මහවැලි දහම් පාසල - Mahaweli Dhamma School

මහවැලි දහම් පාසල - Mahaweli Dhamma School තුන් දොරින් සුසංවර - සුපිංබර ලෝකයක්

ලොවක් දිනන්නට පළමු පියවර... 💐💫අප දහම් පාසලේ ධර්මාචාර්ය ⁣අධ්‍යාපනය හදාරන සනුජි ⁣දියනිය විසින් කෙටි කතා කෘතියක් එලි දක්වන ...
30/08/2026

ලොවක් දිනන්නට පළමු පියවර... 💐💫

අප දහම් පාසලේ ධර්මාචාර්ය ⁣අධ්‍යාපනය හදාරන සනුජි ⁣දියනිය විසින් කෙටි කතා කෘතියක් එලි දක්වන ලදී...

දහම් අධ්‍යාපනය හදාරමින් සිටින කාල සීමාවේ ගද්‍ය රචනා තරඟ සඳහා සම්බන්ධ වී මාණ්ඩලික තරඟ තුලින් ප්‍රථම ස්ථානය ලබා ගෙන දිස්ත්‍රික් තරඟ සඳහා ඉදිරිපත් වී එහිදීද තම ස්ථානය ලබාගත් සනුජි දියණිය
අපි එක්ව බබළමු ( Together we shine ) නම් ඇයගේ පළමු කෙටි කතා කෘතිය එලිදක්වන ලදී.

තමාගේ හැකියාව දුටු දහම් පාසල පිළිබඳව ඇය වේදිකාවේ පැවසුවේ මෙවැනි අදහසක්...

" දහම් පාසල තමයි මගේ දක්ෂතාවය හඳුනාගත් තැන. ඉතිං දහම් පාසලේදිම මම මේ කෘතිය එලිදක්වන්න තීරණය කලෙත් ඒ නිසයි. මාව හඳුනාගත් මහවැලි දහම් පාසලටත් ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මම හදවතින්ම ස්තූතිය පුද කරනව"

තැබූ පිවරේ ඉදිරියටම යනවා දැකීම අපගේද පැතුමයි... සුභ අනාගතයක්... තෙරුවන් සරණයි...!

゚viralシ .

"අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං"මෙවර වස් ආරාධනාව සන්ධ්‍යා මහත්මිය ප්‍රධානව, සිවු පේරුවේ දායකයන් විසින් සිදු කර...
29/07/2026

"අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං"

මෙවර වස් ආරාධනාව සන්ධ්‍යා මහත්මිය ප්‍රධානව,
සිවු පේරුවේ දායකයන් විසින් සිදු කරන ලදී.

02/06/2026

සුමධුර කාව්‍යමය ධර්ම දේශනාව
පූජ්‍ය බටපොල තපස්සි හාමුදුරුවෝ... 🥰


゚viralシ
゚

වෙසක් පොහොය නිමිති කරගෙන දහම් පාසලේ පවත්වපු සීල සමාදාන වැඩසටහන...සපැමිණි, දායකවුනු සහ තුටු වූ සැමටද එකසේ පුණ්‍යානුමෝදනා ...
26/05/2026

වෙසක් පොහොය නිමිති කරගෙන දහම් පාසලේ පවත්වපු සීල සමාදාන වැඩසටහන...

සපැමිණි, දායකවුනු සහ තුටු වූ සැමටද එකසේ පුණ්‍යානුමෝදනා 🙏

වෙසක් පෝයට සමගාමීව සිල් ගන්න දවස අද
23/05/2026

වෙසක් පෝයට සමගාමීව සිල් ගන්න දවස අද

හිස තෙල් ගාන නැකතට ඔබත් එන්න... 🍃
14/04/2026

හිස තෙල් ගාන නැකතට ඔබත් එන්න... 🍃

වාර්ෂික කඨින මහා පිංකම 2025 🇷🇴🍀මෙවර කඨින මහා පිංකමෙහි ප්‍රධාන දායකත්වය ලබා දුන් චතුර මහත්මා ප්‍රධාන සතර පේරුවේ දායක පිංව...
04/11/2025

වාර්ෂික කඨින මහා පිංකම 2025 🇷🇴🍀

මෙවර කඨින මහා පිංකමෙහි ප්‍රධාන දායකත්වය ලබා දුන් චතුර මහත්මා ප්‍රධාන සතර පේරුවේ දායක පිංවතුන් හට පිං සිතින් පුණ්‍යානුමෝදනා... 🙏💐

2025 කඨින මහා පිංකමට සමගාමීව සිදු කරන යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවට, පිං සිතින් ආරාධනා....💐🙏
29/10/2025

2025 කඨින මහා පිංකමට සමගාමීව සිදු කරන යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවට, පිං සිතින් ආරාධනා....💐🙏

ගුරු දින සැමරුම 2025 🍃💐HAPPY TEACHER'S DAY 🙏ඉතා සාර්ථක ලෙසින් අපේ දුවා දරුවන් තම දහම් පාසලේ ගුරුවරුන් හට මෙලෙස උපහාර දැක...
12/10/2025

ගුරු දින සැමරුම 2025 🍃💐
HAPPY TEACHER'S DAY 🙏

ඉතා සාර්ථක ලෙසින් අපේ දුවා දරුවන් තම දහම් පාසලේ ගුරුවරුන් හට මෙලෙස උපහාර දැක්වූවා.

