ICT With Ishan Jayawardhane

ICT With Ishan Jayawardhane

Share

A සිහිනය යතාර්ථයක් කර ගන්න මඟ නොහැර එකතු වෙන්න!

03/01/2026

පින්බර දුරුතු පුන් පොහෝ දිනයක් වේවා..!
Gatabaruwa Temple - Deniyaya

01/01/2026

හීන හැබෑවෙන සුභම සුභ නව වසරක් වේවා..! ✨
Wish your Happy New year..!

25/12/2025

Merry Christmas..! 🎊

24/12/2025

⭕ලංකාවටම නොමිලේ⭕

මෙවර සාමාන්‍ය පෙල විභාගයට මුහුන දෙන දරුවන්ට

⭕නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක්⭕

OL ICT - දෙසැම්බර් 29 සදූදා රෑ 7.00

OL Commerce - දෙසැම්බර් 30 අගහරුවාදා රෑ 7.00

WhatsApp Group
https://chat.whatsapp.com/EWRGLWqkLpi90gnVzi6scY

වැඩි දුර විස්තර සදහා WhatsApp පනිවිඩයක් යොමු කරන්න😊



21/12/2025

පටන් ගත්ත ගමන ජයග්‍රහණයකින් මිස අත් හරින්න එපා
ICT
ISHAN JAYAWARDHANE
A සිහිනය යතාර්ථයක් කර ගන්න මග නොහැර එකතු වෙන්න
New Gen එකට සෙට් වෙන අපේ කාලයේ ICT පංතිය.
Call/WhatsApp
078 118 4282











ිහිනය
#අපේICT

17/12/2025

අනේ ඉතිං sir ගේ හුරතලේ 😎🍃

13/12/2025

2026 A/L පුණරික්ෂණ ඇරඹේ...
2026 A/L ICT Revision
ICT
2026 A/L
ISHAN JAYAWARDHANE
A සිහිනය යතාර්ථයක් කර ගන්න මග නොහැර එකතු වෙන්න
New Gen එකට සෙට් වෙන අපේ කාලයේ ICT පංතිය.
Call/WhatsApp
078 118 4282











ිහිනය
#අපේICT

30/11/2025

🚨 ගංවතුරෙන් හානි වූ ඔබේ වටිනා ලියකියවිලි සහ ගිණුම් නැවත ලබා ගන්නේ කොහොමද? 📄

මේ දවස්වල පවතින ගංවතුර තත්ත්වය නිසා බොහෝ දෙනෙක් ලොකු පීඩනයකින් ඉන්නේ. 😥 ජීවිත ආරක්ෂා කරගන්න කලබලෙන් දුවද්දී, අපේ වටිනාම ලියකියවිලි (උප්පැන්න, ඔප්පු, බැංකු පොත් වගේ දේවල්) වතුරට යට වෙලා හෝ නැති වෙලා වෙන්න පුළුවන්. 🌊 ඒ ගැන හිතලා දැන් කලබල වෙන්න එපා. අපිට ඒවා නැවත හදාගන්න පුළුවන්. 💪 ඒ සඳහා කරන්න ඕන මූලික දේවල් ටිකක් පහලින් දානවා.

පළවෙනි දේ තමයි, තෙමුණු ලියකියවිලි හමුවුණා නම්, ඒවා කවදාවත් තද අව්වේ හෝ ගින්දර ළඟ වේලන්න යන්න එපා. ☀️❌ එහෙම කළොත් ඒ කොළ කැඩී යන්න පුළුවන්. ඒ වෙනුවට, හෙමින් හුළඟේ වේලෙන්න තියන්න. 🌬️

🆔 ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න/විවාහ සහතික:
මේවා නැතිවුණා නම් මුලින්ම ළඟම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න (Police Entry). 🚓 ඊට පස්සේ ඒ පැමිණිල්ලේ පිටපතක් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න. (වැඩි විස්තර දැනගන්න රජයේ තොරතුරු කේන්ද්‍රය - 1919 අමතන්න)

🏦 බැංකු ගිණුම් සහ ATM කාඩ්පත්:
ඔබේ බැංකු පොත්, චෙක්පත් හෝ ATM කාඩ්පත් වතුරට අහුවුණා නම්, පමා නොවී වහාම බැංකුවට කෝල් එකක් දීලා ඒවා නවත්තන්න (Block කරන්න). 📞 ඊට පස්සේ බැංකුවට ගිහින් අලුත් ඒවා හදාගන්න. 💰

🏠 ඉඩම් ඔප්පු සහ වාහන ලියකියවිලි:
ඉඩම් ඔප්පු සඳහා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයටත්, වාහන පොත් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටත් යන්න වෙනවා. වාහන ලිපි ලේඛන ගැන ගැටළු තියෙනවා නම් 1968 අංකයට කතා කරන්න පුළුවන්.

🎓 අධ්‍යාපන සහතික (O/L, A/L):
මේවායේ පිටපත් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගන්න පුළුවන්. විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංකය වන 1911 කතා කරලා විස්තර අහගන්න. ☎️

📞 මතක තියාගන්න ඕන වැදගත් අංක:
ඔබට අදාළ ආයතනයේ නම්බර් එක හොයාගන්න අමාරු නම් පහළ අංකවලට කතා කරන්න.

