29/05/2025
🫡
Education is the light of life
29/05/2025
🫡
23/05/2025
පහ වසර ශිෂ්‍යත්වය ජයගන්න හොඳම මාර්ගය 😊
පහළොස් වසරක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර සමග මිලදී ගන්න අදම දඹුල්ල ජයතිස්ස Book Shop එකට එන්න
ඔබත් අදම ඇවිත් වෙනස අදුනාගන්න ☺📚
ජයතිස්ස පොත්හල - දඹුල්ල 074 180 0659
18/05/2025
පෘථිවියේ දරුණුතම වඳවී යාමෙන් පසුව බිහිවුනු පුරාණ විලෝපිකයා ඉනොස්ට්‍රැන්සිවියා - (Inostrancevia)🦖💀
වසර මිලියන 250 කට පමණ පෙර කියන්නෙ, පෘථිවියේ ජීවය නූලකින් එල්ලී තිබුණ කාලයක් කිව්වොත් නිවැරදියි. විද්‍යාඥයින් මේ භයානක කාල පරිච්ඡේදය "The Great Death" කියලා හඳුන්වනවා. පෘථිවි ඉතිහාසයේ සිදුවුනු විශාලතම මහා වඳවීම වන පර්මියන්-ට්‍රයැසික් වඳවීමේ සිදුවීම සියලු ජීවී විශේෂවලින් සියයට 90 ක් පමණ විනාශ කිරීම ඊට හේතුවයි. 'සයිබීරියානු උගුල්' (සයිබීරියාවේ පිහිටි දැවැන්ත ගිනිකඳු ප්‍රදේශයක්) පුරා ප්‍රචණ්ඩ ගිනිකඳු පිපිරීම් වලින් පසුව සිදු වුනු මේ විනාශකාරී පාඩුව මාරාන්තික දේශගුණික විපර්යාස, සාගර ආම්ලිකකරණය සහ ගෝලීය ඔක්සිජන් අහිමි වීම වගේ දේවල් වලට හේතු වුනා.
නමුත්, මේ විනාශය මධ්‍යයේ, නව ජීවීන් බිහි වුනා. ඔවුන් අතර සිටි එක් අයෙක් වුනේ ඉනොස්ට්‍රැන්සිවියා (Inostrancevia) නම් බලවත් විලෝපිකයායි. 💪
ඉනොස්ට්‍රැන්සිවියා කියන්නෙ ගොර්ගොනොප්සියානුවන්ගේ (gorgonopsian) අනුපිළිවෙලට අයත් පැරණි මාංශ භක්ෂක තෙරප්සිඩයෙක්. (ක්ෂීරපායින් සහ ඔවුන්ගේ මුතුන් මිත්තන් සහ සමීප ඥාතීන් ඇතුළත් කණ්ඩායමක්) උන්ගේ සේබර් දත් වැනි දැවැන්ත දත් දෙක සහ ශක්තිමත් සිරුර මේ සතුන් භයානක විලෝපිකයන් බවට පත් කළා . 🐅
කිලෝග්‍රෑම් 400 ක් දක්වා බරින් යුක්ත වූ ඉනොස්ට්‍රැන්සිවියාගේ දිග මීටර් හතරක් පමණ වුනා. ඒ වගේම අද සිටින අලි ඇතුන්ගේ හෝ රයිනෝසිරස්ගේ සම මෙන් ඝන සමක් ඔවුන්ට තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. 🐘🦏
ඉනොස්ට්‍රැන්සිවියා ප්‍රධාන වශයෙන් ඩයිසිනොඩොන්ට් (Dicynodonts) සහ පැරේසෝර්ස් (Pareiasaurs) වැනි ශාකභක්ෂක උරගයින් දඩයම් කළ බව විදාඥයන් පවසනවා. 🌿🍖
