Janith Sharada Bandara

Janith Sharada Bandara Hello…..

මිනිසුන් රටවල් වශයෙන් වෙන් වී ඇත .මිනිසුන් ආගම් වශයෙන් වෙන් වී ඇත .මිනිසුන් ජාතීන් වශයෙන් වෙන් වී ඇත .මිනිසුන් පළාත් වශය...
01/03/2022

මිනිසුන් රටවල් වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් ආගම් වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් ජාතීන් වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් පළාත් වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් නගර වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් ගම් වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් මාවත් වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් කුල වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් පරම්පරා වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් වත්කම් මත වෙන් වී ඇත .
මිනිසුන් නිවාස වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් ගැහැනු පිරිමි වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් උගත්කමින් වෙන් වී ඇත .
මිනිසුන් පක්ෂ වශයෙන් වෙන් වී ඇත .
මිනිසුන් දැනුමෙන් වෙන් වී ඇත .
මිනිසුන් හැකියාවන් මත වෙන් වී ඇත .
මිනිසුන් වයස් සීමාවෙන් වෙන් වී ඇත .

මිනිසුන් අවබෝධයෙන් යුතුව
ළං විය යුතුව ඇත .
මිනිසුන් කෙසේ හෝ වෙන්වීමට
හේතු හොයනු ඇත .

අද ඔබ ගන්නා හුස්ම
කොහේ සිට පැමිණෙන්නේ දැයි
ඔබ දන්නේ නැත .
අද ඔබ කන කෑම
කවුරුන් විසින් හැදුවා දැයි
ඔබ දන්නෙ නැත .
ඔබේ ගෙවත්තේ මල් සුවද
සුළඟ කොහේ ගෙන යනවාදැයි
ඔබ දන්නේ නැත .
මේ මොහොතේ ඔබ සිතනා සිතුවිලි
ඔබව කොහේ ගෙන යනවාදැයි
ඔබ දන්නේ නැත .
විෂබීජ , ලෙඩ රෝග, මාරයා
කොහේ සිට කොයි මොහොතේ
පැමිණෙනවා දැයි ඔබ දන්නේ නැත .
යුද්ධයේ ගිනිදැල් කොහෙත් මතුවුණාත්
කොහෙන් කෙලවර වෙනවාදැයි
කවුරුත් දන්නේ නැත .

මහපොළොවෙන් යැපෙන අපි
මහ පොළොවට ම පස් වන බැවින්
පොළොවේ පය ගසා සිටින
සමාන අවශ්‍යතා ඇති
සමාන සත්ත්වයන් බව
අමතක වීම පුදුමයකි .
ජීවිතය අවිනිශ්චිතයි .
විනිශ්චය කිරීමෙන් වලකින්න .
උ ගැ - නොපෙනෙන ලෝකය.

ධනාත්මක චින්තනය..ආදරය විවාහය ජීවිතය සහ සතුට..මම දැකපු හරිම ආදරෙන් සෙනෙහසින් සහයෝගයෙන් ජීවත් වෙන විවාහක යුවලක් ගැන මගේ අද...
27/08/2021

ධනාත්මක චින්තනය..

ආදරය විවාහය ජීවිතය සහ සතුට..

මම දැකපු හරිම ආදරෙන් සෙනෙහසින් සහයෝගයෙන් ජීවත් වෙන විවාහක යුවලක් ගැන මගේ අද්දැකීම මට ඔබට කියන්න හිතුණා.. මේ කියන සැමියා මගේ හොදම යාලුවෙක් යාලුවා නිසාම ඔහුගේ බිරිදත් මම එක්ක බොහොම හිතවත්.. අපි හොද යාලුවෝ නිතර මුණ ගැහෙන කතා බහ කරන අය. මම මේ අයට පොඩි පුතාලා දෙන්නෙක් ඉන්නවා..එක්කෙනෙක්ට වයස අවුරුදු පහයි අනෙක් කෙනාට මාස පහක් විතර වෙනවා..

මගේ මේ මිත්‍රයා සාමාන්‍යයෙන් මාසෙකට වරක් දෙවරක් මට රෑ කෑමකට ඔහුගේ ගෙදරට ආරාධනා කරනවා.. මමත් යනවා අපි තුන්දෙනා ඉතින් හොදින් සතුටු සාමිච්චියේ යෙදිලා කාලා බීලා මම මගේ ගෙදර එනවා.. තව කියන්න ඕන දෙයක් මේ දෙන්නා වසර කීපයක ආදර සම්බන්දයකින් පස්සේ තමයි විවාහ උනේ..දෙදෙනාම රැකියා කරන අය..

