22/01/2026
AI එකෙන් කොපි කරන කාලේ ඉවරයි! Google සමාගම ඔවුන්ගේ Guided Learning විශේෂාංගය දැන් Gemini වෙත නිල වශයෙන් හඳුන්වා දීලා තියෙනවා. මේක නිකම්ම උත්තර දෙන චැට්බොට් කෙනෙක් නෙවෙයි, ඔයාගේ ළඟම ඉන්න පෞද්ගලික ගුරුවරයෙක් (Tutor) වගේ වැඩ කරනවා. 🎓🧠
මේකේ තියෙන විශේෂත්වය මොකක්ද?
පියවරෙන් පියවර ඉගැන්වීම: ඔයා Java Code එකක අවුලක් හෝ SQL පාඩමක් ඇහුවොත්, ඒක එකපාරම උත්තරේ දෙන්නේ නැහැ. "ඔයා හිතන්නේ මෙතන වැරැද්ද මොකක්ද?" කියලා ඔයාගෙන් ප්‍රශ්න අහලා, ඔයා ලවාම උත්තරේ හොයාගන්න උදව් කරනවා.
Interactive වැඩ කෑලි: පාඩමකට අදාළව Quizzes, Flashcards සහ YouTube වීඩියෝ පවා එකම තැනකදී Gemini ඔයාට හදලා දෙනවා.
Notes වලින් ඉගෙන ගන්න: ඔයාගේ Lecture සටහන් හෝ PDF එකක් Upload කරලා, "මේක මට උගන්වන්න" (Teach me this) කියලා කිව්වම ඔයාටම ගැලපෙන පාඩම් මාලාවක් ඒ වෙලාවෙම හැදෙනවා.
විභාග වලට ලෑස්ති වෙන අයට සහ අලුත් දෙයක් මුල ඉඳන් ඉගෙන ගන්න අයට මේක සුපිරිම අවස්ථාවක්! 🚀