G/Bogaha Primary College

G/Bogaha Primary College උගත මනා ශිල්පමයි මතු රැකෙනා

07/04/2026

බක්මහ උළෙලේ අසිරිය විඳගන්න ගා/බෝගහ ප්‍රාථමිකයට හෙට දින ඔබත් එන්න.🥰

"මවු තුරුලෙන් විදුපියසට" 2026 ගා/බෝගහ ප්‍රාථමික විද්‍යලයේ නවක 01 ශ්‍රේණියේ දුවා දරුවන් පිළිගැනීමේ උත්සවය මහත් හරසරින් අද...
29/01/2026

"මවු තුරුලෙන් විදුපියසට" 2026 ගා/බෝගහ ප්‍රාථමික විද්‍යලයේ නවක 01 ශ්‍රේණියේ දුවා දරුවන් පිළිගැනීමේ උත්සවය මහත් හරසරින් අද දින සිදු කෙරිණි. අනාගතය දිනන යහපත් පුරවැසියන් වීමට ඔවුනට හැකි වේවා!

29/11/2025

අපේ රටට ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් වියලි ආහාර බෙදා දීම සඳහා එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය එකතු කිරීමේ වැඩසටහනක් ග/බෝගහ ප්‍රාථමික විද්‍යාලය විසින් ද සිදු කරනු ලබයි.ඒ සඳහා ඔබට හැකි අයුරින් මේ සඳහා දායක වන ලෙසට ඉල්ලා සිටින අතර හෙට (30) දින උදෑසන 8.00-10.00ත් අතර පහත ආහාර ද්‍රව්‍ය පාසලට ගෙනවිත් බාරදෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

වියලි සලාක
සනීපාරක්ෂක ද්‍රව්‍ය
බෙහෙත්(පැනඩෝල්,සිද්ධාලේප....)
පානීය ජල බෝතල්
(සබන්,සැමන්,පරිප්පු,සහල්,සෝයාමීට්,පරිප්පු ආදිය)

මෙම උතුම් සත්කාර්යට ඔබත් හැකි අයුරින් දායක වන්න.

අද දින ගා/බෝගහ ප්‍රාථමික විද්‍යාලයේ උපන්දිනය සමරන විද්‍යාලයේ විදුහල්පති ඩී.එල්දිමුතු තුෂාර මහතාට සුබ උපන් දිනයක් වේවා! එ...
06/11/2025

අද දින ගා/බෝගහ ප්‍රාථමික විද්‍යාලයේ උපන්දිනය සමරන විද්‍යාලයේ විදුහල්පති ඩී.එල්
දිමුතු තුෂාර මහතාට සුබ උපන් දිනයක් වේවා! එසේ ම ඔබට නිදුක් නීරෝගි වාසනා ශක්තිය ලැබේවා!!!

ගා/බෝගහ ප්‍රාථමික විද්‍යලයේ නියමුවාණන් වශයෙන් පුරා වසර නවයක් සුවිශිෂ්ට සේවාවක් ඉටුකරමින් පාසල දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන...
05/10/2025

ගා/බෝගහ ප්‍රාථමික විද්‍යලයේ නියමුවාණන් වශයෙන් පුරා වසර නවයක් සුවිශිෂ්ට සේවාවක් ඉටුකරමින් පාසල දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන ගිය ඩී.එන් වරාපිටිය මැතිණියගේ විශ්‍රාම උත්සවය සාර්ථකව විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී සිදු කරන ලදි."ඉසිඹුසර හරසර" ඇයගේ ඉසිඹුලන සැමරුම් උත්සවයට මහාසංඝරත්නය, අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නියුතු පරිපාලන නිළධාරීන්,විදුහල්පතිවරුන්,ගුරුඋපදේශකවරුන්,ප්‍රදේශවාසීන්,ඇයගේ පවුලේ ඥාතිහිතමිත්‍රාදීන් පාසලට සුබපතන්නන් ,දෙමාපියන්,අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇගේ සමකාලීන මිතුරු මිතුරියන්,දූ දරුවන් ආදී බොහෝ පිරිසක් පැමිණ ඇයගේ විශ්‍රාම දිනයට සුබාශිංෂන එක් කරන ලදි.මෙම උත්සවය සාර්ථකව සිදු කිරීම සඳහා ස⁣හයෝගය ලබාදුන් විද්‍යාලයේ නව විදුහල්පතිතුමා,නියෝජ්‍යවිදුහල්පතිතුමිය,ආචර්ය මණ්ඩලය,අනෙකුත් කාර්යමණ්ඩලය,දෙමාපියන්,ප්‍රදේශවාසීන්,දූ දරුවන් ⁣මෙන්ම උත්සවයේ විවධ අංග සඳහා සේවාවන් සැපයූ සැමට බොහෝ තුතිවේවා!!!

