Sunray Academy

Sunray Academy විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයට වේද ශාස්ත්‍ර පාඨමාලා සංවිධානය ෴
Organizing courses in Vedic studies through open and distance learning methods ෴

සිංහල පාරම්පරික දේශීය ගුප්ත විද්‍යාව ශ්‍රී ලංකාවේ පළමු වරට ඔන්ලයින් අවකාශයේ පාඨමාලාවක් ලෙස භෞතික පුහුණු වැඩමුළුද ඇතුලත් හයිබ්‍රිඩ් ක්‍රමයට සංවිධානය කරමින් 2021 සැප්තැම්බර් මස 24 වැනි සිකුරාදා දින "KALI FILMS" නාමයෙන් ව්‍යාපාර කටයුතු ඇරඹුවෙමු. ගුප්ත විද්‍යා විෂය හදාරන සිසුන්ගේ වෘත්තීයවේදීත්වය ඔප්නංවාලීමේ අරමුණ ඇතිව 2021 නොවැම්බර් මස 17 වැනි බදාදා දිනයේදී වෛදික ජ්‍යොතිෂ ඔන්ලයින් පාඨමාලාවක් ආරම්භ කළෙ

මු. 2022 ඔක්තෝබර් 04 වැනි අඟහරුවාදා "Sadisi Consultants," ලෙස ව්‍යාපාර නාම වෙනසකින් අපගේ ඔන්ලයින් අධ්‍යාපන සේව තවා දුරටත් පුළුල් කරමින් වාස්තු ශාස්ත්‍රය, අංක විද්‍යාව මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු වරට යුරෝගීය ගුප්ත රහස් සිංහලෙන් විධිමත් ඔන්ලයින් පාඨමාලාවකට එකමුතු කරමින් Wicca & Witchcraft පාඨමාලාවත් දියත් කළෙමු. 2023 සැප්තැම්බර් 23 වැනි ඉරිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හින්දු ගුප්ත විද්‍යාව සිංහල මාධ්‍යයෙන් විධිමත් පාඨමාලාවක් ලෙස ඔන්ලයින් සිද්ධාන්ත - භෞතික පුහුණු හයිබ්‍රිඩ් ක්‍රමයට සංවිධානය කරමින් සිංහල මාධ්‍යයෙන් ආධ්‍යාත්මික විෂය ඉගැන්වීමේ අද්විතීය ප්‍රමුඛයන් බවට පත්වූයෙමු! අපගේ ආධ්‍යාත්මික අධ්‍යාපන ආයතනික ගමන්මගට වසර දෙකකුත් මාස 11 ක් හා දින 24 ක් සපිරෙන මොහොතේදී එනම්, 2024 සැප්තැම්බර් 17 වැනිදා අඟහරුවාදාට යෙදුන බිනර පුන් පොහෝ දිනය දා සිට "Enlightening education - Brightening futures" (ආලෝකමත් අධ්‍යාපනයක් - දීප්තිමත් අනාගතයක්) තේමාව පෙරදැරිව සන්රේ ඇකඩමි (Sunray Academy) ලෙස වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම ඇකඩමියක් හෙවත් අධ්‍යාපන ආයතනයක් ලෙස නව ව්‍යාපාරික නාමයකින් කටයුතු කරන්නෙමු. සන්රේ ඇකඩමි (Sunray Academy) තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස 2011 අංක 05 දරණ බස්නාහිර පළාතේ වෙළෙඳ හා සංස්ථාපිත කරනු නොලැබූ වෙළෙඳ ආයතනයන්හි ව්‍යාපාර නාම ප්‍රඥප්තිය අනුව 2021.03.21 වැනි දින බස්නාහිර පළාත් ව්‍යාපාර නාම රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර අංක ඩබ්ලිව්. වයි. 12309 යටතේ ලියාපදිංචිය ලත් ආයතනයකි.

සන්රේ ඇකඩමියේ ඩිප්ලෝමාධාරීන් ඇඳ පැළඳ සිටින අළු පැහැති ඩිප්ලෝමා ලෝගුව සහ ඩිප්ලෝමා හිස්වැස්ම පිළිබඳ නිල නිවේදනයයි!අපගේ සන්...
22/08/2026

සන්රේ ඇකඩමියේ ඩිප්ලෝමාධාරීන් ඇඳ පැළඳ සිටින අළු පැහැති ඩිප්ලෝමා ලෝගුව සහ ඩිප්ලෝමා හිස්වැස්ම පිළිබඳ නිල නිවේදනයයි!

අපගේ සන්රේ ඇකඩමිය (Sunray Academy) මගින් පැවැත්වූ ගුප්ත ශාස්ත්‍ර ඩිප්ලෝමා ප්‍රදානෝත්සව ඡායාරූප අස්සක් මුල්ලක් නෑර නිරීක්ෂණය කරමින්, අපගේ අභිමානවත් ඩිප්ලෝමාධාරීන් අළු පැහැති ලෝගුව සහ අළු පැහැති හිස්වැස්ම පැළඳ සිටීම "නීති විරෝධී බවත්, සම්ප්‍රදායට විරුද්ධ බවත්" පවසමින් අසත්‍ය වෛරී සහගත කමෙන්ට් යොදන, අධ්‍යාපන නීතිය පිළිබඳ කිසිදු දැනුමක් නැති ඊර්ෂ්‍යාකාරී අඥානයන් උදෙසාත්, අප කෙරෙහි අසීමිත විශ්වාසය තැබූ අපගේ ආදි සහ වත්මන් සිසුන් සහ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව උදෙසාත් කරුණු පැහැදිලි කරමු.

ඩිප්ලෝමාධාරීන් අළු පැහැති ලෝගුව සහ හිස්වැස්ම පැළඳීම නීති විරෝධීද?
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත (Universities Act No. 16 of 1978) හෝ දණ්ඩ නීති සංග්‍රහයේ කිසිදු වගන්තියක හෝ අධ්‍යාපන අමාත්‍යාංශ නීතියක, රාජ්‍ය නොවන හෝ පෞද්ගලික ආයතනයක් විසින් තම ඩිප්ලෝමාධාරීන් උදෙසා යම් වර්ණයක ලෝගුවක් හෝ හිස්වැස්මක් (Mortarboard) භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් හෝ තහනම් කළ දෙයක් ලෙස දක්වා නැත. අධ්‍යයන ඇඳුම් (Academic Dress Code) යනු යම් යම් ආයතන ස්වයංව සකස් කරගන්නා අභ්‍යන්තර ආචාරධර්ම මිස රාජ්‍ය අපරාධ නීති නොවේ. යම් පෞද්ගලික ආයතනයක් වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක නමක් හෝ ලාංඡනයක් ව්‍යාජ ලෙස භාවිත නොකරන්නේ නම්, තම සිසුන්ට ගෞරව පිණිස හිස්වැසුම් පැළඳවීමේ පූර්ණ නීතිමය නිදහස අදාළ ආයතනය සතුය.

ඩිප්ලෝමා සඳහා හිස්වැස්ම පැළඳීම ජාත්‍යන්තර සම්ප්‍රදායට විරුද්ධද?
බටහිර රටවල ශාස්ත්‍රීය ඇඳුම් පිළිබඳ මූලික නීති පද්ධතිය වන Academic Costume Code (American Council on Education - ACE) මගින් පැහැදිලිවම පෙන්වා දෙන්නේ අධ්‍යාපනික ආයතනයකට තම පාඨමාලා මට්ටම අනුව උත්සව ඇඳුම් (Caps and Gown) තීරණය කිරීමට පූර්ණ ස්වාධීනත්වය ඇති බවයි. එක්සත් රාජධානිය (UK) සහ ඇමරිකාව (USA): Community Colleges, Vocational Institutes සහ High Schools හි පැවැත්වෙන Associate Degrees, Higher Diplomas සහ Certificate courses සඳහා ද Mortarboard (හිස්වැස්ම) පැළඳීම සාමාන්‍ය සම්ප්‍රදායකි. ජාත්‍යන්තරව Degree, Master's, Diploma වෙන්කර හඳුනාගන්නේ හිස්වැස්ම තිබීම හෝ නැතිවීමෙන් නොවේ. එය වෙන්කරන්නේ ලෝගුවේ අත්වල හැඩය (Sleeve Shape) සහ ගෙල වටා පළඳින සේලයේ (Hood/Stole) වර්ණ පද්ධතියෙනි. හිස්වැස්ම පළඳවා ගැනීම සාපරාධී වරදක් යැයි පැවසීම ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ පවත්නා නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමකි.

ගුප්ත විද්‍යාවට ඩිප්ලෝමා දිය නොහැකිද?
ගුප්ත විද්‍යාව සහ පාරභෞතික විද්‍යාව යනු ලොව පුරාම විධිමත් ලෙස උගන්වන ශාස්ත්‍රයකි. ගුප්ත විද්‍යාව සහ පාරභෞතික විද්‍යාව යනු ලොව පුරාම විධිමත් ලෙස උගන්වන ශාස්ත්‍රයකි. ඉන්දියානු විශ්වවිද්‍යාල කිහිපයක පෙරදිග ගුප්ත ශාස්ත්‍ර සඳහාත් එක්සත් රාජධානිය, නෙදර්ලන්තය වැනි රටවල් වල බටහිර ගුප්ත ශාස්ත්‍ර සඳහාත් ඩිප්ලෝමා, උපාධි පාඨමාලා පවත්වා සහතික පිරිනමනු ලබයි. ජ්‍යොතිෂය හෝ ගුප්ත විද්‍යාව වැනි සාම්ප්‍රදායික විෂයයන් සඳහා ප්‍රසිද්ධියේ සම්මත වූ එකම නිශ්චිත අධ්‍යාපනික රාමුවක් හෝ මුද්‍රිත සහතික පත්‍ර ලබාදීමට නිල වශයෙන් ප්‍රතීතනය ලත් (Accredited) ජාතික හෝ ජාත්‍යන්තර මධ්‍යම නියාමන ආයතනයක් නොමැත. දෙස් විදෙස් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් මුදල් අරමුණු කරගනිමින් තම ආයතනික නාමය භාවිත කර පාඨමාලා පැවැත්වුවද, මෙම විෂයයන්හි සැබෑ පදනම ඇත්තේ එවැනි බාහිර මුද්‍රිත ලේබල් මත නොවේ. ගුප්ත විද්‍යා ඩිප්ලෝමාව සහතික පත්‍රයක් පදනම් කරගත් අධ්‍යාපනයකට වඩා වැදගත් වන්නේ, ඔබට උගන්වනු ලබන ප්‍රමාණවත් විෂය කරුණු, ගුරුවරයාගේ ප්‍රායෝගික පළපුරුද්ද සහ ඔබ මනසට පුරවා ගන්නා සැබෑ ශාස්ත්‍රීය දැනුමයි. අතීතයේ සිට පැවත ආ රහසිගත ගුරුකුල සම්ප්‍රදාය නූතන තාක්ෂණයට සහ කාලයට ගැලපෙන ලෙස නවීකරණය කරමින්, සන්රේ ඇකඩමි (Sunray Academy) මගින් සිදු කරනු ලබන්නේ Zoom තාක්ෂණය ඔස්සේ න්‍යායාත්මක (Theory) කොටස් නිවැරදිව ලබාදීම, භෞතිකව රැස්වී ප්‍රායෝගික පුහුණුව ලබාදී, විභාග සහ පර්යේෂණාත්මක නිබන්ධන (Thesis) මගින් සිසුන් ඇගයීම, විෂය ප්‍රගුණ කළ සිසුන්ට සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයේ අත්සනින් යුතු අභිමානවත් ඩිප්ලෝමා සහතික පත්‍රයක් ලබාදීමයි.

අප ආයතනය කිසිවිටෙකත් මුදලට ඩිප්ලෝමා අලෙවි කරන්නේ නැත! අපගේ අළු පැහැති ලෝගුව සහ අළු පැහැති හිස්වැස්ම පළඳින්නේ Zoom ඩිජිටල් තාක්ෂණය ඔස්සේ න්‍යායාත්මක (Theory) දේශන සම්පූර්ණ කළ, ගුරුවරයා සමග වෙන් වෙන් වශයෙන් පෞද්ගලිකව වට්සැප් හරහා සම්බන්ධ වෙමින් අඩුපාඩු හඳුනාගනිමින් උපදෙස් ලබමින් එතෙකින් සීමා නොවී ශිෂ්‍යයාට අවශ්‍ය නම් ගුරුවරයා පෞද්ගලිකව හමුවී අසීමිතව උපදෙස් හා මගපෙන්වීම ලැබූ, භෞතිකව සංවිධානය කළ ප්‍රායෝගික පුහුණු වැඩමුළු, ආගමික පූජෝත්සව වලට සහභාගී වී දැඩි අධීක්ෂණය යටතේ ප්‍රායෝගික පුහුණුව ලබාගත්, ලිඛිත අවසන් විභාගයකට පෙනී සිට, කුසලතා තහවුරු කළ, ශාස්ත්‍රීය මාතෘකාවක් ඔස්සේ ශාස්ත්‍රීය නිබන්ධනයක් (Thesis) සකස් කර භාරදී සමත් වූ අභිමානවත් සිසුන් පමණි! මෙලෙස රාත්‍රී නිදිවරා මහන්සි වී, පර්යේෂණ නිබන්ධන ඉදිරිපත් කර විභාග සමත් වන සිසුවෙකුට අළු පැහැති ඩිප්ලෝමා ලෝගුව සහ හිස්වැස්ම පැළඳවීම ඔවුන්ගේ කැපවීමට අප ලබාදෙන උසස්ම ශාස්ත්‍රීය ගෞරවයයි!

ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා පිරිනැමූ ඩිප්ලෝමා මංජුසාව (Scroll Tube) පිළිබඳ පැහැදිලි කිරීම

අපගේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී විධිමත් අධ්‍යාපනය සහ පර්යේෂණ සාර්ථකව නිම කළ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය වෙත ඩිප්ලෝමා සහතික පත්‍රය බහාලූ අභිමානවත් මංජුසාව (Diploma Scroll Tube) පිළිගැන්වීම "විජිනිපතක් වෙනුවට බම්බුවක් අතට දීමක්" ලෙස හෑල්ලු කරමින් විවේචනය කරන අඥානයනි, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල (කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර ආදී) මගින් පවත්වනු ලබන උපාධි හා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයන්හිදී උපාධිධාරී හිමිවරුන් වෙත පිරිනමන්නේද මෙකී නිල Scroll Tube (සහතික මංජුසාව) මිස විජිනිපතක් නොවේ. සහතික පත්‍රයක් සුරක්ෂිතව සහ ගෞරවනීය ලෙස පිරිනැමීමට ලොව පුරා භාවිත වන නිල සම්මතය සහතික මංජුසාවයි. විජිනිපත යනු සාංඝික ආගමික කටයුතු හා දේශනා සඳහා භාවිත වන පූජනීය සංකේතයක් මිස, අධ්‍යාපනික පාඨමාලාවක ශාස්ත්‍රීය සහතිකයක් පිරිනමන මෙවලමක් නොවේ. ධර්මයට මෙන්ම ශාස්ත්‍රයටද මහන්සි වී කැපවූ ගෞරවනීය ස්වාමීන්වහන්සේලාගේ ශාස්ත්‍රීය කුසලතාව අගයමින්, ලොව පිළිගත් සම්මත අධ්‍යාපනික ක්‍රමවේදයට අනුව උන්වහන්සේලා වෙත ඩිප්ලෝමා මංජුසාව පිරිනැමීම උන්වහන්සේලාගේ උගත්කමට අප දැක්වූ උසස්ම ගෞරවයයි. අධ්‍යාපනික සංකේත සහ ආගමික මෙවලම් අතර වෙනසවත් නොදන්නා අඥානයන්ගේ පහත් විවේචනවලින් සිදුවන්නේ ඔවුන්ගේම අඥානකම සමාජයට ප්‍රදර්ශනය වීම පමණි.

වත්මන් සිසුන් වෙත කෙරෙන දැනුම්දීමයි!

අපගේ ආයතනයෙන් අධ්‍යාපනය ලබන කිසිදු ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක, නීතිය හෝ ජාත්‍යන්තර සම්මතයන් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති, කුහකකමින් පෙළෙන විරුද්ධවාදීන්ගේ සටහන් දැක කිසිදු අවිශ්වාසයක් හෝ බියක් ඇති කරගත යුතු නැත. ඔබ යම් දිනෙක අප වෙතින් ලබාගන්නේ ශ්‍රී ලංකාව තුළ විධිමත්ව සහ ශාස්ත්‍රීයව නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් zoom සහ භෞතික ඉගැන්වීම් සමෝධානය කොට ගුප්ත ශාස්ත්‍ර උගන්වන නීත්‍යානුකූල සහ ප්‍රමිතියෙන් යුතු ඩිප්ලෝමා සහතිකයකි.

ආදි සිසුන් වෙත කෙරෙන දැනුම්දීමයි!

අප ආයතනයට එරෙහිව ද්වේෂසහගත ලෙස අසත්‍ය ප්‍රචාර පතුරුවන එක්තරා ගුප්ත ශාස්ත්‍රඥයෙකු යටතේ දැනට අධ්‍යාපනය ලබන, අතීතයේ සන්රේ ඇකඩමියෙන් සිප්සතර හැදෑරූ සිසුන් පිරිසක් යොදාගනිමින් අප ආයතනය වෙත බලපෑම් එල්ල කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් පසුගිය දින කිහිපය පුරා නිරීක්ෂණය විය. එකී ගුරුවරයාගේ උසිගැන්වීම් මත, අතීතයේ අප ආයතනයෙන් ලබාගත් ඩිප්ලෝමා ඡායාරූප අපගේ නිල ෆේස්බුක් පිටුවෙන් ඉවත් කරන ලෙස අදාළ සිසුන් කළ ඉල්ලීම්වලට සාමකාමී සහ ගෞරවනීය පියවරක් ලෙස ප්‍රතිචාර දක්වමින්, අප විසින් එම සිසුන්ගේ ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කළ බව පළමුවෙන්ම දැනුම් දෙන්නෙමු. ඔබ යම් දිනෙක අප වෙතින් ලබාගත්තේ ශ්‍රී ලංකාව තුළ විධිමත්ව සහ ශාස්ත්‍රීයව නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් zoom සහ භෞතික ඉගැන්වීම් සමෝධානය කොට ගුප්ත ශාස්ත්‍ර ඉගැන්වූ නීත්‍යානුකූල සහ ප්‍රමිතියෙන් යුතු ඩිප්ලෝමා සහතිකයකි.

අපට අපහාස උපහාස කරන ගුප්ත ශාස්ත්‍ර ගුරුතුමා ප්‍රමුඛ සිසුන් වෙත කෙරෙන දැනුම්දීමයි!

තම පටු වාණිජ අරමුණු වෙනුවෙන් සිසුන් උසිගන්වමින්, අපගේ නිල ෆේස්බුක් පිටුවේ පළවන පෝස්ට් සඳහා අපහාසාත්මක හා වෛරී සහගත කමෙන්ට් යෙදවීමට අනුබල දෙන අදාළ ගුප්ත ශාස්ත්‍ර ගුරුතුමා ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමට අප පැහැදිලිවම අවධාරණය කර සිටින්නේ දිගින් දිගටම මෙලෙස ආයතනයේ කීර්ති නාමයට හානි කිරීමට කටයුතු කරන්නේ නම්, ලංකාවේ සිවිල් හා අපරාධ නීතිය යටතේ ඇති අපහාස නීතිය (Law of Defamation) සහ සයිබර් අපරාධ නීති රෙගුලාසි ප්‍රකාරව තරාතිරම නොබලා තදින්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප පසුබට නොවන්නෙමු. ඔබ විසින් ඔබේ සංවිධානයේ වට්සැප් සමූහවල අපට අපහාස වන ආකාරයට නිකුත් කළ ද්වේශ සහගත පණිවිඩ ඔබටත් හිතවත් අපටත් හිතවත් යම් යම් අය විසින් අප වෙත යොමුකොට තිබෙනවා. එම සාක්ෂිද සහිතව නීතිය ඉදිරියට යන්නට පෙර ඔබ මෙම විෂමාචාරය නැවැත්විය යුතුයි! ඔබගේ සිසුන් යැයි ඔබ සිතා සිටින ඇතැම් සිසුන් අපගේ පන්තිවලත් අපගේ සිසුන් ඔබගේ පන්තිවලත් සිටිය හැකි බව සිහිතබාගන්න, එය සිසුන්ගේ තෝරාගැනීමේ නිදහසයි, සිසුන්ට අවශ්‍ය වන්නේ දැනුම මිසෙක කඳවුරු ගතවීම නොවෙයි යන්න කරුණාකර තේරුම්ගන්න!

අදාළ ගුරුවරයාගෙන් දැනට ශාස්ත්‍රය හදාරන සිසුන්ගෙන් අප ඉතා මෛත්‍රී සහගතව ඉල්ලා සිටින්නේ තමන්ගේ ගුරුවරයා හෝ ආයතනය රැකගැනීමේ අන්ධ භක්තියෙන්, අප වැනි අනෙකුත් ආයතනවලට පහරදීමටත් අපහාස කිරීමටත් පෙළඹෙන්නේ නම් අහිංසක මානවකයා ප්‍රඥාව මෝරා නොමැතිකමින් නොමග ගිය අසත්පුරුෂ ගුරු උපදෙස් පිළිගෙන "අංගුලිමාල" බවට පත්වූ ඛේදනීය පුවතට නැවත සිදුවනු ඇත.

ගුප්ත ශාස්ත්‍ර ගුරුවරයෙකුගේ කාර්යභාරය විය යුත්තේ සිසුන් තුළ ශාස්ත්‍රීය ප්‍රඥාව, නීතිගරුක බව සහ ගෞරවය ඇතිකිරීම මිස අන් අයට අපහාස කිරීමට සිසුන් ආයුධ කරගැනීම නොවේ. ශාස්ත්‍රය යනු වෛරය වපුරන මෙවලමක් නොවේ. කාගෙන් හෝ වේවා ගුප්ත ශාස්ත්‍රය නිවැරදිව උගෙන, උගත් දෙයින් පීඩිත ශ්‍රී ලාංකේය ජනතාව සුවපත් කරමින්, පිහිටවෙමින්, තමන්ගේද ජීවිතය ගෞරවනීය ලෙස සැපවත් කරගන්නා ලෙසත් අසත්පුරුෂ ගුරු උපදෙස්වලට රැවටී අන් අයට අපහාස කරමින් සමාජය ඉදිරියේ විහිළුවක් නොවන ලෙසත් අප පසුපස ද්වේශ සහගත ලෙස පළිගැනීමේ චේතනාවෙන් හඹා එන ගුප්ත ශාස්ත්‍ර හදාරන සියලුම සිසුන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

සබුද්ධිකව මෙම නිවේදනය කියවා තේරුම් ගත් ඔබ සැමට ස්තූතියි!

පාලනාධිකාරිය,
සන්රේ ඇකඩමි - දිවුලපිටිය

සන්රේ ඇකඩමි හඳුන්වාදෙන ශ්‍රී ලංකාවේ පළමු හා එකම 100% ක් බුදුගුණ මුල් කරගත් ශාන්තිකර්ම පාඨමාලාව "බුදුගුණ ශාන්තිකර්මවේදය" ...
19/08/2026

සන්රේ ඇකඩමි හඳුන්වාදෙන ශ්‍රී ලංකාවේ පළමු හා එකම 100% ක් බුදුගුණ මුල් කරගත් ශාන්තිකර්ම පාඨමාලාව "බුදුගුණ ශාන්තිකර්මවේදය" පළමු ඩිප්ලෝමාධාරී කණ්ඩායමේ මතක සටහන්.. බුදුගුණ ශාන්තිකර්මවේදය පාඨමාලා 03 වැනි කණ්ඩායම නොමිලේ හඳුන්වාදීමේ දේශනය අගෝස්තු 22 සෙනසුරාදා රාත්‍රී 7.30 ට. zoom ලින්ක් එක ලබාගැනීමට වට්සැප් සමූහයට සම්බන්ධවන්න! 👉 https://chat.whatsapp.com/CikSC7kngOVF09NiZ8q9Ck

සන්රේ ඇකඩමි විසින් සංවිධානය කරනු ලබන උපනයනය වූ හින්දු පූජකයෙක් විසින් සිංහලෙන් හින්දු ගුප්ත විද්‍යාව හා වරම් ශාස්ත්‍රය උ...
19/08/2026

