Sensei Paro සෙන්සෙයි පාරෝ

Sensei Paro සෙන්සෙයි පාරෝ හරියට ඉගෙනගත්තොත් ජපන් කියන්නෙ හරි ලේසි භාෂාවක්
(6)

විදේශ රටක ඉන්න ඔයාට මේ කතාවෙන් ගන්න දේවල් ගොඩක් තියෙයි !චණ්ඩ මාරුතය සහ උණ පඳුර (The Gale and the Bamboo)​එක්තරා කඳු මුදු...
15/06/2026

විදේශ රටක ඉන්න ඔයාට මේ කතාවෙන් ගන්න දේවල් ගොඩක් තියෙයි !
චණ්ඩ මාරුතය සහ උණ පඳුර (The Gale and the Bamboo)
​එක්තරා කඳු මුදුනක, ඉතාමත් ශක්තිමත්, විශාල ඕක් ගසක් (Oak Tree) තිබුණා. ඒ ගස අසලම කුඩා උණ පඳුරකුත් (Bamboo) වැවී තිබුණා.
​ඕක් ගස තමන්ගේ ශක්තිමත්කම ගැන ගොඩක් උදම් වැවුණා. ඔහු හැමතිස්සෙම උණ පඳුරට සමච්චල් කළා.
​"බලන්නකෝ ඔයාගේ හැටි. පොඩි හුළඟක් ආවත් ඔයා දෙකට නැවෙනවා. කොන්දක් නැති එකෙක් වගේ. මං දිහා බලන්න, මම කොච්චර ශක්තිමත්ද ? කිසිම හුළඟකට මාව හෙල්ලන්න බැහැ," ඕක් ගස උඩඟු ලෙස පැවසුවා.
​උණ පඳුර මේ හැමදේටම නිශ්ශබ්දව සිනාසුණා මිසක් කිසිම පිළිතුරක් දුන්නේ නැහැ.
​දවසක් මුළු ප්‍රදේශයම කළු කරලා, මහා භයානක කුණාටුවක් (චණ්ඩ මාරුතයක්) හමාගෙන ආවා. ගස් කොළන් මුලින් උදුරා දමන තරම් දරුණු සුළඟක් හැමුවා.
​ඕක් ගස , තමන්ගේ සුපුරුදු ශක්තිය සහ උඩඟුකම පාවිච්චි කරලා, සුළඟට එරෙහිව කෙළින්ම නැගී සිටියා. ඔහු සුළඟ සමඟ සටන් කළා.
​උණ පඳුර, සුළඟේ වේගය සහ දිශාව හඳුනාගෙන, ඉතාමත් නම්‍යශීලීව සුළඟ යන අතට පහත් වුණා (නැමුණා). ඔහු සුළඟ සමඟ සටන් කරන්න ගියේ නැහැ.
​පසුදින උදෑසන කුණාටුව සංසුන් වුණා. මුළු පරිසරයම නිශ්ශබ්ද වුණා.
​තමන්ට එරෙහිව ආපු මහා චණ්ඩ මාරුතය සමඟ තදින් සටන් කරන්න ගිය විශාල ඕක් ගස මැදින් දෙකට බිඳී, මුල් පිටින්ම උදුරා දමා බිම ඇද වැටී තිබුණා.
​නමුත්, සුළඟ ආපු අතට නැමුණු උණ පඳුර, කුණාටුව අවසන් වූ සැණින් නැවතත් කිසිදු හානියක් නැතිව කෙළින් නැගී සිටියා. ඔහු වෙනදාටත් වඩා නැවුම්ව සහ ලස්සනට සුළඟේ ලෙලදුන්නා.
මේ ජපන් සෙන් කතාවෙන් තරුණ ඔයාට ගන්න දේවල් ගොඩයි 🇱🇰🙋
​ජීවිතේ තරුණ කාලේදී අපිට විවිධ බාධක, මිනිසුන්ගේ දරුණු විවේචන, ප්‍රශ්න සහ අභියෝග කියන "කුණාටු" එක දිගට ගලාගෙන එන්න පුළුවන්.
​නම්‍යශීලී වන්න (Flexibility) ඕක් ගස වගේ "මම කාටවත් නැමෙන්නේ නැහැ, මම තමයි වැඩ්ඩා" කියලා අනම්‍යශීලී (Rigid) වෙන්න ගියොත්, ප්‍රශ්න හමුවේ ඔබ ඉක්මනින්ම මානසිකව බිඳී යනවා.
​ඉවසීම සහ බුද්ධිය වර්ධනය කරන්න. සමහර අවස්ථාවලදී අපිට එරෙහිව එන බලවේගවලට ක්ෂණිකව කේන්තිගෙන උත්තර දෙනවාට වඩා, උණ පඳුර වගේ ඉවසීමෙන්, උපක්‍රමශීලීව ඒ අවස්ථාව මඟහැරලා (නැමිලා) ඉන්න එක නුවණට හුරුයි.
​නැවත නැගී සිටීමට පුරුදු වෙන්න(Resilience) නම්‍යශීලී වීම කියන්නේ පැරදීම නෙවෙයි. තමන්ගේ ආත්මය පාවා නොදී, අවස්ථාවට අනුව හැඩගැසී, කුණාටුව ඉවර වූ පසු නැවතත් ශක්තිමත්ව කෙළින් නැගී සිටීමේ හැකියාවයි.
විදේශ රටක තනිවෙලා ඔයාව ගොඩදාන්න,පවුල ගොඩගන්න,දරුවන් වෙනුවෙන්, යහපත් ජීවිතයක් ගෙවන්න මහන්සි වෙන ඔයාට අපහසු කාල , වැඩ කරන්න අපහසු මිනිස්සු හමුවෙන්න පුලුවන්.ඒක ලෝක ස්භාවය.ඉතිං ඔයත් අවස්ථානුකූලව බුද්දිමත් විදියට ඔයාගේ ගමන යන්න.
ඔයාට වරදින්නේ නෑ..පිට රට ඉඳන් ජීවිතේ ගොඩගන්න මහන්සි වෙන ඔයාට ජයම වේවා..
🙋🖤

