Think Big

Think Big Corporate Trainer, Visiting Lecturer, Career Coach, Public Speaker & ESL Teacher

Never Giveup...!
24/11/2025

Never Giveup...!

Must have skills and qualites to run your own business.
02/11/2025

Must have skills and qualites to run your own business.

It's all about Discipline.
22/10/2025

It's all about Discipline.

🔴අද කෝටි ගාණකට විකුණන බිස්නස් එකක් එදා ගෙදර ඔප්පුව රු. 500ට උකස් කරලා ගේමක් දුන්න දකුණේ මනුස්සයෙක් 🥰මාතර හරිස්චන්ද්‍ර නි...
17/10/2025

🔴අද කෝටි ගාණකට විකුණන බිස්නස් එකක් එදා ගෙදර ඔප්පුව රු. 500ට උකස් කරලා ගේමක් දුන්න දකුණේ මනුස්සයෙක් 🥰

මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී. ඒ. හරිස්චන්ද්‍ර මහතාගේ බොහෝ දෙනා නොදත් ජීවිත කතාවෙන් බිදක්.

සී. ඒ. හරිස්චන්ද්ර දරුවා ඉපදුණේ "මාතර සිටුවරයා ලෙස එකල හැඳින්වුණු ඕදිරිස් සිල්වාගේ හතර වැනි පුත්රයා විදියට. කර්නල් සී. ඒ. ධර්මපාල මේ හරිස්වන්ද්රගේ තවත් සහෝදරයෙක්.

සිටුවර තාත්තා හරිස්චන්ද්‍ර දරුවා ඉගැනුමට යැව්වේ මාතර ශාන්ත තෝමස් විද්යාලයට. ඉන් පස්සේ හරිස්චන්ද්‍ර ධර්මපාල සහෝදරයන් දෙදෙනා ම කොළඹ නාලන්දා විද්යාලයට ඇතුළු කළා.

හරිස්චන්ද්ර දරුවා තුළ ව්යාපාරියකු වීමේ කිසි ම ලකුණක් තිබුණේ නැහැ. ඔහු පොත් කියවීමට දැඩි සේ නැඹුරු වුණු නිහඩ ළමයෙක්. ඇත්තටම අග හිඟකම් දුක් වේදනා හරිස්චන්ද්ර ශිෂ්යයාගේ ළමා වියට කිසිදු සම්බන්ධකමක් නෑ.

හරිස්චන්ද්ර ශිෂ්‍යයා නාලන්දෙන් කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළු වුණා. පොත පතේම ගැලී සිටි ශිෂ්යයා යුනිවසිටි කොලීජියට තේරීම පුදුමයක් නෙමෙයි. ඔහු ඉගෙන ගත්තේ ආර්ථික විද්යාව. දාස් ගුප්ත නැමැති ඉන්දියන් ගුරුවරයා මේ ශිෂ්යයාට දවසක් මෙහෙම කිව්වා.

" හරිස්චන්ද්ර..... මෙහෙන් පිට වෙලා ගිහින් අනිත් අය වගේ රස්සාවකට යන්න එපා. ඔයාට හරියන්නෙ ව්යාපාර ලෝකය. ඒ අඩි පාරේ යන්න."

හරිශ්චන්ද්ර ශිෂ්යයාට මේ වචන හරි ම ප්රහේළිකාවක්. තාත්තා විශාල ව්යාපාරිකයෙක් වුණත් වෙළෙඳාම ගැන මේ තරුණයා තුළ කිසිම අදහසක් ආසාවක් තිබුණේ නෑ. නමුත් දාස් ගුප්ත ආචාර්යවරයාගේ වචන කීපය හරිස්චන්ද්ර තරුණයාගේ ජීවිතය වෙනස් කළා. 1938දි යුනිවසිටි කොලීජියේ ඉගෙනුම අවසන් කළ හරිස්චන්ද්ර තරුණයා ආපහු මාතර මහගෙදරට ආවා. ඒ වෙළෙදාම් කරන්න හිතාගෙන.

ඒ වන විට මාතර බ්රෝඩ්වේ සිනමාහලත් එහිම තිබු පොත්හලත් අයිතිව තිබුණේ හරිස්චන්ද්‍රගේ තාත්තට. පොත පතේම ගැලී සිටි පුතාට සිනමාහලත් පොත් සාප්පුවත් භාරදීම සුදුසුම දෙය බැව් තාත්තා කල්පනා කළා.

