Bo Sevana

Bo Sevana "සත්‍ථා භගවා, සාවකොහමස‍්මි. ජානාති භගවා, නාහං ජානාමි"

05/01/2026

හා අරණ්‍යයෝ රමණීය හ (සිත් අලවන්නාහ). යම් මහ අරණෙක්හි (වස්තුකාම ක්ලේශකාම සොයන සුලු) ලෞකික මහජන තෙම නො ඇලේ ද, පහ වූ රාග ඇති රහත්හු (පියුමට බට බමරුන් මෙන් ප්‍රීති ව) එහි ඇලෙන්නාහු ය. කුමක් හෙයින්? යත්: ඒ රහත්හු වස්තුකාම ක්ලේශකාම සොයන සුල්ලෝ නො වෙත්. එහෙයිනි.

ධර්මයේ සඳහන් දානපතියාදානදාස • දානසහාය • දානපති(සංයුක්ත නිකාය අටුවාව | සෙරී සූත්‍ර වර්ණණාව)(දීඝ නිකාය අටුවාව | කූට දත්ත ස...
05/01/2026

ධර්මයේ සඳහන් දානපතියා
දානදාස • දානසහාය • දානපති
(සංයුක්ත නිකාය අටුවාව | සෙරී සූත්‍ර වර්ණණාව)
(දීඝ නිකාය අටුවාව | කූට දත්ත සූත්‍ර වර්ණණාව)

- බුදුන්වහන්සේ සතු සතපුඤ්ඤ ලක්ෂණය -(දීඝනිකාය අටුවාව | ලක‍්ඛණ සූත්‍ර වර්ණණාව)
04/01/2026

- බුදුන්වහන්සේ සතු සතපුඤ්ඤ ලක්ෂණය -
(දීඝනිකාය අටුවාව | ලක‍්ඛණ සූත්‍ර වර්ණණාව)

- දුරුතු පොහොය වැදගත්කම -
03/01/2026

- දුරුතු පොහොය වැදගත්කම -

- සුභ නව වසරක් වේවා -
31/12/2025

- සුභ නව වසරක් වේවා -

- කැඳ පිදීමේ ආනිසංස -(මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධක)“දස ඉමෙ බ්‍රාහ‍්මණ, ආනිසංසා යාගුයා, යාගුං දෙන‍්තො ආයුං දෙති. වණ‍්ණං දෙති...
30/12/2025

- කැඳ පිදීමේ ආනිසංස -
(මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධක)

“දස ඉමෙ බ්‍රාහ‍්මණ, ආනිසංසා යාගුයා, යාගුං දෙන‍්තො ආයුං දෙති. වණ‍්ණං දෙති. සුඛං දෙති. බලං දෙති. පටිභානං දෙති. යාගු පීතා ඛුදං පටිහන‍්ති. පිපාසං පටිවිනෙති. වාතං අනුලොමෙති. වත්‍ථිං සොධෙති. ආමාවසෙසං පාචෙති. ඉමෙ ඛො බ්‍රාහ‍්මණ, දසානිසංසා යාගුයා”ති.

“බ්‍රාහ්මණය, කැඳෙහි මේ ආනිසංස දසයෙක් වේ: කැඳ දෙන්නේ ආයුෂ දෙයි. වර්‍ණය දෙයි. සැපය දෙයි. බලය දෙයි. නුවණ දෙයි. පානය කළ කැඳ බඩගිනි නසයි. පිපාසාව දුරු කෙරෙයි. වාතය අනුලොම් කරයි. වස්තිය පිරිසිදු කරයි. නො පැසී ශේෂ වූ ආහාරය පැසවයි. බ්‍රාහ්මණය, කැඳෙහි මේ ආනිසංස දසය” යි වදාළ සේක."

- ධර්මයේ සඳහන් නොකළ යුතුවෙළඳාම් පහ - ( අංගුත්තර නිකාය | පඤ්චකනිපාතය |වණිජ්ජා සූත්‍රය )1. ආයුධ වෙළඳාම - සත්ත්ව හිංසා පිණි...
29/12/2025

- ධර්මයේ සඳහන් නොකළ යුතු
වෙළඳාම් පහ -
( අංගුත්තර නිකාය | පඤ්චකනිපාතය |වණිජ්ජා සූත්‍රය )

1. ආයුධ වෙළඳාම - සත්ත්ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම. ආයුධයක් සාදා හෝ සාදවා හෝ සාදන ලද්දක් හෝ ලබා ගෙන එය විකිණීමයි.

2. වහල් වෙළඳාම.

3. මස් පිණිස සතුන් වෙළඳාමය - ඌරුන්, මුවන්, ගවයන් ආදී ඕනෑම තිරිසන් සතෙකු ඇති දැඩි කොට විකිණීම, මස් පිළියෙල කර විකිණීම.