සන්රේ ඇකඩමි විසින් සංවිධානය කරනු ලබන උපනයනය වූ හින්දු පූජකයෙක් විසින් සිංහලෙන් හින්දු ගුප්ත විද්‍යාව හා වරම් ශාස්ත්‍රය උගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පාඨමාලාවේ දෙවැනි ඩිප්ලෝමාධාරී කණ්ඩායමේ ඡායාරූප මතක සටහන්.. හින්දු ගුප්ත විද්‍යාව හා වරම් ශාස්ත්‍රය 9 වැනි කණ්ඩායම අගෝස්තු 23 වැනිදා රාත්‍රී 7.00 ට ඉගැන්වීම් ඇරඹේ. වැඩි විස්තර සන්රේ ඇකඩමි පරිපාලන නිලධාරිනී සඳුනි කරුණාතිලක මහත්මිය වෙතින් 070 389 9968 දුරකතන අංකයෙන් ලබාගත හැකිය

19/08/2026

සන්රේ ඇකඩමි හඳුන්වාදෙන ශ්‍රී ලංකාවේ පළමු හා එකම 100% ක් බුදුගුණ මුල් කරගත් ශාන්තිකර්ම පාඨමාලාව "බුදුගුණ ශාන්තිකර්මවේදය" 03 වැනි කණ්ඩායම නොමිලේ හඳුන්වාදීමේ දේශනය අගෝස්තු 22 සෙනසුරාදා රාත්‍රී 7.30 ට. zoom ලින්ක් එක ලබාගැනීමට වට්සැප් සමූහයට සම්බන්ධවන්න! 👉 https://chat.whatsapp.com/CikSC7kngOVF09NiZ8q9Ck

19/08/2026

සැබෑ ගුරුවරුන් සැමට සෙත්වේවා! සන්රේ ඇකඩමි සිංහල භූතවිද්‍යා පාඨමාලා ආචාර්‍ය, ගොරකාණේ වෙද පරම්පරාවේ භූතවිද්‍යා වෙදැදුරු, සාමාජික - ශ්‍රී ලංකා ස්වදේශීය වෛද්‍ය සභාව (SLSB),ජ්‍යොතිෂවේදී, පාඨශාලාචාර්‍ය, ශාස්ත්‍රපති, ලක්සිරි සේනාධීර 077 3093086

සන්රේ ඇකඩමි විසින් සංවිධානය කරනු ලබන උපනයනය වූ හින්දු පූජකයෙක් විසින් සිංහලෙන් හින්දු ගුප්ත විද්‍යාව හා වරම් ශාස්ත්‍රය උ...
16/08/2026

සන්රේ ඇකඩමි විසින් සංවිධානය කරනු ලබන උපනයනය වූ හින්දු පූජකයෙක් විසින් සිංහලෙන් හින්දු ගුප්ත විද්‍යාව හා වරම් ශාස්ත්‍රය උගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පාඨමාලාව විවේචනය කරමින් අපහාස උපහාස කරමින් යම් සංවිධානාත්මක පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් ගෙනයමින් සිටින අතර මේ එතුමන්ලාගේ ඇස ගැටෙනු පිණිසත් සමස්ථ ශ්‍රී ලාංකීය ගුප්ත ශාස්ත්‍ර ලැදි මහජනතාවගේ දැනුවත් වීම පිණිසත් තබන සටහනකි. 9 වැනි කණ්ඩායම අගෝස්තු 23 වැනිදා රාත්‍රී 7.00 ට ඇරඹීමට සූදානම්ව පවතින මොහොතක එය කඩාකාප්පල් කිරීමේ අරමුණෙන් සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවන් කෙරෙහි අනුකම්පා කරමු.

පළමු අදියරේ විෂය නිර්දේශය පහත දැක්වේ.

පුරා මාස 4ක් ඔන්ලයින් zoom ක්‍රමයට ඉගැන්වෙන විෂය නිර්දේශයට අදාල ප්‍රායෝගික පුහුණුව දුරස්ථව සිසුන් ගුරු ස්වාමිතුමා සමග වට්සැප් හරහා සම්බන්ධවෙමින් පාඨමාලාව තුලදී සිදුකරගැනීමට මගපෙන්වන අතර ඔන්ලයින් ඉගැන්වීම් අවසන් වීමෙන් පසු මාලඹේ, ශ්‍රී කරුප්පන් සාමි ආශ්‍රමයේදී පැවැත්වෙන ප්‍රායෝගික පුහුණු වැඩමුළුවේදී ගුරු රහස් හෙළිකෙරේ. .

01 මාසය
1. හින්දු ධර්මය, හින්දු සංස්කෘතිය සහ හින්දු ගුප්ත විද්‍යාවේ ඉතිහාසය
2. පංච භූත, පංචෝපහාරය, වරම් දරුවන්ට සහ අනෙක් අයට දේව යහන් සැකසීම සමග හින්දු දෙවියන්ගේ පිහිට ලැබෙන හින්දු පූජා විධි (අර්ධ දේව හා අසුර ශක්තීන් ගැන අවසාන මාසයේ ඉගැන්වේ)
3. නවග්‍රහයන් හඳුනාගැනීම, ආකර්ෂණය ලැබීම හා දෝෂ දුරුකිරීම
4. වරමක් යනු කුමක්ද? වරම් ගන්නේ / ලබන්නේ කොහොමද?

02 මාසය
1. රුද්‍රාක්ෂ, සුගන්ධ ඔසු ධූප සහ ඖෂධීය තෛල චිකිත්සාව
2. දුෂ්ඨ ආත්ම හඳුනාගැනීමේ ශිල්ප ක්‍රම හා පිළියම් යෙදීම
3. භාවනාව සහ කුණ්ඩලීනි ශක්තිය වඩවා ගැනීමේ රහස්
4. වරම් වර්ග (සෘෂි/දේව/අසුර) සහ හින්දු ක්‍රමයට ඉෂ්ටදේවතා ආශිර්වාදය

03 මාසය
1. තන්ත්‍ර, අඝෝර සහ ඉන්දියානු හින්දු ග්‍රාමීය ජන ඇදහිලි යාතුකර්ම
2. හින්දු අෂ්ට කර්මය, හින්දු මන්ත්‍ර ශාස්ත්‍රය
3. හින්දු යන්ත්‍ර ශාස්ත්‍රය (ගුරුකුල රහස් යන්ත්‍ර ලබාදේ)
4. හින්දු ධන ආකර්ෂණ රහස් (පෞද්ගලික / ව්‍යාපාර / කැඹුරුම්)

