Chathura Astrology service

Chathura Astrology service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chathura Astrology service, Education, Chathura Astrology Service , Wijenayaka Mawatha, Eheliyagoda.

🌞ක්‍රි.ව.2023 වසරේ අලුත් අවුරුදු නැකැත්  🌿🌿🌿🌿🌿🌿🌿🌞  2013 අප්‍රේල් මස 12 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා පරණ අවුරුදු...
12/04/2023

🌞ක්‍රි.ව.2023 වසරේ අලුත් අවුරුදු නැකැත් 🌿🌿🌿🌿🌿🌿🌿
🌞 2013 අප්‍රේල් මස 12 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා පරණ අවුරුදු ස්නානය කිරීම මැනවි.🌿
🌞 2023 අප්‍රේල් මස 14 සිකුරාද
පුර්ව භාග 08.35 සිට අපරභාග 09.23 දක්වා පුණ්‍ය කාලය බැවින් එදින පූර්ව භාග 08.35 ට පෙර ආහාර ගෙන, සියලු වැඩ කටයුතු අවසන් කර ආගමික වතාවත්හි යෙදීම මැනවි 🌿
🌞 2023 අප්‍රේල් මස 14 සිකුරාද අපර භාග 02.59 ට අලුත් අවුරුද්ද උදාවේ.🌿
🌞 අප්‍රේල් මස 14 සිකුරාදා අපරභාග 03.29 දකුණු දිශාව බලා විචිත්‍ර වර්ණයෙන් සැරසී,ලිප් ගිනි මොළවා දී කිරි මිශ්‍ර බතක්ද , තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිලියෙල කර ගන්න 🌿
🌞 2023 අප්‍රේල් මස 14සිකුරාදා අපර භාග 05.05 විචිත්‍ර වර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ ඇල්ලීම හා ගණුදෙනු කර ආහාර අනුභවය මැනවි . 🌿
🌞 2023 අප්‍රේල් මස 16 ඉරිදා පූර්ව භාග 09.41ට රතු කහ මිශ්‍ර වර්ණයෙන් සැරසී හිසට ඉඹුල්පත්ද පයට නුග පත්ද දමා දකුණු දිශාව බලා හිසතෙල් ගැල්වීම මැනවි.🌿
🌞2023 අප්‍රේල් මස17 සදුදා පූර්ව භාග 06.28 ට සුදු වර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා රැකිරක්ෂා වලට පිටත්වීම යහපත් වේ. 🌿
🌞🌿🌞🌿🌞🌿🌞
"ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සිංහල , දමිළ සියලූම දෙනාට සතුටින් පිරුණ , නිදුක් නීරෝගිමත් , සෞභාග්‍යය සම්පන්න අලුත් අවුරුද්දක් වේවා.!"🙏 🌞🙏🌞🙏🌞

චිරන්ති අනෝෂා මනතුංග ,
චතුර ජ්‍යොතිෂ්‍ය සේවය...🌞

31/05/2022
අපි ඉපදුන දවසෙ ඉදලා මරණය දක්වාම ගමන් කරන මේ ජීවන ගමනේදී අපිට විවිධාකාර පුද්ගලයන් මුණගැසෙනවා, විවිධාකාර අවස්ථාවලට මුහුණ ද...
29/05/2022

අපි ඉපදුන දවසෙ ඉදලා මරණය දක්වාම ගමන් කරන මේ ජීවන ගමනේදී අපිට විවිධාකාර පුද්ගලයන් මුණගැසෙනවා, විවිධාකාර අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වෙනවා...
ඒ හැම කෙනෙක් දිහාම හැම අවස්ථාවක් දිහාම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වුනාම ජීවිතය ලෙහෙසියි...මට මතකයි අපේ නැන්දා කෙනෙක් නිතරම කියුව දෙයක්.."මේ ලෝකෙ මිනිස්සු විවිධයි , විශමයි " ඇගේ මුවේ නිතරම තිබුණ වදන් පෙලක්...ඇත්තටම පොඩිකාලෙ ඔය කතාව විහිලුවක් විදියට සලකලා හිනා වුනත්, දැනුම් තේරුම් ඇති තලත්තෑනි වයසට ආවම තමා තේරුම් ගියෙ එහි සත්‍යතාවය. අපිට සමාජයේ මුණ ගැසෙන අය පමණයි නොවෙයි ,අඹුසැමියො, සහෝදර සහෝදරීයො, නෑදෑයො කියන හැමදෙනා අතරම ඔය විවිධත්වය, විශම බව තිබෙනව.
විවිධ අවස්ථාවල අපිට විවිධ අස්ථාන චෝදනා , ගැරහුම් පවා එල්ල වෙනව තමන්ගේම කියන අයගෙන් වගේම බාහිර සමාජයෙනුත්...නමුත් අපි එවැනි අවස්ථාවන්ට මුහුණ දෙන විට උපේක්ෂා සහගත විය යුතුමයි ..මොකද හැමෝම තව කෙනෙක්ව විවේචනය කරන්නෙ තමන්ගෙ මානසික තත්වයට, ජීවන චර්‍යාවන්ට, අත්දැකීම් වලට අනුව . අපි නිවැරදි නම් ඒ විවේචන අදාලම නෑ අපේ ජීවිතේට. ඒ වගේම මම සමාජෙ අධ්‍යයනය කරපු දෙයක් තමයි අනුන්ගෙ ගැටලු වලට මැදිහත් වෙනව කියල පෙන්නල ,ඒ ගැටලුව තවත් අවුල් කරල වින්දනයක් ලබන පිරිසකුත් සිටින බව...ඒ උදවිය කවුද කියල අවබෝධ කර ගන්න උත්සාහ කිරීමත් වැදගත්. එවැනි උදවිය දුර්වල, ආත්ම ශක්තියක් නොමැති, හීන මානයෙන් යුතු අය ලෙස උපේක්ෂාවෙන් තේරුම් ගත යුතුයි..
සම්බුද්ධ දර්ශනයට අනුව ,මෙත්තාව, කරුණාව ,උපේක්ෂාව පිරුණු හදවතින් නිවැරදි ගමනක් යන කෙනාට ජයග්‍රහණය ලැබෙනව අනිවාර්යයෙන්ම .
විවිධ විශම පුද්ගලයින් පිරුණු සමාජයේ නිවැරදිව ජීවත් වෙන්න සෑම ආගමක්ම හා දර්ශනයක්ම මනුෂ්‍යයින්ට උපකාර වෙනව සත්‍යවශයෙන්ම ...

චිරන්ති අනෝෂා මනතුංග .

Address

Chathura Astrology Service , Wijenayaka Mawatha
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Chathura Astrology service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category