Am/Dehi/Webadagama Maha Vidyalaya

  • Home
  • Am/Dehi/Webadagama Maha Vidyalaya

Am/Dehi/Webadagama Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Am/Dehi/Webadagama Maha Vidyalaya, School, Am/Dehi/Webadagama Maha Vidyalaya, .

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
23/04/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

විද්‍යා දින සමාජ සද්කාරය අරන්  හොරණ තක්ෂිලාවෙන් වෑබඩගම ඉස්කෝලෙට නෑගමනක්මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම දෙදහ දශකය පමණක් වනත...
30/01/2025

විද්‍යා දින සමාජ සද්කාරය අරන් හොරණ තක්ෂිලාවෙන්
වෑබඩගම ඉස්කෝලෙට නෑගමනක්

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම දෙදහ දශකය පමණක් වනතෙක්ම පැවතුණේ උතුරු මැද පළාතේය. නමුත් වර්තමානය වන විට තවත් දිස්ත්‍රික්ක ගණනාවක් වෙත විහිද පැතිර ඇති අතර එය ඉතා ශෝචනීය තත්ත්වයක් බවට පත්ව ඇත්තේය. මෙහිදී කෘෂිකාර්මික ප්‍රදේශවල වකුගඩු රෝගය පැතිරීම රසායනික පොහොර සහ පළිබෝධනාශකවල ඇති විවිධ විෂ ද්‍රව්‍ය කාලයක් පුරා පොළොවට එකතු වී භූගත ජලයට එකතු වී අවසානයේ අපේ ශරීර තුළට ඇතුළු වීම මගින් සිදුවන බව පර්යේෂණවලින් හෙළිව ඇත්තේය. මේ හේතුව නිසා එම ප්‍රදේශවල වැඩිහිටියන් පමණක් නොව අනාගත ලොව භාර ගැනීමට සිටින බාල පරම්පරාව ද මේ ව්‍යසනයට ගොදුරුව ඇත්තේය.

අම්පාරේ දෙහිඅත්තකණ්ඩිය වෑබඩගම ඉස්කෝලෙට ද මේ කතාව පොදුය. වෑබඩගම ළමා මිතුරු පාසලේ විදුහල්පති ගාමිණී රුපසිංහ ඔහුගේම දරුවන් මුහුණ දෙන ඛේදනීය තත්ත්වයට යම් සහනයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන්ය.

අම්පාරේ දරුවන් කෙරෙහි හිත් උණුවුණු තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නිලූක වීරසිංහ මේ ගැන කතාබහ කළේ ජ්‍යෙෂ්ඨ විද්‍යා සංගමයේ අනුශාසක තනුර ගයාන් අමරතුංග සමගය.

ජ්‍යෙෂ්ඨ විද්‍යා සංගමය ද විද්‍යා දිනයට සමගාමීව ප්‍රජා සත්කාරයක යෙදෙන්නට අදහස් කරගෙන සිටියේ ඔය අතරය. අම්පාරේ යෝජනාව තක්ෂිලාවේ විද්‍යා දිනයට හරියටම සමපාත විය. එතැන් පටන් තක්‍ෂිලානුවෝ වැඩට බැස්සේ පානීය ජල පිරිපහදු කිරීමේ පද්ධතියක් වෑබඩගම ඉස්කෝලේ සවි කිරීමටය. ඒ මේ රටේ තවත් කොනක වෙසෙන සහෝදර පිරිසක් වෙනුවෙන් පිළිසරණක් වන්නටය. පාසලේ දරුවන්ගෙන් සතෙන් සතේ රුපියලෙන් රුපියල පමණක් නොව දෙමව්පියන්ගෙන් ආදි සිසුන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් මේ සඳහා මුදලක් ලැබුණේ නොමසුරුවය.

කොහොමින් කොහොමින් හරි මේ මුදල සොයාගත් දරු පිරිස ගමනට සූදානම් වූහ. විදුහල්පති නිලූක විරසිංහ අනුශාසක තනුර ගයාන් අමරතුංග මෙන්ම අනෝජා මාධවීලතා, සමීර සමරසිංහ සහ ලක්‍ෂ්මන් කුමාර ගුරුවරුන් ද ගමනට එක්වූහ. විද්‍යා සංගමයේ සාමාජිකයන් මෙන්ම ශිෂ්‍ය නායකයන් ඇතුඑ පිරිස හතළිස් පස් දෙනෙක් පමණ විය.

දමනේවෙල වෑබඩගම ගම්මානවල ගම්මුන් මෙන්ම මව්පියන් බොහෝ පිරිසක් පාසලට පැමිණ සිටියේ පාසලට ලැබෙන මේ මහා අනර්ඝ සම්පත පිළිගන්නටය.

පැමිණි පිරිස පිළිගත්තේ දරුවන් විසින් මල් කලඹ සහ බුලත් හුරුළු දීමෙන්ය. එයින් පසුව ගමනේ විඩාව නිවන්නට ලැබුණේ අපූරු තේ පැන් සංග්‍රහයක්ය.

විදුහල්පතිවරුන් දෙපළ එක්ව සමරු එලකය නිරාවරණය කර ජල පිරිපහදු පද්ධතිය සිසු අයිතියට පැවරීමෙන් පසුව උත්සව සභාව පටන් ගත්තේය.

පාසලේ සෑම දරුවෙක් වෙනුවෙන් ම තක්ෂිලානුවෝ පාසල් උපකරණ ගෙන ගොස් තිබුණේය.

ගම්මුන් එකතුව දහවලට සකස් කර තිබුණේ සුවඳ හමන දිවා භෝජනයක්ය. කැකුළු හාලේ බතට මුංඇට හොදි, වැව් මාළු, කොල්ලු ව්‍යංජනය, අලකොළ මැල්ලුම, රහ නොබලාම බැරිවිය. ඉතා ඉහළින් ඔවුන්ගේ ආගන්තුක සත්කාරය ද භුක්ති විඳි තක්ෂිලානුවෝ ආපසු හැරුණේ රෑ බෝ වීමත් එක්කය.

ඉන්දික සංජීව විතාන - 2025.01.29 අරුණ

05/01/2025
05/11/2024

පාසලට Photocopy Machine එකක් පරිත්‍යාග කල හැකි සුබපත්නකුගේ උදවු අවශ්‍යයයි..
0766680164

05/11/2024

දරුවන්ට පංතිකාමර දෙකක් අඩුයි මේක හදාගන්න උදවු කරන්න පුලුවන් පාසලේ දියුණුවට සුබපතන්නන් ස්වකීය කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ නම් ගොඩක් පිං සිදුවෙනවා
0766680164
විදුහල්පති

Address

Am/Dehi/Webadagama Maha Vidyalaya

32150

Telephone

+94722051779

Website

Alerts

Be the first to know and let us send you an email when Am/Dehi/Webadagama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Am/Dehi/Webadagama Maha Vidyalaya:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share