🇯🇵✨ ජපන් මිනිස්සුන්ගෙන් අපිටත් ඉගෙනගන්න පුළුවන් ජීවිතය වෙනස් කරන වටිනා පුරුදු 6ක්! ❤️ජපානය කියන්නේ තාක්ෂණයෙන් වගේම මිනිස...
15/06/2026

🇯🇵✨ ජපන් මිනිස්සුන්ගෙන් අපිටත් ඉගෙනගන්න පුළුවන් ජීවිතය වෙනස් කරන වටිනා පුරුදු 6ක්! ❤️
ජපානය කියන්නේ තාක්ෂණයෙන් වගේම මිනිස්සුන්ගේ හික්මීම, වගකීම සහ ගතිගුණ අතිනුත් ලෝකයේ ඉහළින්ම තියෙන රටක්. මෙහේ ජීවත් වෙද්දී මම දැකපු, අපේ ජීවිතයටත් එකතු කරගන්න පුළුවන් වටිනා ජපන් පුරුදු කිහිපයක් ගැන අද කියන්නම්. 👇
⏰ 1. වෙලාවට වැඩ කිරීම (Punctuality)
ජපානයේ කෝච්චියක් තත්පර ගණනක් පරක්කු වුණත් ඒක ලොකු වැරැද්දක් විදිහටයි සලකන්නේ. ජපන් මිනිස්සුත් ඒ වගේමයි. රස්සාවකට, හමුවීමකට හෝ යාළුවෙක් හම්බවෙන්න ගියත් නියමිත වෙලාවට විනාඩි 5-10කට කලින් එතනට යන එක ඔවුන්ගේ පුරුද්දක්. ඔවුන්ට වෙලාව කියන්නේ අනිත් කෙනාට දක්වන ගෞරවයක්.
🗑️ 2. තමන්ගේ කුණු තමන්ම අස් කිරීම
ජපානයේ පාරවල්වල හැමතැනම කුණු කූඩ දකින්න නැහැ. හැබැයි පාරවල් පුදුම විදිහට පිරිසිදුයි. තමන් කන බොන දේවලින් ඉතිරි වෙන කුණු තමන්ගේ බෑග් එකට දාගෙන ගෙදර අරන් ගිහින් අස් කරන එක සාමාන්‍ය දෙයක්. පාසල් යන වයසේ ඉඳන්ම දරුවන්ට තමන්ගේ පන්ති කාමරය තමන්ම පිරිසිදු කරන්නත් පුරුදු කරනවා.
🤫 3. අනුන්ට කරදරයක් නොවීම (Meiwaku - 迷惑)
“අනුන්ට කරදරයක් හෝ බාධාවක් නොවීම” කියන එක ජපන් සංස්කෘතියේ ඉතා වැදගත් දෙයක්. ඒකයි බස්, කෝච්චි වගේ පොදු ස්ථානවලදී හයියෙන් කතා නොකරන්නේ, Phone එකෙන් සින්දු අහන්නේ නැත්තේ. අනිත් අයට නිදහසේ ඉන්න ඉඩ දීම ඔවුන් සලකන්නේ හොඳ ගුණාංගයක් විදිහට.
🙏 4. ස්තුතිවන්ත වීම සහ ආචාරශීලී බව
පුංචිම දේකටත් “Arigatou gozaimasu” (ස්තුතියි) කියන්නත්, වැරැද්දක් වුණොත් “Sumimasen” (කණගාටුයි) කියලා සමාව ඉල්ලන්නත් ඔවුන් කවදාවත් මැලි වෙන්නේ නැහැ. බස් රථයේ රියදුරන් මගීන්ටත්, කඩවල සේවකයින් පාරිභෝගිකයන්ටත් නිතරම ස්තුති කරනවා. ඒ වගේම පාරිභෝගිකයන්ත් ආචාරශීලීව ප්‍රතිචාර දක්වනවා. ඒ ගෞරවය සහ නිහතමානී බව ජපන් සංස්කෘතියේ ලස්සනම පැතිකඩක්.
🥣 5. කෑම නාස්ති නොකිරීම (Mottainai - もったいない)
“මොත්තයිනයි” කියන්නේ “කිසිම දෙයක් අපතේ යන්න දෙන්න එපා” කියන අදහස. විශේෂයෙන්ම කෑම නාස්ති නොකරන එක ජපන් මිනිස්සු ගොඩක් වැදගත් කරලා සලකන දෙයක්. තමන් බෙදාගත් කෑම ටික අන්තිම බිංදුව දක්වාම කාලා ඉවර කරන්න ඔවුන් උත්සාහ කරනවා.
🏡 6. සරල සහ ක්‍රමවත් බව (Minimalism & 5S)
ජපන් නිවාස සහ ඔවුන්ගේ ජීවන රටාව ගොඩක් සරලයි. අනවශ්‍ය විදිහට බඩු එකතු කරගෙන යන්නේ නැතුව, තියෙන දේවල් පිළිවෙලකට තියාගන්න ඔවුන් පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසාම ගෙදරත්, මනසත් වඩා නිදහස් බවක් දැනෙනවා.
✨ හිතන්න යමක්:
දියුණු රටක් වෙන්න තාක්ෂණය විතරක් මදි. මිනිස්සුන්ගේ හිතන විදිහ, වගකීම සහ දෛනික පුරුදුත් දියුණු වෙන්න ඕන. ජපානය ඒකට හොඳම උදාහරණයක්. ❤️
👇 මේ පුරුදු 6න් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න කැමතිම පුරුද්ද මොකක්ද?
1️⃣ වෙලාවට වැඩ කිරීම
2️⃣ පිරිසිදුකම
3️⃣ අනුන්ට කරදරයක් නොවීම
4️⃣ ආචාරශීලී බව
5️⃣ කෑම නාස්ති නොකිරීම
6️⃣ සරල ජීවිතයක්

