11/08/2026
පාසල් එන යන ගමනේදී අපේ දරුවන්ගේ ආරක්ෂක දේවදූතයා... 🪽❤️
අපේ පුංචි පැටවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, අව්ව වැස්ස නොබලා හැමදාමත් කහ ඉර ගාවට වෙලා ඉන්න අපේ ආදරණීය සේනානායක වඩු මාමා... ❤️
තමන්ගේම දරුවන් නොවුණත්, මේ පුංචි අත් තදකරලා අල්ලගෙන පාර මාරු කරන මේ දෑත් වල තියෙන්නේ පුදුම සෙනෙහසක්.🥰 වචනයකින්වත් කිසිවක් බලාපොරොත්තු නොවන මේ උතුම් මනුස්සකමට අපේ හදපිරි ගෞරවය හිමිවිය යුතුමයි.
දරුවන්ගේ ලෝකය මේ තරම් ලස්සන වෙන්නේ මේ වගේ නිහඬ වීරයන් නිසයි. ඔබේ පැතුමත් පහලින් එක්කරන්න අමතක කරන්න නම් එපා.. 🙏🌸