04 මාසය
1. සූනියම් / පිල්ලි ආදී සතුරු කරදරවලින් ආරක්ෂාවීම
2. බහිරව දෝෂ ඉවත්කිරීම හා භූමි ආරක්ෂාව
3. හින්දු අසුරයන් හා අර්ධ දෙවියන්ගේ පිහිට ලබාගැනීමේ රහස්
4. වරම් දෝෂ ඉවත් කිරීම හා වරම් බලගැන්වීම

*පළමු අදියර සාර්ථකව නිමකරන සිසුන්ට විභාග පවත්වා ප්‍රායෝගීක පරීක්ෂණයකින් පසු සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.*

හින්දු ගුප්ත විද්‍යා උසස් පාඨමාලා විෂය නිර්දේශය

01 මාසය
01. ශමාශන සාධන සහ අඝෝර ක්‍රමවේද
සොහොන් බිම් ආශ්‍රිත ශක්තීන් සමග කටයුතු කිරීම, අඝෝර සම්ප්‍රදායේ ආරක්ෂාවන්

02. අෂ්ට භෛරව සහ දස මහා විද්‍යා උසස් සාධන
මහා කාල භෛරව ඇතුළු අෂ්ට භෛරව රහස් මන්ත්‍ර, සහ දස මහා විද්‍යා දේවතාවියන් වන චින්නමස්තා, ධූමාවතී සහ බගලාමුඛී වැනි ප්‍රබල දේවී ශක්තීන් ආකර්ෂණය

03. භූත ආත්ම සහ කර්ණ පිශාච සාධන
භූත ආත්ම සහ කර්ණ පිශාච වැනි බලවේග වශී කරගනිමින් අතීත, වර්තමාන, අනාගත තොරතුරු ක්ෂණිකව ලබාගැනීමේ රහස් ක්‍රමවේද

04. ඔබේ ගුප්ත ශක්තීන් අනෙක් අයට සැඟවීමේ ඇඳිරි බන්ධන ක්‍රම ශිල්පය
තමා සතු ගුප්ත ශක්තිය, දිව්‍ය වරම් ශක්තිය, දේවාලය, තමන් කරන යන්ත්‍ර මන්ත්‍ර කටයුතු, වෙනත් ඇදුරන්ට කිසිසේත්ම නොපෙනෙන ලෙස වසා තබන ගුරුකුල රහස මහා අන්ධකාර ඇඳිරි බන්ධනය සහ බෙංගාලි මායා ශක්ති ක්‍රමවේද

02 මාසය
01. මාරක, මෝහන සහ ස්තම්භන යන්ත්‍ර ක්‍රම
සතුරන් අඩපණ කරන, නඩු හබ සහ සතුරු බලවේග සහමුලින්ම ස්තම්භනය කරන (නතර කරන) තඹ, රන්, රිදී පත් ඉරුවල ගුරුකුල රහස් යන්ත්‍ර ඇඳීම

02. ෂට්කර්මයන්හි මාරණ, උච්චාටන, විද්වේෂණ එන ගුරුකුල රහස් මන්ත්‍ර මන්ත්‍ර හරහා ඔබ වෙත පැමිණෙන ආතුරයන්ගේ ශරීරවල සිටින මෙල්ල කළ නොහැකි දරුණු යක්ෂ භූත දිෂ්ටි පළවාහැර ක්ෂණිකව ආතුරයා නිසල කර දමනය කරන ක්‍රම, ඔබේ සතුරන් දමනය කරන ක්‍රම

03. වශී කර්ම සහ වශී තිලක තැබීම
පුද්ගල වශී, රාජ වශී සහ සර්ව ජන වශී ක්‍රමවේද, මන්ත්‍ර බලයෙන් සහ වරම් බල මුල් කරගත් දිව්‍යමය ශක්තියෙන් සකස් කළ අඳුන් වර්ග නළලේ තබා ගන්නා වශී තිලක ශාස්ත්‍රය සහ මෝහන ප්‍රයෝග ක්‍රමවේද

04. රුධිරය, මස්, මාළු සහ සතුන් පූජා විධි
ප්‍රබල අර්ධ දේව ශක්තීන් හා බලවත් අසුරයන්ගේ පිහිට ලබගැනීමට සතුන් කැප කිරීම (කුකුලන් හා එලුවන්)

03 මාසය
01. ගලා යන ජලයට බැස දෝෂ කැපීමේ ක්‍රම
ගංගා, ඇල, දොළ වැනි ගලා යන ජල මූලාශ්‍රවල ජලයේ පීඩනය හා මන්ත්‍ර ශක්තිය භාවිතා කොට ශරීරයේ ඇති සියලුම දෝෂ, හදි හූනියම් ආදිය ඉවත් කරන ගුරුකුල රහස් ශෝෂන ක්‍රමය

02. මුහුදේ බැස දෝෂ කැපීමේ ක්‍රම
මුහුදේ දණහිස දක්වා ජලයට බැස ලවණ ශක්තිය සහ මුහුදු රළ ආකර්ෂණ බලය යොදාගනිමින් ශරීරගත වී ඇති දේව දෝෂ, යක්ෂ දෝෂ සහ දිෂ්ටි කපා මුහුදු පතුලට ඒවා බන්ධනය කිරීම

03. අංගං, පිල්ලි සහ සූනියම් ආපසු හැරවීම
සතුරන් විසින් එවූ මාරක පිල්ලි, බන්ධන සහ සූනියම් ඉවත් කර, ඒවා එවූ සතුරා වෙතටම සිය ගුණයක වේගයෙන් "ආපසු හැරවීම" කර සතුරා දමනය කරන තාන්ත්‍රික ප්‍රහාරක විධි

04. අත් අකුරු, ඇඳුම් හෝ ඇඳුම් නූල් / කොටස් සහ ඡායාරූප භාවිතයෙන් දෝෂ කැපීම හා බන්ධනය
පුද්ගලයෙකුගේ අත අකුරෙන් ලියූ ලිපියක්, නම, උපන් දිනය, ඇඳුමක කොටසක් හෝ ඡායාරූපයක් පමණක් භාවිත කර කටයුතු කිරීම