මට අදහගන්නත් බැරි තරම් හොද ලස්සනට මේ දෙන්නා ජීවත් වෙනවා.. මට වෙලාවකට හිතෙනවා මේ තරම් හොද සැමියන් සහ බිරිදෑවරුන් ඉන්නවා නේද කියලා..බලන්න මේ දේවල් මම ඔවුන්ව ඇසුරු කරමින් අත්දැකපු සත්‍ය දේවල්..

එක දවසක් මමයි මිතුරයි එයාගේ ගෙදරට යනකොට ලොකු පුතා ගෙදර සාලේ එක අපායක් කරලා සෙල්ලම් බඩු එහේ මෙහේ ඔබට තේරෙනවනේ ඉතින් වයස අවුරුදු පහක කොල්ලෙක් ඉන්න ගෙදරක සිද්ද වෙන දේවල්.. මම ඇත්තටම හිතුවේ යාලුවට තරහා ගිහිල්ලා දරුවට බැනලා බිරිදට කෑ ගහලා යකා නටයි කියලා.. ඇත්තටම සාලේ තිබුණ හැටි දැක්කම ඇත්තටම මටත් කේන්ති ගියා...නමුත් මගේ යාලුවා කරේ මචං උබ පොඩ්ඩක් එලියෙන් වාඩි වෙලා ඉදපන් මම මේක අස් කරලා දානකම් කියලා විනාඩි දහයක් පහලවක් තුළ මුලු සාලෙම සාමාන්‍ය තත්වෙට ගත්තා..මට ඇතුලට ඇවිල්ලා වාඩි වෙන්න කියලා මෙයා ගියේ කෙලින්ම කුස්සියට.. බිරිද මොකක් හරි වැඩක නිරතවෙලා හිටියේ ඒ වෙලාවේ. යාලුවා ගෑස් එක ගැහුවා වතුර තිව්වා.. තියලා නෝනගෙන් අහනවා ඉෂානී අපි මම තේ හදනවා ඔයාටත් එකක් හදලා දෙන්නද පුතාට තේ දුන්නද කියලා.. මම පුදුමයට පත් උනා ඇත්තටම. මේ කතාව අහලා..

මම ඕන තරම් විවාහක යාලුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා තියනවා නමුත් මේ වගේ අවස්ථාවකට මම මුහුණ දුන්න පලවෙනි පාර.. මෙහෙම දෙන්නෙක් දැකපු පලවෙනි අවස්ථාව. වෙන තැනවල මේකේ අනික් පැත්ත.. ගෙට ගොඩ වෙන්නෙම ළමයට නෝනට කෑ ගහගෙන..බලන්න ගෙයි හැටි මේක අතුගාලා දාන්න අස්පස් කරලා දාන්න..අපිට තේ හදන්න.. මේ සේරම පැහැදිලිවම නියෝග..අණ කිරීම්.. නමුත් මගේ මිතුරා කරේ අපි හැමෝටම තේ හදලා මට මගේ තේ එක පිළිගන්වලා නෝනගේ තේ එක එයා ඉදපු තැනටම ගිහිල්ලා දුන්න එක

ඊට පස්සේ දෙන්නා එක්ක එකතුවෙලා රෑ කෑම පිළියෙළ කරා.. ඇත්තටම එක්කෙනෙක් එක්කෙනෙක්ට දෙවැනි නෑ.. ඒ තරම්ම දෙන්නා දෙන්නට සහයෝගය දක්වනවා... සාමාන්‍යයෙන් ගෙදරක වැඩක් පලක් නොකරන මටත් නිකන් ඉන්න හිතුණේ නෑ කොච්චර උනත්.. මම ඒ අයට මාලු කපලා කරලා දුන්නා උදව්වක් විදියට.. ඒ තරම් ආදරණීයයි..නියෝග.කිරීම් අණ කිරීම් අවදාරණය නැති ලස්සන පවුලක්..

හිතලා බලන්න ලොකු කතාවක් නොවුනත් එතන තිබුණ සහජීවනය..එකමුතු කම.. මම නිතරම යන එන තැනක් නිසා මම දන්නවා ඒ දෙන්නා එදා වගේමයි ඉදිරියටත් එහෙම තමයි..

