Kg/Dehi/ Muhandiram Vidyalaya

Kg/Dehi/ Muhandiram Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kg/Dehi/ Muhandiram Vidyalaya, School, Deraniyagala.

ල‍ෝක ළමා දින සැමරුම - 2025/1/1කෑ/දෙහි/මුහන්දිරම් විද්‍යාලය - දැරණියගල
31/10/2025

ල‍ෝක ළමා දින සැමරුම - 2025/1/1
කෑ/දෙහි/මුහන්දිරම් විද්‍යාලය - දැරණියගල

කෑ/දෙහි/මුහන්දිරම් විද්‍යාලයේ එඩිටා මොරිස් ශාලාවේ ඉහළ මහලෙහි ඉදිකිරීම් අවසන් කර සිසු අයිතියට පත් කිරීම චාම් උත්සවයක් ලෙස...
15/10/2025

කෑ/දෙහි/මුහන්දිරම් විද්‍යාලයේ එඩිටා මොරිස් ශාලාවේ ඉහළ මහලෙහි ඉදිකිරීම් අවසන් කර සිසු අයිතියට පත් කිරීම චාම් උත්සවයක් ලෙස 2025/10/14 දින පැවැත්විණි.
ශාලාව විවෘත කරනු ලැබුයේ විද්‍යාලයේ හිටපු විදුහල්පති සරත් දේශප්‍රිය මැතිතුමන්ගේ සුරතිනි.
මෙම අවස්ථාවට ආගමික වතාවත් ඉටු කරදීම සහ ආශිර්වාද පිරිත් සජ්ඣායනය සඳහා වැඩමවා වදාළ පූජ්‍ය ගෝනගමුවේ විජිතධම්ම ස්වාමීන් වහන්සේට පාසල වෙනුවෙන් නමස්කාරපූර්වක ස්තුතිය පුද කර සිටිමු.
මෙම අවස්ථාවට
විදුහලේ ගරු විදුහල්පතිනිය KSP ධම්මිකා මැතිණිය
නියෝජ්‍ය විදුහල්පති අනුර අලවත්ත මැතිතුමන්
නියෝජ්‍ය විදුහල්පති සඳපාලි අමරසිරි මැතිණිය
අංහෙට්ටිගම විද්‍යාලයේ විදුහල්පති මහින්ද රණතුංග මැතිතුමන්
පාසල් සංවර්ධන සමිතියේ සමිතියේ ගරු ලේකම්තුමන්
පාසල් සංවර්ධන සමිතියේ සමිතියේ හිටපු ලේකම්තුමන්
ඇතුලු අමුත්තන් පිරිසක් සහභාගි විය.

මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට සහයෝගය ලබාදුන් පාසලේ ආචාර්ය මණ්ඩලයට, ශිෂ්‍ය නායක මණ්ඩලයට සහ දරුදැරියන්ට පාසලේ ප්‍රණාමය පුද කර සිටිමු.

2025/26 සාමාන්‍යපෙළ විභාගයට මුහුණදෙන දරුවන්ගේ ප්‍රතිථල ඉහළ නැංවීමේ අරමුණින් සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්කමේන්තුව විසින්...
08/10/2025

2025/26 සාමාන්‍යපෙළ විභාගයට මුහුණදෙන දරුවන්ගේ ප්‍රතිථල ඉහළ නැංවීමේ අරමුණින් සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්කමේන්තුව විසින් ක්‍රියාත්මක කරන "අරුණැල්ල" වැඩසටහන පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
සබරගමුව පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන) සුමුදු ජීවන්ත කෝරලේගෙදර මැතිතතුමන්ගේ සහභාගිත්වයෙන්
2025-09-26 වැනි දින පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.

2025 වර්ෂයේ පැවැති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වූ දරු දැරියන් ඇගයීමේ උළෙල අද දින පැවැත්විිිණි.ඒ සඳහා පාසලේ හිටපු ...
04/09/2025

2025 වර්ෂයේ පැවැති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වූ දරු දැරියන් ඇගයීමේ උළෙල අද දින පැවැත්විිිණි.
ඒ සඳහා පාසලේ හිටපු විදුහල්පති තුමන්. එම ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් ඇතුලු අමුත්තන් පිරිසක් සහභාගි විය.