ලක්ෂ 30-40 දීලා ජපානෙට Job Visa වලින් ඇවිත් අවුරුද්දෙන් ගෙදර යන්න වෙන්නෙ, එහෙම නැත්නම් වීසා නැතිව හොරෙන් හැංගි හැංගි ඉන්...
12/06/2026

ලක්ෂ 30-40 දීලා ජපානෙට Job Visa වලින් ඇවිත් අවුරුද්දෙන් ගෙදර යන්න වෙන්නෙ, එහෙම නැත්නම් වීසා නැතිව හොරෙන් හැංගි හැංගි ඉන්න වෙන්නෙ මෙන්න මේ දේවල් ගැන අවබෝධයක් නැති නිසා.🇯🇵🚫
ජපානෙට job visa එකෙන් ආවට පස්සේ,
ඊළඟ challenge එක තමයි visa renewal (更新) එක. ආව දවසෙ ඉදලා වීසා අලුත් කර ගන්න පුළුවන් වෙයිද කියලා හිතන්න වෙනවනෙ. එන්න කලිනුත් මේ ගැන හිතල එනවා නම් තමයි හොඳම.ඒ හිතද්දි මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

⚠️ ප්‍රධාන හේතු ටික මෙන්න:

❌ 1. Job එක visa type එකට match වෙන්නෙ නැතිව වැඩ කිරීම. ඒ කියන්නෙ ලංකාවෙ අය කියන්නෙ කංකේ ගැළපෙන්නෙ නැතිව වැඩ කරනවා කියලා. අන්න ඒක මූලික හේතුවක්.
උදාහරණයක් විදියට Visa එක IT නම්, factory එකක කම්කරු වැඩ කරන්න බැහැ.ඒ වගේ.

❌ 2. Tax / Nenkin / Insurance ගෙවලා නැතිව ඉන්නවා
👉 市民税 (Residence tax)
👉 年金 (Pension)
👉 健康保険 (Health insurance)

🚨 මේවා ගෙවලා නැත්නම් renewal එක reject වෙන්න chance වැඩියි.

❌ 3. Stable income එකක් නැතිවීම
ඒ කියන්නෙ ඔයා නිතර Job මාරු කරලා, ඒ අතර gaps තියෙනවා. එතකොට income එක අඩු වෙනවනෙ. එතකොට stable නැති වෙනවනෙ. Stable නැති අයට වීසා දෙන්නෙ නෑ.

❌ 4. Fake documents දාපු cases
වැරදි documents, fake documents දාපුවාම reject වෙනවා. Company name, address, cetifcate වගේ ඕනෙම දෙයක්. 🚫 Renewal එකේදි මේවා හෙළි වෙන්න පුළුවන්.

❌ 5. Job එක මාරු කරලා ඒ ගැන immigration එකට report නොකිරීම.
Job එක මාරු උනාම immigration එකට අනිවාරෙන්ම දැනුම් දෙන්න ඕනෙ. නොකලොත් ඒක ප්‍රශ්නයක්. සමහර වෙලාවට job visa වලින් එන අය එයාලව ගත්ත අය තමයි හැම දේම කරන්නෙ. එයාල කියන කියන තැන වැඩ කරාට, වීසා නැතිව කට්ට කන්න වෙන්නෙ ඔයාට. ඒ නිසා වීසා ගැන අවබෝධයකින් ඉන්න.