04 මාසය
01. වාස්තු දෝෂ නිවාරණ යන්ත්‍ර සකස් කිරීම
භූමිය යට ඇති මළ ප්‍රේත භූත දෝෂ, නිදන් දෝෂ සහමුලින්ම වළකන, නිවසකට/ව්‍යාපාරික ස්ථානයකට සදාකාලික ධන ආකර්ෂණය සහ ආරක්ෂාව සපයන වාස්තු යන්ත්‍ර සහ බහිරව යන්ත්‍ර

02. ප්‍රත්‍යංගිරා, බගලමුඛී යාග විධි සහ හෝම පූජා
දෙහි, දොඩම්, මිරිස්, ඖෂධ වර්ග පුළුස්සමින් සිදුකරන ගුරුකුල රහස් පූජා

03. පංච භූත රස සංයෝජන ක්‍රම
සීනි, තේකොල, පානීය ජලය, තැඹිලි, පළතුරු යුෂ, කැඳ වර්ග ආදී ආහාර පාන හා ඖෂධ බල කරගැනීම

04. ගුරු අභිෂේකය සහ මන්ත්‍ර පූර්ණ සිද්ධිය මාලඹේ ආශ්‍රමයේදී හෝ තෝරාගත් ශක්ති බිමකදී ලබාදේ. යන්ත්‍ර මන්ත්‍ර බලය ජීවිත කාලයටම රඳවා තබා ගන්නා ශක්තිය ලබාදෙන සාමිතුමා විසින් එතුමා උගත් බහිරවනාදන් ඉන්දියානු ගුරුකුලයේ චාරිත්‍රානුකූලව ලවන මිශ්‍ර ඖෂධීය ජලයෙන් සිසුන් නහවා සිදුකරන "බහිරවනාදන් ගුරුකුල ගුප්ත ශාස්ත්‍රී පූර්ණ අභිෂේකම්" පූජාව පැවැත්වීම, එදින ගුරු දීක්ෂා චාරිත්‍රය පවත්වා ගුරු මුෂ්ටි හෙළිකිරීම සිදුකෙරේ. උපනයනය වී සිටින අයගේ උපනයනය බලවත් කිරීම හා නවක සිසුන් උපනයනය කිරීම සිදුකෙරේ.

සන්රේ ඇකඩමි හින්දු ගුප්ත විද්‍යා මූලික පාඨමාලාව සහ උසස් පාඨමාලාව සම්පූර්ණ කළ සිසුන්ට පමණක් ශ්‍රී කාලි පරමේශ්වර හින්දු ගුප්ත ශාස්ත්‍රී ගෞරව නාමය සමග උසස් ඩිප්ලෝමා සහතිකය පිරිනැමේ.

ගෞරවණීය ස්වාමීන්වහන්ස / මෙහෙණින්වහන්ස / පූජකතුමනි / මහත්මයාණෙනි / මහත්මියනි  / මෙනෙවියනි,ලොව ශ්‍රේෂ්ඨම වෘත්තීන් අතර ගුරු...
12/08/2026

ගෞරවණීය ස්වාමීන්වහන්ස / මෙහෙණින්වහන්ස / පූජකතුමනි / මහත්මයාණෙනි / මහත්මියනි / මෙනෙවියනි,

ලොව ශ්‍රේෂ්ඨම වෘත්තීන් අතර ගුරුවෘත්තිය මුල්තැනගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා මග නොමග තෝරාදෙන මාර්ගෝපදේශයා ගුරුවරයා වන හෙයිනි. "ආත්මය ඉහළට ඔසවා තබන්නා, බර උසුලන්නා" යන අර්ථයෙන් ද යෙදෙන "ගුරු" නිර්මාණය වන්නේ ශාස්ත්‍රීය දැනුමෙන්, වෘත්තීය පුහුණුව හා හැකියාවෙන් පිරිපුන් වීමෙන් පමණක් නොව ප්‍රඥාවෙන් අගතැන්පත් වීමෙන් හා හදවත කරුණා ආලෝකයෙන් පිරෙද්දීය. පරාර්ථකාමී ගුණයෙන් හෙබි ගුරුවරයා ශිෂ්‍යයාගේ අඥාන අඳුර දුරුකරමින් තම ශිෂ්‍යයන්ගේ මෙලොව පරලොව දෙලොව දියුණුව සදන්නේය. "දෙවියෙක් වෙන්න නොහැකි නම් ගුරුවරයෙක් වෙන්න" යැයි පැරැණ්නන් කියා ඇත්තේද එබැවිනි.

ගුරුවරයා ගසකින් අත්තකට වැටෙන ගෙඩියක හඬට බියවී ඇඳුම් තෙමාගන්නා බියසුල්ලෙකු නොවේ. තවත් ගුරුවරුන් දහසක් බිහිවුවද ඔහු සැලෙන්නේ නැත. සැබෑ ගුරුවරයා කීර්තිමත් චරිත පෙන්වා "අරයාත් මගේ ගෝලයෙක්, මෙයාත් මගේ ගෝලයෙක්" යැයි කියමින් අනුන්ගේ කීර්තිනාමයන් තමාට ඈඳාගෙන බැබලෙන්නට උත්සාහ දරන පිරිමි භාගයක් නොවේ, නියම පිරිමියෙකු හෝ නියම ගැහැණියෙක් වන්නේය. තමාගේ ශිෂ්‍යයන්ගේ දක්ෂතා තම ඇස්පනාපිට රටටම පෙන්වා ගෞරවයට පාත්‍රවන්නෙකි. වසර ගණනාවක් එකම ශිෂ්‍යයෙකුටවත් කිරුළු පළඳවන්නට නොහැකි වූ අදක්ෂ, කටින් බතල හිටවන සමහරක් ගුරුවරුන් අපගේ කීර්තිනාමය උදුරාගන්නට වෙරදරන්නේ ඒනිසාය. සිද්ධාර්ථ බෝසතුන් විවිධ ගුරුවරුන් සොයාගියත්, ඔවුන්ගෙන් තමන්ට ඉගෙනගැනීමට දෙයක් නොතිබූ හෙයින් ඔවුන්ගෙන් ඉවත්වී ගොස් තමන්ගේම මාර්ගයේ මනාකොට ගිය හෙයින් "සුගත" නම් වූහ. එකසිය විසි වයස් වූ චතුර්වේදයේ කෙළපැමිණියවුන් පවා පැමිණ උන්වහන්සේගේ දෙපතුල් මුල වැඳ වැටුණි.