දැන් සී. ඒ. හරිස්චන්ද්ර,සිනමා හලේ සහ පොත් සාප්පුවේ කළමනාකරු. පරණ පුරුද්ද අත් හැරුණෙ නෑ. හරින්ද්ර සාප්පුවේ තියෙන පොත් කියවන්න පටන් ගත්තා.

එක දවසක් සාරියකින් හැඩ වැඩ වුණ මනා පෙනුමැති යුවතියක් පොත් සාප්පුවට ගොඩ වුණා. මේ තරුණිය හරිස්චන්ද්ර තරුණයාගේ සිත විදුලියක් වගෙ සසල කළා. මේ විදියට දෙතුන් විටක් ම පොත් ගන්න ආපු මේ යුවතියත් හරිස්චන්ද්රත් අතර ආධ්යාත්මික සබඳතාවක් ගොඩනැගෙන්න පටන් ගත්තා.

ඇය ගුරුවරියක්. නම කොන්දේර්ලියා හාන්ති. මේ සබඳතාව හරිස්චන්ද්ර පවුල් ඒකකය තුළ විශාල අර්බුදයක් මතු කළා.

"ඔය කසාදෙට ඉඩ දෙන්න බෑ."

සිටුවර තාත්තත් සහෝදර සහෝදරියනුත් හරිශ්චන්ද්රට විරුද්ධ වුණා.

"කමක් නෑ.. මං මේ යුවතිය කසාද බදිනවා."

හරිස්චන්ද්ර තරුණයාගේ ඉරණමේ පළමු කොටස තීන්දු කළේ දාස් ගුප්ත ගුරුවරයා. ඔහුගේ ඉරණම දෙවන වරට වෙනස් කළේ පොත් සාප්පුවේ දී මුණ ගැසුණු මේ පාසල් ගුරුතුමිය විසිනුයි. හරිස්චන්ද්ර තනි තීන්දුවෙන් ගුරුවරිය කසාද බැන්දා. සිටුවර පියාගෙන් හා මහගෙදරින් ලැබිය යුතු ධනස්කන්ධය අත් හැරල දැම්මා.

ඔහුගේ විවාහ ජීවිතය ඇරඹුණේ කිසි දු වත්කමක් නැති හිස් පසුම්බියකින්. මේ ඉඩම් ඔප්පුව තියලා සල්ලි අරං ඔයා මොනව හරි දෙයක් පටන් ගන්න."

දස අතේ කල්පනා කරමින් සිටි සැමියා අතට හාන්ති බිරිද තමන් සතු ඉඩම් ඔප්පුව දුන්නා. ඒ ඔප්පුව හරිස්චන්ද්ර රු. 500කට උගස් කළා. ඔහු ජීවිතය නැවත පටන් ගත්තේ රුපියල් පන්සීයෙන්. කුඩා වී අඹරන යන්ත්රයක් මිලට ගත් හරි මාතර නගරයේ දෙමළ කඩයක් පිටුපස කුඩා තැනක වී මෝලක් පටන් ගත්තා. වී බුසලක් කොටන්න ඔහු අය කළේ ශත දෙකයි. ව්යාපාරය නරක නෑ. මේ අතර තවත් අයෙක් වී මෝලක් පටන් ගත්තා. එතන වී බුසලක් කොටන අය කළේ ශතය යි. හරිස්චන්ද්ර වී මෝල බලා ඉඳිද්දී වැටෙන්න පටන් ගත්තා.

"නමුත් මම ශතේට වී කොටන්නෙ නෑ. මගේ ගාන ශත දෙක ම තමයි."

මෙන්න මේ කාලෙදි තමයි දෙවන ලෝක යුද්ධය පටන් ගත්තේ. යුද්දේ නිසා හාල්වලට ලොකු ඉල්ලුමක් ආවා. ආණ්ඩුව හාල් මෝලින් මිල ගණන් කැඳෙව්වා. ටෙන්ඩර් කතා කළේ සුද්දෙක්. අනෙක් හාල් මෝල් හිමියන් බොහෝ දෙනකුට නැති සුදුසුකමක් හරිස්චන්ද්රට තිබුණා. ඒ තමයි ඉංග්රීසි දැනුම. හරිස්චන්ද්ර සුදු නිලධාරියත් එක්ක කතා කළා. සුද්ද ඇවිත් හරිස්චන්ද්රගෙ වී මෝලෙන් වී කොටවල අල්ලට අරං පරිකෂා කළා. ටෙන්ඩරේ හම්බ වුණේ හරිස්චන්ද්රට. එතැන් සිට ආණ්ඩුවට හාල් සපයන දකුණේ ප්රධාන කොන්ත්රාත්කරු වුණේ හරිස්චන්ද්ර. කොළඹ හාල් වෙළෙඳ පොළේ නො.1ට වැටුණේ හරිස්චන්ද්ර හාල්. ඒ එක්ක ම ආණ්ඩුවට අවශ්ය දැව කොන්ත්රාත්තුවකුත් ලැබුණේ හරිස්චන්ද්රටමයි.