❌ 6. Part-time / side jobs වල නීති කඩ කිරීම
👉 job වීසා එකේ ඉදන් වෙන side job එකක් කරන්න immigration එකෙන් අවසර ගන්න ඕනෙ. එහෙම Permission නැතිව අමතර තැන් වල වැඩ කිරීම, ඒ වගේම ඒගොල්ල කියන limit වලට වඩා වැඩ කිරීම නිසා වීසා cancel වෙන්න පුළුවන්.

❌ 7. Criminal records / law violations
👉 Traffic serious cases
👉 Police case

💡 වීසා Renewal එක පහසුවෙන් කර ගන්න නම්..
✔️ Visa type එකට match වෙන job එක කරන්න
✔️ Taxes & insurance time එකට ගෙවන්න
✔️ Documents 100% genuine වෙන්න
✔️ Job change උනාම report කරන්න
✔️ Stable income maintain කරන්න

හැම වෙලේම නීත්‍යානුකූල විදියට ජීවත් වෙන්න. හොර වැඩ වලින් ඈත් වෙන්න. එතකොට ප්‍රශ්නයක් නැතිව හැම දේම ගානට සිද්ධ වේවි.

දවසක් Tokyo වල train එකේ යද්දි මගේ phone එක එකපාරටම හයියෙන් කෑගහන්න පටන් ගත්තා.📢 "Jishin desu! Jishin desu!"ඒ එක්කම වටේ ...
10/06/2026

දවසක් Tokyo වල train එකේ යද්දි මගේ phone එක එකපාරටම හයියෙන් කෑගහන්න පටන් ගත්තා.

📢 "Jishin desu! Jishin desu!"

ඒ එක්කම වටේ ඉන්න අනිත් අයගේ phone වලත් එකම alarm එක.

තත්පර කීපයකට පස්සේ... මුළු train එකම හෙමිහිට නතර වුණා. ඊට ටික වෙලාවකට පස්සේ තමයි භූමිකම්පාව දැනෙන්න පටන් ගත්තෙ.

🤔 එතකොට මට හිතුණා...

"භූමිකම්පාව තවම ඇවිල්ලත් නැතිව ජපානය දැනගත්තෙ කොහොමද?"

---🌍 ඇත්තටම ජපානයට භූමිකම්පා predict කරන්න පුළුවන්ද?---

නෑ...

ලෝකයේ කිසිම රටකට භූමිකම්පාවක් හරියටම කවදා වෙයිද කියලා කලින් predict කරන්න බෑ. හැබැයි... ජපානය කරන්නෙ predict කරන එක නෙමෙයි. භූමිකම්පාව පටන් ගත්ත ගමන් detect කරන එක. ඒකයි වෙනස.

---⚛️ භූමිකම්පාවක් ඇතුළේ Wave වර්ග දෙකක් තියෙනවා---

1️⃣ P-Wave

මේක තමයි පළවෙනි wave එක.

・ වේගවත්
・ සාමාන්‍යයෙන් අඩු හානියක්
・ කලින්ම එනවා

2️⃣ S-Wave

මේක තමයි භයානක එක.

・ ගොඩනැගිලි හොල්ලනවා
・ භූමිකම්පාව දැනෙන්නෙ මේ wave එකෙන්
・ P-Wave එකට වඩා පරක්කු වෙලා එනවා

---🚨 ජපානයේ රහස තියෙන්නෙ මෙතන---

ජපානය පුරා seismic sensors දහස් ගණනක් ස්ථාපනය කරලා තියෙනවා.

P-Wave එක sensor එකකට අහුවුණු ගමන්:

・ භූමිකම්පාවේ තැන ගණනය කරනවා

・ ප්‍රමාණය estimate කරනවා

・ S-Wave එක එන්න කලින් alert එක යවනවා

මේ system එකට කියන්නෙ Earthquake Early Warning (EEW). ජපානයේ භාෂාවෙන් 緊急地震速報 (Kinkyu Jishin Sokuho) කියලා.

⏱️ ඒ කියන්නෙ කොච්චර කලින් දැනගන්න පුළුවන්ද?

එක තැනක ඉන්න කෙනෙකුට ඉන්න තැන අනුව:

තත්පර 3ක්
තත්පර 5ක්
තත්පර 10ක්
සමහර වෙලාවට තත්පර 30කටත් වැඩිය

වෙලාවක් ලැබෙන්න පුළුවන්.

භූමිකම්පාවට ළඟම ඉන්න අයට warning එක ලැබෙන්න කලින් shaking දැනෙන්නත් පුළුවන්.

---🚨 EEW Alert එක නිකුත් වුණාම මොකද වෙන්නෙ?---

මේක තමයි මාරම කොටස. EEW alert එක නිකුත් වුණාම,

🚅 Trains speed අඩු කරනවා(නවත්තනවා)

🛗 Elevators ආරක්ෂිත තට්ටුවක නතර කරනවා

🏭 සමහර factories machinery නතර කරනවා

📱 Mobile phones වල emergency alert එක එනවා

---🤯 ඇත්තටම මේක Time Travel එකක් වගේ නේද?---

නෑ.

ජපානය භූමිකම්පාව කලින් දන්නෙ නෑ. නමුත් භූමිකම්පාවෙන් එන වේගවත් P-Wave එක අල්ලගෙන, පස්සෙන් එන භයානක S-Wave එකට කලින් warning එක යවනවා.