4. මත් ද්‍රව්‍ය වෙළඳාම.

5. විෂ ද්‍රව්‍ය වෙළඳාම.

- ස්වර්‍ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වන්දනාව -සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපංසුවණ්ණ මාලීති පතීත නාම...
29/12/2025

- ස්වර්‍ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වන්දනාව -
සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් (දහසය නැලියක්) පමණවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පතළවු, ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරවයෙන්, මම නමස්කාර කරමි. නමස්කාර වේවා!!!

- පිරිහීමේ දොරටු (පරාභව සූත්‍රය) - 1. ධර්මයට ද්වේෂ කිරීම.2. අසත්පුරුෂයන්ට ප්‍රිය වීම, සත්පුරුෂයන්ට ප්‍රිය නොකිරීම හා අසත...
28/12/2025

- පිරිහීමේ දොරටු (පරාභව සූත්‍රය) -
1. ධර්මයට ද්වේෂ කිරීම.

2. අසත්පුරුෂයන්ට ප්‍රිය වීම, සත්පුරුෂයන්ට ප්‍රිය නොකිරීම හා අසත්පුරුෂ දහම් කැමති වීම.

3. නිතර නිදන සුලු බව, සභාවෙහි ඇලුණු බව (පිරිසක් හා එක්ව, නිතර දොඩමළු වීමෙහි යෙදීම), උට්ඨාන වීර්යයෙන් තොර වීම (වෙනත් කෙනෙකුන් විසින් දොස් නගනු ලැබූ කල්හි ගිහියෙක් නම්, ගිහි ජීවිතයට අදාල කටයුතුවලදී ද, පැවිද්දෙක් නම්, පැවිදි බවට අදාල කටයුතුවලදීද උනන්දු නොවීම), අලසකම, ක්‍රෝධ බහුල වීම.

4. මහලු දෙමව්පියන් පෝෂණය නොකිරීම.
5. මහණ බමුණන් හා යාචකයන් බොරු කියා රැවටීම. (යමක් දෙන බව කියා, ඒ භාරගත් දෙය නොදී මුළාකොට රවටා බොරු කීම)

6. හොදින් ධන වස්තුව තිබියදීත් මිහිරි බොජුන් තනියම අනුභව කිරීම. සංග්‍රහශීලී නොවීම.

7. තම ඥාතීන් පහත් කොට සැලකීම. (යමෙකු ජාතියෙන්, කුලයෙන්, ධනයෙන් නෑයන්ට, අන්‍යන්ට වඩා උසස් යන්නෙන් උඩඟු බවක් උපදවාගැනීම)

8. ස්ත‍්‍රීන් කෙරෙහි, සුරාව කෙරෙහි, සූදුව කෙරෙහි ලොල් බව. (මේ කරුණු තුනෙන් කිසියම් වාසිදායක දෙයක් ලැබුවේද, එය වැනසීමට, විපතට පත්වීමටම හේතු වේ)

9. සිය බිරිඳගෙන් සතුටු නොවී වෙසඟනන් හා පර අඹුවන් සොයා යාම.

10.මහලු මිනිසෙකු නව යොවුන් තරුණියක පාවා ගැනීම
(වෙනත් තරුණයන් විසින් ඈ නොපැතිය යුතුයැයි, ඉරීසියාවෙන් ඇය රැකගැනීමට අවදියෙන් සිටී. ආදායමක් ගෙන දෙන කටයුත්තක හෝ නොයෙදෙමින් පිරිහේ)

11.මස් මාංශ, මත්වන දේට ගිජු වූ ඒ සඳහාම ධනය නාස්ති කරනු ලබන ගැහැනියක හෝ පිරිමියෙකු මුල්තැන තබා වගකීම් පැවරීම.

12. ක්ෂත්‍රීය කුළයේ වුවද දිළිඳුව ඉපිද, දැඩි තණ්හාවෙන් වැරදි ආකාරයෙන්, සම්පත් ලබාගැනීමේ ආසාවෙන් යුතුව නායකත්වයට පත් වීමට උත්සාහ කිරීමෙන් තමා සතු සම්පත් විනාශ කර ගැනීම.

- සිදුරැ නැතිව එකසේ ඝන වූ පර්වතය සුළගෙන් නොසැලෙන්නේ යම්සේද, එමෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසාවන්හි කම්පා නොවෙති -        ...
27/12/2025

- සිදුරැ නැතිව එකසේ ඝන වූ පර්වතය සුළගෙන් නොසැලෙන්නේ යම්සේද, එමෙන්ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසාවන්හි කම්පා නොවෙති -

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bo Sevana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category