මුලින්, ඉනොස්ට්‍රැන්සිවියා පොසිල හමුවී තිබුණේ රුසියාවෙන් පමණයි. උත්, 2010 සහ 2011 වර්ෂ වලදී දකුණු අප්‍රිකාවේ කරූ ද්‍රෝණියෙන් සොයාගත් අසම්පූර්ණ ඇටසැකිලි දෙකක් මගින් මේ සත්ත්වයා ගැන එතෙක් දන්නා තොරතුරු වෙනස් වුනා. රුසියාවේ සහ දකුණු අප්‍රිකාවේ පොසිල හමුවීමෙන් පෙනී යන්නේ ඉනොස්ට්‍රැන්සිවියා පර්මියන් වඳවීමෙන් පසු ඇති වූ හිස් විලෝපික ස්ථාන පිරවීම සඳහා පුරාණ සුපිරි මහාද්වීපය වන පැන්ජියාවේ සැතපුම් 7,000 කට වඩා ගමන් කර ඇති බවයි. ඒ කියන්නෙ පර්මියන් යුගය අවසන් වෙද්දී පැන්ජියාවේ දකුණු පැත්තේ සිටි විශාල විලෝපිකයන් වැඩි ප්‍රමාණයක් වඳවී යාම නිසා, ඉනොස්ට්‍රැන්සිවියා ඒ හිස් තැන් පුරවන්න දකුණට ගියා වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගමනෙන්, ඒ කාලයේ සිටි ජීවීන් මොනතරම් ශක්තිමත්ද, වෙනස් වෙන පරිසරයට කොච්චර ඉක්මනින් හැඩගැහුණාද යන්න පැහැදිලි වෙනවා. 🚶♂️🌍
නමුත් අවසානයේ දී ඔවුන්ටත් පරිසරයේ, දේශගුණයේ වෙනස්කම් වලට ඔරොත්තු දීමට නොහැකි වීමෙන් ඉනොස්ට්‍රැන්සිවියා පෘථිවියෙන් සදහටම සමුගෙන යනවා..
- Copied -
Follow us ❤️
17/05/2025
උපුටා ගැනීමකි
Follow us ❤️
25/04/2025
අයින්ස්ටයින් සහ ඕපන්හයිමර්ගේ සිත් තැවුල 💔
- Copied -
Follow us ❤️ JBS Education
24/04/2025
ගොඩබිම ඇවිද ගිය පළමු තල්මසා...
අද වන විට සාගරයේ විශාලතම ජීවීන් ලෙස සැලකෙන තල්මසුන්ගේ ආරම්භය ගොඩබිම ජීවත් වූ කුඩා සත්ව විශේෂයක් බව ඔබ දැන සිටියාද? වසර මිලියන 50 කට පමණ පෙර ජීවත් වූ "පාකිසීටස්" (Pakicetus) නම් සත්වයා තල්මසුන්ගේ පරිණාමයේ ආරම්භක අවස්ථාව ලෙස සැලකෙනවා.
පාකිසීටස් යන නමේ අර්ථය "පකිස්තානයෙන් පැමිණි තල්මසා" යන්නයි. ඒ නම ලැබෙන්නේ මේ වඳ වී ගිය ආදි ගොඩබිම් තල්මසාගේ පළමු පොසිල පාකිස්තානයෙන් සොයාගත් නිසයි. 1981 දී සොයාගත් මේ පොසිලය පකිස්ථානයේ ඉස්ලාමාබාද් හි බටහිරින් පිහිටි කුල්ඩානා පාෂාණ සැකැස්මෙන් හමු වූ අතර පසුකාලීන පොසිල වලින් වැඩි ප්‍රමාණයක් ද හමුවුනේ පකිස්ථානයෙන්මයි. ඔවුන් වසර මිලියන 50 කට පමණ පෙර යිප්‍රේසියානු (මුල් ඉයෝසීන) යුගයේදී ඉන්දියානු උප මහාද්වීපයට ආවේණික වුනු සතුන් කොටසක් බවයි විද්‍යාඥයන් පවසන්නේ.
පාකිසීටස් කියන්නේ එළුවෙකුගේ පමණ ප්‍රමාණයෙන් යුතු, ගොඩබිම ජීවත් වූ සිව්පා සත්වයෙක්. ඔවුන්ගේ පාද හතරම ගොඩබිම ඇවිදීමට සුදුසු ලෙස සකස් වී තිබුණු බව පොසිල සාක්ෂි තහවුරු කරනවා වගේම, ඔවුන් ගොඩබිම ජීවත් වූ බවටත් සාක්ෂි සපයනවා. ඔවුන්ගේ දත් මාංශ භක්ෂකයන්ට සමාන වූ අතර, ඔවුන් මසුන් සහ අනෙකුත් කුඩා සතුන් ආහාරයට ගත් බවයි විශ්වාස කෙරෙන්නේ.