එහිදී දරුවන් සඳහා ත්‍යාග සපයා දෙමින්,

මහින්ද කෝදාගොඩ
ඉන්දික ප්‍රාද්
කපිල ධර්මවර්ධන
චාමර චන්ද්‍රසිරි
මුදිතා කුමාරි
හසිදූ මිහිරංග යන මහත්වරු සහ දැරණියගල මහජන බැංකුව
දැක්වූ සහාය වෙනුවෙන් පාසලේ ස්තුතිය පුද කර සිටිමු.

දැරණියගල මුහන්දිරම් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ 1 හා 2 ශ්‍රේණි වල දරුවන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර පසුගියදා වර්...
03/09/2025

දැරණියගල මුහන්දිරම් විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ 1 හා 2 ශ්‍රේණි වල දරුවන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැර පසුගියදා වර්ණවත් අයුරින් පැවැත්විණ.

දැරණියගල මුහන්දිරම් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් මෙන්ම පාසල වෙනුවෙන්ද විශාල මෙහෙවරක් සිදුකළ රමණි අශෝකා ගුර...
03/09/2025

දැරණියගල මුහන්දිරම් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් මෙන්ම පාසල වෙනුවෙන්ද විශාල මෙහෙවරක් සිදුකළ රමණි අශෝකා ගුරු මහත්මියට සුවබර විශ්‍රාම දිවියක්...

දෙවැනි වාර පරීක්ෂණයේදී 10 - 11 ශ්‍රේණි වලින් පංතියේ ප්‍රථම දෙවැනි හා තෙවැනි ස්ථාන ලබගත් සිසුන් දිරිමත් කිරීමේ අරමුණින් එ...
02/09/2025

දෙවැනි වාර පරීක්ෂණයේදී 10 - 11 ශ්‍රේණි වලින් පංතියේ ප්‍රථම දෙවැනි හා තෙවැනි ස්ථාන ලබගත් සිසුන් දිරිමත් කිරීමේ අරමුණින් එම දරුවන් ඇගයීමට ලක් කිරීමේ අවස්ථාව

දෙවැනි වාර පරීක්ෂණයේදී 6-9 ශ්‍රේණි වලින් පංතියේ ප්‍රථම දෙවැනි හා තෙවැනි  ස්ථාන ලබගත් සිසුන් දිරිමත් කිරීමේ අරමුණින් එම ද...
02/09/2025

දෙවැනි වාර පරීක්ෂණයේදී 6-9 ශ්‍රේණි වලින් පංතියේ ප්‍රථම දෙවැනි හා තෙවැනි ස්ථාන ලබගත් සිසුන් දිරිමත් කිරීමේ අරමුණින් එම දරුවන් ඇගයීමට ලක් කිරීමේ අවස්ථාව

2025 කොට්ඨාස පාසල් ක්‍රීඩා තරග ජයග්‍රාහකයින් ඇගයීම සහ සහතිකපත්‍ර ප්‍රදානය.
26/08/2025

2025 කොට්ඨාස පාසල් ක්‍රීඩා තරග ජයග්‍රාහකයින් ඇගයීම සහ සහතිකපත්‍ර ප්‍රදානය.

2025 - 08 - 21 වැනි දින පරිසර නියමු කණ්ඩායමේ සාමාජිකයින් සඳහාස්වර්ණ වර්ණ, රජත වර්ණ, හරිත වර්ණ, පරිසර නියමු පදක්කම් පැළඳව...
25/08/2025

2025 - 08 - 21 වැනි දින පරිසර නියමු කණ්ඩායමේ සාමාජිකයින් සඳහා

ස්වර්ණ වර්ණ, රජත වර්ණ, හරිත වර්ණ, පරිසර නියමු

පදක්කම් පැළඳවීමේ උත්සවය පැවැත්විණි.

Address

Deraniyagala
71430

Website

Alerts

Be the first to know and let us send you an email when Kg/Dehi/ Muhandiram Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category