ආදරය කියන්නේ එක් දෙයක් පමණයි.. ආදරය කල පමණින් සියල්ල සර්ව සම්පූර්ණ වෙන්නේ නෑ..හොද්දක් රසවෙන්න එක් කරන්න ඕන අඩුම කුඩුම කිහිපයක් තියෙනවා.. පන්නේ තුනපහ ලුණු..මිරිස් රංපේ කරපුංචා.. තව නොයෙක් දේ.. මේ ආදරයත් හරියට හොද්ද වගේ.. රස වෙන්නේ කෙනෙක්ට ආස හිතෙන්න කෙනෙක්ව ආකර්ශනය කර ගන්න එකත් කරන්න ඕන අඩුම කුඩුම කිහිපයක් තියෙනවා..සෙනෙහස..දයාව..අනුකම්පාව.. ඇහුම්කම් දීම.. නිදහස..සහයෝගය පල කිරීම්..කරුණාව.. එකෙිනෙකාට උදව් උපකාර කර ගැනීම.. මේ සියල්ල එක් කරලා ආදරය නැමැති හොද්ද හොදට හැදිගාලයි අපි අනෙකට පිළිගන්වන්න ඕන. හැදි නොගා හදන හොද්ද රස නෑ කියනවා වගේ අපි අපේ ආදරය අනෙකට පුද කරද්දී අර මම කියපු අඩුම කුඩුම එක් කරලා බොහොම රසවත්ව පිළිගන්වන්න ඕන.. ඒක තමයි සැබෑ ආදරේ..

අපි සාම්ප්‍රධායිකව ගැහැණිය සහ පිරිමියා විසින් ඉටු කරන්න ඕන කටයුතු වර්ග කරලා තියෙනවා.. අපි බයයි මේ සාම්ප්‍රධායන් කඩ කරන්න. සැමියෙක් ගෙදර දොරේ කටයුතු කරොත් වලන් පිගන් හෝදලා ඒ සැමියා බිරිදට බය කෙනෙක් විදියට තමයි සලකන්නේ.. මම මගේ කන් දෙකට අහලා තියෙනවා මගේ සමහර යාලුවෝ අඩියක් එහෙම ගහලා ඉන්න වෙලාවට කියනවා උඹ ඉතින් ගෑණිගේ රෙදිත් හොදන මිනිහනේ ගෑණිට බයයිනේ කියලා.. මේ වගේ යහලුවන් ඉස්සරහ අපහසුතාවයට පත් වෙන්න අපි බයයි.. අපේ අයට කොන්දක් නෑ අහන්න.. මගේ ගෑණිගේ රෙදි මම හෝදන්නේ නැතුව උබ ඇවිල්ලා හෝදලා දෙන්නද යකෝ කියලා..

ඇත්තටම මම අර මුලින් කියපු යාලුවට තිබුණා එදා බිරිදට උයන පිහින කටයුතු කරන්න දීලා මම එක්ක පාඩුවේ නිදහසේ කතා කරමින් ඉන්න..එහෙම උනත් අර බිරිද මුකුත් කියන්නේ නෑ..එ්ත් ඔහු එහෙම නොකර
ඇය සමග ඒ කටයුත්ත කරා. පිට කෙනෙක් මෙතන ඉන්නවා මම මේ වැඩ කරොත් මෙයා මම ගැන මොනවා හිතයිද කියලා මානසික බාදාවක් ඔහු ඇති කර ගත්තේ නෑනේ..ඔහුට ⁣හොද කොන්දක් තිබුණා.. කියලයි මම හිතන්නේ හොද පිරිමියෙක්.

මගේ ලිපි කියවන බොහෝ අය මට කියන කතාවක් තමයි විශේෂයෙන් කාන්තාවන්.. ⁣ඔබගේ ලිපි බලන්න ඕන අය කියවන්නේ නෑ කියලා.. ඉතින් මට හිතුණා අපේ ⁣බොහෝ කාන්තාවන් තමුන්ගේ ස්වාමියා පිළිබදව සෑහීමකට පත් වෙන්නේ නෑ කියලා..තමුන්ට සැමියගෙන් ලැබෙන්න ඕන සහයෝගය නොලැබීම නිසා කනස්සල්ලට පත් වෙලා ඉන්න බිරින්දෑවරුන් ඕන තරම් ඉන්නවා..

ඇත්තටම ඔබ සමත් වෙන්න ඕන සැමියගේ සහයෝගය උපරිමයෙන් පවුලේ කටයුතු සදහා යොදා ගන්න මම ඒ ගැන පසුව ලිපියකින් පැහැදිලි කරන්නම්.. මම ඒ ගැන ලොකු අධ්‍යයනයක ඉන්නේ මේ දවස්වල..
කසුන් තාරක රාජපක්ෂ...

Address

97 Junction
Embilipitiya
70180

Telephone

+94740662488

Website

Alerts

Be the first to know and let us send you an email when Janith Sharada Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Janith Sharada Bandara:

Shortcuts

Share

Category