31/07/2026
"ඒ භවත් ගෞතමයන් වහන්සේ යන සේක් දකුණු පසින් පළමුව යන සේක. උන්වහන්සේ ඉතා දුර පාදය නොඔසවනසේක. ඉතා ළඟ පාදය නොතබන සේක. උන්වහන්සේ ඉතා ඉක්මණින් නොවඩිනසේක. ඉතා සෙමින් නොවඩිනසේක. දණහිසින් දණහිස ගටමින් නොවඩින්නාහ. ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් නොවඩින්නාහ. උන්වහන්සේ වඩිනසේක් කලවය උඩට නොනැමෙයි. කලවය පහළට නොනැමෙයි. කලවය දැඩිකොට පය නොතබයි. කලවය එහා මෙහා නොසලවයි. වඩින්නාවූ ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යට කයම සෙලවෙයි, කයින් වෙර ගමනින් නොවඩිත්. ඒ භවත් ගෞතමයන්වහන්සේ වනාහි හැරී බලනසේක් සියලු කයම හරවා බලයි. උන්වහන්සේ උඩ නොබලනසේක. යට නොබලනසේක, වට පිට බලමින් නොවඩිත්. වියදඬු පමණම බලත්. ඉන් එහා උන්වහන්සේගේ කිසිම ආවරණයක් නැති ඤාණයෙන් බැලීම වෙයි. උන්වහන්සේ ගෙයක් තුළට ඇතුල්වන්නේ කය උඩට නොඔසවන සේක, කය පහළට නොනමත්, කය දැඩිකොට නොතබයි. කය එහා මෙහා නොසොළොවයි."
- බ්‍රහ්මායු සූත්‍රය
⚜ සුමනාරාම මහා විහාරය කිතල් ඇල්ල
#සුමනාරාමමහාවිහාරයකිතල්ඇල්ල #සුමනාරාමමහාවිහාරය #කිතල්ඇල්ලමිහිඳුමහාපෙරහැර #කිතල්ඇල්ලපන්සල