පාකිසීටස් ගොඩබිම ජීවත් වුනත්, ඔවුන් ජලය ආශ්‍රිත පරිසරයක ජීවත් වූ බව හමුවී තිබෙන පොසිල සාක්ෂි වලින් නිරීක්ෂණය වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඇටකටු වල සමහර රසායනික සංයුතීන් මගින් ඔවුන් මිරිදිය ජලය පානය කළ බවට තොරතුරු අනාවරණය වෙනවා. ක්‍රමයෙන් ඔවුන් ජලය ආශ්‍රිත ජීවන රටාවකට හුරු වූ අතර, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ ශරීරය සාගරයේ ජීවත් වීමට සුදුසු වන පරිදි පරිණාමය වීමට පටන් ගත් බවයි විදාඥයන් සඳහන් කරන්නේ.
පාකිසීටස්ගෙන් ආරම්භ වූ තල්මසුන්ගේ පරිණාමයේ දී, ඔවුන්ගේ ශරීරයේ සැලකිය යුතු වෙනස්කම් සිදුවුනා. එනම්, ගොඩබිම ඇවිදීමට සුදුසු වූ පාද ක්‍රමයෙන් වරල් බවට පරිවර්තනය වූ අතර, එය ඔවුන්ට ජලයේ පිහිනීමට පහසු වුනා. නාස් සිදුරු මුහුණේ ඉදිරිපස සිට හිස මුදුනට ගමන් කළ අතර, එයින් ඔවුන්ට ජලය මතුපිටට නොපැමිණ හුස්ම ගැනීමට හැකි වුනා. ශරීරය ක්‍රමයෙන් දිගටි හැඩයක් ගත් අතර, එය ජලයේ වේගයෙන් පිහිනීමට පහසුවක් වුනා.. වලිගය වඩාත් ශක්තිමත් ව අවල්පතක හැඩයකට සකස් වූ අතර, එය ඔවුන්ට ජලයේ ඉදිරියට ගමන් කිරීමට උපකාරී වුනා.
මේ පරිණාමීය වෙනස්කම් සමඟ, නූතන තල්මසුන් සාගරයේ ජීවත් වීමට ඉතා හොඳින් අනුවර්තනය වී තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ශරීරය ජලයේ වේගයෙන් පිහිනීමට, ගැඹුරු මුහුදේ කිමිදීමට සහ දිගු කාලයක් හුස්ම නොගෙන සිටීමට ද හැකියාව ලබා දී තිබෙනවා. ඒ අනුව නූතන .තල්මසුන් කියන්නෙ සම්පූර්ණයෙන්ම ජලජ, සමුද්‍ර ක්ෂීරපායින්ගේ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති, සහ විශාල විවිධත්වයක් සහිත කණ්ඩායමක්. ඔවුන්ගේ සමීපතම ජීවමාන ඥාතීන් වන්නේ හිපපොටේමස්. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, තල්මසුන් සහ හිපපොටේමස් යන දෙදෙනාම එකම පොදු මුතුන් මිත්තෙකුගෙන් පරිණාමය වී ඇති බව සොයාගෙන තිබෙනවා.
ඒ අනුව තල්මසුන්ගේ පරිණාමය කියන්නෙ ස්වභාවික වරණය සහ අනුවර්තනය මගින් ජීවීන්ගේ ශරීරයේ සිදුවන පුදුමාකාර වෙනස්කම් වලට හොඳම නිදසුනක්.
- Copied -
Follow us ❤️
24/04/2025
Follow us ❤️ JBS Education
- Copied -
23/04/2025
අධ්‍යයන වර්ෂය 2024 / 2025 ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශ අත්පොත දැන් ජයතිස්ස පොත්හලෙන් වෙන් කරවාගත හැක 📚📖️
*අමතන්න - ☎️ 074 180 0659
Jayathissa Book Shop Dambulla
20/03/2025
මේ 1969 මැයි මාසයේදී මධ්‍යම බ්‍රසීලයේ ඒරියල් හිදී ජෝස් ඉරීනියු මාටිනෙස් කැරස්කෝ විසින් ඡායාරූප ගත කරන ලදැයි කියන හඳුනා නොගත් පියාසර වස්තුවක්.
- Copied -
18/03/2025
භයානක දර්ශනයක් ලෙසින් බැලු බැල්මට පෙනුනත් මේ පෘතුගාලයට අයත් මැඩෙයිරා දූපතේ (2016 වසරේ) සැඳෑවක අහසේ දිස්වූ වලාකුළකි.
චායාරූපය : Rogerio Pacheco
- Copied -
17/03/2025
මොලය පාලනය කරමින් කැරපොතු වහලුන් මෙහෙය වන අපූරු දෙබරා
Follow us...