ඒ නිසා අපිට දැනෙන්න කලින් phone එකට alert එක එනවා වගේ පේන්නෙ.

◊ ජපානය මේ system එක හදන්නෙ ඇයි?

ජපානය ලෝකයේ භූමිකම්පා වැඩියෙන්ම වෙන රටවල් අතරින් එකක්.

ඒ නිසා තත්පර 5ක් වුණත්... මේසයක් යටට යන්න, Train එක නතර කරන්න, Elevator එකෙන් එළියට එන්න, Machinery නවත්තන්න ප්‍රමාණවත් වෙන්න පුළුවන්.

ඒකයි මේ technology එක ජීවිත දහස් ගණනක් බේරගන්න උදව් කරන්නෙ.

🇯🇵 ජපානයේ Student Visa එකෙන් ඉගෙන ගන්න අය දැනගත යුතු වැදගත් දෙයක්ජපානයට ඉගෙන ගන්න එන ගොඩක් සිසුන්ට තියෙන ලොකුම බයක් තමයි...
09/06/2026

🇯🇵 ජපානයේ Student Visa එකෙන් ඉගෙන ගන්න අය දැනගත යුතු වැදගත් දෙයක්

ජපානයට ඉගෙන ගන්න එන ගොඩක් සිසුන්ට තියෙන ලොකුම බයක් තමයි, ලංකාවේ ඉන්න අම්මාට, තාත්තාට හෝ සමීප පවුලේ කෙනෙකුට හදිසි අසනීපයක් හෝ අනතුරක් වුණොත් මොකද කරන්නේ කියන එක. 😟

බොහෝ දෙනෙක් හිතන්නේ මාස කිහිපයකට ලංකාවට ගියොත් Attendance අඩු වෙලා Visa එකට ප්‍රශ්නයක් වෙයි කියලා.

ඇත්තටම සාමාන්‍ය නිවාඩුවක් අරගෙන මාස 1–2ක් පන්ති මඟහැරියොත් Attendance එක සැලකිය යුතු ලෙස අඩු වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක Visa Renewal කරනකොට Immigration එකෙන් ප්‍රශ්න මතු වීමේ අවදානමක් තියෙනවා.

හැබැයි පවුලේ හදිසි සහ බරපතළ තත්ත්වයක් නම්, නීත්‍යානුකූලව දිගු කාලයකට ලංකාවට යන්න ක්‍රමයක් තියෙනවා. ✅

📄 මුලින්ම කරන්න ඕනේ දේ

ලංකාවේ රෝහලෙන් පහත තොරතුරු ඇතුළත් English Medical Report එකක් ලබාගන්න.

✔️ රෝගියාගේ තත්ත්වය

✔️ පවුලේ සාමාජිකයෙකු ලෙස ඔබගේ පැමිණීම අවශ්‍ය බව

ඒ වගේම,

✔️ ඔබ සහ රෝගියා අතර සම්බන්ධතාවය ඔප්පු කරන Birth Certificate එකේ English Translation එකත් සූදානම් කරගන්න.

🏫 ඊළඟ පියවර

මෙම ලියකියවිලි ඔබගේ පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ International Student Office එකට භාරදෙන්න.

තත්ත්වය පැහැදිලි කළාම, බොහෝ ආයතන විශේෂ අවසරයක් (Special Leave) ලබාදෙනවා.

එවැනි අවසරයක් ලැබුණොත්, ඔබ ලංකාවේ ඉන්න කාලය සාමාන්‍ය Attendance ගණනයෙන් ඉවත් කරලා සලකන්නත් ඉඩ තියෙනවා.

✈️ ලංකාවට යන්න කලින්

✔️ පාසලට හෝ විශ්වවිද්‍යාලයට දැනුම් දෙන්න.

✔️ Re-entry Permit එක නිවැරදිව ලබාගෙන පිටවෙන්න.

✔️ අවශ්‍ය සියලු ලියකියවිලි පිටපත් තබාගන්න.

මේ දේවල් නිවැරදිව කළොත්, පසුව Visa Renewal කරන අවස්ථාවේ ඔබගේ ආයතනයෙන් Explanation Letter එකක් ලබාදෙන්නත් පුළුවන්.

⚠️ වැදගත්

හොරෙන් පන්ති මඟහැරලා යාම, බොරු Medical Certificates ලබාදීම, හෝ ආයතනයට නොදන්වා පිටවීම වැනි දේවල් Visa එකට බරපතළ ප්‍රශ්න ඇති කරන්න පුළුවන්.

ඒ නිසා හදිසි තත්ත්වයක් ඇතිවුණත්, නීත්‍යානුකූල ක්‍රමවේදය අනුගමනය කරන එක තමයි හොඳම විසඳුම. 👍

❤️ ජපානයේ නීති තද වුණත්, මානුෂීය හේතු සලකා බලන ක්‍රමවේදත් තියෙනවා. හරියට ලියකියවිලි සකස් කරලා, පාසලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කළොත් පවුලත් බලාගෙන තමන්ගේ අධ්‍යාපනයත් ආරක්ෂා කරගන්න පුළුවන්.