ආධ්‍යාත්මික ගුරුවරයෙකුගෙන් ඉගෙනගන්නා ශිෂ්‍යයෙකුට තමාගේ පින් බලයද, සහජ දක්ෂතාවයද, දෙවියන්ගෙ ආශිර්වාදය ද ලබා ඉක්මණින් ගුප්ත ශාස්ත්‍රයේ දක්ෂයෙකු විය හැකිය. එසේම ශිෂ්‍යයන් වහළුන් සේ තමා යටතේ දීර්ඝකාලීන ව තබා ගැනීමටත්, ශාස්ත්‍රයේ මුවාවෙන් ඔහුව සූරාකෑමටත් ගුප්ත ශාස්ත්‍ර ගුරුවරයෙකුට සදාචාරාත්මක අයිතියක් නැත. තමා දන්නා සිප්සතර ඉතා හොඳින්, ඉතා ඉක්මණින්, පරිපූර්ණව ලබාදී ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම වර්තමාන ගුප්ත ශාස්ත්‍ර හෝ ආධ්‍යාත්මික ගුරුවරයෙකුගේ දර්ශනය විය යුතුය. මන්ද යත් අප මේ ගතකරමින් සිටින්නේ පරමායුෂය 120 යුගයේ නොව 60, 70 යුගයේ නිසාය. ඇතැම් ගුරුවරුන් මඤ්ඤොක්කා ගෙනියන්න ආපු එකාට මඤ්ඤොක්කා නොදී, වත්තේ හතරමායිමත්, දිග පළලත් කියාදෙන්න යන්නේ ගොන්කම නිසා නොවේ නම් වෙන කුමක් නිසාද? මඤ්ඤොක්කා සුද්ද කරන ආකාරයත් ඒවායේ විෂ නසාගන්නා ආකාරයත්, තම්බාගන්නා ආකාරයත්, මඤ්ඤොක්කා රසවත් කරගන්නා ආකාරයත් ඉගැන්වීම පසෙක තබා වත්තේ හතර මායිම් පෙන්වන්නේ නූගත්කම හෝ තමාට වඩා දන්නා කෙනෙක් තවත් නැහැය කියන්නා වූ මාන්නය නිසාය.

වර්තමාන බොහෝ ගුප්ත ශාස්ත්‍ර ගුරුවරුන් යැයි කියාගන්නා බොහෝදෙනෙකුට මන්ත්‍රයක්, ශ්ලෝකයක්, ගාථාවක්, පිරිතක් නිවැරදිව කියන්නට, උච්ඡාරණය කරනටවත් බැරිබව අපි හොඳින් දුටුවෙමු. කොහෙන් හෝ මන්ත්‍ර පොත්පත් ටිකක් සොයාගෙන උගන්වා කීයක් හරි උපයාගන්නට වෙර දරන මොවුන් බුද්ධගජ්ඣය, සකස්කඩ, වදන් කවි පොත, ගණදෙවි හෑල්ල, ප්‍රත්‍යශතකය, සූර්ය ශතකය, පඤ්චතන්ත්‍රය ආදී පොත් කියවනවා තබා දැකලාවත් නැතිබව පසක් වන්නේ පොත බලාගෙනත් මන්ත්‍ර වරද්දා උච්ඡාරණය කරන නිසාය. සත්‍ය වශයෙන්ම නම් සැබෑ ගුප්ත ශාස්ත්‍ර ගුරුවරයෙක් සිංහල, පාලි, සංස්කෘත, භාෂා හොඳින් දැන සිටිය යුතුමය.(ගෝලයන් නොවේ).

එමෙන්ම ගුප්ත ශාස්ත්‍ර ගුරුවරයෙක් තමන් නොදන්නා දේ ඉගෙනීමට ද සෙවීමටද උත්සුක විය යුතුය. මාන්නය ද්වේශය පසෙක තබා පුද්ගල ස්වාධීනත්වයට ගරුකරමින්, ශිෂ්‍යයන්ට නිදහස් චින්තනයෙන් කටයුතු කිරීමට දොරටු විවරකර දිය යුතුය. මෛත්‍රිය කරුණාව, දයාව, උපේක්ෂාව සැබෑ ගුප්ත ශාස්ත්‍ර ගුරුවරයෙක් තුළින් දැකිය හැකිවිය යුතුය. එවන් ගුණවත් ගුරුවරයෙක් තම ශිෂ්‍යයෙකුට තබා සතුරෙකුටවත් ශාප කරන්නේ, දෙස්දෙවොල් තබන්නේ නැත. මන්ද ඔහු සියල්ල අත් හැරීමෙන් විමුක්ති මාර්ගයට පිළිපන්, කෙලෙස් මළ දුරුකිරීමේ නොපමා වූ, ලෝකයේ ක්‍රියාකාරීත්වය මනාකොට අවබෝධ කරගත් පුද්ගලයෙකු නිසාය.

සැබෑ ගුරුවරුන් සැමට සෙත්වේවා!
සන්රේ ඇකඩමි සිංහල භූතවිද්‍යා පාඨමාලා ආචාර්‍ය,
ගොරකාණේ වෙද පරම්පරාවේ භූතවිද්‍යා වෙදැදුරු,
සාමාජික - ශ්‍රී ලංකා ස්වදේශීය වෛද්‍ය සභාව (SLSB)
ජ්‍යොතිෂවේදී, පාඨශාලාචාර්‍ය, ශාස්ත්‍රපති,
ලක්සිරි සේනාධීර
2026/08/12 වැනිදා
077 3093086

හින්දු ගුප්ත විද්‍යාව 9 කණ්ඩායම ඉගැන්වීම් ආරම්භය අගෝස්තු 23 ඉරිදා රාත්‍රී 7 ට
09/08/2026

හින්දු ගුප්ත විද්‍යාව 9 කණ්ඩායම ඉගැන්වීම් ආරම්භය අගෝස්තු 23 ඉරිදා රාත්‍රී 7 ට

Address

Kurunegala Road, Walpita
Divulapitiya
11226

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94711768538

Alerts

Be the first to know and let us send you an email when Sunray Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category