දැන් ව්යාපාරය ලොකුයි. මාතර බංගලාවත්ත අයිති ව තිබුණේ තමන්ගේ සහෝදරයා වන කර්නල් සී. ඒ. ධර්මපාලට. හරිශ්චන්ද්ර සිය සහෝදරයාගෙන් ඉඩම මුදල් දී අරගත්තා. අදත් හරිස්චන්ද්ර කර්මාන්තායතනය තියෙන්නේ ඒ ඉඩමෙ.

අලුත් දේවල් සොයා යාමේ ආශාවක් හරිශ්චන්ද්ර මහත්මයාගේ හිත තුළ තිබුණා. ඒකට හුඟක් ම බලපෑවේ පොතපත කියවීම. ටයිම්ස්, නිවිස්වීක් වගේ සඟරා තැපෑලෙන් ගෙන්වාගෙන කියවීමේ පුරුද්දක් ඔහු තුළ තිබුණා. ලෝකයේ කාර්මීකරණය, යන්ත්ර සූත්ර දියුණුව කෙතරම් දැයි මේ ඉංග්රීසි දොර කවුළු අතරින් ඔහුට පෙනුණා.

කුරක්කන් පිටි හෝර්ලික්ස් බෝතල්වල බහා විකිණිම ඔහු ආරම්භ කළේ 1953 දී. නමුත් කුරක්කන්වල වැලි සහමුලින් ම ඉවත් කිරිම අමාරු දෙයක් වුණා. මේ අතරේ කොළඹ ජපන් වෙළඳ භාණ්ඩ ප්රදර්ශනයක් පැවැත්වුණා. හරිශ්චන්ද්ර මහත්තයා ඒ ප්රදර්ශනයෙන් පෙනේරයක් මිලට ගත්තා. පෙනේරයක් කිව්වට ඒක වැලි හලන රැයිසියක් වගේ එකක්. කෙටූ කුරක්කන් පිටි මේ රැයිසිය වගේ යන්ත්රයෙන් හැලුව. එක වැලි කැටයක් නැති ව හොද පිටි ඉතිරි වුණා.

මේ විදියට කුරක්කන්, උඳු, මිරිස්, කෝපි, ගම්මිරිස් වගේ කුඩු කරපු ද්රව්ය හරිස්චන්ද්ර නමින් වෙළඳපොලට එන්න පටන් ගත්තා. සතුන්ගේ ඇටකටු කොටා ඒ පොහොර ගොවීන් කීප දෙනකුට දීලා හරිශ්චන්ද්ර මහත්තය අස්වැන්නේ වෙනස බැලුවා. ගෙරිකටු පොහොර හරිශ්චන්ද්ර නමින් වෙළෙඳ පොළට ගියේ ඉන් පස්සේ. හරිස්චන්ද්ර තවත් අහදාබැලීම් කළා. සිප්පි කටු කුඩු කරලා කුකුළු කෑම හැදුවා. තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය මේ කුකුළු කෑම මිලට ගත්තා. ඒ පාර කොප්පරා මෝලක් දැම්මා. දවසට පොල් තෙල් බවුසර් හතරක් කොළඹ වරායට යවන තරමට කොප්පරා මෝල දියුණු වුණා.

මේ වන විට ලංකාවේ සබන් වෙළෙඳාම තිබුණෙත් විදේශීය කොම්පනියක් අතේ. හරිශ්චන්ද්ර මහත්තයා කොප්පරා මෝලෙන් ඉතුරු වෙන තෙල් වලින් සබන් හදන්න පටන් ගත්තා. ඒ 1962 අවුරුද්දේ. සල්බාර් සබන් තාමත් මිනිස්සුන්ට මතක යි. කුමාරි, සමන්, නාමල් ආදී සුවඳ සබන් ඒ ඔක්කොම හරිශ්චන්ද්ර සබන්.

