19/09/2025
කවදාවත් නැතිව අප්පච්චි අද කුඹුරේ පිදුර , ඉපනැල්ල ගිනි තියන්න ඕනි කියලා කුඹුරට ගියා.
අපි අපේ කුඹුරු සාමාන්‍යයෙන් කවදාවත් ගිනි තියන්නේ නෑ💚 . එහෙමම පොළවටම පොහොර වෙන්න ඉඩ තියනවා. ඒත් ඇයි අප්පච්චි මේ සැරේ ගිනි තියන්න යන්නේ කියලා කල්පනා කරාම මට ඒ ගැන chatGPT එකෙන් හොයලා බලන්න හිතුනා. ChatGPT එකේ Deep Research on කරලා ඇහුවහම ඒක ප්‍රශ්නෙට අදාළ local, government, international ගොඩක් වෙබ් සයිට් refer කරලා අපිට උත්තර දෙනවා.( මේ ප්‍රශ්න අහද්දි කුඹුරේ පසේ ස්වාභාවය, අපි ඉන්න ප්‍රදේශය ල්, වගා කරන වී ප්‍රභේදය, යොදන පොහොර ප්‍රමාණය සහ වර්ග, ඉස්සරට එන්නේ මාස් කන්නය කියන එක, ඒ හැම දෙයක්ම කියලා තියෙනවා, එතකොට සමහරක්විට ඔයාලගෙ වගාව සම්බන්ධව ඒව වෙනස් වෙන්න පුළුවන් ඉතින් )
ඉතින් මට ඒ උත්තරය අනිත් ගොවියොත් එකකත් බෙදාගන්න ඕනි උනා. 😁
💎 මුලින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් recommend කරන්නේ ගොයම් කැපීමෙන් පසු පිදුරු, ඉපනැල්ල පොළොවට යට කරන්න කියලා.
✳️ කෙටිකාලී වාසී.
📌️ එලි පෙහෙළි කිරීමට ( නියර කෙටීමට) පහසු වීම, ලාභදායි වීම, අඩු ශ්‍රමිකයක් වැය වීම.
📌️පළිබෝධ සහ වල් මර්දනය වීම.
📌️ සමහර අධ්‍යයනයන් ගිනි තැබීම මගින් ඇතිවන අළු මඟින් පොටෑසියම් මුදාහරින බව පැවසුවද, නයිට්‍රජන් සහ කාබන් අහිවීම නිසා ඒවා නැවත මිලදී ගැනීම ඊටවඩා මුදලක් වැය වීම නිසා එය වාසියක් ලෙසම සඳහන් කල නොහැකිය .
💎 chatGPT එකෙන් නොකියවුණු වාසි.
📍 අත් ට්‍රැක්ටර් වලින් සී සෑමට ඉතාම පසුයි.
📍 ගොවියන් අතර මතයක් තියෙනවා ගිනි තිබ්බහම මඩ කුඹුරු වල වැලි ගතිය වැඩි වෙලා එරෙන තැන් එහෙම පිරෙනවා කියලා. හේතුව තමයි, පසේ තන්තුමය ගතිය අඩු වන නිස වැලි කැට වෙන වෙනම ඉතිරි වීම තවද නියරවල් වල එහෙම තියෙන වැලි වැස්සට සේදී ලියැදි වලට ඒම. ඒ නිසා වැලි වැඩි වී වලවල් පිරීයාම.
✳️ අවාසි
📌️පසෙහි පෝෂක අවම වීම. පිදුරු වල දල වශයෙන් 0.5 - 0.8 % නයිට්‍රජන්, 1 - 1.7 % පොටෑෂ් අන්තර්ගත වේ. පිදුරු නැවත කෙතට යැවීමෙන් බෝගයේ නයිට්‍රජන් අවශ්‍යතාවයෙන් 22 - 31% සැපයිය හැකිය.
📌️ කාබනික ද්‍රව්‍ය හා සාරවත් බව අඩු වීම.
ශ්‍රීලංකාවේ වී ගොවිතැන කරන පසෙහි දැනටමත් කබනික ද්‍රව්‍ය අඩු මට්ටමක පවතී. නැවත නැවත දහනය කිරීම මඟින් පසෙහි පවතින කාබනික කාබන් ක්ෂය වන අතර පාංශු ව්‍යූහය ගොඩනගන හිතකර පාංශු ජීවින් ( ගැඬවිලන්, ක්ෂුද්‍ර ජීවීන් මරා දමයි. පිදුරු සමඟ (NPK පොහොර ) යෙදීම සහල් අස්වැන්න සහ සමස්ත පාංශු සාරවත් බව වැඩි කරන බව ශ්‍රීලංකාවේ සිදු කරන ලද අත්හදා බැලීමකින් පෙනීගොස් ඇත.
📌️ වායු ගෝල දූෂණය. වගාබිම් ගිනිතැබීම මඟින් ඇති වන වායුගෝල දූෂණය ගැන අපට අසල්වැසි ඉන්දියාවෙන උදාහරණ සපයා ගත හැක.
📌️පාංශු ඛාදනය.
වැසි සමයේදී පස නිරාවරණය වී ඇති නිසා පාංශු ඛාදනය ඇති වේ.
📌️ ලැව් ගිනි තත්වයන් ඇති වීම.
📌️ වැඩිපුර පොහොර යෙදීමට සිදු වීම.
සමස්තයක් ලෙස වගාබිම් ගිනි තැබීමෙන් කෙටි කාලින වාසි වලට වඩා දීර්ඝකාලීන අවාසි වැඩි වේ. එ බැවින් එම ක්‍රියාව අත්‍යවශ්‍ය විටදී පමණක් සිදු කිරීමට වගබලාගත යුතුය.
තවත් ගොවියෙකුට බැලීම සඳහා share කරන්න.
ස්තූතියි ..