එසේ නම් ඉසිඹුලත් විදුහල්පතිතුමියනි,ඔබට නිදුක් නීරෝගි සුවබර විශ්‍රාම දිවියක් හදවතින් ප්‍රාර්ථනා කරමි.

03/10/2025
01/10/2025

Happy children's day!!!
Bogaha teachers' drama ❤❤❤

"ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට" යන ළමා දින තේමාව මැයෙන් අද දින ගා/බෝගහ ප්‍රාථමික විද්‍යාලය  ළමා දින සැමරුම විශිෂ්ට අන්...
01/10/2025

"ආදරෙන් සුරකින්න අපට ලොව දිනන්නට" යන ළමා දින තේමාව මැයෙන් අද දින ගා/බෝගහ ප්‍රාථමික විද්‍යාලය ළමා දින සැමරුම විශිෂ්ට අන්දමින් සිදු කරන ලදි.හොඳම දේ දරුවන්ට ලබාදීමට කැපවෙන අප පාසල ළමයින්ගෙ සතුට වෙනුවෙන් මෙම වැඩසටහන නිර්මාණශීලීව හා අලංකාරව සිදු කරන ලදි.

30/09/2025

අද දින ගා/බෝගහ ප්‍රාථමික විද්‍යාලයේ අභිනව විදුහල්පතිතුමන් ලෙස දිමුතු තුෂාර මහතා වැඩ බාරගන්නා ලදි.එතුමාට අප විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා ගෙනයාමට හැකියාව දිරිය,ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.
විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමිය,නි.විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය,කාර්යමණ්ඩලය,දෙමාපිය දූ දරු ඇතුළු සැමගේ සුබාශිංෂන!!!

ලතෙත් සෙනෙහෙන් දරාගෙන නිම් වළල්ලෙන් එපිට යන සදාකාලික පහන් තරුවයි නුඹ දිසාපාමොක් ඇදුරු පරපුර තැනුවසිප් කිරෙන් නහවා⁣සැවොම ...
26/09/2025

ලතෙත් සෙනෙහෙන් දරාගෙන
නිම් වළල්ලෙන් එපිට යන
සදාකාලික පහන් තරුවයි නුඹ
දිසාපාමොක් ඇදුරු පරපුර තැනුව
සිප් කිරෙන් නහවා
⁣සැවොම සෙනෙහෙන් රැකුව
ගුරුහරුකමෙන් නිසි මග
අප රැගෙන යන
විදුමව් නුඹ යි අඩිතාලම සවිමත් තවම
දිගුකල් වැජඹෙනා නුඔ අපෙ මව් රැජින
පතමි දිගාසිරි නුඹට!!!

ගා/ බෝගහ ප්‍රාථමික විද්‍යාලයේ නියමුණානනි, විදුමවුනි, නුඹට සුබ උපන් දිනයක් වේවා!!!
එසේම අනෙක් ප්‍රාර්ථනය කරන්නෙ ඉමහත් සෝ දුකිනි.මන්දයත් අදින් පසුව අපගේ පාසලට නුඹ ලබාදෙන නායකත්වය,ගුරුහරුකම් වලින් නුඔ ඉසිඹුලන බැවිනි.

පුරා වසර 36 අඛණ්ඩව අවංක රාජ්‍ය සේවිකාවක් වශයේ ද, කාර්යශූර නිහතමානි නියමුවරියක් වශයෙන් ද ඔබ කළ සේවාව කියා නිම කළ නොහැක.