එච්. ආර්. ජෝතිපාල මේ වන විට තරමක ජනප්රිය ගායකයෙක්. හරිශ්චන්ද්ර මහත්තයා ජෝතිපාල තමන් අතට ගත්තා. පඩිය රු.800 යි. ජෝතිපාලට තිබුණේ හරිශ්චන්ද්ර වෑන් එකේ නැගල ගිහින් තැනින් තැනදි ලවුඩ්ස්පිකරයෙන් සිංදු කියන එක විතරයි. තරුණ ගෑනු ළමයි වෑන් එක වටේ පිරෙන්න පටන් ගත්තා. හරිශ්චන්ද්ර සුවද සබන් රට පුරා ගියේ ඒ විදියටයි.

ඔබට මතක ද එක කාලයක් තිබුණා ගස් යට වැටෙන රබර් ඇට ගෝනි ගණනින් මිලට ගත්තු යුගයක්. එදා රබර් ඇට මිලට ගත්තේ හරිස්චන්ද්ර මහත්තයා. රබර් ඇට මදේ හින්දවල තෙල් ගත්තා. ඒවා සායම් වර්ග හදන පිටරට කොම්පැනියකට යැව්වා. ඉතිරි වන මද කුකුළු කෑම බවට පත් කරලා මේ රටේ බෙදා හැරියා. ඔහු හැම විට ම කලේ ඒ වගේ දේවල්.

"කිසිම දෙයක් නාස්ති කරන්න එපා."

ඔහුගේ ව්යාපාරික ලෝකයේ එක් ආදර්ශ පාඨයක් වුයේ එය යි.

ගමන් යන අතරෙ දී ආනමාළු කෙසෙල් ගෙඩි කෑම ඔහුගේ පුරුද්දක්. ඉතිරි වන ලෙලි ඔහු පාරට විසි කළේ නැහැ. ඒවා වාහනයේ පැත්තකින් තබාගත්තා. අතරමග දී හරකෙක් දුටු විට වාහනය නවතා ආනමාළු කෙසෙල් ලෙලි ඔකොම හරකට දෙනවා. ඒක ඔහු කිසිවක් නාස්ති කරන්න එපා කියන ආදර්ශ පාඨය අනුව කළ දෙයක්.

දස දිසාවගෙන් ගලා එන උල්පත්වලින් පොකුණක් පිරෙන්න වගේ හරිශ්චන්ද්ර සමාගමට ආදායම් ගලා එන්න පටන් ගත්තා. දවසක් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ පැරණිම සේවකයකු වු පීරිස්ට කතා කලා.

''පීරිස්.. දැන් අපිට සල්ලි වැඩි යි.''

පීරිස් විස්මිත වුණා, සල්ලි වැඩියි කියන ව්යාපාරිකයෙක් කොහෙද ඉන්නේ.

"පීරිස් අපි අපේ සේවකයන්ට බෝනස් දෙකක් දෙමු."

වැඩි සල්ලි තමන්ගේ මඩියේ තර කරගන්නවා වෙනුවට හරිශ්චන්ද්ර මහත්තයා 750ක් වූ තම සේවකයන්ට අවුරුද්දකට බෝනස් හතර දක්වා වැඩි කළා. මේ සා විශාල ආයතනයක් වුවත් පිළිගත් විශ්වවිද්යාලයකින් උපාධිය ලැබු එකම ඉංජිනේරුවෙක්වත් ඔහු ළඟ සේවයට ගෙන තිබුණේ නෑ. හරිශ්චන්ද්ර මහත්තයගේ එකම ඉංජිනේරුවා වුයේ ඉස්කෝලේ පහට වත් නොගිය කොණ්ඩ බැදපු උදේනිස්. උන්නැහේට යන්ත්ර සූත්ර විෂයෙහි අසාමාන්ය දැනුමක් තිබුණා.

උදේනිස් වයසට ගියෙත් මිය ගියෙත් හරිශ්චන්ද්ර එකේදිම යි. අතපය බැරි වෙන කොට හරිශ්චන්ද්ර මහත්තයා තම ඉංජිනේරුවාට ආයතනය ඇතුළේ කාමරයක් දුන්නා.

"උදේනිස් වැඩ කරන්න ඕන නෑ. විවේකෙන් ඉන්න." උදේනිස්ට මැරෙන තුරුම පඩිය ලැබුණා.