📌 සටහන: ආයතනයෙන් ආයතනයට නීති සහ ක්‍රියාපටිපාටි වෙනස් විය හැකි නිසා, ඔබගේ School / University එකෙන් සෘජුවම තොරතුරු තහවුරු කරගැනීම වැදගත්.

*🇯🇵 ජපන් හීනයට පාර කියන, මනසට දැනෙන ජපන් පන්තිය! 🌸**ජපන් භාෂාව ගැන මුකුත්ම නොදන්න කෙනෙක් වුණත්, ජපන් රැකියාවකට හෝ අධ්‍යා...
05/06/2026

*🇯🇵 ජපන් හීනයට පාර කියන, මනසට දැනෙන ජපන් පන්තිය! 🌸*

*ජපන් භාෂාව ගැන මුකුත්ම නොදන්න කෙනෙක් වුණත්, ජපන් රැකියාවකට හෝ අධ්‍යාපනයට යන ගමන එකවරම ජයග්‍රහණය කරන්න අප හා එක්වන්න!*

*සාම්ප්‍රදායික කටපාඩම් කිරීම්වලින් තොරව, ඉතාමත් සරල සහ මනසට ධාරණය වන සුවිශේෂී ඉගැන්වීම් ක්‍රමවේද හරහා ඔබව විභාගයට සූදානම් කරනු ලැබේ.*

*🎯 අපේ පන්තියේ විශේෂත්වය:

*✅ O/L සහ A/L විශය නිර්දේශය සම්පූර්න ආවර්නය කිරීම

*✅ නිසැක A සාමාර්තයක් ලබා ගැනීමට හැකි වීම

*✅ JLPT, JFT, NAT යන ඕනෑම විභාගයක් පළමු වතාවෙන්ම සමත් වීමට මඟ පෙන්වීම.*

*✅ භාෂාව මුල සිටම අකුරින් අකුර සරලව ඉගැන්වීම.*

*✅ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම සහ විභාග උපක්‍රම කියාදීම.*

*✅ ඕනෑම මට්ටමක අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි ඉගැන්වීම් රටාව.*

*ඔබේ ජපන් හීනය සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න! 🇯🇵✨*
*❤️ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න*

*✴️ LTC Professional Higher Education Center*

*💚 සෙන්සෙ පාරෝ*
*☎️ 074 356 1001

🈴 FB Page
https://www.facebook.com/share/1KpjjvMrb3/

🈴 Tik Tok https://www.tiktok.com/?_r=1&_t=ZS-93WaJm9xVo2



SIGMA Higher Education Centre - Dummalasuriya
Shakthi Vinodani
Shan Siriwardhana
Kasun Randimal Dayarathna
Hirusha Senanayaka
Shanika Fernando
Tharusha Dilshan
Amasha Sewmini
Isuru Isuru
LTC Professional Educational Center
Dummalasooriya දුම්මලසූරිය
Paro Ridhimaliyadda
Chama Food
Sensei Paro සෙන්සෙයි පාරෝ

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අවධානයට ටයිෆූන් (සුළි කුණාටු) තත්ත්වයන් පිළිබඳව වැදගත් දැනුවත් කිරීමක් 🇯🇵​පවතින සැබෑ කාල...
03/06/2026

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අවධානයට

ටයිෆූන් (සුළි කුණාටු) තත්ත්වයන් පිළිබඳව වැදගත් දැනුවත් කිරීමක් 🇯🇵

​පවතින සැබෑ කාලගුණික තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින්න.

​ අප මතක තබා ගත යුතු වැදගත්ම කරුණක් වන්නේ ​ටයිෆූන් (Typhoon) කුණාටුව නිවර්තන කලාපීය සුළි කුණාටුවක් (Tropical Depression) දක්වා දුර්වල වූ පලියටම එහි අනතුර අවසන් වන්නේ නැත.

​ කුණාටුවක් දුර්වල වුවත් සිදුවිය හැකි බලපෑම් බොහොමයක් තිබෙනවා.

විශේෂයෙන් ​🌊 කන්ටෝ (Kanto) සහ උතුරු ජපානයේ පැසිෆික් වෙරළ තීරයට තද සුළං සහ උස් රළ ඇති විය හැකියි.

​🌧️ කෙටි කාලයක් තුළ අධික වැසි ඇද හැලීම නිසා ගංවතුර හෝ නායයෑම් තත්ත්වයන් ඇති විය හැකියි.

එම නිසා,

​අනතුර සම්පූර්ණයෙන්ම පහව යනතුරු වෙරළබඩ ප්‍රදේශවලට හෝ ගංගා අසලට යාමෙන් වළකින්න.

​හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය (Evacuation routes) පිළිබඳව දැනුවත් වන්න.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ (JMA) හෝ NHK පුවත් සේවයේ නිල යාවත්කාලීන කිරීම් (Updates) පමණක් විශ්වාස කරන්න.