ගුරුවරියක් වශයෙන් රාජ්‍ය සේවයට පැමිණ පාසල් ගණනාවක සුවහසක් දූ දරුවන්ගේ නැණස පෑදු ඇය 2017 පටන් 2025 තෙක් ගා/ බෝගහ ප්‍රථමික විද්‍යලයේ විදුහල්පතිතුමිය වශයෙන් අමිල සේවාවක් ඈ විසින් ඉටු කරන ලදි. 2017 එතුමිය මෙම පාසලේ වැඩ බාරගන්නා විට පාසලේ තිබුණු තත්ත්වය දෙමාපියන්,ගම්වාසින් ඇතුළු සැවොම දන්නා කරැණකි.වල්බිහිව තිබූ ඉතා සීමිත සිසුන් සංඛ්‍යාවක් හා අඩු සම්පත් ප්‍රමාණයක් තිබුණු මෙම පාසල ඇයගේ සම්ප්‍රාප්තියත් සමඟ දිනෙන් දින දියුණු වීමට පටන් ගැන්ම කාටත් නොරහසකි...ඇයගේ සාර්ථක නායකත්වයත් ගුරුමණ්ඩලය,අනෙකුත් කාර්යමණ්ඩලය,දෙමාපියන්,සුබපතන්නන් අැතුළු සැමගේ දායකත්වයෙන් ඇය මෙම පාසල ඉදිරියට ගෙන එන ලදි.බොහෝ ජයග්‍රහණ ප්‍රමාණයක් ඇය මෙම පාසලට නතුකර දී හමාරය.

විදුමවුනි, ඔබ මෙම පාසලට කළ සේවාව එකින් එක මෙතෙකැයි කියා නිම කළ නොහැක.කෙටියෙන් ⁣කියනවානම් 2017 හා 2025 වන විට මෙම පාසලේ තත්ත්වය සංසන්දනයක නිරත වුවහොත් පුදුමාකාර සංවර්ධනයක් ඔබ අප පාසල වෙනුවෙන් කර ඇත.ඔ⁣බගේ සේවාව කිසි දින රාජකාරි වේලාවකට සීමා වූයේ නැත.දිවා රෑ නොබලා නිවාඩු දිනවලත් පාසල වෙනුවෙන් අප දරුවන් වෙනුවෙන් ඔබ කළ සේවාවට අප සැම ඔබට සදා ණය ගැතිය.

ඔබ නායිකාවකට එහා ගිය මවක් මෙන් ගුරුවරුන්ට ,ළමුන්ට පමණක් නොව ඉතා නිහතමානිව දෙමාපියන් හා අනෙකුත් ප්‍රජාව සමඟ ඉතා සුහදව පාසලේ උන්නතිය උදෙසා ඇය කටයුතු කරන ලදි.

එසේනම් විදු මෑනියනි,ඔබට සුබ ඉසිඹුලන දිනයක් වේවා!
නිදුක් නීරෝගි වාසනාවන්ත විශ්‍රාම දිවියක් ඔබට අත්වේවා!!!

ඔබ අප පාසල දූ දරුවන් ඇතුළු සැම වෙනුවෙන් කළ අමිල සේවාවට අප සැම සදා ණය ගැතිය......

❤❤❤🥺🥺🥺

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ උපදේශන හා ප්‍රජනන සෞඛ්‍ය විෂය භාර නිළධාරීන් දෙපළගේ සම්පත් දායකත්වයෙන් විශේෂයෙන් මෙව...
26/07/2025

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන හා ප්‍රජනන සෞඛ්‍ය විෂය භාර නිළධාරීන් දෙපළගේ සම්පත් දායකත්වයෙන් විශේෂයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන 5 ශ්‍රේණියේ දරුවන් ඉලක්ක කරගනිමින් මානසික තෘප්තිය ලබාදෙන සෞන්දර්යාත්මක රසවින්දන ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් 2025.07.25 දින ගා/බෝගහ ප්‍රාථමික විද්‍යාලයේ දී සිදුකරන ලදි.

විද්‍යාලයේ විදුහල්පතිතුමිය,ආචාර්ය මණ්ඩලය හා එම සම්පත්දායක මහත්මීන් දෙපළට අපගේ විශේෂ ස්තුතිය.

Address

Awiththawa Road
Elpitiya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94779141808

Website

Alerts

Be the first to know and let us send you an email when G/Bogaha Primary College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to G/Bogaha Primary College:

Shortcuts

Share