සේවක අර්ථ සාධක ක්රමය රජය විසින් හදුන්වා දුන්නේ 1958 දී. නමුත් හරිශ්චන්ද්ර මහත්තයා තමන්ගේ සේවකයන්ට අර්ථ සාධක දෙන්න පටන් ගත්තේ 1953 දී.

උපරිම පඩි ගෙවන්න. උපරිම විදියට වැඩ කරන්න.

ඒ හරිශ්චන්ද්ර මහත්තයගේ දෙවන තුන් වන ආදර්ශ පාඨ දෙක. ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ විදියට ලැබුණු වැටුප පමණයි ඔහු අතට ගත්තෙ. පඩි ගන්න ශත 10 මුද්දරේටත් ඔහුගේ වැටුපෙන් ශත දහයක් අඩු කරන්නැයි ඔහු උපදෙස් දීලා තිබුණා.

එස්. කේ. වික්රමසිංහ, පිලිප් ගුණවර්ධන, එන්. එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා වැනි දේශපාලන කෘතහස්තයන් ඔහුගේ මිතුරන් වුණා. ලංකා බැංකුවේ අධ්යක්ෂ ධුරය ලංගම අධ්යක්ෂ ධුරය තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ සභාපතිකම වැනි තනතුරු ඔහු වෙත ගලා ආවා.

එලෙස ව්යාපාරික ලෝකයේ මුදුන් තැනක සිටිය ද තනතුරු කොතෙක් ලැබුණ ද මිල මුදල් කෙතරම් තිබුණ ද යස ඉසුරු භුක්ති විදීමේ අශාවක් ඔහු තුළ තිබුණෙ නෑ.

ඔහුට තිබුණේ සුදු අත් කොට කමිස 4 ක් සුදු ඩ්රිල් කලිසම් 4 ක් පමණ යි. ඔහුගේ ජීවිතය කෙතරම් සරල දැයි දැනගන්නට එය හොද උදාහරණයක්.

ජීවිතයේ අවසාන භාගයේ ඔහු ඔත්පලව ඇඳට වැටුණා. කෑම රුචිය වඩවනු පිනිස බ්රැන්ඩි හැන්දක් දෙකක් දෙන්නැයි දොස්තර උපදෙස් ලැබුණා.

" ජීවිත කාලයේ ම අරන් ආපු ප්රතිපත්තියක් මරණයට බයේ කඩන්නෙ මොකටෙයි, මට බ්රැන්ඩි හැන්දක්වත් එපා." 1985දි මේ අල්පේච්ඡතාවෙන් යුත් සිටුවරයා ජයවර්ධනපුර රෝහලේ දී අවසන් හුස්ම හෙලුවා.

බැංකු කටයුතු, චෙක්පත් අත්සන් කිරිම් ලියකියවිලි, මුණ ගැසෙන්නට එන අමුත්තන් ආදී දහසක් කටයුතු අතරේ ඔහු අත් නොහළ එක් දෙයක් තිබුණා. ඒ තමයි පොත් කියවීම.

ඔහුට සිටියේ දූවරුන් ම හතර දෙනෙක් පමණ යි. කමලා, විත්රා, පද්මිණි, සහ මාලනී පද්ම ප්රභා. ඔහු මේ දූවරුන් හතරදෙනාගෙ කාමර හතර පිරෙව්වේ ඇස කණ පිනවන විච්චූරණ භාණ්ඩවලින් හෝ රත්තරන් බඩුවලින් හරි නෙමෙයි. පොත්වලින්. කාමර හතරට ම පොත් රාක්ක හතරක් පිර වු මේ තාත්තගෙන් දූවරු හතර දෙනාට ලැබුණු ලොකු ම දායාදය වුයේ උගත්කම නැමැති මිල කළ නොහැකි දායාදය යි.

ඔහුගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශ මිල කල නොහැකිය.නැවත නැවත කියවා අවධාරණය කර ගත යුතු කරුනු මතක තබා ගනිමින් ඒවා ඔබේ සාර්ථකත්වයට උපයෝගී කර ගැනීම වටී.

උපුටා ගැනීම : දුක දිනා ජය ගත් මිනිස්සු
චන්ද්රසිරි දොඩන්ගොඩ
දිවයින කර්තෘ මණ්ඩලය

16/10/2025
ඔයත් NPD & Professional Jelousy තියන කෙනෙක්ද?Narcissistic Personality Disorder [NPD] තියන අය ගොඩක් ඉන්නව අපි අතරෙ. ඔවුන්...
21/08/2025

ඔයත් NPD & Professional Jelousy තියන කෙනෙක්ද?