දහම් පාසලේ වර්තමාන දුවා දරුවන් වගේම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින්ද ගුරු උපහාර දැක්වීම සිදු කරන්නට යෙදුනා.

සියලුම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා යි පතමින් අනුශාසනාවන් ද සිදු කොට, නැටුම් ගැයුම් සහිතව දවස නිමා කරන්නට විය. 😊🍃

゚viralシfypシ゚viralシ

"ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු" 🍃ලෝක ළමා දිනයට අපි ගියා වැඩිහිටි නිවාසයකට.             දෙමවුපියන්ගෙ දායකත්වය ඇතුව ද...
06/10/2025

"ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු" 🍃

ලෝක ළමා දිනයට අපි ගියා වැඩිහිටි නිවාසයකට.

දෙමවුපියන්ගෙ දායකත්වය ඇතුව දානයක් සකස් කරගෙන දුවා දරුවනුත් එක්ක අපි ගියේ වළල්ගොඩ "සරණ සේවා" වැඩිහිටි නිවාසයට. අපේ දරුවො ගිහන් මුලින්ම අතු පතු ගාල, වැසිකිලි කැසිකිලි සෝදල ඒ ස්ථානය පිරිසිදු කලා. ඊට පස්සෙ ඒ වැඩිහිටි නිවාසයේ ඉඳපු ආච්චිල සීයලගෙ රෙදි පිලි සෝදල එයාලව නාවල පිරිසිදු කලා.

මේ අතරමැදි කාලයෙදි අපි වැඩිහිටි පිරිසට කේක් සමග තේ සංග්‍රහයක් සිදු කලා. කේක් කාලම අපේ ළමයි පිරිසත් තේ බිවුව.

අපේ දුවා දරුවන්ගෙ දෙමවුපියන් විසින් පිළියෙල කරපු දානය බුද්ධ පූජාව තියල, පිං අනුමෝදන් කලා. ඊට පසුව වැඩිහිටි පිරිසට ⁣ඒ දානය බෙදල පූජා කලෙත් අපේ දරුවන් විසින්ම තමයි.

පසුව අපේ ආචාර්ය මණ්ඩලය වගේම දුවා දරුවනුත් ආහාර අරගෙන වැඩිහිටි පිරිස සන්තෝස කරවන්න නැටුම් ගැයුම් සමග විශේෂාංග ඉදිරිපත් කලා. ඒ විශේෂාංග දැකපු වැඩිහිටි පිරිස ගොඩක් සතුටු වුනා අපි දැක්ක. ඉතිං ඒ ආච්චිල සීයලත් ඊට පස්සෙ අපේ ළමයි සන්තෝස කරන්න කවි සිංදු කිවුව.

වැඩිහිටියන් යනු කවුද, අපි වැඩිහිටියන් සැලකිය යුත්තේ කෙසේද යන්න ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ විසින් අනුශාසනාවක්ද පවත්වා ළමයින්ට දැනුම ලබා දුන්නා. ඉති පරිස්කාර පූජා කරල අපේ වැඩසටහන නිමා කලා.

දරුවන්ගේ ඉල්ලීම පරිදි අපි ඊට පස්සෙ මඩුවන්වෙල වලවුව බලන්න ගියා. ඒ සියලු කටයුතු නිමා කරමින් සවස් වන විට දහම් පාසලට අපි පැමිණයා.

පුණ්‍යානුමෝදනාව... 🙏✍

ඉතිං මෙම මහඟු පිංකමට පිං සිතින් දායක වුණු සියලුම දෙමවුපියන්ට පුණ්‍යානුමෝදනා.
දානය රැඟෙන ඒමට වගේම බස් රථය ලබා දුන් ඒ සැමටත් පුණ්‍යානුමෝදනා.
මෙවැනි කටයුතු සඳහා නිතර කැපවීමෙන් කටයුතු කරන අපේ ඇදුරු මඩුල්ලටත් පුණ්‍යානුමෝදනා.
මෙම උත්තුංග පිංකමට සම්බන්ධ වුණු දූ දරුවන් ඇතුලු සියලූම දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරනවා.

゚viralシfypシ゚viralシ

Address

පැරණි කඳවුර
Embilipitiya
214

Opening Hours

07:30 - 12:00

Telephone

+94704325780

Website

Alerts

Be the first to know and let us send you an email when මහවැලි දහම් පාසල - Mahaweli Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to මහවැලි දහම් පාසල - Mahaweli Dhamma School:

Shortcuts

Share

Category