​ආරක්ෂිතව සිටින්න.තමන්ගේ යහළුවන් හොඳින් දැයි සොයා බලන්න

🇱🇰 හැමෝම පරිස්සමින් ඉමු..❤

🚨 ජපානයේ වකයමා ප්‍රාන්තයට ඉතා බරපතළ අනතුරු ඇඟවීමක්ටයිෆූන් අංක 6 “චන්මි” ළඟා වීමත් සමඟ ඇති වූ දැඩි වර්ෂාව නිසා, වකයමා ප්‍...
03/06/2026

🚨 ජපානයේ වකයමා ප්‍රාන්තයට ඉතා බරපතළ අනතුරු ඇඟවීමක්

ටයිෆූන් අංක 6 “චන්මි” ළඟා වීමත් සමඟ ඇති වූ දැඩි වර්ෂාව නිසා, වකයමා ප්‍රාන්තයේ කොසාගවා නගරයේ කොටසකට 警戒レベル5 “緊急安全確保” කියන ඉතාමත් ඉහළ මට්ටමේ避難 තොරතුරක් නිකුත් කරලා තියෙනවා.

මෙය කොසා ගඟ ජලයෙන් ඉහළ ගොස්/ගංවතුර තත්ත්වයක් ඇති වීම නිසා නිකුත් කරලා තියෙන අනතුරු ඇඟවීමක්.

Level 5 කියන්නේ ජපානයේ අනතුරු මට්ටම් 5 අතරින් ඉතාමත් ඉහළම මට්ටම.
ඒ කියන්නේ, සාමාන්‍ය විදියට避難 කරන්න දැනටමත් අමාරු වෙලා තිබිය හැකි නිසා, ජීවිතය බේරගන්න පුළුවන් ආරක්ෂිතම ක්‍රියාව වහාම කරන්න කියන තත්ත්වයක්.

උදාහරණයක් ලෙස:

ගඟ අසලට යන්න එපා.
පහත් තැන්වල ඉන්නවා නම් ඉහළ මහලකට යන්න.
පිටතට යන්න අනතුරුදායක නම්, ගෙදර/ගොඩනැගිල්ලේ ඉහළ සහ ආරක්ෂිත තැනකට යන්න.
ප්‍රාදේශීය ආරක්ෂක සහ避難 තොරතුරු අනිවාර්යයෙන් අනුගමනය කරන්න.

ජපානයේ රැකියා සිහිනය සැබෑ කරන "就職活動" පියවර මෙන්න! 🇯🇵💼ජපානයේ උසස් අධ්‍යාපනය ලබන මෙන්ම, එරට වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසීමට අප...
02/06/2026

ජපානයේ රැකියා සිහිනය සැබෑ කරන "就職活動" පියවර මෙන්න! 🇯🇵💼

ජපානයේ උසස් අධ්‍යාපනය ලබන මෙන්ම, එරට වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන සැමගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ "就職活動" හෙවත් ශූශොකු කට්සුදෝ ක්‍රියාවලියයි.

ජපානයේ රැකියා වෙළඳපොළ සෙසු රටවලට වඩා හාත්පසින්ම වෙනස් වන අතර, එහි ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ උපාධිය ලබා ගැනීමටත් වසරකට පෙර සිටම මෙම රැකියා සෙවීමේ මෙහෙයුම ක්‍රමානුකූලව ආරම්භ කළ යුතු වීමයි. මෙම වැදගත් වෘත්තීය ක්‍රියාවලිය සහ ඒ හා සබැඳි නීතිමය කරුණු පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු විශේෂ තොරතුරු කිහිපයක් පහතින් දැක්වේ. 👇

🏛️ 1. රැකියා සෙවීමේදී නොමිලේ සහාය ලබාගත හැකි ප්‍රධාන ආයතන

📌 公共職業安定所 (ハローワーク)
මෙය ජපාන රජයේ නිල රැකියා නියෝජිත ආයතනයයි. ජපානය පුරා විසිරී ඇති මෙහි ශාඛා මඟින් ඕනෑම අයෙකුට නොමිලේ වෘත්තීය උපදේශනය, අයදුම්පත් (履歴書) සකස් කිරීමේ සහාය සහ සම්මුඛ පරීක්ෂණ පුහුණුව ලබා දෙයි. (විශේෂයෙන්ම ප්‍රධාන නගරවල විදේශිකයන් සඳහාම වෙන්වූ විශේෂ සේවා මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ).

📌 就職課 / キャリアセンター
ඔබ අධ්‍යාපනය ලබන වෘත්තීය විද්‍යාලයේ (専門学校) හෝ විශ්වවිද්‍යාලයේ (大学) ඇති මෙම අංශය මඟින්, ආයතන ප්‍රධානීන් විද්‍යාලය තුළටම කැඳවා පවත්වනු ලබන විශේෂ ඒකාබද්ධ රැකියා ප්‍රදර්ශන (合同企業説明会) සංවිධානය කරනු ලබයි.

📅 2. සාර්ථක "就職活動" කාලසටහන
🕒 විශ්වවිද්‍යාල 3 වන වසර (ජූනි - අගෝස්තු): ස්වයං-විශ්ලේෂණය (自己分析) මඟින් තමන්ගේ කුසලතා හඳුනා ගැනීම සහ සමාගම්වල කෙටිකාලීන සීමාවාසික පුහුණුවලට (インターンシップ) සම්බන්ධ වීම.