Narcissistic Personality Disorder [NPD] තියන අය ගොඩක් ඉන්නව අපි අතරෙ. ඔවුන් ඔබත් සමඟ එකම ආයතනයේ වැඩ කරන අය වෙන්න පුළුවන්. එකම පාසලේ උගන්වන ගුරුවරු වෙන්න පුළුවන්, එකම field එකේ business කරන අය වෙන්න පුළුවන්.

මේ අය හඳුන ගන්න ලේසියි:
* එයාල නිතරම නුරුස්සන ගතියෙන් ඉන්නෙ. කිසිම positive ගතියක් නැහැ.
* තමන්ට නැති දේවල උලුප්පල පෙන්වන්න හදනව / හැම වෙලාවෙම තමන්ට නැති දේවල්වලින් අවධානය සොයනව
* තමන්ට කරන්න බැරි දේවල් අනිත් අය කරනවට කැමති නැහැ, ඉරිසියයි. මොනා හරි කරල අංචියක් අදින්නමයි බලන්නෙ.
* ඔයා කොයි තරම් හොඳ දෙයක් කරත් ඒක අගය කරන්නෙ නැහැ. පුංචි අඩුපාඩු ලොකුවට highlight කරනව
* අනිත් අය එක්ක එකතු වෙලා හින්ට් පාස කරනව. හැම වෙලාවෙම negative thoughts එක්ක ජීවත් වෙන්නෙ
* මේ තත්වෙ ගොඩක්ම දරුණුයි NPD තියන කෙනා කවද හරි ඔයාට උදව් කරල තියනවනම්. මැරෙනකන් ඒකට ගතු කියවනව.
* මේක තනිකරම low self-esteem තත්වයක්. සරළවම මානසික ලෙඩක්. බෙහෙත් ගන්න ඕනෙ..!

මේ වගේ අයගෙන් මිදෙන්නෙ කොහොමද:
* කවදාවත් arguments වලට යන්න එපා. තරඟ කරන්න යන්න එපා
* හොඳම දේ තමයි - disconnect වෙන එක. අයින් වෙලා පාඩුවෙ ඉන්න එක.

හොයාගෙන කියවන්න හොඳ පොත් කිහිපයක්:
“The Fear of Success” by Don Richard Riso – explains how fear and jealousy hold people back at work.

“The No As***le Rule” by Robert I. Sutton – shows how envy and toxic behavior damage workplace culture, with strategies to deal with it.

කාටහරි වැදගත් වෙයි. Pls Share..!

ජය
Chandana Kumara Pothotuwa
Personality Development Trainer
I Speak Academy / iLead

තමන්ගෙම කියල දෙයක් කරන, ගේමක් ගහන ඕනෙම කෙනෙක්ට මේ වචන හතර හරියට Practise කලොත් ඇති ගොඩ යන්න.FOCUS, PASSION, DISCIPLINE, ...
20/08/2025

තමන්ගෙම කියල දෙයක් කරන, ගේමක් ගහන ඕනෙම කෙනෙක්ට මේ වචන හතර හරියට Practise කලොත් ඇති ගොඩ යන්න.

FOCUS, PASSION, DISCIPLINE, CONSISTENCY = SUCCESS

1. FOCUS (අවධානය) 🎯
මේකට Power of Focusing කියන්නත් පුළුවන්. අරය, මෙයා කරන හැම දේම බදාගෙන කරන්නෙ නැතිව. තමන්ට පුළුවන් එක දෙයකට අවධානය දීල, ඒ වෙනුවෙන් කැප වෙන එක වැදගත්. එක දෙයක් හරියට කරමු.

2. PASSION (ආශාව) ✨
ඔබ කරන දේට burning desire එකක්, එහෙම නැත්නම් දැවෙන ආශාවක් තිබිය යුතුයි. When you do what you love, you won't work even a single day කියන්නෙ ඒකයි. කරන දේට බොක්කෙන්ම ආස වෙන්න ඕනෙ.

3. DISCIPLINE (විනය) ✅
විනය කියන්නෙ හැම දේම. ඒක වැඩ කරන වෙලාව වෙන්න පුළුවන්. කරන වැඩේ quality එක වෙන්න පුළුවන්. කස්ටමර්ස්ලට කතා කරන හැටි වෙන්න පුළුවන්. Financial Decipline වෙන්න පුළුවන්. ඔය හැම දේම වැදගත්. ඒ වගේම වැඩ කල් දාන එක, නිදහසට කරුණු හොයන එකත නතර කිරීම ඉතාම වැදගත්.