🆘 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (හදිසි අවස්ථා සඳහා): 117

ℹ️ රජයේ තොරතුරු කේන්ද්‍රය (ඕනෑම රජයේ සේවාවක් ගැන අහන්න): 1919

🚓 පොලිස් හදිසි ඇමතුම්: 119

🚗 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV): 1968

📚 විභාග දෙපාර්තමේන්තුව: 1911

📱 අනාගතය ගැනත් හිතමු:
මේ වගේ දේවල් ආයේ වෙන්න පුළුවන්. ඒ නිසා අදම ඔබේ හැම වටිනා ලියවිල්ලකම පැහැදිලි ෆොටෝ එකක් අරගෙන ෆෝන් එකේ හරි, Google Drive වගේ තැනක හරි ආරක්ෂිතව සේව් කරගන්න. ☁️

30/11/2025

"සිතියමේ 'තිතක්' වුනාට, මනුස්සකම අතින් අපි 'විශ්වයක්'! 🇱🇰❤️"

29/11/2025

🇱🇰 ජංගම දුරකථන වෝකී-ටෝකී ජාලය (internet නොමැතිව)

ස්වභාවික විපත් හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ජාල (සංඥා) ඇනහිටියහොත්, අන්තර්ජාලය හෝ සිග්නල් නොමැතිව සන්නිවේදනය පවත්වා ගැනීමට ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනය වෝකී-ටෝකී එකක් ලෙස භාවිතා කළ හැකිය.

මෙය සිදු කරන්නේ බ්ලූටූත් (Bluetooth) හෝ Wi-Fi Direct තාක්ෂණය හරහා දුරකථන දෙකක් හෝ වැඩි ගණනක් අතර සෘජු සම්බන්ධතාවක් (Peer-to-Peer) ඇති කිරීමෙනි.

📶 එය ක්‍රියා කරන ආකාරය

* බ්ලූටූත්: කෙටි දුර (මීටර් 10-30) සන්නිවේදනයට වඩාත් සුදුසුය.
* Wi-Fi Direct: බ්ලූටූත් වලට වඩා වැඩි දුර (මීටර් 100+ දක්වා) ආවරණය කළ හැකිය.

📲 අවශ්‍ය ඇප් (App) එක තෝරා ගැනීම
ජාලයක් නොමැතිව ක්‍රියා කරන, සෘජු දුරකථන-සම්බන්ධතා (Peer-to-Peer) පහසුකම් ඇති ඇප් එකක් තෝරාගත යුතුය. ජනප්‍රිය Zello වැනි ඇප් වලට අන්තර්ජාලය අවශ්‍ය වන බැවින් ඒවා මෙහිදී නුසුදුසුය.

ඔබට සුදුසු ඇප් වල නම කිහිපයක්.

Bluetooth Talkie බ්ලූටූත්/Wi-Fi ඔස්සේ සරලව ක්‍රියා කරයි.

| Walkietooth | බ්ලූටූත්/Wi-Fi Direct හරහා කණ්ඩායම් සන්නිවේදනයට ඉඩ දෙයි.

⚙️ සකසා ගන්නා පියවර (කෙටියෙන්)
* ඇප් එක download කරන්න: ජංගම දුරකථන connection තියෙන අවස්ථාවේදී, ඔබට අවශ්‍ය ඇප් එක සියලුම දුරකථන වල download කරගන්න.

* සක්‍රීය කරන්න: සියලුම දුරකථන වල බ්ලූටූත් (සහ Wi-Fi Direct භාවිතා කරන්නේ නම් Wi-Fi ද) සක්‍රීය කරන්න.

* සම්බන්ධ වන්න: ඇප් එක විවෘත කරන්න. එය ස්වයංක්‍රීයව අසල ඇති දුරකථන සොයා සම්බන්ධ විය යුතුය ("Host" සහ "Client" ලෙස).

* කතා කරන්න: කතා කිරීම සඳහා ඇප් එකේ ඇති "Push-to-Talk" (PTT) බොත්තම ඔබාගෙන සිටින්න.
කතා කර අවසන් වූ පසු මුදා හරින්න.

⚠️ ආරක්ෂාව සහ සැලකිලිමත් විය යුතු කරුණු

* බැටරි ආයු කාලය: බ්ලූටූත්/Wi-Fi නිරන්තරයෙන් ක්‍රියාත්මක වන නිසා බැටරිය ඉක්මනින් අවසන් විය හැකිය. එබැවින් Power Banks සූදානම් කර තබා ගන්න.

* දුර සීමාව: සන්නිවේදන දුර සීමිත බව (මීටර් 10-100 අතර) මතක තබාගන්න.

බිත්ති සහ ගොඩනැගිලි නිසා සංඥා දුර්වල විය හැක.

මෙම ක්‍රමය විපතකදී ඔබේ පවුලේ අය හෝ අසල්වැසියන් සමඟ කෙටි දුරක් තුළ සම්බන්ධව සිටීමට ඇති හොඳම සහ පහසුම ක්‍රමයකි.

(උපුටාගැනීමකි)

21/11/2025

ඔබ සාර්ථකත්වයට ලගා වන්නේ කෙසේද? 🤔

ICT
ISHAN JAYAWARDHANE
A සිහිනය යතාර්ථයක් කර ගන්න මග නොහැර එකතු වෙන්න
New Gen එකට සෙට් වෙන අපේ කාලයේ ICT පංතිය.
Call/WhatsApp
078 118 4282











ිහිනය
#අපේICT

09/11/2025

ඔබේ උත්සාහය නිෂ්ඵල නොවෙයි..!
සාර්ථකත්වය ඔබේ අතට එනවා යන්න විශ්වාස කරන්න! ❤️

2025 A/L ඔබ සැමට ජය..!

Want your school to be the top-listed School/college in Deniyaya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Deniyaya
81500