Page එකත් follow කරගෙන යන්න අමතක කරන්න එපා 👍
පෘථිවි වාසීන් ව පැහැරගෙන ගොස් ඔවුන්ගේ මනසට පරිපථ ඇතුළු කිරීම මගින් ඔවුන් ව තමන්ට අවැසි පරිදි මෙහෙයවමින් පෘථිවියේ පාලනය සියතට ගැනීමට සහ පෘථිවියේ ජනාවාස ඇති කිරීමට උත්සාහ දරණ පිටසක්වළ ජීවින් ගැන නිපදවා ඇති චිත්‍රපට සහ ටෙලි වෘත්තාන්ත අපමණ යි. හුදෙක් ම ප්‍රබන්ධයන් වන මේ කථාන්තර බොහෝ දෙනෙක් රස විඳින්නේ ආශාවෙන්. නමුත් සත්‍ය වශයෙන් ම එවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණොත් කුමක් සිදු වෙයි ද?
වාසනාවකට මනුෂ්‍ය ප්‍රජාවට තවමත් එවැනි භයංකර තත්ත්වයකට මුහුණ දීමට සිදු වී නොමැති වුවත් ලොව කැරපොතු ප්‍රජාවට නම් මේ බියකරු සිහිනය යථාර්ථයක් වී හමාර යි. ඒ විද්‍යාත්මක පර්යේෂණයක අනිසි ප්‍රතිඵලයක් නිසා නොව සොබාදහමේ අපූරු නිර්මාණයක් හේතුවෙන්. මේ ලිපිය දෂ්ටනය මගින් කැරපොතු මොළයට විෂ එන්නත් කර ඔවුන් ව වහලුන් බවට පත් කර ගන්නා දෙබරෙක් ගැන යි.
Ampulex compressa යන විද්‍යාත්මක නාමය හිමි මෙම දෙබරා ව එදිනෙදා ව්‍යවහාරයේ දී හඳුන්වන්නේ ‘මරකත කැරපොතු දෙබරා’ (Emerald Cockroach Wasp) නැතහොත් ‘මිණි කැට දෙබරා’ (Jewel Wasp) ලෙස යි. ලෝහමය නීල-හරිත පැහැ සිරුරක් සහ දීප්තිමත් රතු පැහැ පාද හිමි අලංකාර සත්ත්වයින් වන මරකත කැරපොතු දෙබරුන් සුරඟනුන්ගේ වෙස්ගෙන පැමිණෙන මාර දූතයින් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. එයට හේතුව තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලියේ දී පිලවාට අවශ්‍ය කරන නිසි පෝෂණය සපයන ධාරකයෙකු ලෙස කැරපොත්තන් ව භාවිතා කර පසු ව ඔවුන් ව මරණයට පත් කිරීමට මරකත කැරපොතු දෙබරුන් කටයුතු කිරීම යි.
වැඩි වශයෙන් දකුණු ආසියාව, අප්‍රිකාව, පැෆිසික් දූපත් වැනි නිවර්තන කලාපයන් හි වාසය කරන මරකත කැරපොතු දෙබරුන්, උෂ්ණ කාලයේ දී බහුල වශයෙන් දැක ගැනීමට ලැබෙනවා. එසේ ම 1941 වර්ෂයේ දී ජෛව පාලන ක්‍රමයක් ලෙස මොවුන් ව හවායි දූපත්වලට හඳුන්වා දී තිබෙනවා. ප්‍රමාණයෙන් මිලිමීටර් 22 ක් පමණ වන ගැහැනු සත්ත්වයින්ට විෂ දළ පිහිටන නමුත් සාපේක්ෂ ව කුඩා පිරිමි සත්ත්වයින්ට විෂ දළ පිහිටන්නේ නැහැ.