4. CONSISTENCY (ස්ථාවරත්වය) 📈
මේක තමයි ඉතාමත්ම වැදගත්. ගොඩක් දෙනෙක් නොකරන දේ තමයි මේක. Chineese bamboo tree කතාව කියවන්න. Great things take time. අපි කරන සමහර දේවල් වල ප්‍රතිඵල ලැබෙන්න කල් යනව. ඒත් අල්ලගෙන ඉන්න ඕනෙ. කරන දේ එක දිගට කරන්න ඕනෙ. ඒකෙන් ගොඩනැගෙන්නෙ විශ්වාසය සහ අත්දැකීම්. ඒක සාර්ථකත්වයට අනිවාර්‍යෙන්ම බලපානව.

ජය.
By Chandana Kumara
Personal Development Trainer
iSpeak, iLead

Office මීටිං තියමු ඒත් වදයක් වෙන්න එපා ඔයාගෙ ස්ටාෆ් එකට. මේක ලියන්න හිතුනෙ කාලයක් තිස්සෙ මමත් අත්දැකපු අමිහිරිම අත්දැකීම...
19/08/2025

Office මීටිං තියමු ඒත් වදයක් වෙන්න එපා ඔයාගෙ ස්ටාෆ් එකට.

මේක ලියන්න හිතුනෙ කාලයක් තිස්සෙ මමත් අත්දැකපු අමිහිරිම අත්දැකීම් එක්ක. සමහර so called leaders ඉන්නව හැම මඟුලකටම ඉවරයක් නැතිව office වල meeting දාන්නම ඕනෙ.

සමහර ඒව කිසිම තේරුමක් නැහැ. මෙලෝ රහක් නැහැ. අන්තිමට කතා කරපු දේකුත් නැහැ, ලොක්කගෙ පම්පෝරිය අහගෙන ඉන්න එකයි, කාට හරි බනින එකයි විතරයි.

Office meeting තියන්න ඕනෙ. වැදගත් official දේවල් කතා කරන්න, progress review කරන්න. ඒත් ඒව කලින් plan කරල, agenda එකක් හදල professional විදියට කරන එකයි නියම leader කෙනෙක්ගෙ ක්‍රමය. අනිත් අයගෙ වෙලාවට ගරු කරමු.

එහෙම නැතිව, එක පාරම meeting schedule කරල, "participation is compulsary" කියල දාන එක කොච්චර අසාධාරණද. විශේෂයෙන් office ටයිම් එකෙන් පස්සෙ තියනවනම් ඒක හරිම unfair.

ඉස්සර මම හිටපු ඔෆිස් එකෙත් ඔය වගේම බොස් කෙනෙක් හිටිය. හැම මඟුලටම "machan, pull a chair" කියල දානව කට්ටිය වට කරගෙන මීටිං එකක්. ඔන්න ඊට පස්සෙ පටන් ගන්නව ලංකාවට ඉන්ටර්නෙට් එන විදියෙ ඉඳල Aritificial Intelligent, Big Data Analysis > Cost cutting > අන්තිමට No bonus. මීටිං වලට ආවෙ නැත්නම් , ඔෆිස් ටයිම් එකෙන් පස්සෙ හිටියෙ නැත්නම් adaptability නැහැ කියල appraisal එකේදි අරිනව.

Leader කෙනෙක් වෙන්න කලින් හොඳ මනුස්සයෙක් වගේ හිතන්න. තමන්ට හිතෙන වෙලාවට meeting දාන එක හරිද?. ඒ වෙලාවට staff එකේ අනිත් අයට ඔෆිස් ටයිම් එකෙන් පස්සෙ කොච්චර පර්සනල් දේවල් තියනව ඇත්ද?

මෙහෙමයි මහත්තයො,
ඔයා ලොකු ඔෆිස් එක්ක ලොක්කෙක් වෙන්න පුළුවන්. ඉස්කෝලෙක ප්‍රින්සපල් කෙනෙක් වෙන්න පුළුවන්, පෙර පාසලක මැඩම් කෙනෙක් වෙන්න පුළුවන්. ටියුෂන් ක්ලාස් එකක ප්‍රධානියෙක් වෙන්න පුළුවන්, ඕනම ආයතන ප්‍රධානියෙක් වෙන්න පුළුවන් -- ඒත් ඔයා යටතෙ වැඩ කරන්නෙ *හැඟීම් දැනීම් තියන, නාඩි වැටෙන මිනිස්සු කියල චුට්ටක් හිතන්න*. රොබෝල නෙවේ.

