාවල
පෙ.ව. 8.00 - 10.00

වාසනා අනුරාධපුර
පෙ.ව. 11.00 - 01.00

විමසීම් 070-4 200 500

Address

Diamond City, Thambuththegama Road
Eppawala

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 21:00

Telephone

+94704200500

Website

Alerts

Be the first to know and let us send you an email when ජීවිතයට ගණිතය Mathematics for life - with Ravi Ranasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share