මරකත කැරපොතු දෙබරුන් ‘සොඳුරු මරුවන්’ ලෙස කෘමි ලෝකයේ නමක් දිනාගෙන සිටින්නේ ඔවුන් අනුගමනය කරන අසාමාන්‍ය අභිජනන ක්‍රියාවලිය හේතුවෙන්. සත්ත්ව විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇති අන්දමට තම ජීවිත කාලය තුළ දී එක් වරක් පමණක් සංවාසයේ යෙදෙන ගැහැනු දෙබරුන්, බිත්තර දුසිමක් පමණ දරාගෙන ගන්ධ සහ දෘශ්‍ය සංවේදක ආධාරයෙන් කැරපොත්තෙකු සොයා යනවා. සුදුසු ධාරකයෙකු හමු වූ විගස විදුලි වේගයෙන් කැරපොත්තාගේ සිරුරේ මැද කොටසට දෂ්ට කරන ඔවුන්ගේ විෂ හේතුවෙන් කැරපොත්තාගේ ඉදිරිපස පාද මිනිත්තු පහක පමණ කාලයකට තාවකාලික පක්ෂඝාතයකට ලක් වෙනවා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා දෙබරාගේ ඊළඟ ඉලක්කය වන්නේ කැරපොත්තාගේ මොළය යි. සෘජුව ම මොළයට සිදු කරන දෙවැනි දෂ්ටනයක් මගින් කැරපොත්තා ව තවත් මිනිත්තු 30 ක කාලයකට තම පාලනයට නතු කර ගන්නා දෙබරා, සංසේචිත බිජුවක් කැරපොත්තාගේ සිරුරට ඇතුළු කරනවා. යළිත් සිහි ලැබුණු පසු ව ‘අවචාලනය’ නම් කුසීත තත්ත්වයේ පසු වන කැරපොත්තාට පෙර පරිදි තමන්ට රිසි අයුරින් කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කීට විද්‍යාව සහ ස්නායු සම්බන්ධ මහාචාර්ය මයිකල් ඇඩම්ස් පවසන්නේ මෙම අවධියේ දී කැරපොත්තා පක්ෂඝාතයෙන් නොපෙළෙන බව යි. කැරපොත්තට සාමාන්‍ය පරිදි ඇවිදීමට හැකියාව පැවතුණ ද ඔහු ව මෙහෙය වීම සිදු කරන්නේ දෙබරා විසින්. තමන්ගේ පාලනය යටතට ගන්නා කැරපොත්තා ව බෙනයක් කරා යොමු කිරීමට දෙබරා කටයුතු කරන අතර පිලවා වැඩීමට ගත වන දින 7 – 10 දක්වා වන කාල සීමාව තුළ කැරපොත්තාගේ වාසස්ථානය වන්නේ එය යි. අවසානයේ දී කැරපොත්තාගේ සිරුරෙන් අවැසි පෝෂණය ලබා ගනිමින් වැඩෙන පිලවා, කැරපොත්තාගේ සිරුර දෙකඩ කරගෙන පිටතට පැමිණීම සිදු වෙනවා.
පාකින්සන්ගේ රෝගයට පිළියමක්
ස්නායුජනක ආබාධයක් වන පාකින්සන්ගේ රෝගයේ දී සිදු වන්නේ මොළයේ සෛල සෙමින් මිය යාම යි. මරකත කැරපොතු දෙබරුන්ගෙන් ලබා ගන්නා ලද විෂ විශ්ලේෂණය කරන ලද පර්යේෂකයින් පවසන්නේ පාකින්සන් රෝගයට පිළියම් යෙදීම සඳහා දෙබර විෂ යොදා ගැනීම ගැන බලාපොරොත්තුවක් පවතින බව යි. දෙබර විෂ තුළ අන්තර් ගත වන මනස පාලනය සඳහා යොදා ගත හැකි සංයෝගයක් අනාවරණය කර ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. මේ මගින් පාකින්සන් රෝගයේ දී සෛල මරණයට පත් කිරීමට දායක වන සංයෝගයන් හි කාර්යය අඩපණ කිරීමට යි විද්‍යාඥයින්ගේ බලාපොරොත්තු
වන්නේ.
තවමත් මූලික අදියරේ පවතින මෙම පර්යේෂණයන් පාකින්සන්ගේ රෝගයට පිළියමක් ලෙස යොදා ගැනීම සඳහා තවත් දශකයක පමණ කාලයක් ගත විය හැකි යි. එයට හේතුව මරකත කැරපොතු දෙබරුන්ගෙන් ලබා ගන්නා විෂ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සම්පූර්ණ දැනුමක් තවමත් විද්‍යාඥයින් සතු නොවීම යි. නමුත් දැනටමත් දෙබර විෂට සෛල මිය යන වේගය අඩාළ කර හැකි බව ස්නායු විශේෂඥයින් අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සාර්ථක වුවහොත් පාකින්සන් රෝගය තව දුරටත් ‘සුව කළ නොහැකි රෝග’ ලැයිස්තුවේ අන්තර්ගත නොවනු ඇත.
- Copied -