* සමහරු ඔෆිස් ටයිම් එකෙන් පස්සෙ part time එකක් කරන්න යන්න බලාගෙන ඇති. ඒකෙන් වෙන්න පුලුවන් මාසෙ රෝල ගහ ගන්නෙ. ගෙදර අමතර වියදම් ටික හොයා ගන්නෙ.
* සමහරු ඉන්න පුළුවන් ඩොක්ටර් appointment දාල අම්මව බෙහෙත් ගන්න එක්කගෙන යන්න බලාගෙන. පොඩි උන්, wife, husband, girl friend, boy friend එක්ක film එකක් බලන්න යන්න.
* හැමෝටම එක වගේ personalaty එකක් නැහැ ඔය reason කියල යන්න. එහෙම කිව්වත් ඒව performance වලට count කරනව
* ඔෆිස් එක කියන්නෙ ජීවිතේම නෙවේ. ගොඩක් අය ඔෆිස් එක ජීවිතේම කරගෙන ඉන්නෙ කැමැත්තෙන්, ආසාවෙන් නෙවේ. වෙන කරන්න දෙයක් නැති නිසා. අසරණ කමට
* සමහරුන්ගෙ අන්තිම බස් එක/ට්‍රේන් එක මිස් වෙලා ගෙදර යන්න නැතිව කටු කන අවස්ථා ඇති. ඒවට ටිකක් රෙස්පෙක්ට් කරමු.

දන්න අයට share කරමු. පුළුවන් අය mention කරමු.

"Great leaders don’t just manage tasks, they feel the heartbeat of their people — understanding their struggles, lifting their spirits, and walking with them through challenges."

By
Chandana Kumara Pothotuwa
Personal Development Trainer

Growth Zone එකට යන්න ඕනෙනම් කම්මැලි කලාපයෙන් නැගිටින්නම වෙනව. මේ ටික try කරල බලන්න:1. කවුරුත් උදව් කරනකන්, නිකන් දෙනකන් ...
29/07/2025

Growth Zone එකට යන්න ඕනෙනම් කම්මැලි කලාපයෙන් නැගිටින්නම වෙනව. මේ ටික try කරල බලන්න:

1. කවුරුත් උදව් කරනකන්, නිකන් දෙනකන් බලන් ඉන්නෙ නැතිව, තමන්ගෙම ක්‍රමේකට උත්සහ කරල බලන්න. ඒක හැමෝම කරන ජනප්‍රියම ක්‍රම වෙන්න ඕනෙ නැහැ.

2. පුළුවන් තරම් Toxic & Negative Mindset තියන අයගෙන් ඈත් වෙලා ඉන්න.

3. අනවශ්‍ය distraction [social media, news alert] වගේ දේවල් අඩු කරගන්න උත්සහ කරන්න.

4. Serious වැඩක් කරන වෙලාවට Phone එක silent දාල, Data off කරල ඒ වැඩේට විතරක් focus කරන්න. මේක පුරුද්දක් විදියට කරල බලන්න.

5. අපි, අපි විසින්ම හදා ගත්ත limiting belief එක්ක හිර වෙලා ඉන්නෙ. එතනින් එලියට එන්නම ඕනෙ. කවුරු බැහැ කිව්වත්, තමන්ට තමන් විශ්වාසනම්, කරල බලන්න. nothing to lose..!

6. සමහර වෙලාවට, හැම දේටම වඩා "gut feeling" එක වැඩ කරනව

"Inspiration alone won’t create change, intentional action will. So act."

By: Chandana Kumara Pothotuwa

Golden Memories of iSpeak Corporate Training.D2D Public Speaking & Presentation Mastery - Master Class.Contact Us:ISpeak...
10/07/2025

Golden Memories of iSpeak Corporate Training.

D2D Public Speaking & Presentation Mastery - Master Class.

Contact Us:
ISpeak Public Speaking Academy
0714286141

Address

Delgoda
Delgoda
11000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94714286141

Alerts

Be the first to know and let us send you an email when Think Big posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Think Big:

Shortcuts

Share