11/03/2026
ඔන්න O/L ඉවර වෙලා ඉන්න දරුවො ටිකට Computer Course එකක් ආරම්භ කරනවා. පරිගණක විද්‍යාගාර පහසුකම් එක්ක, eZone අපේ අලුත් Batch එක මාර්තු 18 සහ 20 ආරම්භ වෙනවා. දැන්ම Register වෙන්න!
ආරම්භක දවස -March 18 බදාදා උදැසන 10ට,
දෙවන කණ්ඩායම - March 20 සිකුරාදා උදෑසන 8ට..
📞 WhatsApp: 074 017 2552
16/02/2026
අයියෝ! ඔක්කොම ටයිප් කළේ Simple අකුරෙන්ද? එකපාර Capital කරමු. 🔠
Shift + F3 (Microsoft Word වලදී)
Word වලදී ටයිප් කරපු වාක්‍යයක් සිලෙක්ට් කරලා Shift + F3 ඔබන්න. එබූ වාරයක් පාසා එය සම්පූර්ණ CAPITAL, simple හෝ වාක්‍යයේ මුල් අකුර Capital (Sentence case) ලෙස මාරු වෙනවා.
15/02/2026
මවුස් එකෙන් ඇද ඇද ඉන්නැතුව, වචනෙන් වචනෙ සිලෙක්ට් කරමු
Ctrl + Shift + Left/Right Arrow
ටයිප් කරපු වචන කිහිපයක් ඉක්මනින් සිලෙක්ට් (Select) කරගන්න ඕන නම්, Ctrl සහ Shift යතුරු දෙකම ඔබාගෙන වම් හෝ දකුණු ඊතල යතුරු ඔබන්න.
14/02/2026
Desktop එකේ Icon ටික ඕන ගානට ලොකු පොඩි කරගන්න. 🖱️📏
Ctrl + Mouse Wheel (මවුස් රෝදය)
Desktop එක උඩ Mouse එක තියලා, Keyboard එකේ Ctrl යතුර ඔබාගෙන Mouse එකේ රෝදය (Wheel) ඉස්සරහට හෝ පස්සට කරකවන්න. Icons ලොකු පොඩි වෙන හැටි බලාගන්න පුළුවන්.
13/02/2026
ටයිප් කරනකොට Cursor එක ඉක්මනින් එහා මෙහා ගෙනියමු. ⏩
Ctrl + Left/Right Arrow (වම්/දකුණු ඊතල)
අකුරෙන් අකුර Cursor එක ගෙනියන්න වෙලා යනවනේ. Ctrl යතුර ඔබාගෙන වම් හෝ දකුණු ඊතල යතුරු එබුවම Cursor එක සම්පූර්ණ වචනයක් හරහා පනිනවා.
12/02/2026
Mouse එක නැතුව Taskbar එකේ තියෙන Software Open කරමු. ⌨️
Taskbar එකේ පින් කරලා තියෙන Software (වමේ සිට පිළිවෙලින්) විවෘත කරන්න, Windows Key එකත් එක්ක අදාල අංකය ඔබන්න. උදාහරණයක් ලෙස, පළමු Software එකට Win + 1, දෙවැන්නට Win + 2 යනාදී වශයෙන්.
11/02/2026
ඔයාගේ Computer එකේ RAM එක, Processor එක කොච්චරද කියලා එකපාරින් බලාගන්න. ℹ️
පරිගණකයේ මූලික විස්තර (Windows Version, Processor, RAM, System Type) ඉක්මනින් බලාගන්න ඕන නම් Windows Key එකත් එක්ක Pause/Break යතුර ඔබන්න.
10/02/2026
Mouse එකේ Right Click කර කර ඉන්න එපා. තත්පරෙන් Folder එකක් හදමු. 📁
Ctrl + Shift + N
Desktop එකේ හෝ ඕනෑම තැනක අලුත් Folder එකක් හදන්න ඕන වුනාම, හිස් තැනක Click කරලා Ctrl + Shift + N යතුරු තුන එකවර ඔබන්න. අලුත් Folder එකක් හැදෙයි.
07/02/2026
I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