🕒 3 වන වසර (ඔක්තෝබර් - පෙබරවාරි):විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර (業界研究) පිළිබඳ දත්ත රැස් කිරීම සහ ලිඛිත පරිගණක පරීක්ෂණ (適性検査) සඳහා පූර්ව සූදානම.

🕒 3 වන වසර (මාර්තු 01 සිට): සමාගම් විසින් තම බඳවා ගැනීමේ තොරතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ අයදුම්පත් (エントリーシート) භාරදීම ඇරඹීම.

🕒 4 වන වසර (ජූනි 01 සිට): නිල සම්මුඛ පරීක්ෂණ (面接) වට පැවැත්වීම සහ සාර්ථක වන සිසුන්ට රැකියා දීමනා හිමිවීම.

🕒 ඊළඟ වසරේ අප්‍රේල් 01: උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු සියලුම සිසුන් එකම දිනකදී තම සමාගම්වල වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම (入社式).

🎖️ 3. 内定 (නයිතෙයි) සහ රැකියා වීසා පරිවර්තනය

💡 නයිතෙයි යනු කුමක්ද?
මෙය සමාගමකින් ඔබට ලබාදෙන "නිල නොවන රැකියා දීමනාව" වුවද, ජපන් කම්කරු නීතියට අනුව මෙයට අතිශය ඉහළ නීතිමය ස්ථාවරත්වයක් පවතී. ඉතා සාධාරණ හෝ බරපතල නීතිමය හේතුවක් නොමැතිව කිසිදු ආයතනයකට මෙය හිතුමතේ අවලංගු කළ නොහැක.

ශිෂ්‍ය වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් දක්වා මාරු කිරීම

内定 පත්‍රය ලැබුණු පසු, ජපාන ආගමන විගමන කාර්යාංශය (出入国在留管理庁) වෙත අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඔබේ වීසා බලපත්‍රය (技术・人文知识・国际业务) දක්වා මාරු කරගත යුතුය. මෙහිදී ඔබ උසස් අධ්‍යාපන ආයතනය තුළ හැදෑරූ විෂය පථය (専攻) සහ ආයතනය තුළ කිරීමට අපේක්ෂිත රැකියා ස්වභාවය (職務内容) අතර සෘජු ගැලපීමක් තිබීම අනිවාර්ය වේ.

🏃 4. රැකියාවක් සොයා ගැනීමට අපොහොසත් වුවහොත්? "特定活動" (කට්සුදෝ වීසා)

විද්‍යාලයීය අධ්‍යාපන කාලය අවසන් වන තෙක්ම රැකියාවක් සොයා ගැනීමට නොහැකි වුවහොත් වහාම මෙරටින් පිටවිය යුතු නැත. රැකියා සෙවීමේ කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ජපාන රජය විසින් විශේෂ වීසා බලපත්‍රයක් හඳුන්වා දී ඇත.
🔹 මෙම වීසා බලපත්‍රය මාස 6 බැගින් උපරිම වසරක් දක්වා දීර්ඝ කරගත හැක.
🔹 මෙම කාලසීමාව තුළදීද පූර්ව අවසරයක් සහිතව සතියකට පැය 28ක අර්ධකාලීන රැකියාවල (アルバイト) නිරත වීමට අවස්ථාව හිමිවේ.
🔹 මූලික සුදුසුකම්: ශිෂ්‍ය කාලය තුළ රැකියා සෙවීමේ නිරත වූ බවට සාක්ෂි පැවතීම, යහපත් චරිත ස්වභාවය සහ ඔබ ඉගෙන ගත් විද්‍යාලයෙන් ලබාදෙන නිල නිර්දේශ ලිපිය (推薦状) මෙහිදී අත්‍යවශ්‍ය වේ.

🛠️ ජපානයේ වෘත්තීය ලෝකය ජය ගැනීමට නම්:
1️⃣ ජපන් භාෂා ප්‍රවීණතා විභාගයෙහි (日本語能力試験 ) හි N2 හෝ N1 මට්ටම සපුරා ගනිමින් ව්‍යාපාරික ජපන් භාෂා ව්‍යවහාරය (敬語) මැනවින් ප්‍රගුණ කරන්න.

2️⃣ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ තමන්ගේ වෘත්තීයමය වටිනාකම සහ කුසලතා කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කිරීමට (自己PR) පුහුණු වන්න.

3️⃣ සියල්ලටම වඩා වැදගත් සාධකය වන්නේ, ශිෂ්‍ය කාලය තුළ ඔබේ පැමිණීමේ ප්‍රතිශතය (出席率) 90% කට වඩා ඉහළින් පවත්වා ගැනීමයි. එය ඔබේ වීසා අනුමැතිය කෙරෙහි සෘජුවම බලපානු ලබයි.

💡 ජපානය තුළ සාර්ථක වෘත්තීය අනාගතයක් ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරන සියලුම සිසුන් උදෙසා මෙම තොරතුරු උපකාරී වනු ඇතැයි විශ්වාස කරමු. ✨

Address

Kuliyapitiya
Dummalasuriya

Website

Alerts

Be the first to know and let us send you an email when Sensei Paro සෙන්සෙයි පාරෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category