Podi Mind Lanka

Podi Mind Lanka

Share

� Podi Mind Lanka
ආදරණීය දරු පිරිසක් වෙනුවෙන්, ආදරණීය දෙමාපියන්ට ආමන්ත්‍රණය කිරීමක් ❤️

� සතුටින් ඉගෙනගන්න
� විශ්වාසයෙන් වර්ධනය වෙන්න
� ආදරයෙන් මඟපෙන්වන්න

Photos from Podi Mind Lanka's post 02/06/2026

මවක් විදිහට ඔබ ඔබ ගැන සිතුවාද?

ඔබ දවස තිස්සෙම දරුවන් ගැන සහ පවුල ගැන හිතන ආදරණීය මවක් වන්නට පුළුවන්.
නමුත්,
ඔබත් තරුණ කාලේ ඔබේ රූපෙ ගැන, ඔබේ නිදහස ගැන, ඔබේ අධ්‍යාපනය ගැන නිතරම හිතපු යෞවනියක් වන්නට ඇති.
දැන් දරුවනේ වැඩ නිසා ඔබ කාර්යබහුල වෙලා ද?
කොතරම් කාර්යබහුල උනත් ඔබ ඔබේ නිදහස දවසේ එක් පැයක් තුළ හෝ ලබා ගන්න.
ටිකක් හිතන්න ඔබ අපිළිවෙළ, අපිරිසිදුව, සමාජෙ කිසිම දැනුමක් නැතුව, ජීවත් වෙන්න ඕන නිසා, ජීවිතය ගත කරනවානම් එකේ බලපෑම් සිදුවන්නේ දරුවන්ටමයි.
දරුවන් ඉදිරියට යන විට, සමාජය ඉදිරියට යන විට ඔබ ලස්සනට යන්න. ප්‍රිය මනාප ලෙස යන්න. දැනුම ලබා ගත් කාන්තාවක් ලෙස යන්න.
එ වෙනුවෙන් ඔබ ඔබටම කාලය වෙන් කරගන්න.

🌸 ඔබ ආස පොතක් කියවන්න කාලය වෙන් කරන්න.
🌸 ඔබ ආස චිත්‍ර පටියක් බලන්න කාලය වෙන් කර ගන්න.
🌸 ඔබ ආස ඇදුමක් ගන්න යන්න.
🌸 මානසික නිදහස වෙනුවෙන් තමන් අදහන ආගම වෙනුවෙන් කාලය වෙන් කරගන්න.
🌸ඔබ ආස ගීතයක් රස විඳින්න.
🌸 ඔබේ රූපය ලස්සනට තියා ගන්න උනන්දු වෙන්න.
🌸 ඔබේ ඉගෙන ගන්න ආස දෙයක් වෙනුවෙන් සුලු වේලාවක් වෙන් කර ගන්න.

මේ දේවල් අත්හදා බලන්න. ඔබට මානසික නිදහසක් දැනේවි. ඔබ ජීවත් වෙනවා කියලා ඔබට දැනේවි.
මුලින්ම ඔබ ඔබේ ජීවිතය ලස්සන කර ගන්න.
එවිට ඔබේ වටපිටාවේ ඉන්න අයගේ ජීවිත ඉබේටම ලස්සන වේවි.

මවක් විදිහට ඔබ සතුටින් සිටින තරමට ඔබේ දරුවන්, ඔබේ ස්වාමියා, ඔබේ පවුලේ සාමාජිකයන් සතුටින් සිටීවී.
කාන්තාවක් විදිහට මේ දේවල් අපට අවශ්‍යයි.❤️❤️❤️
Ms. Nisansala pathirana
Pre School teacher
Smilies playschool
Chife advice
The teachers magazine
Child phycology dip.

Photos from Smilies Playschool's post 01/06/2026
01/06/2026

The Teacher Magazine
මේ අපේ සිඟිති pre School magazine එක.
අපිව fallow කරලා අලුත් දේවල් බෙදා ගමු. ❤️

27/05/2026

නිවැරදිව අකුරු ලියන්න, කියවන්න, ඉලක්කම් ලස්සනට ලියන්න ඒ වගේම මතක තියාගන්න,
එන්න අපේ පංතියට ❤️

23/05/2026
Photos from Podi Mind Lanka's post 22/05/2026

ඔබේ දරුවාත් අඬමින්, කරදර කරමින් යමක් ලබා ගැනීමට උත්සාහ කරන දරුවෙක්ද?

මොහොතක් හිතන්න.
අද ඔබේ මුදල් පසුම්බියේ ඇති මුදල් හෙට නැති වෙන්න පුළුවන්. ඒ නිසා සෑම විටම අඬමින්, පොලොවේ හැපෙමින් තමන්ට අවශ්‍ය කරන දේ කොහොම හරි ලබා ගැනීමට උත්සාහ කරන දරුවෙකුට ඒ දේ ලබා දීමට ඔබ දෙවරක් සිතිය යුතු ය.

දරුවන් ඉල්ලන හැම දේම දරුවට අවශ්‍ය නොවේ. දරුවන්ට අවශ්‍ය දේ පමණක් ලබා දීමට දෙමාපියන් විදියට කටයුතු කළ යුතුයි.

එසේම

දරුවන්ට ලබා දෙන දේ පිළිබඳ ව හා එහි වටිනාකම ඔවුන්ට කියා දීම ඔබ සතු කාර්යයකි.

දරුවන්ට අපේ ආදරය පෙන්විය යුත්තේ ඔවුන් කියන කියන දේ අරගෙන දීමෙන් නොවේ. අවශ්‍ය දේ ලබා දීමයි වැදගත් වන්නේ.

පවුලේ ඇති ආර්ථික මට්ටම හා දෙමාපියන් විදියට ඔබ ඔවුන් වෙනුවෙන් කරන වැදගත්ම දේවල් ගැන දරුවාට සරලව පැහැදිලි කර දෙන්න.
එවිට දරුවා සමාජයක් ඉදිරියේ විවිධ දේ ඉල්ලමින් ඔබව අපහසුතාවයට පත් නොකරනු ඇත. ❤️

Nisansala pathirana.

10/05/2026

මේ මගේ පංතියේ පුංචි දරුවන් තමන්ගේ ආදරය ආදරණීය අම්මාට දුන් ආකාරය ❤️

10/05/2026

ආදරණීය ලෝක මව්වරුන් ගේ දිනය වෙනුවෙන්, මගේ පන්තියේ පොඩ්ඩෙන් ගේ ආදරණීය අදහස් ❤️

04/05/2026

වසර 9 පුරා දරුවන් ආදරෙන් රැදුන තැන. ❤️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo