10/07/2024
පාසලේ ආදි සිසුන්ට පුලුවන් වෙන්න ඕන, පාසලක් විදියට අපේ ශක්තීන් හඳුනගෙන, පාසලේ දියුණුව වෙනුවෙන් කරන දේවල් පැහැදිලි සැලසුමක් ඇතුව පොදු සාමාජිකත්වයට විනිවිදභාවයකින් ඇතුව කරන්න.
විජිතෙ කියන්නේ විශේෂ පාසලක්. ඔබ හැම එයට ජීවමාන සාක්ෂි.
කරුණාකර පටු අදහස් දුරු කර හැම කෙනෙක්ම මේ වෙලාවෙ පාසලේ යහපත වෙනුවෙන් ඉදිරියට එන්න.
අතීතය හාර අවුස්සමින් කාලය කා දමන්නේ නැතුව ඉදිරිය දකින අලුත්, අවංක, කාර්යශූර මිනිස්සු ගොඩක් පාසලට ආදරයෙන් ඉදිරියට එන වෙලාවක් මේක.
ඒ නිසා අපි විශ්වාස කරනවා, ඒ දේ තේරුම් ගන්න තරම් නිස්කලංක නිහතමානී බුද්ධියක් ඇතිව මේ වෙලාවෙ හැම කෙනෙක්ම එකා වගේ ඉදිරියට ඇවිත් පාසලේ දරුවන්, ගුරුවරුන්, පරිසරය ශක්තිමත් කරන්න සැබෑ ආදි සිසුන් විදියට විජිතයේ මතකයට ආදරයෙන් පෙල ගැහේවි කියලා.
පාසලට අවශ්‍යම වෙලාවක එවැනි පිබිදීමක් ඇති කරන්න නන් අයුරින් මහන්සි වුනු ආදරණීය ජේෂ්ඨ කණිෂ්ඨ සහෝදරත්වයට සෑම ආදි සිසුවෙකුගේම ආදරය හිමිවිය යුතුයි.
ජූලි 14, අපි එනවා! ඔබත් එන්න!
Vijitha - converting energies to synergies!
Vijitha Junior League!